Skip to main content

මෝහනය / mohanaya (Hypnosis) - 21

තමන්ට තමන්ම යෝජනා සිදු කිරීම “ස්වයං-යෝජනා(self-suggestion) ලෙස හැඳින් වේ. ස්වයං-යෝජනා සාර්ථක වන්නට නම්, එම යෝජනා පහත දැක්වෙන ගතිගුණ වලින් යුක්ත විය යුතුය.

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM
  1. යෝජනාව කුඩා විය යුතුය. කුඩාම ළමයෙකුට වුවත් තේරුම්ගත හැකි පරිදි සරල වාඛ්‍යයක් විය යුතුයි.
  2. කිසිවිටක නිශේධාත්මක (negative) වාඛ්‍ය භාවිතා නොකරන්න. “එපා, නැහැ, නොහැකියි” වැනි වචන භාවිතා නෙකරන්න. එනම්, ධණාත්මක (positive or affirmative) වාඛ්‍ය රටා භාවිතා කරන්න.
  3. යෝජනාව ප්‍රායෝගික විය යුතුයි. හැකි පමණ “මැනිය හැකි” ආකාරයේ යෝජනාවක් වීම වඩා උචිතය. උදාහරණක් ලෙස, “ලෝකයේ සිටින හොඳම කෙටි දුර ධාවකයා වෙමි” යන යෝජනාව සරල හා ධණාත්මක හා ප්‍රායෝගිකය. එහෙත් එය මැනිය නොහැකිය. ඒ වෙනුවට “මං මාසයකින් මාගේ වේගය දැනට පවතින වේගයට වඩා සියයට දහයකින් වැඩි කර ගන්නවා” යන්න ඉතා හොඳ ස්වයං-යෝජනාවකි. ඊට හේතුව මෙය මැනිය හැකි වීමයි (තවද, මැනිය හැකි වනවා සේම ප්‍රායෝගිකද විය යුතුය. උදාහරණයක් ලෙස, මම ශබ්දයේ වේගය දක්වා වේගයක් ඇති කර ගනිමියි කිව්වට එය කිසිසේත් ප්‍රායෝගික නොවේ.)
  4. වර්තමාන කාලයේ වාඛ්‍ය රටාවක් භාවිතා කරන්න.
  5. මම” යන්න උක්තය ලෙස පවතින සේ වාඛ්‍ය ලියන්න. උදාහරණක් ලෙස, “ඔබ දිනෙන් දින සාර්ථක වෙනවා” වෙනුවට “මම දිනෙන් දින සාර්ථක වෙනවා” ලෙස වාඛ්‍ය සකස් කරන්න.
  6. යමක් ගැන කැමැත්තක් උද්‍යෝගයක් සේම යමක් ගැන අකමැත්තක් එපාවීමක්ද ඇති කරනු පිණිස ස්වයං-යෝජනා සකස් කළ හැකියි. උදාහරණ ලෙස, “අරක්කු හා සිගරට් මා පිළිකුල් කරනවා” යන වාඛ්‍ය බලන්න.
ඉහත සරල රීතින් අනුගමනය කර ඔබට අවශ්‍ය ඕනෑම යෝජනාවක් අති සාර්ථකව සාදාගත හැකියි. මෙලෙස සාදාගත් යෝජනා යොදා ගන්නේ කෙලෙසද? එය කළ හැකි ආකාර කිහිපයක් තිබේ.
මෝහනය හෝ ස්වයංමෝහනයට පත් නොවී මෙවැනි යෝජනා නිතරම කියවීම, බැලීම, මෙනෙහි කිරීම මගින්ද එම යෝජනා ක්‍රමක්‍රමයෙන් යටි සිතට කාවදී. සමහරුන් එවැනි ස්වයං-යෝජනා කුඩා කොලයක ලියා පර්ස් එකේ හෝ සාක්කුවක දාගෙන යනවා. විවේකයක් ලද මොහොතක එය රැගෙන කියවනවා. ඇස් දෙක වසාගෙන එය මෙනෙහි කරනවා. මෙයට ගත වෙන්නේ තත්පර කිහිපයක් පමණි. එකවර යෝජනා දුසිම් ගණනක් කියවන්න එපා. තමන්ට වටිනාම යෝජනා එකක් දෙකක් පමණක් වරකට භාවිතා කරන්න. සතියක් දෙකක් පමණ එලෙස එකම යෝජනාව භාවිතා කරන්න. ඉන්පසු තවත් යෝජනා තිබේ නම්, එලෙසම වෙනත් යෝජනාවක් ඊළඟ කාල සීමාවට යොදා ගන්න. මෙය ඉතාම ඵලදායි ක්‍රමය නොවුණත් යම් පමණකට ප්‍රතිඵල ලබා දේ.
