Tuesday, July 28, 2015

ඔබේ ඡන්ද අයිතිය වහල් බවේ සලකුණක් විය යුතුද?

0
මෙවර ඡන්දයේදී අපට කරන්නට ලොකු ලොකු දේවල් නොමැත. ඇත්තටම මෙවර පමණක් නොව හැම ඡන්දයකදීම පොදු මහ ජනයාගේ තත්වය එයයි. එහෙත් ඔබ මා හට කළ හැකි සුලු සුලු දේවල් කිහිපයක් ඇත.

මෙවර වත් අපි එක් දෙයක් කරමු. මහින්දගේ කාලයේ ජනපතිගේ දෑත් ශක්තිමත් කිරීමට යැයි කියා විකුණිනු මන්ත්‍රින් ටික මෙවර කවුන්සිලයට නොයවා සිටීටම ඔබේ ඡන්දය ඔවුන් වෙනුවෙන් සලකුණු නොකර සිටින්න. මෙම සුළු පියවරින් පමණක් වුවද විශාල වෙනසක් ඇති කිරීමට හැකි වනු ඇත. ඔබේ පක්ෂය කුමක් වුවත් එම ලැයිස්තුවල සිටින හොදම අය පමණක් පත් කරන්න. තමන්ගේ පක්ෂයේ ලිස්ට් එකේ සිටින්නේ ඔබේ සිතට එකගව ඡන්දය දීමට නොහැකි අය නම්, කරුණාකර හොද මිනිසුන් සිටින වෙනත් පක්ෂයක අයෙකුට එම ඡන්දය ලබා දෙන්න. ඡන්දය ඉල්ලන්නේ ඔබේ අම්ම තාත්තා බාප්පා නම් ඔවුන් වෙනුවෙන් හෘද සාක්ෂියට එකග නැති වුවත් කතා කිරීමට ගහමරා ගැනීමට සිදු විය හැකිය. එහෙත් මේ එකෙක්වත් ඔබ ජීවිතයට එක වරක් හෝ නොදැක්ක එවුන්ය. ඉතිං අප ඔවුනට සැලකිය යුත්තේ නෑදෑයන්ට සලකන අයුරින් නොව, ප්‍රතිපත්තිමය කාරණා මතයි.
Read More »

Abdul Kalam, never fading with sunset...

0
After hearing the sad news about passing away of Dr. Abdul Kalam, former Indian President, I really felt we humans lost one beautiful soul forever. I do not know much about him - not so much as to write a biography of him, but the little I know is more than enough for me to honor him as a good man with both a glowing heart and a radiating brain.

He showed us (our bloody politicians) how an intellectual can become a politician and still receive honor and affection by the public. On the other, take our so-called educated people who turned politicians. Before entering politics, he would hold a PHD in law, for instance, but a few years later he would become a double doctor, with a PHD in corruption and political prostitution too.

I have no faith in angels, fairies, messengers, saints, gods, sons of God or the God, but I do have faith in humans with integrity and good intentions. I simply see such a good human in Kalam. Eventually we have to obey and abide by the rules of nature, and so did Kalam - as a man who fulfilled his duties.
Read More »

නිකිනියට එන නත්තල්...

0
දෙසැම්බර් මාසය එන්නත් කලින් මහින්ද මාමි අපට නත්තල් තෑගි දෙන්න හදනවා එයා අගමැති වුණාට පස්සෙ. එසේ මෙසේ තෑගි නෙමෙයි ඉතිං නත්තල් සීයටත් දෙන්න බැරි තරමේ අලි ලොකු ඒවා. පාරවල් ඕන අයට කාපට් පාරවල්, වතුර ඕන අයට නල ජලය, ඉගෙන ගන්න පිටරට යන අයට සල්ලි (ණය), බදින්න හදන අයට ලක්ෂ දෙකක්, ගෙදර බුදියන් ඉන්න අයට පනස්දහක්, රාජ්‍ය සේවකයාට 25000ක්, මහපොල හයදහක්... එයා රජ කරපු කාලයේ (අවුරුදු 10ක්) එයා නත්තල් තෑගි දුන්නේ හොරුන්ට, එතනෝල්කාරයන්ට, ස්ත්‍රී දුෂකයන්ට, කුඩු කාරයන්ට, කැසිනෝ කාරයන්ට, එයාගේ හත්මුතු පරම්පරාවේ (අනියම් විදියට උපත ලද එවුන්ට පවා) එවුන්ටනේ. දැන් ඒ වටය අවසන්. අලුත් වටයෙන් එයා දෙන්න හදන්නෙ අප වගේ පොදු ජනයාට. ඉතිං මගේ ඡන්දය මහින්ද (නත්තල්) පප්පට...
Read More »

සසර සැරි සරන තෙක්...

0
බඹ දත් දිවිය
ඇසුරේ සරසවිය
ඔබ්බෙන් දෙවි සිරිය
අසිරි ගෙන මලවිය
නිමවේ වස මාරය
මෙබදු සංසාරය
කිමද ලතවෙනුය...


Read More »

මැරෙන්නට සිතෙන මළගම...

0
මා මළ පසු මගෙ දේහය
සඳුන් යෙදූ දර සෑයක
වල්ල පට්ට රැහැන් යෙදූ
අඟරු දරින් දවා
අඬනු මැනවි සොවා...




සිංහල කවි
Read More »

I wish if I were a Neutrino...

0
Once as a child
Once again a friend
Once a husband
Once as a dad
Forever I am bound
Oh Mother Nature!
Why thou not made me a neutrino
So as not be affected by
Nor be bound to matter
As others call 'em
Parents friends wife and kids.






English Poem
Read More »

Monday, July 27, 2015

කීරිගසන හදවත...

0
ළපලු ‍සැලෙන විට
උදුවප් මඳ පවනේ
සිසිල දැනෙන විට
ඇඟ කීරි ගසයි
ඔබ සොයයි මා සිත
ගතටත් වඩා...



සිංහල කවි.
Read More »

Looking for my lost soul...

0
Heart's cold
Body's limp
Soul's lost
Wits gone
I'm not I am
Without you...
I miss you, my love...




English Poem
Read More »

I wait an eternity for you...

0
Lost in the valley of life
Cloaked in the night of sorrow
Still looking for your starry eyes
Wishing to see a ray of hope
To sail me across to the land of joy
But, where thou art
Be it a day a year or eon
I wait...





English Poem
Read More »

Sunday, July 26, 2015

I am in love with the sexy Earth...

