Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

මෝහනය / mohanaya (Hypnosis) - 20

ස්වයංමෝහනය ඇන්කර් කරන යෝජනාවලිය

[පළමුව ඔහුව සොම්නා මට්ටමට මෝහනය කරන්න. ඉන්පසු සුපුරුදු ලෙසම දහයේ සිට එකට ගණන් කරමින් හෝ වෙනත් ඩීප්නින් ටෙක්නික් එකක් මගින් ගැඹුරට යවන්න. හෙළන සෑම හුස්මක් පාසාම තමන් සිටි මට්ටමට වඩා සැහැල්ලුවට ගැඹුරට පත් වන බවට යෝජනා කරන්න. ඇත්තටම මෙම හුස්ම පිට කරන විට තවත් ගැඹුරට යෑමේ යෝජනාව සෑම අවස්ථාවකම කීමට සුදුසු එකකි.] මා දැන් ඔබට ජීවිතයේ ඉතාම වටිනා හැකියාවක් දක්ෂතාවක් කියා දෙන්නටයි යන්නේ. තවත් කෙනෙකුගේ උදව්වක් නැතිව තමන්ට සුදුසු හෝ අවශ්‍ය යැයි සිතෙන ඕනෑම මොහොතක තමන් විසින්ම මෝහනයට පත්වන හැටි ඉගෙනීමටයි ඔබ දැන් සූදානමින් සිටින්නේ. ඔබ දන්නවා මෝහනය මගින් ජීවිතයේ බොහෝ පීඩාකාරි හා ඍණාත්මක ගතිගුණ ඉවත් කර සතුටුදායක ධණාත්මක ගතිගුණ වර්ධනය කර ගත හැකි බව. ඔබේ ජීවිතය ඉතා සාර්ථක කර ගැනීමට මෙය උපකාරී කරගන්නට පුළුවන්. ඉතිං තමන් විසින්ම තමන්ට පහසුවෙන් හා ඉක්මනින් මෝහනය වෙන්නට හැකි නම්, එය ගොඩක් ජීවිතයට වටිනවා නේද? [ස්වයංමෝහනය ගැන ආශාවක් වටිනාකමක් ඇති කිරීම මෙමගින් සිදුවේ.]
ඔබ දැන් ඉතාම සුවදායක ශාරීරක හා මානසික සැහැල්ලුවකින් සිටිනවා. ඔව්... ඔබ දැන් ඉතා ගැඹුරු මෝහන නිද්‍රාවකයි සිටින්නේ [එලෙස ඔහු දැන් සිටින ගැඹුරු මට්ටම ගැන මතක් කර දෙන්න.]. ඔබට පුළුවන් ඔබ ඔය දැන් සිටින මට්ටමට හෝ ඊටත් වඩා ගැඹුරු මට්ටමකට නැවත නැවත පත්වෙන්න. ඔව්... ඔබට පුළුවන් තනියමම ඔය සිටින ගැඹුරු මෝහන නිද්‍රාවට හෝ ඊට වඩා ගැඹුරු සුවදායි මට්ටමට පහසුවෙනුත් ඉක්මනිනුත් පත් වෙන්නට. ඔබට කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඔබට මෝහනය වීමට... ඔබ දැන් සිටින සුවදායි මට්ටමට පත්වෙන්නට සුදුසු යැයි ඔබට හැඟෙන ඕනෑම මොහොතක, ඔබේ දකුණු අතේ මාපොට ඇඟිල්ලත් දඹර ඇඟිල්ලත් එකිනෙකට මෙන්න මේ වගේ තද කරන්න. [එසේ කියන ගමන් ඔහුගේ දකුණු අතේ එම ඇඟිලි දෙක අරන් ඔබ විසින් එකිනෙකට තද කරන්න. වෙනත් ඇඟිලි දෙකක් වුවත් ගත හැකියි. වම් අත වුවත් යොදා ගත හැකියි. එහෙමත් නැතිනම් ඔහුට සිදු කළ හැකි වෙනත් ක්‍රියාවක් වුවත් මේ සඳහා යොදා ගත හැකියි. අවශ්‍ය වන්නේ ඔහුගේ සිතට දැන් මෝහනයට පත් වෙන්න කියා සංඥාවක් ලබා දිය හැකි ඇන්කර් එකක් පමණි.] එතකොට ඔබගේ ශරීරයේ සියලුම මාංශ පේශින්, නහර හා ස්නායු සැහැල්ලු වීමට පටන් ගන්නවා. මනස සංසුන් වෙන්න පටන් ගන්නවා. ඔබේ ඇස් දෙක ඉබේම පිය වෙනවා. ඔබ මේ දැන් සිටින ගැඹුරු මෝහන තත්වයට හෝ ඊටත් වඩා ගැඹුරු මට්ටමකට ඔබව ඉතාම පහසුවෙන් හා ඉක්මනින් පත් වෙනවා. ඔබ එසේ දකුණු අතේ මාපොට ඇඟිල්ල හා දඹර ඇඟිල්ල එකිනෙකට තද කර මෝහනයට පත් වන සෑම වතාවකම කලින් වතාවටත් වඩා ගැඹුරු මෝහනයකට ඉබේම පහසුවෙන් හා ඉක්මනින් පත් වෙනවා.”
