Skip to main content

මෝහනය / mohanaya (Hypnosis) - 18

භීතිකාවලට ප්‍රතිකර්ම කරන අයුරු

ප්‍රතිගමනය භාවිතා කරමින් භීතිකා (phobia) ඉවත් කරන හැටි බලමු. පළමුව භීතිකාවක් යනු කුමක්දැයි සැකෙවින් විමසමු.
අප කාටත් නොයෙක් ආකාරවල බියවල් (fear) ඇත. විද්‍යාත්මක සොයාගැනීම් අනුව සමහර බියවල් උපතේ සිටම පවතින බව සොයාගෙන ඇත (සත්ව පරිනාමය (evolution) වීමේදී ඇති වූ විවිධ හේතු නිසා). එහෙත් බොහෝමයක්ම බියවල් ඇත්තටම අප උපන් පසු අප විසින් “ඉගෙන ගත්” ඒවාය. ඔව්, ගණිතය, විද්‍යාව, සංගීතය හෝ වෙනත් කුසලතා ආදිය ඉගෙන ගන්නා පරිදිම අප විවිධ ආකාරයේ බියවල්ද ඉගෙන ගන්නවා දැනුවත්ව හෝ නොදැනුවත්ව. උදාහරණයක් ලෙස, කුඩා ළමුන් සතුන්ට සර්පයන්ට එතරම් බියක් නොමැත. උන්ව අල්ලන්නට පවා පෙළඹේ. එහෙත් අප වැඩෙත්ම සර්පයන් කෙරෙහි බියක් ඇති කර ගන්නවා. කුඩා ළමුන් ගින්දරට බයක් නැත; එහෙත් වැඩිහිටි අපට ගින්දර ඇල්ලීමට බයක් තිබෙනවා. කුඩා ළමුන් විදුලිය වයර් ආදිය ඇල්ලීමට බියක් නැති වුවත්, විදුලිය ගැන අවබෝධයක් තිබෙන වැඩිහිටියන් ඊට බියක් දක්වනවා. මේ අවස්ථා කිහිපය සලකා බලන විට, ඔබට වැටහිය යුතුයි මෙවැනි බියවල් අපේ පැවැත්වමට අත්‍යවශ්‍ය බව. තවද, යහපත් ජීවිතයක් ගත කිරීමට, වැරදි කිරීමට බියක් (හිරි) ඇති කර ගැනීම වටිනා බව බුදු දහමින්ද ඉගැන්වෙනවා.
යම් දෙයක් සම්බන්ධයෙන් ඇතිවන බියක් වුවද විවිධ පුද්ගලයන්ට පවතින්නේ විවිධ මට්ටම්වලින්ය. උදාහරණ‌යක් ලෙස, කෙනෙකු සර්පයන් කෙරෙහි වැඩිපුර බියක් පැවතීමට පුළුවන්. එවැනි අය ගැරඬියන් වැනි විස රහිත අහිංසක සර්පයන්ට පවා විශාල බියක් ඇති කර ගෙන උන්ව මැරීමට සැරසේ. තවත් කෙනෙකුගේ බිය ඊට වඩා වෙනස් වෙන්නට පුළුවන්. ඔවුන් බිය වන්නේ නයි, පොළඟුන් වැනි විෂඝෝර සර්පයන්ට පමණක් වන අතර, එවැනි සර්පයන්ව මැරීමට පෙළඹේ. තවත් අය සර්පයන්ට බිය වන්නේ ඊටත් අඩුවෙනි. ඒ අය විෂඝෝර සර්පයන්ට යම් බියක දැක් වුවත් උන්ව මැරීමට යන්නේ නැත. මා මෙම උදාහරණයෙන් දක්වන්නට උත්සහ කළේ එකම නමින් හැඳින්වෙන බිය වුවද එකිනෙකාට පිහිටන්නේ විවිධ මට්ටම්වලින් බවයි. ඒ ඒ කෙනාගේ අධ්‍යාපන මට්ටම හා අත්දැකීම් ප්‍රමාණය අනුව බොහෝ විට එය තීරණය වේ. උදාහරණයක් ලෙස, සර්පයන් ගැන නිවැරදි දැනුමක් ඇති අය එම බය අවශ්‍ය ප්‍රමාණයෙන් පමණක් පවත්වාගනී. විදුලිය ගැන නිවැරදි දැනුමක් ඇති අය මෝඩයන් සේ විදුලියට අනවශ්‍ය බියක් හෝ කිසිම බියක් නොමැතිව සිටින්නේ නැතිව, එ් සඳහා අවශ්‍ය ප්‍රමාණයෙන් බිය රඳවාගෙන පරිස්සමින් විදුලිය සමග ගනුදෙනු කරයි.
