Skip to main content

අරගලයේ දිශානතිය

සංවේදී පරිසර පද්ධති තම හිතවතුන්ට පවරා දීමට එරෙහිවත්, අලි කලමනාකරණ ගැටලු නිසත් රට තැනින් තැන හටගත් විරෝධතා පසුව කාබනික පොහොර ගැටලුවත් ඉන්පසුව ආහාර ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා ගැනීමට නොහැකියාව නිසා හටගත් ජන විරෝධතා පසුව සිටින මජර දූෂිත දේශපාලුවන් පන්නා දමන අරගලයක් බවට ඉබේම පත් විය. එම අරගලය සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටින තත්වයට පත් වීම සතුටුදායක වේ.

රටක කලාතුරකින් තමයි මෙලෙස අර්බුද මැද රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටීමට ජනතාව පෙල ගැසෙන්නේ. අපේ ජීවිත කාලය තුල නැවත මෙවැනි තත්වයක් නැවත ඇති නොවේ යැයිද සිතේ. එනිසා මෙම අවස්ථාවේදී රටට අවශ්‍ය සියලු ප්‍රතිසංස්කරණ කිසිදු අඩුවකින් තොරව ලබා ගැනීමට ශ්‍රී ලාංකික අපි සබුද්ධික මෙන්ම අධිෂ්ඨානශීලි විය යුතුය.

මේ සියලු කාරණා මැද විවිධ අංශ ඔස්සේ විවිධ දේශපාලන කුමන්ත්‍රණත් මතු වෙමින් පවතී. රටට සමස්ථ සිස්ටම් චේන්ජ් එකක් සමඟ සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ අතිදැවැන්ත ලෙස හඳුන්වාදීමටද මිනිසුන් උත්සුක විය යුතුය. ඒ සඳහා ස්වර්ණමය අවස්ථාව මෙයයි.

මෙම “අරගල“වලදී ඇසෙන ප්‍රබලතම සටන් පාඨය වන්නේ ජනපතිටත්, රාජපක්ෂවරුන්ටත්, පාර්ලිමේන්තුවේ සිටින 225ටමත් ගෙදර යන්න කියාය. 225 දෙනාම ගෙදර යෑම කෙසේ වෙතත්, ජනපති හා රාජපක්ෂවරු ගෙදර යෑම අනිවාර්යෙන්ම බලාපොරොත්තු වේ. එහෙත් ජනපති කූඩැල්ලකු සේ තනතුර අත් නොහැර රටේ සාරය උරා බොමින් තවමත් සිටී. එනිසා විවිධ පාර්ශව නියමින් හා අනියමින් ජනපති රැක ගන්නට ඉදිරිපත් වී ඇත.

මහා නාහිමිවරුන්ගේ යෝජනාව කිසිසේත් අපට පිලිගත නොහැකිය. උන්වහන්සේලා යෝජනා කරන්නේ අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස් වී පාර්ලිමේන්තුවේ සිටින බොහෝ පක්ෂවල නියෝජිතයන් ඇතුලත් අන්තර්වාර ආණ්ඩුවක් ඇති කරන ලෙසයි. එහිදී ජනපතිට ඉවත් වෙන්න කියා කියන්නේ නැත. ජනපති එලෙසම එම තනතුරේ සිටිනු ඇත. එහෙත් මහා නාහිමිවරුන් දත යුතුයි සමස්ථ පුරවැසියා ඉල්ලා සිටින්නේ ජනපතිටත් ගෙදර යන්න කියා බව. එනිසා එම යෝජනාව කුනු බක්කියටම විසි කල යුතුය. 