වඩාත්ම ප්‍රතිඵලදායක ක්‍රමය නම් මෝහනයේ සිටින විට මෙවැනි යෝජනා ලබා දීමයි. මෙහිදී එකවර යෝජනා දුසිම් ගණනක් වුව දිය හැකියි. ස්වයංව එය කළ හැකි ආකාර දෙකක් මා පෙන්වා දෙන්නම්.
ඔබට අවශ්‍ය ස්වයංයෝජනා පළමුව ලියා ගන්න නිවැරදිව. ඉන්පසු ඔබ (හෝ වෙනත් කෙනෙකු ලවා හෝ) එම යෝජනා පටිගත (record) කර ගන්න. ඒ සඳහා ඔබේ පරිගණකය හෝ මොබයිල් ෆෝන් එක පහසුවෙන්ම භාවිතා කරන්නට පුළුවන් (ඔබට මේ දෙකම නැතිනම්, මිතුරෙකුගේ උදව් ලබා ගත හැකියි). ඇත්තටම රෙකෝඩිං එකක් භාවිතා කරනවා නම්, මෙලෙස සරල ස්වයංයෝජනා පමණක් නොව, සාමාන්‍ය මෝහනයේදී භාවිතා වෙන දිගු හා සංකීර්ණ යෝජනාවලියක් වුව යොදාගත හැකියි. ඔබ භාවිතා කරන්නේ සරල යෝජනා කිහිපයක් පමණක් නම්, විනාඩි දෙකකින් පමණ එම රෙකෝඩිං එක අවසන් විය හැකියි. එනිසා, නැවත නැවත ප්ලේ (repeat) වෙන ආකාරයට එය ධාවනය කළ හැකියි. එසේත් නැතිනම්, ඔබට අවශ්‍ය කාල සීමාව (උදාහරණක් ලෙස එය විනාඩි 20ක් ලෙස ගමු) පුරාම පවතින සේ ස්වයංයෝජනා ඔබට රෙකෝඩ් කළ හැකියි (ඇත්තටම ඊට වඩා හොඳයි සාමාන්‍ය ස්ක්‍රිප්ට් එකක් රෙකෝඩ් කරනවා නම්).
මෙහිදී පිළිපැදිය යුතු ක්‍රියාපටිපාටිය මෙයයි. කුමන හෝ රෙකෝඩිං එකක් පටිගත කරන විට, රෙකෝඩ් බට්න් එක ඔබා පළමු විනාඩි දෙක තුනක් පමණ කිසිත් නොකියා නිශ්ශබ්දව සිටින්න. ඉන්පසු හොඳ පැහැදිලි හඬකින් යෝජනා කියවා රෙකෝඩිං එක “ස්ටොප්” කරන්න. ඔබ දැන් එම රෙකෝඩිං එක ප්ලේ කරන විට, මුලින්ම පවතින්නේ අර නිශ්ශබ්දතාවයි. එය අත්‍යවශ්‍යයි. ඊට හේතුව මෙයයි. ඔබ සුදුසු අසුනක වාඩි වී, ප්ලේයර් එකේ ප්ලේ බට්න් එක ඔබා ස්වයංමෝහනයට පත් වේ. (මෙය ඔබේ මොබයිල් ෆෝන් එකේ ප්ලේයර් එක විය හැකියි. මොබයිල් ෆෝන් එකක් භාවිතා කරන්නේ නම්, අනිවාර්යෙන්ම එහි සිම් එක ගලවා දැමීම හෝ ඕෆ්ලයින් හෙවත් ෆ්ලයිට් මෝඩ් එකට පත් කළ යුතුය. නැතිනම්, ඔබ මෝහනයෙන් සිටින විට රෙකෝඩිං එක ප්ලේ වෙන අතර කෝල් එකක් ආවොත් සම්පූර්ණයෙන්ම ඔබේ මෝහන සැසිය කඩාකප්පල් වේ. කොහොමත්, ඕනෑම මෝහනයකදී මොබයිල් ෆෝන් ඕෆ් කිරීම හෝ ඕෆ්ලයින් කිරීම කළ යුතුය.) මෙලෙස ස්වයංමෝහනයට පත් වීමට යම් කාලයක් ගත වේ. මෙන්න මේ කාලය තුල නිශ්ශබ්දතාව පවත්වාගෙන යෑම සඳහායි රෙකෝඩිං එකේ මුල් විනාඩි කිහිපය තුල කිසිම යෝජනාවක් පටිගත නොකරන්නේ.