ජීවිතයේ දහස් ගණනක් වූ බියවල් පවතිනවා. ජීවිතයක් ආරක්ෂිතව පවත්වාගෙන යන්නට එය අත්‍යවශ්‍යයි. මේ අතරින් ඇති ලොකුම බියක් තමයි මැරෙන්නට තිබෙන බියත්. මෙවැනි බියවලට ඇත්තටම එසේ බිය වන්නට සාධාරණ හේතු තිබෙනවා. තවත් විධියකින් කියතොත්, මෙවැනි බියවල් සහේතුකයි (rational); සාධාරණයි. එහෙත් තවත් බියවල් තිබෙනවා එසේ සාධාරණ හේතු නැති. මෙවැනි අහේතුක බියවලට තමයි භීතිකා කියා පවසන්නේ. බොහෝ විට ඉතා කුඩා බියක් පැවතිය යුතු අවස්ථාවකත් අති විශාල බියක් මෙහිදී ඇති වෙනවා. උදාහරණයක් ලෙස, මකුළුවන්ට ඇති භීතිකාව ගන්න. බොහෝ දෙනෙක් කෘමින් ඇල්ලීමට යම් බියක් තිබීම සාධාරණයි. එහෙත් කාමරයේ එක් කොනක මකුළුවෙකු සිටින විට තමන්ට කාමරයේ සිටින්නට පවා බිය වෙන තරමට එය විශාල බියක් බවට පත් කර ගැනීම සාධාරණ නැහැ නේද? එවිට, එය භීතිකාවක් ලෙස අප හඳුනාගත යුතුයි. සමහර භීතිකා තිබෙනවා ටිකක්වත් බය වීමට හේතුවක් නැති අවස්ථාවකත් විශාල බියක් දක්වන. උදාහරණයක් ලෙස, පිත්තල බඩු දැකීමෙන් බය උපදවා ගන්නා අය පෙන්වා දෙන්නට පුළුවන්. ලෝකප්‍රකට නව නිර්මාණකරු (ලොවපුරා භාවිතා වෙන ඒසී විදුලිය පවා සොයාගත්තේ මොහුයි.) නිකොලස් ටෙස්ලාටද එවැනි භීතිකාවක් තිබුණි. ඔහුට කාන්තාවන්ගේ දිලිසෙන කරාබුවලට භීතිකාවක් තිබී ඇත. ඒ විතරක් නොවේ, ලොව ප්‍රකට ඉතිහාසගත මිනිසුන් බොහෝ දෙනෙකුට විවිධ භීතිකා තිබී අැත.