සුපුරුදු ලෙස මහා නාහිමිවරු ඊනියා සිංහල බෞද්ධ නායකයා රැක ගන්නට කුමන්ත්‍රනකාරී ලෙස ගත් තීන්දුවක් ලෙස මා එය දකිනවා. උන්වහන්සේලා අවංක නම් පලමුව කල යුත්තේ උන්වහන්සේලා විසින් රාජපක්ෂවරුන්ට පිදූ ගරු නම්බු ඉවත් කිරීමයි. එහෙත් එවැනි ඍජු ප්‍රතිපත්ති කිසිදා එතුමන්ලා ගනීවි යැයි සිතිය නොහැකිය. රටට කෙලවන තුරුම හුරතල් තරවටු කිරීම් හැරුනු විට වෙන කිසිවක් උන්වහන්සේලා කලේ නැති බව අපට මතකයි. එනිසාම කතෝලික කාඩිනල්ට ගරු කරන්නට සිංහල බෞද්ධ බොහෝ පිරිසක් පෙලඹුනි.

ඉන්පසු නීතිඥ සංගමයේ (බාර් ඇසෝෂියේෂන්) යෝජනා ගැන බලමු. බැලූබැල්මට අරගලකරුවන් ඉල්ලා සිටින යෝජනා ලෙස පෙනුනත් එම යෝජනාවලින්ද කර තිබෙන්නේ ජනපති රැක ගැනීම පමනයි. එම යෝජනාවල හරයද මහා නාහිමිවරුන්ගේ යෝජනාම වේ. අගමැතිට ඉල්ලා අස්වෙන්න කියා අන්තර්වාර ආන්ඩුවක් ඇති කල යුතු බව කියයි. එහෙත් එහි සීනි බෝල ටොපියක්ද ඇත. එනම් විධායක ජනාධිපති දුරය අහෝසි කරන ලෙස ඉල්ලා සිටියි. මිනිසුන්ට එහිදී බැලූ බැල්මට දැනෙන්නේ ජනපති දුරයද ඉවත් කර අගමැතිද ඉවත් කර දමන බවකි. එනම් අරගලකරුවන් ඉල්ලා සිටින දේ ලෙස පෙනේ. 

එහෙත් ඇත්තටම විධායක ජනපති දුරය රජයේ තීන්දුවකින් වෙනස් කල නොහැකියි. අඩුම ගානේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයටවත් එය අහෝසි කළ නොහැකිය. ඒ සඳහා ජනමත විචාරයක් අවශ්‍ය වේ. එහෙත් මේ වෙලාවේ ජනමත විචාර හෝ මැතිවරන පවත්වන්නට ඔවුන් (හා බොහෝ දෙනා) යෝජනා කරන්නේ නැත. බාර් එක මැතිවරනයක් යෝජනා කරන්නේ තව මාස 18කට පසුය. එවිට කොහොමත් මැතිවරණයක් එන කාලයයි. එම මැතිවරනයෙන්ද ජනපති ඉවත් නොවේ. ජනපති ඉවත් වන්නේ ඔහුගේ නිල කාලය සපුරා ඉවර වීමෙනි. ඒ අනුව බාර් එක කියන්නේ ගෝටාභය තම දුර කාලය ඉවර වන තෙක් එම තනතුරේ තබා ගත යුතු බවම තමයි. බාර් එක කොලේ වසා ගේමක් ගසන බව පෙනේ.

තවද බාර් එක යෝජනා කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ තව මාස 18කින් ගෙන ආ යුතු ඒවාය. එහෙත් ලංකාවේ මජර දේශපාලුවෝ මෙම උනුසුම පහව ගියාට පසුව සුපුරුදු ලෙසම රට පසෙකලා තමන් ගැන සිතන්නට පටන් ගනීවි. අතීතයේ සිටි බොහෝ පාලකයන් ඉදිරියේදී කරන්නට දුන් පොරොන්දු අපට තවම මතකයි. එනිසා, කරන ප්‍රතිසංස්කරණයක් මෙම කාලය තුලම ලබා ගත යුතුය පසුවට කල් නොදමා.

අපි අරගල කරන කොල්ලො කෙල්ලො ගැනත් විමසමු. ඔවුන් කරන කැපවීම ඉතා ප්‍රසංසනීය වේ. එහෙත් දැන් කාලයක් මුලුල්නේ එම සටන් මෙහෙයවන අන්තරේ ඇතුලු කන්ඩාම්වල නියමුවන් මාධ්‍ය ඉදිරියේ කරන ප්‍රකාශ සමහරක් පරස්පරයි. ආසන්නතම සිදු වීම ලෙස ඊයේ දිනයේ අන්තරේ හා එම තරුන පිරිස පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ පල වූ අදහස් ගත හැකිය. 

