Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

මෝහනය / mohanaya (Hypnosis) - 15

කුඩා ළමුන් මෝහනය කිරීම

කුඩා ළමුන්ගේ ක්‍රිටිකල් ෆැක්ටර් එක වර්ධනය නොවී ඇති බැවිනුත් මෝහනය (හෝ වෙනත් ඕනෑම කරුණක්) ගැන එතරම් දැනීමක් නැති බැවිනුත් (එනිසා මෝහනය ගැන වැරදි වැටහීම් ඔවුන් තුළ නැත.) ඔවුන්ව පහසුවෙන්ම මෝහනයට පත් කළ කල හැකියි. පහසුවෙනුත් ඉක්මනිනුත් ඔවුන්ව මෝහනයට පත් කළ හැකි නිසාම එල්මන් ඉන්ඩක්ෂන් එක පවා අවශ්‍ය නොවේ (කැමති නම් එල්මන් ඉන්ඩක්ෂන් එක වුවත් භාවිතා කළ හැකියි).
කුඩා ළමුන් සමග කතාබහ කරන විටදී ඔබට දැනේවි ඔවුන් සිතින් මවා ගැනීම්වලට හා නිර්මාණශීලිව කතා සෑදීමට දක්ෂ බව. ඒ විතරක් නොවේ, ඔවුන්ට පවසන දේවල් බොහෝ විට සත්‍ය ලෙස පිළිගැනීමටත් ඔවුන් සූදානම්. ඒකනේ සුරංගනා කතා ආදිය ඒ අය විශ්වාස කරන්නෙත්. මෙම ලක්ෂණය අපට මෝහනය සඳහා පහසුවෙන් යොදා ගන්නට පුළුවන්. පහත දැක්වෙන්නේ එවැනි ඉතා හොඳ එක් ක්‍රමයක්.
හරි... දැන් අපි පොඩි සෙල්ලමක් කරමු. කැමතිද? [ළමයා බොහෝ විට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරාවි. ඔහුගේ කැමැත්ත නැතිව කිසිවක් කළ නොහැකියි.] හම්ම්... මං කියනවා දැන් ඔයාගේ ඇස් දෙක හොඳට වසා ගන්න කියලා. [ළමයා තවමත් ඇස් වසා ගත්තේ නැතිනම් කියන්න ඇස් දෙක හොඳට තද කරලා වහගන්න කියලා.] ඔයා සිතින් මවාගන්න දැන් ඔයාගේ මල්ලී [හෝ නංගී හෝ හොඳම යාළුවා හෝ මම හෝ. තමන් ඉදිරියේ සිටින ළමයාට මින් ගැලපෙන එකක් යොදන්න. ඔහුට මල්ලියෙකු නැතිනම්, මල්ලි යන්න යොදන්න එපා.] ඇවිල්ලා දැන් ඔයා වහගෙන ඉන්න ඔයාගේ ඇස් දෙක උඩට ගම් (මැලියම්) ගොඩක් හළනවා කියලා. ඔයාගේ ඇස් දෙකම දැන් හොඳට ගම්වලින් ඇලවිලා තියෙන්නේ. සිතින් මවාගන්න දැන් ඔයාගේ ඇස් දෙක අරින්න බැරි වෙන්නම ගම්වලින් ඇලවිලා තියෙන්නේ... හම්ම්... හොඳටම ඇලවිලා... තදින් ඇලවිලා... ඔයාට දැන් ඇස් අරින්න බැහැ. ඇස් අරින්න උත්සහ කරනකොට තව තවත් හොඳට ඇස් දෙක ඇල වෙනවා... තව තවත් ඇස් අරින්නට බැරි වෙනවා. බොහොම හොඳයි. පුළුවන් නම් දැන් ඇස් අරින්න බලන්න. [ළමයා ඇස් අරින්න උත්සහ කළත් ඔහුට ඇර ගන්න බැරි වේ. කලාතුරකින් ළමයකු ඇස් අරිනු ඇත. එවිට, ඔබ එය කිසිම ගානකට නොගෙන කිසිම වැරැද්දක් නොවුණු ලෙසට නැවත ඔහුට ඇස් වසන්නට කියා පෙර කියූ ලෙසම නැවත යෝජනා කරන්න. කුඩා ළමයකු නිසා ඔබ යෝජනා කියන විට නාට්‍යයක ස්වරූපයකින් හඬ හොඳට උස් පහත් කර කියන්නේ නම් තවත් සාර්ථක වේ. තත්පර දෙකක් පමණ ඔහුට ඇස් අරින්නට උත්සහ කරන්න ඉඩ දෙන්න.]