0
The moonlight shining on the leaves o' trees
The azure sky not want of birds o' kinds
The breeze in December soothing 'n fresh
The drops of dew on tips of grass at dawn
Look around! How wonderful "the she" is!





English Poem
Read More »

You My Oneness!

0
The God created
Sun moon stars and
Sky seas treas and
You and me but them all
You created for me
You are everything...



 
 
 
English Poem
Read More »

Wednesday, July 22, 2015

සිංහල භාෂාව සරල කරමු

16
සිංහල භාෂාව ඉතා දීර්ඝ ඉතිහාසයක් සහිත ඉතා පොහොසත් බසකි. එහෙත් එම භා‍ෂාවේ බොහෝ රීතින්ට මෙන්ම වචනවලට පිට දේශයන්හි භාෂාවන්වල (පාලි, සංස්කෘත, ඉංග්‍රිසි වැනි) ආභාෂය ලැබී පවතී. මේ වගට හොඳ ඓතිහාසික ශාස්ත්‍රිය යොමුවක් සිඳත් සඟරාවේ මෙලෙස ඇත.
සකුසත් අනුසරින් ඇතද සදනට ලිඟු බේ - නොපැනේ වහර වෙසෙසක් පුමිතිරි ලිඟු දෙක විනා”
මින් කියවෙන්නේ සංස්කෘත භාෂාවේ අභාෂායෙන් සිංහල භාෂාවට ලිංග භේදයක් ඇතත්, ස්ත්‍රි ලිංග හා පුරුෂ ලිංග යන දෙක පමණක් සහිත ලිංග භේදයක් සිංහලේ පවතින බවයි. තවද, පසුකාලීනව කුමාරතුංග මුනිදාස පඬිතුමන් පොදු ලිංගය යනුවෙන් වෙනමම ලිංග භේදයක්ද ඉංග්‍රිසි බස අනුසාරයෙන් හඳුන්වා දී ඇත. මෙම එකිනෙකා අතර භාෂාවන්ගේ බලපෑම හා ආභාෂය ඒ ආකාරයෙන්ම හෝ වෙනස් ආකාරයෙන් හෝ (එනම්, සිංහලයද අනෙක් භාෂා මෙන්ම ස්වාධීනව ඇති වූ හෝ සමහරයෙකුට අනුව අනෙක් භාෂා අභාෂාය ලබා ඇත්තේ සිංහලයෙන්) පැවැතීම වෙනමම කාරණයක් වන අතර, එය මා යෝජනා කරන භාෂා ප්‍රතිසංස්කරණයට කිසිදු ගැටළුවක් ඇති නොකරයි.
තවද, සිංහලය තරමක අමාරු හෝ සංකීර්ණ බසක් ලෙස සැලකේ. ලිඛිත මෙන්ම කථන යන දෙයාකාරයකින් සිංහලය භාවිතා වේ. කථන ස්වරූපය ගැන විමසා බැලූ විට පෙනී යන්නේ එය ලිඛිත ස්වරූපය මෙන්ම බලවත් හා පොහොසත් බවයි. ඊට අමතරව මව් බස ලෙස සිංහලය භාවිතා කරන්නන් (එනම්, නියම සිංහල බසේ උරුමක්කාරයන්) සාතිශය බහුතරය භාවිතා කරන්නේද කථන ස්වරූපයයි. එහි ඇති සරල බව, ක්‍රමානුකූල (විද්‍යාත්මක) හා ප්‍රායෝගික කම යන ලක්ෂණ නිසා කථන භාෂාවේ ව්‍යාකරණ අංගවලට නිසි ස්ථානය සිංහලය තුළ හිමි කර දීමටත්, ඉන් භාෂාව තවත් ශක්තිමත් වන බව පෙන්වීමටත්, වෙනත් කාරණා අතරම, ‍මා මෙම ලියවිල්ලෙන් උත්සහ දරා ඇත.
පළමුව මා පෙන්වා දෙන්නේ සිංහලයේ හෝඩිය කෙසේ සංශෝධනය විය යුතුද යන්නයි. එනම්, කිසිසේත් අවශ්‍ය නොවන (ජීවිතයට කිසිදා භාවිතා නොකරන) අක්ෂර මෙන්ම අ‍වබෝධය හෝ සන්නිවේදන ක්‍රියාවට බාධා නොවන ආකාරයෙන් ඉවත් කළ හැකි බොහෝ අක්ෂර ගණනක් හෝඩිය තුළ ඇත. ඉවත් කිරීමට යෝජනා කරන අක්ෂර මෙසේය:
  • ඞ් (කන්ටජ අක්ෂර පවුලේ නාසික්‍යාක්ෂරය) - මෙය දැනටත් භාවිතයට නොගන්නා එහෙත් හෝඩිය තුළ සිටින “සොහෝන්” අක්ෂරයකි. අඩුම ගානේ බොහෝ දෙනා මෙම අක්ෂරය ශබ්ද කරන හැටි පවා නොදනී. මෙම අක්ෂරය කිසිදු වටිනාකමක් දැන් භාෂාවට ලබා නොදේ. (මේ අක්ෂරය වෙනුවට අද භාවිතා වෙන්නේ බිංදුව (o) යන අක්ෂරයයි.)

  • (ඉලු) හා ඐ (ඉලූ) යන ස්වර දෙක - මෙම අක්ෂර දෙක යෙදෙන එකදු වචනයක් හෝ සිංහලය තුළ නොමැතිවත් (එක එක භාෂා පාළුවන්ගේ තනිය මැකීමට පමණක්) මෙම අක්ෂර දෙක රඳවා සිටී.

  • (අයි යන සංයුක්ත ශබ්දය සඳහා) හා ඹෟ (අව් යන සංයුක්ත ශබ්දය සඳහා) යන ස්වර දෙක - මෙම ස්වර දෙක කිසි සේත් අවශ්‍ය නොමැත. ඓ යන්න ස්වරයක් ලෙස හෝඩිය තුළ පැවැතිය යුතු නම්, “ආයි”, “ඇයි”, “ඒයි” ආදී ලෙසද ස්වර හෝඩිය තුළට ගෙන ආ යුතුය. එහෙත් “අයි” ශබ්දය සඳහා පමණක් ඓ ස්වරය හඳුන්වා දී ඇත. අනෙක් (ආයි, ඕයි ආදී) සංයුක්ත ශබ්ද සඳහාම විශේෂිත ස්වර නොමැතිව එම ශබ්ද භාෂාවේ දැනටත් ව්‍යවහාර වන නිසා, ඓ ස්වරය ඉවත් කළ පසුද එම ශබ්ද අනෙක් ශබ්ද ලියන ආකාරයටම ලිවිය හැකිය (අයි ලෙස).  