එක නියමුවකු පැවසුවේ අගමැති ඉවත් වුවොත් කල යුතු දේත් ජනපති ඉවත් වුවොත් කල යුතු දේත් ව්‍යවස්ථාවේ පැහැදිලිව සටහන් කර තිබෙන බවත් එනිසා රට අරාජික නොවන බවත්ය. මෙය ඇත්තටම බොලඳ කතාවකි. ඔවුන්ගේ ප්‍රබලතම සටන් පාඨය වනුයේ 225ම එපා කියාය. එනම් පාර්ලිමේන්තුව එපා කියාය. එවිට ජනපති ගියොත් අගමැති ගියොත් කල යුතු දේ ව්‍යවස්ථාවේ සඳහන් වූවාට වැඩක් නැත මොකද එම කල යුතු දේ ක්‍රියාවට නංවන්නේ පාර්ලිමේන්තුව හරහා නිසාය. එවිට අර එපැයි කී 225 අවශ්‍ය වේ. ඇත්තටම මෙම තත්වය සමනය කිරීමට ක්‍රමයක් නැත. එක්කෝ 225ම එපා කියන සටන් පාඨය ඉල්ලා අස් කර ගැනීමට සිදු වේ. නැතහොත් ජනපතිට ඉල්ලා අස් වීමට බල නොකල යුතු වේ. මෙම උභතෝකෝටික ප්‍රශ්නයෙන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අප දැන් මාසයක් තිස්සේ පෙන්වා දෙමින් සිටියත් එම අදහස තවම සමාජගත නොවී තිබීම කනගාටුදායකය.

අරගල භූමියේ සිටින පිරිස හා එහි තරුන නියමුවන් අඩුම ගානේ ව්‍යවස්ථාව දැකවත් නැතිවාට සැක නැත. එනිසා ඔවුන් අවම වශයෙන් මේ ගැන අධ්‍යනයක් කල යුතුය. කාගෙන් හරි “කුප්පියක් වත් දා ගත“ යුතුය.

තරුන පිරිස පමනක් නොව විවිධ කතිකවල කාලයක් තිස්සේ නියැලුනු නීතිඥයන් පවා මෙම ප්‍රශ්නය මඟ හරී. මා කිහිප වතාවක්ම දුටුවා මාධ්‍ය විසින් ඒ ගැන ප්‍රශ්න කරන විට, ඔවුන්ටද කට උත්තර නැතිව යනවා. ඒ අනුව ආන්ඩු විරෝධය නිසා ජනපතිට හා අගමැතිට ගෙදර යන්නට කිව්වත් ඉන්පසු කල හැක්කේ කුමක්දැයි ඔවුනටද හැඟීමක් නැත.

පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපනික ලේකම් (මට මතක විදියට) විසඳුමක් ලෙස යෝජනා කළා ජනසභා පිහිටුවීමක් වැනි අදහසක්. ඒ කියන්නේ ජනපති හා ආන්ඩුවට සමාන්තරව ජනසභා වැනි විධායක මණ්ඩල පත් කර, ආණ්ඩුකරණය සිදු කිරීමක් ගැන. මෙයද කිසිසේත් කල නොහැකියි හේතු කිහිපයක් නිසා. මා දුටු පරිදි ඔවුන්ගේ මෙම සභා ව්‍යවස්ථාපිත සභා නොව, නිකංම සම්මුතික සභා වේ. ඒවාට නෛතික බවක් නොලැබෙනු ඇත. එනිසා මෙම උනුසුම පහව යන තෙක් ජනපති ඇතුලු ආන්ඩුව රංගනයේ යෙදෙමින් (හරියට ජනපති පත් වී මහා මැතිවරනය ඉවර වන තෙක් සිදු කල රඟපෑම වගේ. මතකද එම කාලය තුල ජනපතිගේ විනය?) එම සභා සමග සහයෝගයෙන් වැඩ කල හැකි වුවත්, ඉතාම කෙටි කලකින් එම සභාද වාෂ්ප වනු ඇත.