[දැන් ඔහුගේ යටි සිතේ එය තැන්පත් වී ඇත. එය තවදුරටත් ශක්තිමත් කළ යුතුය. ඒ සඳහා ෆ්‍රැක්ෂනේෂන් හා කොම්පවුන්ඩින් උපක්‍රමය මේ ආකාරයට යොදා ගන්න.] හරි... මං මොහොතකින් එකේ සිට තුනට ගණන් කරනවා. තුන කියන විට ඔබේ දෑස් විවර කරන්න. එක... දෙක... තුන... ඇස් අරින්න. මට අවශ්‍යයි ඔබ දැන් ඉගෙන ගත් විධියටම දකුණු අතේ මහපොට ඇඟිල්ල හා දඹර ඇඟිල්ල එකිනෙකට තද කරලා තනියමම ගැඹුරු මෝහන තත්වයට පත් වීමට. මං ආයෙත් කරන විධිය කියන්නම්... මෙච්චරයි කරන්න තියෙන්නෙ. ඔයාගේ දකුණු අතේ මහපොට හා දඹර ඇඟිලි දෙක එකිනෙකට තද කරන්න. එවිට, ඔබේ ශරීරය ඉතාමත්ම සැහැල්ලු වෙලා පණ නැති වෙලා ඔයාගේ මනස ගොඩක් සංසුන් වෙලා ඇස් දෙක පියවෙලා ඔබව ගැඹුරු මෝහන නිද්‍රාවට පත් වෙනවා. හරි... දැන් ඒක කරල බලන්න. [එය සිදු වෙන්නට ඉඩ දී නිහඬව බලා සිටින්න. විනාඩියක් දෙකක් පමණ කාලයක් බලා සිටින්න.] හරි... මං ආයෙත් එකේ සිට තුනට ගණන් කරනවා; තුන කියන විට ඔබේ ඇස් දෙක විවෘත කරන්න. එක... දෙක... තුන... ඇස් අරින්න. තව සැරයක් ඔබේ ඇඟිලි දෙක තද කර ගැඹුරු මෝහනයට තනිවම ඉතා පහසුවෙන් හා ඉක්මනින් යන්න සූදානම් වන්න. මෙලෙස කරන සෑම වාරයක් පාසාම ඊට කලින් පාරට වඩා ගැඹුරට ඔබ යන්න ඉඩ දෙන්න. හරි... නැවත ඇඟිලි තද කරලා තවත් ගැඹුරට යන්න. [මෙලෙස හතර පස් සැරයක් පමණ සිදු කරන්න. ඉහත අවස්ථා සියල්ලේම ඇස් විවෘත කළත් ඔහු සිටියේ මෝහන නිද්‍රාවේමයි. එය ෆ්‍රැක්ෂනේෂන් උපක්‍රමය බව ඔබ දන්නවා. එලෙසම මෝහනයේ සිටියදීම කිහිප සැරයක් එය කරවීම කොම්පවුන්ඩිං උපක්‍රමය බවත් ඔබ දන්නවා.]
[ඔහු ස්වයංව මෝහනයට පත් වූවත් ඉන් ඉවත් කිරීමට මෝහනවේදියකු දැන් නැති නිසා ඉන් තමන්ටම ඉවත් වන විධියද ඉගැන්විය යුතුයි.] හරි... දැන් ඔබ දන්නවා තනිවම ගැඹුරු මෝහනයට පත් වන්නට. ඔබටම තනියම ඉන් ඉවත් වන විධියත් දැන් ඉගෙන ගමු. එය ඉතාම පහසුයි. ඔබ මෝහන සුවය සැහැල්ලුව ලබමින් සිටින විට, ඔබට දැන් ඉන් ඉවත් වෙන්නට ඕනෑ යැයි හැඟෙන කොට, ඔබේ සිතෙන්ම එකේ සිට තුනට සෙමින් ගණන් කරන්න. එසේ ගණින සෑම ඉලක්කමක් පාසාම ඔබව මෝහන නිද්‍රාවේ සිට ක්‍රමයෙන් ඉවත් වී තුන කියන විට හොඳින් දෑස් විවර වී ශරීරය හා සිත ප්‍රබෝධමත්ව හා ශක්ති සම්පන්න ජවයක් දැනෙමින් සම්පූර්ණයෙන්ම මෝහනයෙන් ඉවත් වේවි. [අවසානයේ ඔහුව මෝහනයෙන් ඉවත් කරන්න.]