    මෙම තර්කම ඹෟ යන ස්වරයටත් අදාල වේ.

  • (ඉරු) හා ඎ (ඉරූ) යන ස්වර දෙක - මෙම ස්වර දෙකද ඉහත ඉලු හා ඉලූ ආකාරයේම ස්වර වේ. (එම ස්වර හතරම ල හා ර යන අර්ධ ස්වර/ව්‍යඤ්ජන යන දෙක සඳහා ඇති තවත් ස්වරූප වේ.) මෙම ස්වර දෙක වෙනුවට ඉතා පහසුවෙන්ම ර් (අල් රයන්න) භාවිතා කළ හැකි වනවා පමණක් නොව, විවිධ පුද්ගලයන් ඉරු අක්ෂර සාවධ්‍ය ආකාරයට උච්ඡාරණය කිරීමද නිවැරදි වේ. එහෙත් අවශ්‍යම නම් (වෙනමම ස්වර රූපයක් නොමැතිව රකාරාංශ පිල්ලම භාවිතා කරන්නාක් මෙන්), ඉරු හා ඉරූ ස්වර දෙක ඉවත් කර, නමුත් පිල්ලම (එනම් ෘ හා ෲ යන පිල්ලම් දෙක) එලෙසම පවත්වාගත හැකිය.උදාහරණ: හ්ර්දය (හෘදය), ක්ර්මියා (කෘමියා)තවද, ඇලපිලි ගැටයෙන් () නැගෙන ශබ්දය ලබා ගැනීම සඳහා වෙනත් සංයුක්ත පිලි භාවිතයක්ද සමහරක් වචන සඳහා පමණක් පවතින අතර, එම ක්‍රමය ඉවත් කළ යුතුය. 

    උදා: ධ්‍රැවය -> ධෘවය (හෝ ධ්ර්වය), බහුශ්‍රැ-> බහුශෘ(හෝ බහුශ්ර්)

  • ණ හා ළ අක්ෂර දෙක - මෙමගින් න-ණ ල-ළ භේදය සපුරා ඉවත් කළ හැකිය. මෙම අක්ෂර දෙකෙන් ‍කිසිදු ප්‍රයෝජනයක් නොමැත.පළමුව කිව යුත්තේ ණ හා න යන්න කිසිදු කෙනෙක් සිතා මතා ඊට සුදුසු යැයි පොත පතේ දැක්වෙන ශබ්ද ලබා නොදෙන බවයි. (එනම් මුර්ධජ නයන්න දිව තල්ලේ වැද්දීමත්, දන්තජ නයන්න දිව දත් පිටුපසේ වැද්දීමත් උවමනාවෙන් සිදු නොකරයි.) මොන නයන්න තිබුණත් අපගේ දිව ඉබේම හැසිරෙන ආකාරය අනුව යම් නයනු ශබ්දයක් ඇති වේ. සත්‍ය ලෙසම, ඔබ හොඳින් විමසා බැලුවොත් නයනු ශබ්ද දෙකක් නොව ගණනාවක් පවතී. මේවා සියුම්ව (විවිධ වචන ශබ්ද කර) බැලූ විට පෙනේ. එහෙත් අප එම සියුම් ශබ්දයන්ටත් එක එක නයන්න බැගින් ලබා දී නොමැත. 

    කෙනෙකු තර්ක කිරීමට ඉඩ තිබෙනවා මෙම භේදය ඉවත් කළොත් විවිධ තේරුම් අවබෝධකර ගැනීමට එය බාධාවක් ඇති කරනවා කියා. උදාහරණයක් ලෙස, තන හා තණ යන සුප්‍රසිද්ධ වදන් යුගල ගමු. ණ ඉවත් කළ විට මෙම අර්ථ දෙකම තන යන තනි වචනය තුළට පැමිණේ. එහෙත් එය කිසි සේත් ප්‍රශ්නයක් නොවේ. කථා ව්‍යවහාරයේදී අප “ගොනා මුර්ධජ තන (තණ) කයි” කියා හෝ “ළඳරුවා මවගේ දන්තජ තන උරයි” යනුවෙන් හෝ පවසන්නේ නැත. කථනයේදි ප්‍රශ්නයක් නොවන එක, ලිඛිත ව්‍යවහාරයේදී කොහෙත්ම ප්‍රශ්නයක් නොවේ. අප වචනවල තේරුම් අවබෝධකර ගන්නේ බොහෝ විට සන්දර්භයෙනි (context). ඉංග්‍රිසියේදී මෙය නිතර සිදු වේ (sea, see යන දෙකම එකම ශබ්දය ඇතත් සුද්දාට ඉන් ප්‍රශ්නයක් මතු වී නොමැත).  

    තවද, එක් එක් තේරුමක් සඳහා විවිධ නයනු අවශ්‍ය යැයි කිවහොත් අපට තවත් නයනු අවශ්‍ය වනු ඇත. ඉහත වචනයම ගෙන එය පහසුවෙන් පෙන්වා දිය හැකිය. එනම්, තන (දන්තජ නයන්න) පයෝධර තේරුමින්ද, තණ (මුර්ධජ නයන්න) තණ කොල යන තේරුමින්ද ගත හැකි වුවත්, තණ යන්නෙහි තෘෂ්ණාව යන තේරුමද පවතින බැවින්, තවත් නයන්නක් ඒ සඳහා යෝජනා කිරීමට සිදුවේ. එබැවින්, මෙම තර්කය (එනම්, විවිධ තේරුම් ඉස්මතු කිරීමට නයනු දෙකක් අවශ්‍ය යැයි පැවසීම) සාවධ්‍ය වේ.

    තවත් උදාහරණයක් ලෙස රන යන වචනය ගමු. ඇත්තටම රන (රන මොනරා) හා රණ (රණ බිම) යන වචන දෙකක් දැනට පවතී. මෙහි තේරුම් වෙනස්ය. එහෙත් ඕනෑම කෙනෙකුට මෙම වචන දෙක වෙන වෙනම ශබ්ද කර පෙන්වන්න කියන්න. සියල්ලන්ම වාගේ එම පද දෙකම එකම ආකාරයට ශබ්ද කරනු දැකිය හැකි වේවි. ඔවුන් තේරුම වෙන්කර හඳුනාගන්නේ සන්දර්භයෙන් බව ඉතා පැහැදිලිය.  