එවිට එම සභා ව්‍යවස්ථාපිත කලොත් හරි යයිද? නැත. මක්නිසාද යත් ජනපතිගේ හා ආන්ඩුවේ බලතල ප්‍රබල ලෙස කැපීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවත් එය ජනමත විචාරයකට තුඩු දේ. එනිසා එයද ගත් නැනම ලොප් වනු ඇත.

තවද, දැනට පවතින ක්‍රමවේදය හරහා පාර්ලිමේන්තුව තුලින් රටට අවශ්‍ය හොඳම ව්‍යවස්ථා සංශෝධනය කොහේත්ම ලබා ගත නොහැකියි. ඊට එක් හේතුවක් ඉන්දියාව අපට කරන බලපෑමයි. එම බලපෑමේ තරම අප ඊයේ දුටුවා ඉන්දියානු පාලක පක්ෂයේ ජ්‍යෙෂ්ට නායක කල ප්‍රකාශයෙන්. ලංකාවට ඉන්දියානු බලු හමුදාව එවීමට ඌ යෝජනා කරයි. Fucking Indian political bastards must know this is not a state of India. We the people of Sri Lanka actually are very ashamed that Sri Lanka's incapable spineless corrupt rulers are begging India and other countries for that matter for dollars. ඉතිං ඉන්දු ලංකා ගිවිසුම වැනි තත්වයන් ඉදිරියටත් පවතීවි.

එනිසා රටට අවැසි හොඳම දේ නම් අරගලය ජනතා විප්ලවයක් දක්වා ඔසවා තැබීමයි. 

විප්ලවය ගිය ශතවර්ෂවල සිදු වූ ආකාරයේ ම්ලේච්ඡ විය යුතු නැත. අද අරගලද සාමකාමී වේ. එලෙසම විප්ලවයද සාමකාමීව සිදු කල හැකියි. ඇත්තටම හමුදාපති රටට ආදරයක් ඇති අයකු නම් මේ මොහොතේ දූෂිත පාලකයා රැකීමට නොව ජනතාව පැත්තට ආ යුතුය. එවිට එකඳු ලේ බිඳක් නොසොලවා විප්ලවය ජය ගත හැකියි. ජනපතිද රටට බිඳක් හෝ ආදරයක් ඇති නම් විප්ලවයකින් බලය හුවමාරු කිරීමට “කුමන්ත්‍රන කල“ යුතුයි. 

විප්ලවයකින් අපට කිසිදු රටක මැදිහත් වීමකින් තොරව ඉතාම ඉක්මනින් (සති කිහිපයකින් වුව) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද ඇතුලු ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය හැකියි. විප්ලවයකින් පසුව අපට පාර්ලිමේන්තුව හෝ පවතින නීති රාමුව වැඩක් නැත. කෙලින්ම අපේම ව්‍යවස්ථාවක් ජනතාවට ඉදිරිපත් කල හැකියි ජනමත විචාරයකට. විප්ලව නායකයන්ව බ්ලැක්මේල් කිරීමට හෝ යටත් කර ගැනීමට විදේශ බලවේගවලට බැරිය.

එහෙත් විප්ලවය සිදු කිරීමට තව පියවර කිහිපයක් ගත යුතුයි. එනම්, විප්ලවයෙන් බලය හුවමාරු කිරීමට විප්ලවකරුවන් ඉදිරිපත් කරන පාලක මන්ඩලයක් දැන් තෝරා ගත යුතුය. හැම කොල්ල කුරුට්ටටම රටේ පාලනය අතට ගන්නට බැහැනෙ. ඒ ගැන දැනුමක් තිබෙන අදූෂිත බුද්ධිමත් පිරිසක් ඉදිරිපත් කල යුතුය. එහෙත් අපේ අරගලකරුවන් තවම එකමුතු නැත. ඔවුන් අතරද විවිධ බෙදීම් පවතිනවා. ඔවුන් සියල්ලන්ම ආන්ඩු විරෝධි මතයේ සිටී නම්, අවම එකඟතා යටතේ වුව එකමුතු විය යුතුය. ඉන්පසු මිලියන ගනනක ජන ගඟක් අගනුවර වටලා ජනපති නිවාස අඩස්සියට පත් කල යුතුය. හමුදාව ජනතාවගේ පැත්තට එන්නේද එවිටය. හමුදා භටයාටද දැනිය යුතුයි විප්ලවය අද ජය ගන්නවා කියා. එවිට හමුදාව ජනතාව පැත්තේ සිට ගනු ඇත. හමුදා බලය නැති වූ තත්පරයේම ජනපතිගේ බලය නැති වේ. ඔහු නිකංම පුස්සක් බවට පත් වේ.