තමන්ට ස්වයංයෝජනා ලබා දිය හැකි තවත් ආකාරයක් තිබේ. මෙහිදී වරකට එක් යෝජනාවකට සීමිත වීම මෙහි ඇති දුර්වලතාවයි. එක් යෝජනාවක් කුඩා කොල කැබැල්ලක ලියා ගන්න. එයත් රැගෙන සුදුසු අසුනක වාඩි වී එය දෙස බලාගෙන හොඳ සිහියෙන් එය කිහිප සැරයක් කියවන්න. ඇස් දෙක වසාගෙනද එය කිහිප සැරයක් මෙනෙහි කරන්න. දැන් නැවත ඇස් විවෘත කර ඔබේ සුපුරුදු ස්වයංමෝහන ඇන්කර් එක යොදාගෙන මෝහනයට පත් වන්න. ඉන්පසු එම යෝජනාව මෙනෙහි කරන්න. මෙය සඳහා විනාඩි දෙක තුනක් ප්‍රමාණවත්. වැඩි වේලාවක් මේ සඳහා යොදා ගැනීමේ ප්‍රයෝජනයක් නැත. ඇත්තටම මෙම ක්‍රමය ඉහත රෙකෝඩිං ක්‍රමයට වඩා ඵලදායිතාව අඩුය. කිසිම කෙනෙකුගේ යෝජනා තුලින් මෙහෙයවීමකින් තොරව යමක් මෙනෙහි කරන විට, උඩු සිත යම් ප්‍රමාණයකට අවධි වේ. එනිසා මෙම ක්‍රමයේ ඵලදායිතාව අඩු වේ.
අද සෑම දෙනාටම පාහේ රෙකෝඩිං පහසුකම් තිබෙන මොබයිල් ෆෝන් පවතින බැවින්, ඉහත සඳහන් කළ රෙකෝඩිං ක්‍රමය ඉතා පහසුවෙන් යොදා ගත හැකි නිසා අනෙක් ක්‍රමවල වටිනාකම අඩු වෙමින් පවතී. තවද, අද රුපියල් දෙතුන් සීයට mp3 ප්ලේයර් පවා තිබේ. මෙමරි කාඩ් පවා දෙතුන් සීයකට ගත හැකියි. ඉතා කුඩා වියදමකින් “ස්වයංමෝහන කිට් එකක්” ඔබට සාදාගත හැකියි.
ස්වයංයෝජනා කිහිපයක්
  • මට මාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය (පවුලේ සාමය හා ආදරය, බිරිඳගේ සතුට, පරිසරයේ පිරිසිදුකම, පයින් ගමන් බිමන් යෑම, …) ගොඩක් වැදගත්.
  • මා නිතිපතා සුදුසු ව්‍යායාම කරනවා (පාඩම් කරනවා, ගේදොර අස්පස් කරනවා, …)
  • ව්‍යායාම කිරීම (කාමරය පිරිසිදුව පිළිවෙලට තබා ගැනීම, මිනිසුන් සමග කතාබහ කිරීම, බිරිඳ සමග ආදරයෙන් සිටීම, ළමයින්ගේ වැඩකටයුතු සොයා බැලීම, පයින් ගමන් බිමන් යෑම, …) මට සතුටක් සැනසීමක් ලබා දෙනවා.
  • සීනි හෝ පැණි රස කෑම ගොඩාක් ලෙඩ රෝග ඇති කරන නිසා මා සීනි හා පැණි රස කෑම අඩු කරනවා. (අහවල් කරුණ නිසා අවහවල් දේ කරනවා යන වාඛ්‍ය රටාව ඉතා වැදගත්ය. මෙහිදී “අහවල් කරුණ” ඔබ සත්‍ය යැයි පිළිගන්නා හෝ පිළිගත හැකි දෙයක් විය යුතුය. උදාහරණක් ලෙස, මෙහි සීනි කෑම ලෙඩ සාදන බව අප කාටත් පිළිගත හැකි දෙයක්.)
  • වෙනත් අය සමග කටයුතු කරන විට, සමගිව ටීම් එකක් ලෙස සැහැල්ලුවෙන් කටයුතු කිරීමට මා තව තවත් උනන්දු වෙනවා. (මෙයද ඉහත නිසා වැනිම තවත් වටිනා බලවත් රටාවකි.)
  • ගුණාත්මක කෑම (ඉගෙනීම, මාගේ පවුලේ කටයුතු, …) ගැන මාගේ උනන්දුව දිනෙන් දින වැඩි වෙනවා.
  • මට මාගේ පවුලේ අයගේ සතුට වටිනවා.