    එහෙත්, සමහරෙකු යම් යම් භාෂා ප්‍රයොග/අලංකාර වශයෙන් සන්දර්භයෙන් වුවද එකවර තේරුම මතු නොවන ආකාරයට වාඛ්‍ය නිර්මාණය කළ හැකිය. උදාහරණයක් ලෙස පහත කවිය බලන්න.

    බෝ ගහ යටදී තණ මිරිකුවෙ ජිනරතන - මහ ගැහැණි කෑ ගැහුවෙ වෙසඟ දින”

    බැලූ බැල්මට මෙය යම් අසභ්‍ය සිදුවීමක් සිහිකරවයි. මෙම කවිය ඇත්තටම එම අසභ්‍ය තේරුම සඳහාම වුවද ලිවිය හැකිය. මෙවිට, මොන අක්ෂරය භාවිතා කළත් නොකළත් ලොකු වෙනසක් සිදු නොවේ. (එවිට තණ යනුවෙන් ලියා ඇති නිසා අනිවාර්යෙන්ම පයෝධර නොවේ යනුවෙන් කෙනෙක් තර්ක කළ හැකිය. එවිට එය තණ කොල ලෙස ලැබේ. එවිටද යම් තේරුමක් (අසභ්‍ය නොවන) ලැබේ.) එහෙත් මෙහි සංඛේතාතාමක තේරුමක් ඇත. එනම් (ඇසතු) බෝ ගහ යටදී බුදුරදුන් (ජිනරතන) තෘෂ්ණාව මිරිකූ (ප්‍රහීන කළ) බවයි. එම ව්‍යංගාර්ථ තේරුම්ගැනීමට අක්ෂර වින්‍යාසය නොව බුද්ධිය හා වෙනත් භාෂා දැනුම අවශ්‍ය කෙරේ. මා පෙන්වීමට උත්සහ කළේ භාෂා ‍ප්‍රයෝග/අලංකාරයන්ට මෙම අක්ෂර ඉවත් කිරීමෙන් අමුතුවෙන් බාධාවක් ඇති නොවන බවයි. ඇත්තටම සිදුවන්නේ භාෂා අලංකාරය තවත් වැඩි වන බවයි. උදාහරණයක් ලෙස, එක නයන්නක් පමණක් පවතින විට, ඉහත තණ යන්න තන ලෙස වෙනස් වේ. එවිට, එම කවියේ විවිධ තේරුම් තුනක්ම එකවිට ලැබේ. මෙය අලංකරණයට හොඳ තත්වයකි. 

    ඉහත ණ සඳහා වූ තර්කම ළ අක්ෂරය සඳහාද අදාළ වේ.

  • , ෂ යන අක්ෂර දෙකින් එක අකුරක් පමණක් ඉවත් කළ යුතුය. (ශ යන්න පහසුවෙන් ලිවිය හැකි නිසා ෂ යන්න ඉවත් කිරීම සුදුසුය.) මෙම අක්ෂර දෙකෙහි න්‍යායාත්මක වෙනස්කමක් ඇතත්, ප්‍රායෝගිකව මෙම අක්ෂර දෙකෙහි වෙනස්කම ඉතා සියුම්ය. බොහෝ දෙනෙක් මෙම අක්ෂර දෙකෙහි ශබ්ද දෙක වෙන වෙනම ශබ්ද කර පෙන්වීමටද අපොහොසත්ය. එහෙත් ශ/(මා මෙම අක්ෂර දෙකින් මතුවන ශබ්දය “ඝෝෂාකාරී ස ශබ්දය” ලෙස හඳුන්වනවා. එවිට සාමාන්‍ය සයනු ශබ්දයයි මෙම ශබ්දයයි වෙන්කර හඳුනා ගැනීමට පහසුය.)

    ඇත්තටම, මෙම ශබ්ද දෙක වෙන වෙනම ශබ්ද කෙරෙනවා නම්, එම ශබ්ද සහිත වචනවල අක්ෂර වින්‍යාසය අමුතුවෙන් කටපාඩම් කළ යුතු නොවේ. උදාහරණයක් ලෙස,විමර්ෂණය - විමර්ශනය - මෙම පද දෙකෙන් නිවැරදි එක කුමක්ද? එකවර කීමට බොහෝ දෙනාට නොහැකිය. එහෙත් මෙම පදය නිතර නිතර භාවිතාවන්නකි. මින් පෙනෙන්නේ අනවශ්‍ය කෘත්‍රිම බාධාවක් ඇති කර ඇති බවයි. එය මිනිසුන් විහින් සාදාගන්නා ලද්දක් නොවේ. කවර කලක සිටි භාෂා පඬියෙකු විසින් ඇති කරන ලද්දකි. කරුමයක් මෙන් අද සිටින භාෂා පඬියන්ද එය කරපින්නාගෙන යමින් සිටී ඒ ගැන වචනයකුදු නොකියා.

  • (සඤ්ඤක ජයන්න) අක්ෂරය - මෙය භාවිතයට නොගැනෙන අකුරකි. (මහාචාර්ය ජේ.බී. දිසානායකයන් පවසන්නේ මෙම අකුර තිබෙන එකම වචනය “ඉඦු” (සතෙකුට අඩගැසීමේදී මෙම ශබ්දය භාවිතා වේ.) යන්නයි. එහෙත් “පඦර” යන වචනයද මට හමු වී ඇත මෙම අකුර සහිතව.) කෙසේ වෙතත් මාද මෙම අකුර මෙම ලිපිය ලිවීමට භාවිතා කරපු එක හැරුණු විට, ජීවිතයේ කිසිදා එම අක්ෂරය මෙතෙක් භාවිතා කර නොමැත. මෙම අකුර එනිසා ඉවත් කළ යුතුය. (ඉඦු යන්න පැවසීමට අවශ්‍ය නම් එය ඉජු ලෙස සාමාන්‍ය ජයන්න භාවිතා කර ලිවිය හැකිය. එහිදී ශබ්දය වෙනස් වුවත් නැතත් ගැටලුවක් නැත මක්නිසාද යත් එය සන්නිවේදනයට අවහිර නොවන එක් වචනයක් පමණකි.)