මේ ආදි ලෙස කල හැකි සටනකි මෙය. එහෙත් විප්ලව යන වචනයට බොහෝ අය බිය වෙති. විප්ලව නීතිමය පිලිගැනීමක් සහිත දෙයක් බව ඔවුන් නොදනී. ඉහත අප සාකච්ඡා කල විසඳුම් නැති විසංවාදී තත්වයන් සියල්ලම ඉවත් කල හැක්කේ විප්ලවයෙන් පමනි. රටට අවශ්‍ය ව්‍යවස්ථාවක් අප විසින්ද සාදා ඉදිරිපත් කර ඇත. ඊට අමතරව විද්‍යුත් රාජ්‍යකරණය, පරිසරය, අධ්‍යාපනය, පර්යේෂණ, ආදි නොයෙක් ක්ෂේත්‍ර කෙරෙහි බොහෝ ප්‍රතිසංස්කරණද අප සතුව ඇත. එලෙසම තවත් රටට ආදරය කරන බුද්ධිමත් පිරිස් සතුව එවැනි අදහස් හා යෝජනා තිබෙනවාට සැක නැත. එනිසා මේ සියල්ලම කැටි කොට ලස්සන රටක් වෙනුවෙන් ජනතා විප්ලවය තවත් ප්‍රමාද නොකොට ඇරඹිය යුතුය!

අවසාන වශයෙන් මෑතදී සිදු වූ පොදු ජනයාගේ ඇවිස්සීම ගැනත් නාකි මයිනාගේ ඉවත් වීම ගැනත් දෙයක් පවසන්නට කැමතියි. මා ඊට ප්‍රචණ්ඩත්වය යැයි නොකියමි. ත්‍රස්ථවාදි යුද්ධයකදී සටන් කර ත්‍රස්තයන් විනාශ කිරීම වරදක් හෝ ප්‍රචන්ඩත්වයක් ලෙස අප කියන්නේ නැහැනෙ. එලෙසම අධාර්මික පාලකයන් හා උන්ගේ දුෂ්ට පරිවාරයට දඬුවම් කිරීම ප්‍රචණ්ඩත්වය නොවේ. ඇත්තටම සාමකාමි උද්ඝෝෂනයට වටිනාකමක් එකවර ලැබුනේද මේ පොදු ජනයාගේ ඇවිස්සීමෙනි. එය අප විසින් පිලිගත යුතු වේ. තම දිවි පරදුවට තබා එලෙස නැඟී සිටි මහා ජනයාට අපේ ආදරනීය ප්‍රනාමය!

මයිනා අස් වූයේ කුමන්ත්‍රනයක් ලෙස යැයි මා සිතනවා. එනම්, ජනපති බේරා ගෙන රාජපක්ෂ සනුහරේට ඇති විය හැකි නීති හා වෙනත් සමාජ ක්‍රියාදාමයක් වලක්වා ගත හැකියි යන පදනමින් තමයි එය සිදු කලේ. එය ඇත්තටම ජයග්‍රහයනයක් නොවේ. අවශ්‍ය නම් හෙට ආයෙත් ඌම පත් වේවි හරියට නියෝජ්‍ය කතානායක පත් වූවා සේ. ව්‍යවස්ථාවෙන් ලැබෙන දෙයක් හැරෙන්නට අන් කිසිවක් ජයග්‍රහන නොවේ. ඒවා අපේ සිත් සතුටු කරන ඇස්බැන්දුම් පමනි.

 


Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...