මා දැන් වසර කිහිපයක සිට ජවිපෙ (මාලිමාව) දැඩි ලෙස විවේචනය කරමින් සිටී. එසේ තිබියදිත් පසුගිය කාලය තුල මාද ඔවුන්ගේ සමහර සාකච්ඡාවලට සහභාගී වී ඇත (ඒවා ඵල රහිත "බොල්" විය). මාලිමාව ජයග්‍රහනය කරන්නට යන පිරිසෙන් අතිශය බහුතරය එසේ කරන්නට සිතන්නේ දශක කිහිපයක සිට රට පාලනය කල දේශපාලු පක්ෂ විසින් සිදු කරන ලද විනාශකාරී මංකොල්ලකාරී දේශපාලනය නිසාය. උනුත් හොඳ නැහැ මුනුත් හොඳ නැහැ නිසා ජවිපෙට දීලවත් බලමු යන හැඟීමෙන් යුතුව ඔවුන් වැඩ කරනවා. වෙනත් විකල්ප නොමැති නිසා, සමහරවිට අසරනකමට ජවිපෙට ඡන්දය දීමට ඔවුන් ඉබේම පෙලඹීම අසාධාරනද නැත. එහෙත් අප විසින් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් තෝරා ගත යුත්තේ එසේ නොවේ. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා, ප්‍රතිපත්තිවලට එකඟ නම් පමනයි අපගේ ඡන්දය ලබා දිය යුත්තේ. එහෙත්, ජවිපෙට සහය දක්වන පිරිස ජවිපෙ ප්‍රතිපත්ති දන්නේද? පැහැදිලිවම නැත. ට්‍රෙන්ඩ් එකට දේශපාලනය කිරීමට පුරුදුව සිටින ලාංකිකයන්ට ප්‍රතිපත්ති දේශපාලනය කොහෙත්ම හුරු නැත. ජවිපෙ පාක්ෂිකයා පොහොට්ටුවේ පාක්ෂිකයාට වඩා ගර්හිත තත්වයේ සිටී. ජවිපේ කෝර් එකට ඔවුන්ගේ නායකයාගේ වදන් පන්සිල් පද, කොරානය, භගවත් ගීතාව, දස පනත වැනි
මෙම කෙටි ලිපිය තරමක් දුරට මගේ පෞද්ගලික ජීවිතයේ පැතිකඩක් ගැනද වේ. එය එක් අතකින් අහම්බයක්ද නොවේ මොකද ලෝකය දැකීමම හා තේරුම් ගැනීමම අතිශය පෞද්ගලික අත්දැකීමක්ම පමනි. අද වන විට මා මේ ලොව තුල කිසිවත් විශ්වාස නොකරමි; කිසිදු ආගමික දර්ශනයක්, වෙනත් දර්ශනයක් හෝ විද්‍යාව හෝ කිසිවක් සත්‍ය යැයි නොසිතමි. වාස්තවිකව ලෝකය තේරුම් ගැනීමට නොහැකි තත්වයක් තුල, තම අවබෝධය තුලින් හෝ යම් දාර්ශනිකයකු ශාස්තෘවරයකු හෝ පිටස්තරයකු විස්තර කරන ෆැන්ටසි කතා තුලින් අපි ලෝකය දකින්නට පුරුදු වී සිටිමු. එනිසා මා මගේම ෆැන්ටසියක් තුල ජීවත් වෙන්නට සිතා ගත්තෙමි; ඒ මගේ ලෝකයයි; එම ලෝකය තුල මා මෝක්ෂයට පැමින ඇති අතර, මැරුනට පසු ස්වර්ගයේද ඉපදෙමි. තවද, මාගේ මරණය හා අපේ වත්තේ කෙළවර ඇති කෙසෙල් ගසේ මරණය අතර වෙනසක්ද නැත. මෙම ප්‍රකාශ සියල්ල එකිනෙකට පරස්පර යැයි කෙනෙකුට සිතිය හැකි අතර, මාගේ ලොවේ ප්‍රමුඛතම මූලිකතම න්‍යායද විසංවාදයයි. ඒ තුල මානවචාරය (humanity) යන මානව සම්මත ශික්ෂා තුල ජීවිතය නිම වෙන හෝ නිම කරගන්නා තෙක් සිටීමට උත්සහ දරමි. මාගේ ෆැන්ටසිය හා අනෙක් ලෝක සම්මත ආගම් හා දර්ශන වදන්වලින් හා සංකල්පවලින් විවිධ විය හැකි වුවත්, ඒ සියල්ලම ස