ඉහත ආකාරයට ස්වයංමෝහනය යටි සිතේ පුහුණු කළ පසු, ඔහු ලවා එය නැවත කරවන්න. මෙවර ඔහු විසින් එය සිදු කරන්නේ මෝහනයෙන් ඉවත්ව සාමාන්‍ය තත්වයේ සිටයි. තව එක සැරයක්, ඔහුට කියන්න “සුළු කාලයකට දකුණු අතේ මාපොට හා දඹර ඇඟිලි දෙක එකිනෙකට තද කර ගැඹුරු මෝහන නිද්‍රාවට පහසුවෙන් හා ඉක්මනින් පත් වෙන්න” කියා. මෙහිදී ඔහු මෝහනයට තමන් විසින්ම පත් වේ. විනාඩියක් දෙකක් නිශ්ශබ්දව සිටින්න. ඒ කාලය තුල ඔහු මෝහනයෙන් ඉවත් වූයේ නැතිනම්, දැන් මෝහනයෙන් ඉවත් වෙන්න සූදානම් වෙන්න” කියා කියන්න. මේ ආකාරයටද තුන් හතර වතාවක් එය සිදු කරන්න. සතියක් පමණ යන තුරු මෙය දිනපතා කිහිප වතාවක් බැගින් පුරුදු වෙන්නට කියන්න. ඉන්පසුද අඩුම ගාණේ සතියකට සැරයක්වත් එය කළ යුතුයි. ටික කලකින් ඔහුව ඉතාමත්ම ගැඹුරු මෝහනයට ක්ෂණිකවම හා ස්වයංවම පත්වීමට හැකියාව ලැබෙනු ඇත.
ඉහතදී ස්වයංමෝහනයට පත්ව ඉන් ඉවත් වීමට දුන් යෝජනාව අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැකියි. තවත් හොඳ ක්‍රමයක් නම්, විනාඩියක් හෝ පැය භාගයක් හෝ අසවල් කාලයක් සඳහා මෝහනයට පත්ව එම කාලය ඉක්ම ගිය පසු ඉබේම මෝහනයෙන් ඉවත් වෙන්නට කියාද යෝජනා කළ හැකියි. සෑම සතකු තුලම වෙලාව සටහන් කර ගන්නා ජීව විද්‍යාත්මක ඔරලෝසුවක් (bio-clock) ශරීරය තුළ තිබේ. එහෙත් අප බොහෝ දෙනා ඉන් වැඩ ගැනීමට පුරුදු පුහුණුව නැත. අතීතයේ මිනිසුන් නම් ඉන් වැඩ ගත්තා. ඔවුන්ට උදේ අවධි වීමට අලාර්ම් ඔරලෝසු එකල තිබුණේ නැත. මෙහිදී අප මෙම ජීව ඔරලෝසුවෙන් වැඩ ගන්නයි මේ හදන්නේ. ඒ සඳහා මෙලෙස යෝජනා කරන්න.