හරි... දැන් ඇස් අරින්න උත්සහ කරන එක නතර කරන්න. ඔයාගේ ඇස් දෙක දැන් අරින්න බැරි වෙන්නම ඇලවිලා තියෙන්නේ. එනිසා දැන් මං කියන දේවල් හොඳින් අහගන්න. ඔයාගේ ඇස් අරින්න බැරි තරමටම දැන් ඔයාගේ ඇස් සැහැල්ලු වෙලා සංසුන් වෙලා තියෙන්නේ. ඇස්වල තියෙන එම සැහැල්ලුව... එම දැනීම... දැන් ඔයාගේ මුළු ඇඟටම පතුරුවන්න. අන්න හරි... මං දැන් ඇඟේ විවිධ කොටස්වල නම් කියනවා. මං නමක් කියන විටම ඔයාගේ ඇඟේ තිබෙන එම කොටස එකවරම පණ නැති වෙනවා වගේ සැහැල්ලුවට පත් වෙනවා. ඔන්න බලන්න... ඔළුව... මුහුණ... බෙල්ල... අත්... බඩ... කකුල්... [මේ එක එක නමක් කියූ පසු තත්පර දෙක තුනක් නිශ්ශබ්දව ඉන්න.] ඔක්කොම දැන් සැහැල්ලුයි. දැන් ඔයාගේ මුළු ශරීරයම සැහැල්ලු වෙනවා. අමුතු හැඟීමක් මුළු ශරීරය පුරාම පැතිරෙනවා. ගොඩක් හොඳයි.... ඇඟ නිකං පණ නැති වෙනවා වගේ ඔයාට දැනෙනවා. ඔව්... දැන් ඔයාගේ මුළු ඇඟම පණ නැති තරමටම සැහැල්ලුයි. ඔයා හුස්ම පිට කරන කොට තව තවත් සැහැල්ලුව දැනෙනවා. ඔයාගේ හිතත් දැන් සැහැල්ලුයි. හිත ගොඩක් සංසුන්. හරියට හීනයක් වගේ. මං කියන දේවල්වලින් තව තවත් ඔයාගේ ඇඟත් හිතත් සංසුන් වෙනවා... සැහැල්ලු වෙනවා...”

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM
ඉහත යෝජනාවලිය කියූ පසු ඔහුට සුදුසු ස්ක්‍රිප්ට් එක කියන්න. ළමුන් කතන්දරවලට බොහෝ කැමැති බැවින්, එම යෝජනා නිර්මාණශීලී කතාවක් ආකාරයට කිව හැකියි. එම කතාන්දර තුළ ළමයා තුළ ඇති කළ යුතු චර්යා වෙනස්කම් සිදු කරන යෝජනා තිබිය යුතුය. එවැනි සරල උදාහරණක් මා දක්වන්නම්.
