Skip to main content

Posts

Showing posts from October, 2017

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

දෛශික ගැන පොත ඩවුන්ලෝඩ් කර ගැනීමට

කොටස් වශයෙන් පළ කළ දෛශික පාඩම් මාලාවේ තනි pdf ෆයිල් එක පහතින් ඩවුන්ලෝඩ් කර ගත හැකිය. දෛශික ඊපොත ඩවුන්ලෝඩ් කිරීමට

How hex numbers pronounced (දහසයේ පාදයේ සංඛ්‍යා උච්ඡාරණය)

When working in such fields as mathematics, computing, electronics, we often find the use of hexadecimal (hex) numbers like 6A, 80D, FF. I assume those who are reading this post are knowledgeable with hex numbers; or at least are aware of it. So, I am not going to dwell on its nitty-gritty here. Anyway, since I was exposed to hex numbers in school, and then was working with them whilst learning computing, and elctronics, I had not known how to sound or rather pronounce a hex number as we do for normal decimal numbers (eg: decimal number "58" is pronounced as "fifty eight"). We just used to pronounce them ditit by digit (eg: "45A" as "four five ai"). It's obvious sounding a number by its individual digits is very much cumbersome and very hard to remember even. However, I find that even hex numbers could be pronounced in the same style without any difficulty. There are 3 parts you must keep in mind (this is just my idea, and really don'

රට අවුලඤ්ඤං නිකාය

මේ දවස්වල පුවත් බලන විට රට හැම පැත්තෙන්ම අවුලුවන්නට උත්සහ කරන පාපතරයන් ඕනෑ තරම් දකින්නට ලැබේ. ඉන් බොහොමයක් රටේ අභාග්‍යයකට මෙන් චීවරධාරින්ය. මෙවුන්ව බුද්ධ පුත්‍රයන් සේ කිසිසේත් නොසැලිකිය යුතුය. මුං අමු ත්‍රස්ථවාදින්ය; රස්තියාදුකාරයන්ය. හරිනම් සර්වනිකායන් විසින් මෙවුන්ව උපැවදි කරවා සසුන අවිහිංසාවාදී ථේරවාද සම්ප්‍රදායානුකූලව නියම බුදු වදන ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුය. මැදපෙරදිග සමහර රටවල ඉස්ලාමීය කාලකන්නි ආගමික නායකයන් සේ ත්‍රස්තවාදි විලාසයක් දැන් මෑතක සිට චීවරධාරින්ගෙන්ද පෙනේ. සිල් රෙදි හොරුන් වෙනුවෙන් මුදල් එකතු කිරීමට මහින්දගේ අංක එකේ හෙන්චයියකු වූ අභයතිස්සගේ ප්‍රොජෙක්ට් එක දැන් නිල වශයෙන් නතර කර ඇත. සතියකින් අතරමඟ නතර කිරීමට නම්, එම ව්‍යාපාරය ආරම්භ කළේ ඇඟ කසනවාටදැයි ඇසිය යුතුය. කිසිදු දුරදිග සිතාබැලීමක් හා වාස්තවික පරිසරය ගැන කිසිදු හැඟීමක් නැතිව හුදු දේශපාලන සටන්පාඨ සඳහා පමණක් ක්‍රියාත්මක වන බව මින් ඉතා පැහැදිලි වේ. ගෙදර හාමු උසි කියූ විට මෙලෝ හසරක් දන්නේ නැතිව බුරන නකුටු බල්ලන් සේ මෙවුන් හැසිරේ. චීවරය හෑල්ලු වීම ඉන් සිදු වේ. මීට පෙර මහින්ද රාජපක්කගේ ආරක්ෂාවට යෙදවූ හමුදා සෙබල