  • ඥ අක්ෂරය - මෙහි ශබ්දය ඤ ශබ්දයට ඉතා හුරුය. එපමණක් නොව, බොහෝ දෙනා මෙම අකුරු දෙකම එකක් ලෙස සලකා ලියයි. පහසුවෙන්ම එනිසා ඉවත් කළ හැකිය. ඥ ඇති තැන්හි ඤ භාවිතා කළ හැකිය.උදා: විද්‍යාඤයා


  • , , , , , , , , , භ යන සියලු මහප්‍රාණ අක්ෂර දහය - පළමුව කිව යුත්තේ කිසිදු ප්‍රාණයක් නොමැති ගාත්‍රාක්ෂර අල්පප්‍රාණ හා මහප්‍රාණ වශයෙන් බෙදීමම කුණුහරුපයක් බවයි. මෙය කුමරතුඟුවන්ද එතුමාගේ ව්‍යාකරණ විවිරණය නම් පොතේ පවසා ඇත. සංස්කෘත පඬියෙකුගේ වැරද්ද අපේ සිංහල පඬියන්ද කරේ තබාගෙන යෑමේ ප්‍රතිපලයකි මෙම සාවධ්‍ය භාවිතාවට මුල. අඩුම ගානේ වැරද්ද තේරුම්ගත් පසුද එය නිවැරදි කිරීමට තරම් මෙවුනට ‍ශක්තියක් නොමැත. 

    සාතිශය බහුතරය මහප්‍රාණ යැය කියනු ලබන ඉහත අක්ෂර ශබ්ද කරන්නේ නැත. එසේ වුවත් ඔවුන්ට මේ වන තුරුත් මහප්‍රාණ අපභ්‍රංශය ශබ්ද නොකිරීම හේතුවෙන් සන්නිවේදන අපහසුතා හා ගැටලු ඇති වී නොමැත. මුලදී වෙනත් අක්ෂර සඳහා යොදාගත් තර්ක මෙහිදීද අදාල වේ. එනම්, වචනවල තේරුම් වෙන්කර අවබෝධ කරගැනීමට එම අක්ෂර ඉවත් කිරීම කිසි සේත් බාධාවක් නොවේ.
ඉහත විස්තරය අනුව, දැනට ඇති අක්ෂර 60ක් වූ සම්මත සිංහල හෝඩියෙන් අකුරු 22ක් ඉවත් කළ හැකිය. තවද, හෝඩියට අත්‍යවශ්‍යයෙන්ම නව ස්වරයක්ද හඳුන්වා දිය යුතුය. කාලයක සිටි විවිධ විද්වතුන් විසින් මෙම අවශ්‍යතාව පෙන්වා දී ඇතත් අද වන තුරු එය සම්මත කර නොමැත. එම අක්ෂරය නම් සමහරෙකු “සංවෘත අයන්න” ලෙස හඳුවන්වනු ලබන ඉංග්‍රිසියේ sir, bird, curd ආදි වචන ශබ්ද කිරීමේදි හමුවන ස්වරයකි. මෙය දැනට සිංහලෙන් උඩු කොමාව යොදමින් හෝ ර් යන්න කොමාවක් තුළ යොදමින් හෝ වෙනත් ක්‍රමවලින් දැක්වේ. උදා: permit -> (ර්)මිට් හෝ ප’මිට් හෝ පර්මිට් හෝ පමිට් හෝ ලෙස විවිධ අක්‍රමවත් ක්‍රම වලින් දැක්වේ. 


මා මෙම ස්වරයට සංවෘත අයන්න (සංවෘත/ආවෘත හා විවෘත ලෙස ස්වර දෙවිදියකට ශබ්ද කළ හැකිය. එනිසා එම සංවෘත යන වචනය සමග පැටලීමක් ඇතිවන බැවින් මම සංවෘත යන පදයට විරුද්ධය.) ලෙස හැඳින්වීම ‍වෙනුවට “රන්ත අයන්න” ලෙස හඳුන්වනවා (ර් + අන්ත අයන්න = රන්ත අයන්න). මෙම ස්වරය නියෝජනය කරන පිල්ලම ලෙස r (ඉංග්‍රිසි හෝඩියේ සිම්පල් ආර් අකුර) යෝජනා කරනවා. එයට ඇලපිල්ල (), ඇදය (), ආදී අනෙක් පිල්ලම්වල හැඩය ඇත. තවද, ඉතා පහසුවෙන් ලිවිය හැකිය. බොහෝ දෙනාට අමුතුවෙන් මෙම හැඩය ඉගෙන ගැනීමටද අවශ්‍ය නොවේ. තවද, වැඩිපුරම මෙම රන්ත අයන්න යෙදෙනුයේ ඉංග්‍රිසි ආර් අකුර සහිත තැන්වල බැවින් ඉබේම එයද මතක් වේ. තවද, තනි රන්ත අයන්න r ලෙස ලිවිය හැකිය. එය හෝඩියේ හ්‍රස්ව අයන්න හා දීර්ඝ අයන්න අතරට දැමිය යුතුය; එනම්, අ අr ආ ඇ ඈ ඉ ... තවද, එම පිල්ලම රන්තය ලෙස හැඳින්විය හැකිය.
උදා: rවින් (Mervin) rත් (earth)
අවශ්‍ය නම්, ඉංග්‍රිසියේ z අක්ෂරය සඳහාද නව සිංහල අකුරකු නිර්මාණය කළ හැකිය.
මේ ආකාරයට අනවශ්‍ය අකුරු ඉවත් කර, අවශ්‍ය අක්ෂර අලුතින් එකතු කර නව සිංහල හෝඩියක් සෑදිය හැකිය. එය “ව්‍යවහාරික සිංහල හෝඩිය” ලෙස හැඳින්විය හැකිය. දැනට පවතින සම්මත සිංහල හෝඩිය තොරතුරු තාක්ෂණවේදය සමඟත් බැඳී පවතින බැවින් එහි තාක්ෂණික අවශ්‍යතා නිසාම ඉන් ඉහත අක්ෂර ඉවත් නොකර අලුතින් ඇති කරන අකුරු ඊට ඇතුළත් කිරීම පමණක් කළ හැකිය. එහෙත්, නිල වශයෙන් ව්‍යවහාරික හෝඩිය පමණක් භාවිතා කර ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රකාශනයක් සෑදීමට රාජ්‍ය සම්මතයක් ඇති විය යුතුය. රජයේ නිළ ප්‍රකාශන මෙම නව හෝඩියේ අක්ෂරවලින් පමණක් නිකුත් කිරීමට විධිවිධාන යෙදිය යුතු අතර, පාසල් අධ්‍යාපනයද මෙම නව හෝඩිය භාවිතා කළ යුතුය. එහෙත් පෞද්ගලිකව පුද්ගලයන්ට ඔවුන්ගේ අභිමතය පරිදි සම්මත සිංහල හෝඩියේ අක්ෂරද භාවිතා කිරීමට ඉඩ සැලසිය හැකිය. (අනිවාර්යෙන්ම, පිරිසක් තමන්ට පුරුදු විදියටම පරණ හෝඩියම භාවිතා කරනු ඇත. එහෙත් කාලයාගේ ඇවෑමෙන් නව හෝඩිය ඉදිරියට එනු ඇත.)
සිංහල භාෂා ව්‍යාකරණයද සරල කළ හැකිය අදහස් නිවැරදිව ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් ඇති නොවන අයුරින්. ඇත්තටම, දැනටත් කථන ව්‍යවහාරයේදී මා පහත යෝජනා කරන සරල කිරීම බහුලවම යොදා ගැනේ. කිරීමට අවශ්‍ය වන්නේ එම සරල සුගම ව්‍යවහාරයන් විද්‍යානුකූලද ප්‍රායෝගික ගැටලු ඇති නොකරයිද යන වග සෙවීමයි (එසේ ප්‍රශ්න ඇති නොකරයි නම්, ඒවා සම්මතයන් කිරීමට ඇති බාධාව කුමක්ද?). අනෙක් අතට, මෙම යෝජනා පිට ලොකයකින් ගෙනත් අත හරින ඒවා නොවේ. දැනටමත් සිංහල බසේ උරුමක්කරුවන් උදේ නැගිටුනු වෙලාවේ සිට රෑ නින්දට යන තුරුත් (නින්දේ පසුවන විට සිහින තුළත්) ව්‍යවහාර කරන (එහෙත් නිල ලෙස පිළි නොගත්) භාෂා රටාවන් හා රීතින්ය.
ව්‍යාකරණයේ පළමු සරල කිරීම ලෙස මා යෝජනා කරන්නේ නාමපදයක උක්ත අනුක්ත භේදය නොසලකා හැරිය යුතු බවයි. එය ඉතා පහසුවෙනුත් සන්නිවේදනයට හානි නොවන අයුරිනුත් කළ හැකිය. විවිධ නාමපද පංතීන් උදෙස් එය කළ යුතු ආකාරය මා එකින් එක පහත දක්වා ඇත.
  • ටීෂා, කමල්, ඉංදියාව වැනි සංඥා නාම (proper nouns) සඳහා දැනටත් උක්ත අනුක්ත දෙකම සඳහා යෙදෙන්නේ එකම රූපයයි (එනම්, එම නාමපදවල උක්ත-අනුක්ත භේදයක් නොමැත).

