ඉහත ආකාරයට එක ගොඩට පරම අංශු දක්වා තිබුණත් මේවායේ යම් රටාවක් ඇති අතර පහසුවෙන්ම ඒවා මතක තබා ගත හැකිය. ඉහත රූපයෙන් දැක්වෙන පරම අංශු ගැන වෙන් වෙන්ව ඉගෙනගමු. අප්, ඩවුන්, ටොප්, ඉලෙක්ට්‍රෝන්, ඇන්ටිබොටම්, ෆෝටෝන් ආදි ලෙස මේ දී තිබෙන කිසිම නාමයක විශේෂත්වයක් නොමැත; ඒවා නිකංම නම් පමනි. ඉහත රූපයේ up, down, charm, strange, top, bottom ලෙස නම් කර ඇති පරමඅංශු 6 quark ලෙස හැඳින්වේ . මෙම ක්වාර්ක් ගොඩේ/කණ්ඩායමේ (ගෲප් එකේ) ඇති පරම අංශු 6 තීරු 3කටත් පේලි 2කටත් බෙදා දක්වා තිබෙන්නේ හේතුවක් ඇතිවය. තීරු තුන generation ( පරම්පරාව ) හෙවත් family (පවුල) ලෙස හැඳින්වේ . ඒ අනුව පලමු පරම්පරාවට අයත් ක්වාර්ක් අංශු දෙක වන්නේ අප් හා ඩවුන් ක්වාර්ක් වේ. එලෙසම, දෙවැනි පරම්පරාවේ ක්වාර්ක් අංශු දෙක වන්නේ චාම් හා ස්ට්‍රේන්ජ් වන අතර, තෙවැනි පරම්පරාවේ ක්වාර්ක් අංශු වන්නේ ටොප් හා බොටම් වේ. එලෙසම, electron ( ඉලෙක්ට්‍රෝන්) , electron neutrino (ඉලෙක්ට්‍රෝන් නියුට්‍රිනෝ) , muon (මියුඕන්) , muon neutrino (මියුඕන් නියුට්‍රිනෝ) , tauon (ටවුඕන්) , tauon neutrino ( ටවුඕන් නියුට්‍රිනෝ) යන නම්වලි...