මං කියන දේ හොඳට ලස්සනට සිතේ මවා ගන්න. ඔයා දැන් සිටින්නේ දරුණු ඩයිනසොර්ලා ගොඩක් සිටින විශාල තැනිතලා බිමක. ඔයා දැකලා තිබෙන හැම ජාතියකම දරුණු සතුන් ඔයාව වට කරගෙන ඉන්නෙ දැන්. උන් දිහා හොඳට බලන්න. උන්ගේ ඇස් දිහා බලන්න. ඔයා උන් දිහා එඩිතර වීරයෙක් විදියට බලනවා. ඔයා දන්නවා උන්ගෙන් බේරිලා වීරයෙක් විදියට සටන් කරන්න. ඔයා වීරයෙක්. ඔයාට හොඳට මතක ශක්තියක් තිබෙනවා. ඔයාට දැන් තියෙනවා ඉතාම වැදගත් වැඩක් කරන්න. ඔයා ඇවිත් ඉන්නේ ඒ රාජකාරිය කරන්න. ගොඩාක් අය ඔයාට ඉස්සෙල්ලා මේ දේ කරන්න ඇවිත් අසමත් වෙලා තියෙන්නෙ. ඔයාට හොඳ මතක ශක්තියක් තිබෙන නිසායි විශේෂයෙන් ඔයාට මේ වැදගත් වැඩේ භාර දුන්නේ. මේ වැඩේ කරන්න හොඳ මතකයක් තියෙන්න ඕනෑ. හොඳට උනන්දුවෙන් ඉගෙන ගන්න අයට විතරයි මේ දේ කරන්න පුළුවන්. යා හොඳට ඉගෙන ගන්න නිසා ඔයාට මේ වැඩේ ගොඩාක් ලෙහෙසි වෙනවා. මොකක්ද වැඩේ? ඔයාට කරන්න තියෙන්නේ ඔයා වටේ ඉන්න විවිධ වර්ගයේ සතුන්ගේ විස්තර හොඳින් මතක තබා ගන්නයි. ඒ තොරතුරු අත්‍යවශ්‍යයි මේ සතුන් ඉවත් කිරීමට. ඒ සතුන්ගේ සියළු විස්තර දැන ගන්නට අවශ්‍යයි. සතුන් ගොඩාක් ඉන්නවා. ඒ නිසා ගොඩක් විස්තර මතක තබා ගන්න ඕන. ඔයාට පුළුවන් හොඳින් මතක තබා ගන්න. ඔයාට ටක්ගාලා ඕනම දෙයක් මතක හිටිනවා. ඒ විතරක් නෙමෙයි; ඔයා ඒ විස්තර හොඳින් මතක තබා ගෙන උන්ගෙන් බේරිලා එන්නත් ඕන. ඒකට ඔයාට හොඳ ශක්තියක් හා දක්ෂකමක් අවශ්‍ය කරනවා. නේද? ඔයා දක්ෂයෙක්. ඔයාට හොඳන් පාඩම් කරන්න පුළුවන් වගේම ඔයාට ප්‍රශ්නවලින් බේරෙන්නත් පුළුවන්. ඔන්න දැන් දරුණු විශාල ඩයිනසොරයෙක් ඔයාගෙ පස්සෙන් එලවනවා. ඔයා වීරයෙක් වගේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඔයා ඉගෙන ගත් දේවල් ඉක්මනින් මතක් කර ගන්නවා. ඔයා මොකද කරන්නේ? දුවනවාද? නැතිනම් ඌට උඩින් පනිනවාද? නැතිනම්, ඌ සමග සටන් කරනවාද? ඔයා දන්නවා කරන්න ඕන දේ. ඔයා දක්ෂයෙක්. ...”
ඉහත කතාන්දර ස්වරූපයෙන් ඇති ස්ක්‍රිප්ට් එක මා සම්පූර්ණ කර නැත. කොටසක් පමණයි ලිව්වේ. මා සිතන්නේ දැන් ඔබට වැටහෙනවා මෙවැනි කතාවක් ගොඩ නගන්නේ කොහොමද කියා. ඉහත යටින් ඉරි ගසා ඇති කොටස් තමයි කතාව තුළ සඟවා ඇති යෝජනා. ළමයාගේ ප්‍රශ්නයට අදාලව එම යෝජනා සකසන්න. හැමවිටම ළමයා කතාවේ වීරයා බවට පත් කරන්න. ඔබ මුලදී උගත් ස්ක්‍රිප්ට් ලියන විට අනුගමනය කළ යුතු රීතින්ද පිළිපදින්න. කතාව තුළ ත්‍රාසය හා ක්‍රියාදාම (ඇක්ෂන්) දර්ශන හැකි පමණ ඇතුළත් කරන්න. එහෙත් වෛරය, කෲරත්වය හඟවන වචන හෝ යෝජනා ඇතුළත් කරන්න එපා. උදාහරණයක් ලෙස, ඉහත මා දරුණු සතුන් මරන බවක් කොහේවත් සඳහන් කර නැත. ඒ වෙනුවට මා කියා ඇත්තේ එම සතුන් “ඉවත් කරනවා” යනුවෙනුයි. ත්‍රාසය හා ක්‍රියාදාම මතුවන ආකාරයට ඔබේ හඬ පාලනය කරමින් කතාව කියන්න.