    උදා:
    කමල් ගෙදර යනවා. (උක්ත රූපය) මම කමල් දැක්කා. (අනුක්ත රූපය)


  • නිශ්චිථාර්ථ (definite) පොදු නාම (common nouns) වල ස්ත්‍රී, පුරුෂ, නපුංසක, හා පොදු යන සියලු ලිංගයන් හි ඒකවචනය සඳහා දැනටත් උක්ත අනුක්ත දෙකම සඳහා යෙදෙන්නේ එකම රූපයයි.

    උදා
    අක්කා උයයි. මම අක්කා දැක්කා.
    ගුරුතුමා උගන්වයි. අපි ගුරුතුමා එකක ගමනක් ගියා.
    ගල වැටුනා. ෂානි ගල අතට ගත්තා.
    ළමයා අඬනවා. මව ළමයා වඩා ගත්තා.


  • අනිශ්චිථාර්ථ (indefinite) පොදු නාමවල සියලු ලිංගයන්හි ඒකවචනයෙහි ඇති උක්තානුක්ත වෙනස හැඳින්වීමට ඇති සුළු වෙනස නොසලකා හැරිය යුතුය. ඇත්තටම, කථනයේදී මෙම භේදය දැනටමත් නොසලකා හැරේ. 

    උදා
    කාන්තාවක් උයයි. මම කාන්තාවක් සමග කතා කර කර හිටියා.
    ගොනෙක් තණ කයි. ඔහු ගොනෙක් දුටුවා.
    ගලක් වැටුනා. මම ගලක් ගත්තා.
    ළමයෙක් අඬනවා. මම ළමයෙක් දැක්කා. 

    මෙහිදී, කාන්තාවක, ගොනෙකු, ළමයෙකු ලෙස අගට අ හෝ උ ස්වරය යොදා අනුක්ත කිරීම නොසලකා හැරිය හැකිය.  

    තවද, නපුංසක ලිංගයේදී දැනටත් පෙර සේම උක්තානුක්ත වෙනස නැත.


  • (ඉංග්‍රිසියේ මෙන් නොව, සිංහලේදී බහුවචනය සඳහා නාමපදවල නිශ්චිත අවිනිශ්චිත භේදයක් නොමැත.) ඉහත නිශ්චිත අවිනිශ්චිත ‍අවස්ථා දෙකෙහිම බහුවචනය සඳහා උක්තානුක්ත භේදය නොසලකා හැරිය යුතුය.

    උදා
    ළමයි/ළමයින් සෙල්ලම් කරනවා. අපි ළමයි/ළමයින් දැක්කා.
    ගස් වැටෙනවා. අපි ගස් වැට්ටුවා.
    ගුරුවරු/ගුරුවරුන් උගන්වනවා. මම ගුරුවරු/ගුරුවරුන් සමග ගමනක් ගියා.
    ගුරුවරියෝ/ගුරුවරියන් උගන්වනවා. අපි ගුරුවරියෝ/ගුරුවරියන් එක්ක ඉගෙන ගන්නවා. 

    දැනට අනුක්ත රූප‍ය පෙන්වීමට හල් නයන්නක් අගට යොදනු ලැබේ. එහෙත් උක්ත රූපය සඳහාද බොහෝ අය එලෙසම න් යොදයනවා. ඒ අනුව න් යෙදීම බොහෝ දෙනා තමන්ට රිසි සේ යොදන බවක් පෙනෙවා. සමහර අවස්ථාවල න් යෙදීම ස්වාභාවිකව සිදු වෙනවා.

    උදා:  
    අපි ගුරුවරුන්ට පොත් දුන්නා. 