විවිධ නම් සහිතව භීතිකා වර්ග සිය ගණනක් ලැයිස්තු ගත කර ඇත. zoophobia (සතුන්ට තිබෙන භීතිකාව), xyrophobia (රැවුල කපන රේසර්වලට ඇති භීතිකාව), xylophobia (වනාන්තර හෝ ලීවලට ඇති භීතිකාව), xanthophobia (කහ පාටට ඇති භීතිකාව), vitricophobia (අම්මාගේ දෙවැනි විවාහක මනුස්සයා (බාප්පා) කෙරෙහි ඇති භීතිකාව), venustraphobia (ලස්සන කාන්තාවන් කෙරෙහි ඇති භීතිකාව), thalassophobia (මුහුදට ඇති භීතිකාව), testophobia (විභාගවලට ඇති භීතිකාව), achluophobia (අඳුරට ඇති භීතිකාව), acrophobia (උස් ස්ථානවලට ඇති භීතිකාව), agorophobia (විශාල භූමියක සිටීමට හෝ සංවෘත ස්ථානයක සිටීමට හෝ ඇති භීතිකාව), androphobia (පිරිමින් කෙරෙහි ඇති භීතිකාව), bibliophobia (පොත්වලට ඇති භීතිකාව), cynophobia (බල්ලන්ට හෝ බල්ලන්ගෙන් හැදෙන රෝග ගැන ඇති භීතිකාව) ආදී ලෙස දීර්ඝ නාමලේඛනයක් ඇත. නම් තිබුණත් නැතත් තවත් දහස් ගණනක් වූ භීතිකා පවතී. උදාහරණයක් ලෙස, එලිමහනේ සිටින විට, අහසින් උල්කාපාතයක් තමන්ගේ ඔළුවට කඩා වැටේවි යැයිද භීතිකාවක් තිබීමට පුළුවන් (මා හටද එවැනි උල්කාපාත බියක් පාසල් යන කාලයේ පැවතුනි. එහෙත් එය මතු වූයේ ඉඳහිට පමණි.) බිය සේම භීතිකා යනුද අප විසින් ඉගෙන ගන්නා දෙයකි. ජානගතව (genetic) බියවල් පැවතීමට හැකියාවක් ඇතත්, භීතිකාවලට එවැනි පදනමක් තිබිය නොහැකියි.
භීතිකා වර්ග දහස් ගණනක් තිබුණද, ඒවාට බරපතල නමක් තිබුණත් කිසිදු නමක් තිබුණත් නැතත් මෝහනවේදයේදී අපට වැදගත් නැත. අපට මේ මොන භීතිකාවත් එකයි මක්නිසාදයත් මේ සියල්ලටම ඇත්තේ එකම ප්‍රතිකර්මයි. සියලුම භීතිකා ඉතා පහසුවෙන්ම ඉවත් කළ හැකියි. මෝහනය නොවන මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමද පවතිනවා භීතිකා ඉවත් කිරීමට (desensitization යනු එවැනි එක් උපක්‍රමයකි.) එහෙත් ඒ සියල්ලටම සෑහෙන්න කාලයක් හා ශ්‍රමයක් (හා සමහරවිට මුදලකුත්) වැය වෙනවා. මෝහන ප්‍රතිකර්මය ඒ අතින් හරිම ඉක්මන්. පැයකට අඩු කාලයකින් එය සදහටම ඉවත් කරගන්නට පුළුවන්.
එහෙත් සාමාන්‍ය බියවල් එසේ ඉවත් කරන්නට යන්න එපා. භීතිකා අහේතුක නිසා, නිශ්ඵල නිසා, ජීවිතය අඩපන කරන නිසා ඒවා ඉවත් කර ගැනීමට මෝහනලාභියාටද දැඩු උවමනාවක් තිබෙන නිසා පහසුවෙන් භීතිකා ඉවත් කර ගත හැකි වුවත්, බිය යනු ජීවිත ආරක්ෂාව හා බැඳී පවතින නිසාත්, ඒවාට සාධාරණ හේතු පවතින නිසාත් මෝහනලාභියාට එහි කරදරයක් නොමැති නිසාත්, බියවල් ඉවත් කිරීම එතරම් පහසු නැත. ඇත්තටම සමහර බියවල් ඉවත් කිරීම (උදාහරණයක් ලෙස, මරණයට ඇති බිය) බැරි තරම්ය.