මෝහනය කරන්නට පෙර ළමයා සමග කතාබහ කරන විට දැනගන්න ඔහු වඩා උනන්දුවක් හෝ කැමැත්තක් දක්වන දේවල් ගැන. යම් ළමයෙක් දරුණු සතුන්ට බියක් දක්වන්නේ නම් හෝ ඒ ගැන කිසිම උනන්දුවක් දක්වන්නේ නැති නම්, ඉහත ආකාරයේ කතාවක් ඔහුට කියන්න එපා. ඔහු උනන්දු හෝ කැමැති මාතෘකාවක් ඔස්සේ පමණක් කතාව ගොඩනඟන්න. සමහරවිට ඔහු අභ්‍යවකාශය ගැන උනන්දුවක් දක්වන අයෙකු විය හැකියි. එවිට, ඔහුව ගගන යානයක ප්‍රධාන නියමුවා කර සතුරු පිටසක්වල ජීවින් සමග කෙරෙන සටනක කතාවක් ගොඩනැඟිය හැකියි. ඔහු මුහුදට ආසයි නම්, විශාල දරුණු මාළුවන් සමග සටන් වදින දක්ෂ කුඩා මාළුවෙකු බවට ඔහුව පත් කළ හැකියි. ඔහු රොබෝවරුන්ට කැමැති නම්, නරක රොබෝවරුන්ට එරෙහිව සටන් වදින හොඳ රොබෝවෙකු බවට පත් කළ හැකියි. මේ ආකාරයට ඔහුට ගැලපෙන සුදුසු කතාවක් ඔබට පහසුවෙන් ගොතන්න පුළුවන්. ඔබද චිත්‍රපටි හා ටෙලිනාට්‍ය ඔස්සේ මෙවැනි කතා නරඹා ඇතිනම් එම මතකයන්ද ඉතා ප්‍රයෝජනවත් වේවි. අවශ්‍ය නම් එවැනි චිත්‍රපට හා නාට්‍ය සොයාගෙන නැවත නරඹන්න.
කතාව අවසානය හැමවිටම ඔහු ජය ගන්නා ඔහුව වීරයා බවට පත්වන විදියට තැබිය යුතුයි. අනෙක් අය ඔහුට ප්‍රශංසා කරන අයුරු ඔහුගේ සිතේ මවන්න. ඔහු ආදරය කරන ඔහුට ළඟින් සිටින ඔහුද වීරයන් ලෙස සලකන අය පවා ඔහුට ප්‍රශංසා කරන අයුරු පෙන්වා දෙන්න. විශේෂයෙන් ඔහුගේ අම්ම තාත්තා ඔහුව වර්ණනා කරන අයුරු දනවන්න. ඔහුට ප්‍රශංසා හිමි වූ පසුව ඒ එක්කම ඍජු යෝජනා දෙන්න. මේ මොහොතේ සිට තමන් අහවල් විදියේ කෙනෙකු බව කියන්න. ඉන්පසු කැමති නම් කතාව තුළින්ම ඔහුව මෝහනයෙන් ඉවත් කළ හැකියි. එසේත් නැතිනම් සාමාන්‍ය ක්‍රමවේද ඔස්සේද ඉවත් කළ හැකියි.