    මෙහි ගුරුවරුට ලෙස කිව හැකි වුවත් එම ශබ්දය කෘත්‍රිම බවක් දැනේ. එහෙත් අවශ්‍ය කෙනෙකුට එලෙස කීමට හා ලිවීමට බාධාවක්ද නොමැත. (න් ප්‍රත්‍යය, උක්ත අනුක්ත රූප දෙක සඳහා තමන්ට රිසි සේ යෙදීමට අවස්ථාව ලබා දිය යුතුය.)


  • සර්වනාමවලද උක්තානුක්ත භේදය නොසලකා හැරිය යුතුය. 

    උදා
    මම (මං)/මා පාසල් යනවා. ඔහු මං (මම)/මා එක්ක තරහයි.
    ඇය/ ලස්සනයි. මම /ඇය දැක්කා.
    ඔහු ගමට ගියා. මා ඔහු දැක්කා.
    අපි/අප සෙල්ලම් කරමු. එයා අප/අපි එක්ක කතා කරන්නෙ නැහැ.
    ඔවුහු/ඔවුන් හොඳයි. මම ඔවුන්ට කැමැති නැහැ.
සමහර අවස්ථාවලදී අනුක්ත රූපයට “ව” ප්‍රත්‍ය යොදන බවක්ද පෙනේ. එය ගැටලුවක් නොවේ.

උදා
මම කමල්/තාත්තා/ගුරවරයෙක් දැක්කා.
ඉහත ආකාරයට බොහෝ නාමපද වර්ග/පන්ති ප්‍රමාණයකට උක්තානුක්තය සඳහා වෙනමම රූප නොමැත. සම්මත ව්‍යාකරණයේ උක්තානුක්තය සඳහා වෙනමම රූප පවතින සෙසු නාමපද වර්ගවලද සාමාන්‍ය කථා ව්‍යවහාරයේ එම භේදය නොමැත. ඉතිං, පහසුවෙන්ම හා යුක්තියුක්ත ලෙස උක්තානුක්ත භේදය නොසලකා ඒ ඒ නාම පද කථනයේදී මතුවන ශබාදාකාරයෙන් ලියන්නට අවසර දීමෙන් සන්නිවේදනයට හානියක් කිසි සේත් ඇති නොකරයි. සිදු වන්නේ තවත් භාෂාව සරල හා සුගම වීම පමණි. උක්තානුක්ත භේදය කෘත්‍රිමාකාරයෙන්/අධිකාරි බවින් යුතුව පවත්වාගෙන යෑමේ ප්‍රායෝගික අවශ්‍යතාවක් නොමැත. එමනිසා, ප්‍රායෝගිකව වටිනාකමක් නැති දෙයක් බලෙන් රඳවාගෙන තබාගැනීමේ ඇති වාසියක්ද නැත.
තවද, ප්‍රථම, මධ්‍යම හා උත්තම යන පුරුෂත්‍රය සම්බන්දයෙන් වරනැඟීම් පිළිබඳ පහත සරල කිරීම් යෝජනා කරනවා.
  • පුරුෂත්‍රය සඳහාම අතීත කාලය සඳහා කථනයේදී දැනටත් යොදාගන්නා “කෑවා, බිව්වා, කළා, වුණා” ආදී අතීත ස්වරූපය භාවිතා කිරීමද සම්මත කළ යුතුය. 

    උදා
    මං පංසල් ගියා.
    ඇය පංසල් ගියා.
    අපි පංසල් ගියා.

  • පුරුෂත්‍රය සඳහාම අනතීත (අනාගත හා වර්ථමාන) කාලය සඳහා දැනටමත් කථන ව්‍යවහාරයේ යොදාගන්නා “කනවා, බොනවා, යනවා, කරනවා, වෙනවා” ආදී සරල අනතීත රූපයන් සම්මත කළ යුතුය.

    උදා:  
    මං පාසල් යනවා.
    අපි පාසල් යනවා.
    ඔබ පාසල් යනවා.
මෙමගින් මා යෝජනා කර ඇත්තේ පුරුෂය හැඟවීම සඳහා ආඛ්‍යාත අගට යෙදිය යුතු මි, මු, හි, හු, යි, ති ආදී ප්‍රත්‍ය යෙදීම නොසලකා හරින ලෙසයි.
තවද, උත්තම පුරුෂයේ බහුවචන උක්තයක් සමග (එනම් අපි/අප) යෝජනාත්මක ස්වරූපයෙන් යමක් ප්‍රකාශ කිරීමට (ඉංග්‍රිසියේ let’s වැනි යෙදුමක්) “මු” යන ප්‍රත්‍ය භාවිතාවීමට මෙමගින් බාධාවක් නොමැත.

උදා: අපි හෙට කොළඹ යමු.
තවද, උත්තම පුරුෂයේ ඒකවචන උක්තයක් සමග (එනම් මම/මා) යෝජනාත්මක ස්වරූපයෙන් යමක් කිරීම ප්‍රකාශ කිරීමට “ම්” යන ප්‍රත්‍ය යෙදීමට මෙමගින් බාධාවක් නොමැත.

උදා: මම හෙට කොළඹ යන්නම්.
දැනට සම්මත ආකාරයෙන් කර්මකාරක වාඛ්‍ය ලිවීම බොහෝ දෙනා විසින් සාවද්‍යාකරයෙන් නිතරම සිදුවන්නකි. ඊ‍ට එක හේතුවක් නම්, සම්මතාකාරයෙන් ඒවා ලිවීමේදී ආඛ්‍යාතය බොහෝ සංකීර්ණ වීමත්, කථන ව්‍යවහාරයේදී ඉතා කාර්යක්ෂමව හා නිවැරදීව වෙනත් ආකාරයකින් එම කර්මකාරක වගන්ති භාවිතා කිරීමත්ය. මා යෝජනා කරන්නේ දැනට ඉතා සාර්ථක හා සරල අන්දමින් කථනයේදී යොදන ආකාරයෙන්ම ලිඛිතයේද එම ක්‍රමය සම්මතයක් කරන ලෙසයි. තව ලෙසකින් කි‍යතොත්, කර්මකාරක වාඛ්‍යය කර්තෘකාරක රටාවෙන්ම ලිවීම සම්මත කරගත යුතුය.

උදා:  
ගස කපනවා.
පොත ලියනවා.
විසින් යන නිපාතය සහිතවද ඉතා පහසුවෙන් ඉහත ක්‍රමයට කර්මකාරක වගන්ති සෑදිය හැකිය.

