Skip to main content

Posts

Showing posts from August, 2018

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

සිංහලෙන් මෝස්කෝඩ් (Sending Sinhala text in Morse code)

මොස් සංඥා ක්‍රමය හෙවත් කවුරුත් හුරතලේට “මෝස්කෝඩ්” යැයි කියන ක්‍රමය විදුලිසන්නිවේදන පරිනාමයේ ඉතාම වැදගත් සන්ධිස්ථානයකි. ආදිකාලයේදී නැව්, ගුවන් යානා සමඟ සන්නිවේදනය සිදු කළ එකම ක්‍රමය වූයේත්, අද භාවිතාවන දුරකතන ක්‍රමයේ ආරම්භක තාක්ෂන ක්‍රමවේදය වූ ටෙලිග්‍රාෆ් පදනම් වූයේත් මෝස් කේත ක්‍රමය මතය. අද වන විට ඉතාම දියුණු විදුලිසන්නිවේදන ක්‍රම බිහි වී භාවිතා වූවත්,විනෝදාංශයක් සේ මෝස්කෝඩ් අදටත් භාවිතා වේ.    මෝස්කේත මූලිකව ඉංග්‍රිසි බස මුල් කරගෙන බිහි වූවකි; එනම් ඉංග්‍රිසි අක්ෂර යැවීමටයි එය සාදා තිබෙන්නේ. එහෙත් අවශ්‍ය නම්, වෙනත් ඕනෑම අක්ෂරයක් (අක්ෂර ක්‍රමයක්) නිරූපණය කිරීමටත් එය භාවිතා කළ හැකියි. එයද කළ හැකි ක්‍රම දෙකක් ඇත.    එක් ක්‍රමයක් වන්නේ නව අක්ෂර සදහා අලුතින් මෝස් කේත හදුන්වා දීමයි. උදාහරණයක් ලෙස, සිංහල බසෙහි ඇති “ක” අක්ෂරය සදහා “di di di di di di dah” ලෙස මෝස්කේතයක් අපට අලුතින් නිර්වචනය කළ හැකිය.    එහෙත් මෙම ක්‍රමය හේතු කිහිපයක් නිසා එතරම් සුදුසු බවක් නොපෙනේ. ඉන් ප්‍රධානතම හේතුව වනුයේ මෝස්කේතය අත්‍යවශ්‍යයෙන්ම ඉතා දිගු කේතුයක් වීම වැලැක්විය නොහැකි වීමයි. දැනටමත් කෙටි කේත සිය