යම් භීතිකාවක් ඉවත් කිරීමට අවශ්‍ය කෙනෙකු සමග පළමුව ඔහුට ඇති භීතිකාව ගැන කතා කරන්න. ඉන් ඔහුගේ ජීවිතයට ඇති වී ඇති කරදරකාරි ස්වභාවය ගැන සාකච්ඡා කරන්න. භීතිකාව හටගන්නේ මොන මොන අවස්ථාවලද, එය හටගත් විට ශරීරයට හා මනසට දැනෙන අපහසුතාවන් ආදිය අසා සටහන් කර ගන්න. ඔහුගේ සාමාන්‍ය (උඩු සිතේ) මතකයේ හැටියට භීතිකාව පළමු වරට තමන්ට දැනුනු අවස්ථාව ගැනත් අසන්න. මා මුලිනුත් පැවසූ ලෙසම, භීතිකා යනු ඉගෙන ගන්නා දෙයක් නිසා එය පළමුවරට තමන්ට සවිඥානකව දැනුනු අවස්ථා හෝ අවස්ථාවන් පිළිබඳ ඔහුට මතකයක් තිබිය හැකියි. සත්‍ය වශයෙන්ම, ඔහුගේ සවිඥාන මතකයට වඩා අතීතයකට එම භීතිකාව යා හැකියි. එය දැනගත හැක්කේ මෝහනය කිරීමෙනි. ඕනෑම භීතිකාවක් ඉවත් කිරීම කරන අයුරු පියවරින් පියවර බලමු. ඉහත කියූ ආකාරයට ලබාගත් විස්තර මෝහනය අතරතුර අපට ප්‍රයෝජනවත් වන බව හොඳින් මතක තබා ගන්න.

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM

  1. සුපුරුදු ලෙසම, සොම්නැම්බ්‍යුලිස්ම් මට්ටමට මෝහනය කර, ඩීප්නින් ක්‍රමයකින් තවත් ගැඹුරට ගෙනියන්න.
  2. ඔබ ඔහුගෙන් ලබාගත් විස්තර අනුව, ඔහුට භීතිකාව මතුවන ආකාරයේ සිද්ධියක් (scene) සිතේ මවන්න. ඔහුට සැබෑ ලෙසම භීතිකාව මතුකරන්න. ඔහුගේ මුහුණේ ඉරියව්, ශරීරයෙන් හා කටහඬින් ඇතිවන වෙනස්කම් හොඳින් නිරීක්ෂණය කරන්න. එමගින් ඔහු ඇත්තටම එම භීතිකා තත්වයට මුහුණ දෙනවාද නැද්ද කියා දැනගත හැකියි.
  3. ඔහු භීතිකාවට පත් වී සිටින විට, මෙසේ කියන්න (මෙය ඔහුව ප්‍රතිගමනය කරන යෝජනාවයි).

    හරි... මදකට ඔබ දැන් සිටින තත්වයෙන් බැහැර වෙලා මං කියන දේ අහන්න. ඔබ ඔය සිටින කරදරකාරී බිය පළමු වරට ඔබට දැනුනු අවස්ථාවට දැන් යන්න [මෙලෙස හෝ සාමාන්‍යයෙන් ප්‍රතිගමනය කිරීමට ඔබ කරන වෙනත් ක්‍රමයක් හෝ භාවිතා කරන්න. උදාහරණයක් ලෙස මා පෙර ඉගැන්වූ ක්‍රමය වන අත උස්සා අත් හැරීම කළ හැකියි.]... ගියාද? [ඔහු ඔව් කියා පිළිතුරු දේවි. ඉන්පසු සුපුරුදු ලෙසම, එම මතකයන් යාවත්කාලීන/අළුත් කිරීමට ඒ අවස්ථාව සම්බන්ධයෙන් ඕපදූපයක් කතා කරන්න. එවැනි කුඩා ඕපදූපයක් මා ලියන්නම්. එම වාඛ්‍යම හෝ ඊට ළඟින් යන ආකාරයේ දෙබසක යෙදෙන්න.] බොහෝම හොඳයි... දැන් ඉන්න වෙලාව දවල් කාලයද රාත්‍රි කාලයද? [ඔහු දවල් හෝ රාත්‍රී කියා හෝ නැහැ උදේ කියා හෝ කුමක් හෝ පිළිතුරක් දේවි. දෙන පිළිතුර නොවෙයි වැදගත් ඔහු අවශ්‍ය අවස්ථාවට ප්‍රතිගමනය වීමත් ඒ පිළිබඳ යටි සිතේ සැඟව තිබෙන මතකයන් ඉස්මතු කර ගැනීමයි වැදගත් වන්නේ.] කවුරු කවුරුද තව ඉන්නේ? තනියමද ඉන්නේ? [ඔහුගේ පිළිතුර අසාගෙන සිටින්න. කුමක් කීවත් වැඩක් නැත.] මේ වෙනකොට ඔයාගේ වයස කීයක් විතරද? [පිළිතුර අසා සිටින්න. මේ විධියට තවත් ඕපාදූප ගණයේ ප්‍රශ්න කැමැති නම් අසන්න. ඉන්පසු වැදගත් ප්‍රශ්නය අසන්නටයි යන්නේ.] කියන්න මොකක්ද දැන් සිද්ධ වෙන්න යන්නේ? [මේ කියන විස්තරය භීතිකාව හට ගැනීම පිළිබඳ විස්තරයයි. එය හොඳින් අසා සිටින්න. අවශ්‍ය නම් කෙටි සටහන් කර ගන්න. අපැහැදිලි තැන් ඔහුගෙන් අසා දැන ගන්න.]