උදා: මිනිසා විසින් ගස කපනවා.
සත්‍ය වශයෙන්ම අප කර්මකාරක වගන්ති ලියනුයේ කර්තෘ පැහැදිලි නොවන අවස්ථා (එනම්, කර්තෘ පදයක් නොමැති අවස්ථාවන්) සඳහා පමණක් නොව, කර්තෘ සිටියත් එම වාඛ්‍යවලට යම් අලංකාරයක් දීමටත් අප කර්මකාරක වාඛ්‍ය භාවිතා කරනවා. (ඉහත විසින් නිපාතය සමඟ කර්තෘ කර්මකාරක වාඛ්‍ය තුළ තිබෙන්නේ මෙම අලංකාරය සඳහාය.)
ඉහත උදාහරණය සලකා බැලුවොත්, විසින් යන්න ඉවත් කළ විට ඉබේම කර්තෘකාරක වාඛ්‍ය ලැබේ. මෙයත් ඉහත ආකාරයට සරල කිරීම මගින් ලැබෙන වටිනා ලක්ෂණයකි. දැනට තිබෙන සම්මතයන් අනුව එසේ නිකම්ම “විසින්” යන්න ඉවත් කළ විට විකෘති වෙච්ච අදහසක් බොහෝ විට ලැබේ. දැනටත් විද්‍යුත් ජනමාධ්‍යයට සවන් දෙන විට ඔබට නිතරම මෙම විකෘතිය දක්නට ලැබේ. අනවශ්‍ය ආකාරයට “ලබ” ධාතුව කර්තෘකාරක වාඛ්‍යවලට දමන කැත පුරුද්දක් උගත් නූගත් ජනමාධ්‍යවේදීන් යැයි කියා ගන්නා එවුනට ඇත (මා එයට කියන්නේ “මාධ්‍යවේදියාගේ ලබ්බ” කියාය).

උදා:  
ජනාධිපති රටවැසියන්ට අහවල් දේ බෙදා දෙනු ලැබුවා

(මෙය ඉතා විකෘති තේරුමක් ඇති වාඛ්‍යයකි. එහෙත් මෙවැනි ලබ ධාතුව සාවධ්‍ය ලෙස යෙදූ වාඛ්‍ය බහුලව අසන්නට දකින්නට ලැබේ.) මෙම අනිසි සාවධ්‍ය භාවිතාවද ඉහත සරල කිරීම මගින් පහසුවෙන් අවබෝධ කර දී ඉවත් කළ හැකිය.
තවද, ඉහත ආකාරයෙන් කර්මකාරකය ලිවීමේදී ආඛ්‍යාතය සුපුරුදු ස්වරූපයෙන් (එනම්, දැනට කර්තෘකාරක ආඛ්‍යාත රූපය ලෙස හඳුනා ගැනෙන රූපය) තැබේ.
තවද, ඉබේම සිදුවන ක්‍රියා සාමාන්‍ය ආකාරයෙන් (අත්පද) දැනටත් එය ප්‍රකාශ වෙන රූපයෙන් තැබිය යුතුය.

උදා:  
ගස වැටේ/වැටෙනවා
අත කැපුනා.
මෙම ක්‍රියා ස්වරූපය (අත්පද) ගැන කථනයේදී හෝ ලිඛිතයෙදී දැනටත් කිසිදු ගැටලු මතු නොකර මිනිසුන්ට නිසඟයෙන්ම නියම ස්වරූපය මතුවන නිසා මෙම සරල කිරීමවලට ඉන් බාධාවක් ඇති නොකරයි.
මා පුන පුනා කියන්නේ මේ ආදී ව්‍යාකරණ සරල කිරීම්වලින් කිසිදු දුරවබෝධය පිණිස හේතුවන ආකාරයට හානියක් භාෂාවට කිසි සේත් සිදු නොවන බවයි. එය එසේ විය හැකි නම්, මේ වෙන කොටත් කථන ව්‍යවහාරය නිසා සිංහල කථා කරන සමාජය පරිහානියටත් එකම කාල ගෝට්ටියක් බවටත් පත් වී තිබිය යුතුය මක්නිසාද යත් මා යෝජනා කර ඇත්තේ දැනටත් කථනයේ යෙදෙන (විද්‍යාත්මකව සාර්ථක) ව්‍යවහාරයන්ය.
සත්‍ය වශයෙන් සිදුවන්නේ ඊට හාත්පස දෙයකි. එනම්, සංහල භාෂාව තවත් ශක්තිමත් හා කාර්යක්ෂම භාෂාවක් වීමය. මෙම නව සම්මතයන් ඇති කළද, දැනට තිබෙන සම්මතයන් එකවර අහෝසි වන්නේද නැත. ඉහතදී අක්ෂර විස්තර කරන විට කියූ දේම මෙයටද වලංගුය. එනම්, උසස් භාෂා විද්‍යාත්මකව සිංහලය ඉගෙන ගන්නා අයට එම ව්‍යාකරණ උගත හැක. කැමැති අයෙකුකට එම රීති අනුගමනය කළද හැකිය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් සුදුසු සරල කාර්යක්ෂම ව්‍යවහාරය ඉතිරි වනු ඇත.
මෙම ක්‍රියාවලිය මගින් පාසල තුළ ශිෂ්‍යනට සිංහලය අප්‍රිය කරවන අනවශ්‍ය අක්ෂර වින්‍යාස ප්‍රශ්න ඉවත් වනු ඇත. එම කාලයද භාෂාව නිර්මාණාත්මක ක්‍රියාවලියට (නවකතා කවි ආදී නිර්මාණ කිරීමට හා වාර්තා සමාජ ලිපි ආදි ලිපි ලේඛන සෑදීමට ආදි) යොදා ගැනීම ශිෂ්‍යයන්ට ඉගැන්වීමට යොදා ගත හැකිය. භාෂාව අමාරු යැයි නොහැගෙන වැඩ ගත හැකි මෙවලමක් ලෙස ඉගෙනීමට ඔවුනට හැකි වනු ඇත. එහෙත් උසස් පෙළ හා විශ්ව විද්‍යාල හා වෙනත් උසස් ‍අධ්‍යාපනික මට්ටමින් දැනට පවතින (සම්භාව්‍ය) අක්ෂර හා ව්‍යාකරණද ඉගැන්විය යුතුය (අප පැරණි පද්‍ය ගද්‍ය ආදිය ඉගෙන ගන්නා ආකාරයටම).
https://drive.google.com/open?id=0B_ZPPcHU-jw4dEdXX2ZHS2VOamM


Read More »

InnoCentive > Challenges & Rewards