Skip to main content

Posts

Showing posts with the label mohanaya

මෝහනය, මිථ්‍යාව, හා යථාරූපය

රූපවාහිනියේ නොවැම්බර් 16 වැනිදා ගිය බ්‍රහස්පතින්දා විකාශය වූ යථාරූප වැඩසටහන තුල මෝහනය යනු මිථ්‍යාවකි කියා එහි සිටි වෛද්‍යවරුන් කියන ලදි. මාද මෝහනය ගැන පොතක් ලියා ඇති අතර, ඒ නිසාදෝ http://blog.tekcroach.top/2015/06/hypnosis-1.html?showComment=1511065849381#c6278351186215924679 හි කමෙන්ටුවක් දමා ඒ ගැන කවුරුන් හෝ මාගෙන් විමසාද ඇත. ඊට දිය යුතු පිලිතුර දිගු වන බැවින් එහි කමෙන්ට් නොකර මා මෙම ලිපිය ලියමි. පළමුව කිව යුත්තේ යථාරූප වැඩසටහන් මාලාව කාලීන හා වැදගත් බවයි. ඕනෑම හොඳ දෙයක නරක පොඩ්ඩක් හෝ තිබිය හැකියි යන්න සනාථ කරමින් යථාරූප වැඩසටහනේ දෝෂ ගණනාවක් තිබේ; මා මීට පෙරත් ඒ ගැන ලියා තිබේ. එනිසා සමස්ථ වැඩසටහන පෙල තුලම ඇති එම දෝෂ ගැන මා කතා කරන්නට යන්නේ නැත. එම දෝෂවලට වඩා වැඩි ප්‍රයෝජනවත්කමක් හා වැදගත්කමක් ඉන් ඉස්මතු වේ. තවද, උක්ත වැඩසටහනත් ඊට මාස දෙකකට පමණ ඉහතදී විකාශය වූ මොලය හා කුඩා ළමුන් හදා වඩා ගත යුත්තේ කෙසේද යන්න පිලිබඳ කියා දුන් වැඩසටහනත් ඉතාම වැදගත් (විශේෂයෙන් කුඩා ළමුන් සිටින හෝ ළමුන් හැදීමට සිතා සිටින දෙමාපියන්ට) බවද සිහිපත් කළ යුතුය. එම වැඩසටහන් මා සිතන්නේ රූපවාහිනි සංස්ථාවේ වෙබ් ...

මෝහනය හා මෝහන ප්‍රතිකර්ම (Hypnosis and Hypnotherapy)

මෙතෙක් බ්ලොග් එකේ කොටස් වශයෙන් පළ කළ මෝහනය ගැන ලියූ පාඩම් පෙළ තනි පොතක් ලෙස pdf ෆෝමැට් එකෙන් ඉපොතක් ලෙස මා පළ කර ඇත. එය පහත දැක්වෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය. මෝහනය හා මෝහන ප්‍රතිකර්ම PDF මෙම පොත මාගේ අවසරයකින් තොරව කිසිම ආකාරයකින් වෙබ් අඩවියක හෝ වෙනත් ඕනෑම ආකාරයකින් පළ කිරීම සපුරා තහනම්ය. තමන්ගේ පෞද්ගලික අධ්‍යනය සදහා පමණක් භාවිතා කරන්න. තවද, බ්ලොග් පාඩම්වල තිබූ සමහර දෝෂද ඉවත් කරපු සංස්කරණයක් ලෙස එය ඇත. මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

මෝහනය / mohanaya (Hypnosis) - 26 (අවසන් පාඩම)

අවසාන වශයෙන් ... භෞතික හෝ රසායනික හෝ වෛද්‍ය විද්‍යාව මෙන් දැඩි විද්‍යාත්මක (hard scientific) න්‍යායන් මනෝවිද්‍යාවේ හෝ මෝහනවේදයේ නොමැත . ඊට හේතුව මනෝවිද්‍යාවේ හා මෝහනවේදයේ විෂය වන්නේ මනසයි . මනස යන්න තවමත් විද්‍යාත්මක උපකරණවලට ගෝචර වූවක් නොවේ . එහෙත් ඒ ගැන අන්‍යාකාරවලින් ( එනම් විශේෂයෙන් මොලය ආශ්‍රිතව කරන පර්යේෂණ තුළින් ) විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඇත . එනිසා මනෝවිද්‍යාව මෙන්ම මෝහනය සඳහා “විද්‍යාත්මක” යන විශේෂණය වෙනුවට “විද්‍යාභිමුඛ” (science-oriented) යන විශේෂණය යෙදීම සුදුසු යැයි මා යෝජනා කරනවා . මනස යනු විද්‍යාවේ ඉගැන්වෙන ශක්තිය (energy) වැනිම අස්පර්ශීය හෙවත් ස්පර්ශ කළ නොහැකි දෙයක් . ශක්තිය නම් විද්‍යාත්මක උපකරණවලින් මැනිය හා දැනගත හැකි වුවත් , තවමත් මනස එසේ උපකරණවලට ගෝචරද නොවේ . ශක්තිය වුවත් එහි අස්පර්ශීය ලක්ෂණය නිසා “අවිද්‍යාත්මක” ( සරලවම අවිද්‍යාත්මක යනු විශ්වාසනීය විද්‍යාත්මක ක්‍රමවේද තුළින් පැහැදිලි කළ නොහැකි යන තේරුම සහිතයි ) දේවල් පැහැදිලි කිරීමට යොදා ගන්නවා . භෞතික විද්‍යාවේ අති සංකීර්ණ න්‍යායක් වන ක්වන්ටම් භෞතිකය පවා අවිද්‍යාත්මක දේවල්වලට ඔවුන් යොදා ගන්නවා . එනිසා මෝහන...

මෝහනය / mohanaya (Hypnosis) - 25

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.   මනෝව්‍යාධින් හා විකෘති මානසික තත්ව කිහිපය ක් පහත දැක්වෙන්නේ නිතර අසන්නට කතා කරන්නට සිදුවන මානසික ආබාධ කිහිපයකි . තනි තනි මානසික රෝගවලට තනි තනි නම් (disorder ලෙස ඒවා බොහෝ විට අවසන් වේ ) තිබෙන අතර , පොදු ලක්ෂණ ඇති රෝග එකට ගොනුගත කර (group) ඒ ඒ රෝග ගොනුවලටද නම් (disorders යන බහුවචන ස්වරූපයෙන් එම නම් අවසන් වේ ) ලබා දී ඇත . උදාහරණක් ලෙස , ස්කිසොෆ්‍රීනියා , ඩිලූෂනල් ඩිසෝර්ඩර් යනු මානසික රෝග දෙකක් වන අතර , එම රෝග දෙකම සයිකොටික් ඩිසෝර්ඩර්ස් යන රෝග ගොනුව යටතේ පවතී . මුළු ලෝකයේම පිළිගැනීම ඇතිව , මානසික රෝග නිශ්චය කිරීමේ ( ඒවා වර්ගීකරණයට ලක් කිරීම , ඒවායේ ගති ලක්ෂණ නිර්ණය කිරීම ආදිය ) බලය ඇත්තේ ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමයටයි ( American Psych iatric Association - APA ). ඔවුන් විසින් කලින් කලට ලොවපුරා සිටින මේ විෂය ගැන විශේෂඥයින්ගේ සහය ඇතිව මානසික රෝග ගැන පුළුල් අධ්‍යයනයක් සිදුකොට නවීනතම දත්ත අනුව මානසික රෝග වර්ග ීකරණය කරයි . සමහරව...