  4. ඉහත ඔබ දැනගත්තේ ISE එක වේ. එම මොහොතේ සිට, ඔබ ඔහුව මෝහනය කරන මොහොත දක්වා එම මුල් සිදුවීම භීතිකාවක් ලෙස නැවත නැවත සිදු වූ වාර ගණන විශාලයි (SSE). ඒ අතරින්, ඔහුට ඉතාමත්ම කරදරකාරී (embarassing) ලෙස “අමතක නොවන ලෙස” පැවැති SSE කිහිපයක් තිබිය හැකියි. ISE දැනගත් ඔබ දැන් එකින් එක SSE සිදුවීම්වලට ප්‍රතිගමනය කළ යුතුයි. මේ එක් එක් අවස්ථාවට ගෙන ගොස්, එහිදී ඇතිවූ කරදරකාරී භීතිකා තත්වය ගැන කතාබහක්/විග්‍රහයක් ඔහු සමග සිදු කර පෙන්වා දෙන්න ඇත්තටම බියක් වීමට තරම් දෙයක් එතැන නොතිබුණ බව (neutralization). භීතිකාවක් යනු හැමවිටම අහේතුක (irrational) අසාධාරණ තත්වයක් නිසා මෙය කිරීම ඉතාම පහසුයි. දැන් එය සිදු කරන අයුරු උදාහරණයකින් බලමු.

    හරි... දැන් ඔයා මොහොතකට ඒක අමතක කරලා මං කියන දේ කරන්න... ඔයාට මේ කරදරකාරි ලෙස {අහවල් බය} නැවත මතු වෙච්ච ඊළඟ අවස්ථාවට ගමන් කරන්න [හෝ වෙනත් ප්‍රතිගමන ක්‍රමවේදයක් වුවද යෙදිය හැකියි. නැවත ඕපදූපයක් සිදු කරන්න. දැන් කුමක්ද සිදු වෙන්නේ, තමන්ට කොහොමද එය මානසිකව හා ශාරීරිකව දැනෙන්නේ කියා අසන්න. ඉන්පසු, එසේ දැනුනේ හේතුවක් නැති සුළු කාරණාවක් නිසා නේද කියා ඔහුට පෙන්වා දෙන්න. ඒ ගැන විග්‍රහක් කරන්න. උදාහරණයක් ලෙස, ඔහුගේ බිය පවතින්නේ අඳුර සඳහා නම්, රාත්‍රියට වෙනත් මිනිසුන් හා බල්ලන් පූසන් වැනි සතුන් අඳුරේ සිටින බවත් ඒ අයට කුමක්වත් සිදු නොවන බවත් පෙන්වාදිය හැකියි. අඳුරේදී අනතුරු සිදුවෙනවා නම්, හැම දිනකම උදෑසන ඔබ නැගිටින විට ගමේ රටේ එලෙස අඳුරින් මැරුණු මිනිසුන් සතුන් ගැන අසන්නට ලැබෙන්න ඕන නේද, ආදී ලෙස තර්ක කරන්න ඔහුට පිළිගත හැකි හේතු සහිතව. එය උදාසීන කළාට පසුව, එලෙසම ඊළඟ අවස්ථාවලටද ගෙන ගොස් ඒවාද එකින් එක උදාසීන කරන්න.]