මෙහිදී තවත් වැදගත් දෙයක් ඇත. ඇත්තටම කුඩා ළමුන්ට කිනම් හෝ ආකාරයක මානසික ගැටළුවක් (පාඩම් නොකිරීම, කියන දේ අහන්නේ නැති කම, වැනි) ඇති නම් බොහෝවිට ඊට හේතුව වන්නේ වැඩිහිටියන්මය. එම වැඩිහිටියන් දෙමාපියන්, ගුරුවරුන්, නෑයන්ය. වැඩිහිටියන්ගේ නොමනා හැසිරීම් හා ජීවන ශෛලයන් මීට හේතු වේ. එමනිසා කුඩා ළමුන් (ඒ ඒ වයස්වලදී) ඇතිදැඩි කළ යුත්තේ කෙසේද ඉගැන්විය යුත්තේ කෙසේදැයි අඩුම වශයෙන් දෙමාපියන් ඉගෙන ගත යුතුය; මොකද ළමයින් තමන්ගේ නිසා (අනෙක් අයට ඒවා ඉගෙන ගන්න කියා බල කිරීමට නොහැකි වුවත්, තමුන්ගේ ළමුන් වෙනුවෙන් එය තමන්ට කරන්න පුළුවන්).
ළමයකුගේ දෝෂයක් ඉවත් කිරීමට මෝහනය වෙත යොමු කර නැවත ඒ ළමුන් යන්නේ පැරණි පිරිස අතරටමයි. එවිට ළමයා නැවත තමන්ට ගැටළුව ඇති කරපු වටපිටාවට නිරාවරණය වේ. ඉන් මෝහනයෙන් ලබාගත් සහනය වැඩක් නැති වෙනවා. වැඩිහිටියන් මෙන් නොව, ළමුන්ට ස්වාධීනබව නැති නිසා ඇත්තටම ඔවුන් හරිම අසරණ වෙනවා. ඒ ගැන හොඳින් සිතන්න. මෝහනවේදියකු වශයෙන් මෙම කරුණු ළමයාගේ දෙමාපියන්ට තේරුම්කර දීමේ යුතුකමක් ඔබට තිබෙනවා.
මෝහනයක් කළ ක්ෂණයෙන්ම ළමයා මැජික් එකකින් මෙන් වෙනස් වන්නේ නැත. ඒ සඳහා කාලයක් ලබා දෙන්න. එම කාලය තුළ ළමයාව දිරිගන්වනසුළු විදියට වටපිටාව සකස් කරන ලෙස දෙමාපියන්ට හෝ වැඩිහිටියන්ට උපදෙස් දෙන්න. උදාහරණයක් ලෙස පාඩම් කිරීමට දිරිගන්වන ආකාරයට මෝහන සැසියක් කළ පසු, ළමයා ටිකෙන් ටික පාඩම් කරන්නට ගනීවි. එවිට, ඔහුට ප්‍රශංසා කළ යුතුයි. ඔහුට පාඩම්වල ගැටළු ඇතිවන විට ඒවා තමන් (දෙමාපියන්) හෝ සුදුසු අය ලවා විසඳාදීමට කටයුතු කළ යුතුයි. සුදුසු කියවීම් පොත් ඔහුට ලබා දිය යුතුයි. ඔහු සමග දෙමාපියන් හා වැඩිහිටියන්ද සක්‍රිය කියවීම් හා පාඩම් වැඩවල යෙදිය යුතුයි. අළුත් පුරුද්ද ඇත්තටම කවුරුත් හොඳ කියන විනෝදශීලි දෙයක් යැයි ඔහුට දැනිය යුතුයි. ප්‍රසිද්ධියේ (ඒ කියන්නේ නෑයන් ගුරුවරුන් අසල්වාසීන් ආදිය ඉදිරියේ) ළමයාගේ අළුත් පුරුද්ද හා හැකියාවන් ප්‍රශංසා කළ යුතුයි. මේ ආකාරයේ පරිසරයේ වෙනස්කම්ද කළ හැකි නම්, අති විශිෂ්ඨ ලෙස ළමුන් “නිර්මාණය” කළ හැකියි.

Hypnosis (mohanaya) ...