  • මා අහවලාට (බිරිඳ, ස්වාමියා, ළමයින්, …) ගොඩක් ආදරේ කරනවා.
  • දිනෙන් දින මාගේ ඉවසීමේ හැකියාව (මතක ශක්තිය, පාඩම් වැඩ කිරීමේ උනන්දුව, …) වැඩි වෙනවා.
  • මම දක්ෂයෙක් (හොඳ ලේඛකයෙක්, දක්ෂ ගුරුවරයෙක්, අති දක්ෂ ශිෂ්‍යයෙක්, …)
  • අරක්කු සිගරට් (බැන්දට පසු වෙනත් ගැහැණුන් ආශ්‍රය කරන එක, අනවශ්‍ය දේට සල්ලි වියදම් කරන එක, පරිසරය දූෂනය කරන එක, …) කියන්නේ ජරාම ජරා දෙයක්.
  • ඕනෑම අභියෝගයක් මා සැහැල්ලුවෙන් භාර ගන්නවා.
ඉහත යෝජනාවල යටින් ඉරි ගසා ඇති කොටස්වලට සුදුසු වාඛ්‍ය ඛණ්ඩ හෝ වචන ආදේශ කර එම රටාවන්ටම වෙනත් යෝජනා සෑදිය හැකියි. මෙහි පැටර්න් කිහිපයක් මා විස්තර කරන්නම්.
මට අහවල් දේ ගොඩක් වැදගත්” යන පැටර්න් එක අපට භාවිතා කරන්න පුළුවන් ජීවිතයට වැදගත් කියා දැනුනත් අපට නිතර අතපසු වෙන දේවල් සඳහා. උදාහරණයක් ලෙස, අප කවුරුත් දන්නවා ව්‍යායාමවල ඇති වැදගත්කම. එහෙත් නිතරම එය අපෙන් මග හැරෙනවා නේද? ඊට හේතුව අපේ යටි සිතේ ව්‍යායාමවලට වැඩි වටිනාකමක් නොදී තිබීම හෝ ඊට වඩා වැඩි වටිනාකම් වෙනත් කාර්යන් සඳහා ලබා දීමයි. එනිසා යටි සිතට කිව යුතුයි ව්‍යායාම කිරීම අනෙක් දේවල් සේම හෝ ඊට වඩා හෝ වැදගත් බව.
මේ හා සමානම පැටර්න් එකක් තමයි “මං නිතිපතා අහවල් දේ කරනවා” යන්න. මෙහිදී යොදා ඇත්තේ නිතිපතා යන විශේෂන පදයයි. එය මා හිතාමත් කළ දෙයක්. සමහරෙක් මේ වෙනුවට හැමදාම හෝ සතියකට දෙපාරක් (හෝ තුන් පාරක් හෝ ආදී වශයෙන්) ආදී විශේෂණ පද යොදන්න පුළුවන්.

යම් යම් දේවල් අපට කිරීමට සිදු වෙනවා අප ඒ දේට අකමැති වුවත්. බොහෝ සේවා ස්ථානවල සේවකයන්ගේ මානසික ආතතිය හා අසහනය මේ නිසා ඇති වෙනවා. ඒ දෙය නීති විරෝධියි නම් හෝ සදාචාර සම්පන්න නොවේ නම්, එය කවුරු කිව්වත් නොකර සිටින්නට තමන්ට නීතිමය මෙන්ම සදාචාර අයිතියක් තිබේ. ඒ සඳහා නොබියව මුහුණ දෙන්න (අවශ්‍ය නම් මෝහනය තුළින්ම ඊට අවශ්‍ය ශක්තිය හා නිර්භීතකම වැඩි දියුණු කර ගත හැකියි). එහෙත් නීත්‍යානුකූල හා සදාචාර සම්පන්න දේවල්වලදී ඔබට අනිවාර්යෙන්ම ඒවා කළ යුතු වෙනවා. එනිසා ඒ ගැන ඔබ කලකිරී සිටීම ඔබ ඔබටම කරගන්නා හානියකි. එවැනි අවස්ථාවක “අහවල් දේ කිරීම මට සතුටක් හා සහනයක් ලබා දෙනවා” වැනි පැටර්න් එකක් භාවිතා කරන්නට පුළුවන්. දැනට ඒවා කරන විට ඔබට දැනෙන්නේ දුක හා අසහනය නම්, එය සතුට හා සැනසීමට හරවා ගත හැකියි. මෙමගින් සේවා ස්ථානයේ වැඩේ සිදු කෙරෙනවා පමණක් නොවේ, ඔබේ සතුට හා සැනසීමද දිනෙන් දින වැඩි වේ.

Hypnosis (mohanaya) ...

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...