ඔබ දැන් දන්නවා තනිවම ස්වයංමෝහනයට පත් වන්නට. දැන් ඉගෙන ගනිමු තනිවම ඉන් ඉවත් වන හැටිත්. එය කිරීමට හරිම පහසුයි. ඔබ මෝහනයට පත් වීමේ අදහසින් ඇඟිලි දෙක තද කිරීමට පෙර ඔබටම යෝජනා කර ගන්න මං මෙච්චර කාලයක් පමණක් මෝහන නිද්‍රාවට පත් වෙනවා. ඉන්පසු ඉතාම ප්‍රසන්න සිතකින් ප්‍රබෝධමත්ව ජවසම්පන්න බවකින් මෝහනයෙන් ඉවත් වෙනවා කියා. ඔබ යෝජනා කරන කාලය ඔබ විසින් තීරණය කරන්න. එය තැනේ හා අවස්ථාවේ හැටියට විනාඩියක් වෙන්න පුළුවන්... පැය භාගයක් වෙන්න පුළුවන්. ඔබට කැමති කාලයක් තීරණය කරන්න. ඔබේ ශරීරයේ තිබෙනවා එක්තරා විධියක ජීව ඔරලෝසුවක්. සමහරවිට ඔබ ඒ ගැන දන්නේ නැතිව ඇති. සමහරවිට දැන සිටියත් ඉන් ප්‍රයෝජන නොගත්තා විය හැකියි. ඔබ මෙහිදී ඔබේ ශරීරයේ තිබෙන එම ජීව ඔරලෝසුව ගැන විශ්වාස තබන්න. ඔබ යම් කාලයක් සිතා ගත්තොත්, එම ඔරලෝසුව එම කාලය මතක තබා ගෙන සිට නිසි වෙලාවට ඔබට දන්වාවි දැන් එම කාලය ඉකුත් වී ගිය බව. එය ඔබට ඉබේම දැනේවි. හරියට බඩගිනි හැදුනාම ඔබට දැනෙනවා වගේ... ඔබට සාමාන්‍යයෙන් යමක් කිරීමට තිබෙන විට එය ඉබේම මතක් වෙන්නා වගේ... ඔබ කිහිප වතාවක් මෙලෙස එම ඔරලෝසුවෙන් වැඩ ගන්නා විට, එහි නිරවද්‍යතාව ක්‍රමයෙන් ඉහළ යනු ඇත. [පෙර සේම මෙයද පුහුණු කරවන්න. ඉහත උපදෙස් එලෙසම මේ සඳහාද වලංගු වේ.]
මෙලෙස මෝහනයට පත් වීමම යම් සුවයක් දැනෙනු ඇත. අප නිදාගෙන නැගිටින විට ඉතා හොඳ සුන්දර හැඟීම් තිබෙනවා නේද? නින්දක ස්වභාවය එයයි. මෝහනයකද එම ස්වභාවය ඇත. ඉතිං මෙය එදිනෙදා ජීවිතයේ ආතතිය (stress) අඩු කර ගැනීමට ඉතා හොඳ ක්‍රමයකි. විනාඩියක දෙකක වැනි කෙටි කාලයක් වුවද එය සිදු කර ගැනීම ප්‍රතිඵලදායකය. ඕනෑම කෙනෙකුට විනාඩි දෙක තුනක විවේකයක් සොයා ගැනීමට බැරි කමක් නැත. අඩුම ගානේ වැසිකිලියට (වොෂ්රූම් එකට) ගොස් හෝ මෙය සිදු කළ හැකියි. හැමවිටම හිඳ ගෙන සිට මෙය සිදු කරන්න. හිටගෙන සිදු කරන්න එපා මොකද ශරීරය ලිහිල් වන නිසා ඔබව ඇදගෙන වැටෙන්නට හැකියි. වාහන එලවන ගමන්ද මෙය කරන්න එපා. සමහරුන් යෝජනා කරනවා ට්‍රැෆික් ලයිට් එකට නවතා සිටින විට, ඉන් ලැබෙන විනාඩිය වැනි කාලය තුලද මෙය කරන්න කියා (වෙනත් අවස්ථාවක් වෙලාවක් සොයා ගැනීමට නොහැකිම නම්). එහෙත් එය කරන්න එපා. හැමවිටම නිවසේ හෝ කන්තෝරුවේදී හෝ එවැනි නිශ්චල තැනක මෙය සිදු කරන්න. වාහනයක සිටින විට මෙය කළ හැකියි ඔබ වාහනය පදවන්නේ නැතිව නිකං හිඳගෙන යනවා නම් (එයද රෝද දෙකේ වාහනයක නොව).

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM


ඉහත ආකාරයට ඔහේ ස්වයංමෝහනයට පත්ව ඉන් ඉවත් වනවාට වඩා එම කාලය තුල යම් යම් ධණාත්මක යෝජනා යටි සිතට යොමු කළ හැකියි. එය ඉතාම ඵලදායි ක්‍රමයක්. මෙම යෝජනා තමන්ට කියන්නට දැන් භාහිර මෝහනවේදියකු නැත. එයද තමන් විසින්ම තමන්ට කළ යුතු වේ. එහෙත් තමන් මෝහනයේ සිටින විට, කොලයක් බලාගෙන හෝ මතකයෙන් තමන්ට යෝජනා යොමු කළ නොහැකියි. එසේ කරන්නට උත්සහ කිරීමම ඔබේ උඩු සිත අවධි කර ගැනීමකි. එසේ නම්, එය කළ හැක්කේ කොහොමද?

Hypnosis (mohayana) ...