  5. ඉහත පළමු හා ඉන්පසු ඇති වූ සිද්ධි උදාසීන කළ පසු ඍජු යෝජනාවලියක්ද ලබා දෙන්න. මෙතැන් සිට භීතිකාවක් දැනීමට හේතුවක් නැති බවත්, නිකමට හෝ බියක් දැනෙන්ට ගත්තොත් ඉන් සුපුරුදු අපහසුතාව කරදරකාරී ස්වභාවය වෙනුවට ශාරීරක හා මානසික සැහැල්ලුව ඇති බවට යෝජනා කරන්න. තවද, බොහෝ භීතිකා ඉවත් කරන විට, ඒ සමගම ඒ ඒ අවස්ථාවන්ට අදාළව පැවතිය යුතු මට්ටමේ බයද නොදැනුවත්ව ඉවත් වීමට ඉඩක් තිබේ. (මෙය ඇත්තටම සැඟවුණු මෝහන (covert hypnosis) තත්වයක්.) එනිසා, එය වීම වැලැක්වීමටත් සුදුසු කෙටි යෝජනා දිය හැකියි. උදාහරණයක් ආශ්‍රයෙන් එය මා පෙන්වා දෙන්නම් (මකුළුවන්ට තිබෙන භීතිකාවක සඳහා).

    මෙතැන් සිට ඔබ මකුලුවන්ට තිබූ ඔබේ අනවශ්‍ය බිය සම්පූර්ණයෙන්ම ඉවත්ව කොට තිබෙනවා. මකුළුවෙකු දකින විට ඔබට දැන් දැනෙන්නේ ඌ ගැන අහිංසක කුරුල්ලෙකු හෝ වෙනත් අහිංසක සතෙකු දකින විට දැනෙන හැඟීමකට සමාන හැඟීමක්. ඔබ දැන් දන්නවා මකුළුවන් යනු අහිංසක අසරණ කුඩා සතෙක් පමණක් කියා. ඇත්තටම මකුළුවන් මිනිසුන්ට... ඔබට බියක් දක්වනවා. මෙතැන් සිට, ඔබ මකුළුවෙක් දුටු විට, ඔබගේ ශරීරයත් මනසත් සැහැල්ලුවට පත් වෙනවා. අතීත සිදුවීම් අතීත සිදුවීම් පමණි. ඒවායේ බලපෑම තිබුණේ ඒවා සිදු වුණ මොහොතේ පමණි. අතීත සිදුවීම්වලට මෙතැන් සිට ඔබේ ජීවිතය හැසිරවීමට ඇති හැකියාව සම්පූර්ණයෙන්ම ඉවත්වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඔබට කිසිම ආකාරයක හෝ බියක් ඇති වන විට, ඔබේ ශරීරයත් මනසත් සැහැල්ලු වෙනවා. බිය වැඩි වන තරමටම ඔබේ සැහැල්ලුව හා සංසුන්බව වැඩි වෙනවා. එහෙත් ඔබ දන්නවා අප පරිස්සම් විය යුතු... ආරක්ෂා විය යුතු අවස්ථා පවතිනවා. උදාහරණයක් ලෙස, සමහර කුඩා කෘමින් දෂ්ඨ කළ විට අපහසුතාවක් දැනෙන්නට පුළුවන්. උන්ගෙන් ලෙඩ රෝග බෝ වෙන්න පුළුවන්. එනිසා, මකුළුවන් වැනි සතුන් ගැන ආදරයක් කරුණාවක් අනේ අහිංසක සතුන් නේද කියා හැඟීමක් ඇති වුවත්, උන්ගේ පාඩුවේ උන්ට ජීවත් වෙන්නට දී උන්ව ස්පර්ශ කරන විට ඔබ පරිස්සම් වෙන්නත් ඕන. ඒක හරියට මෙන්න මේ වගේ. සමහර වෙලාවට ඔබ ඇවිදින විට, ඔබව ලිස්සා වැටෙන්නට පුළුවන් නේද? එලෙස ලිස්සා වැටුණු අවස්ථාත් තිබෙන්නට පුළුවන්. එහෙමයි කියලා අපි ඇවිදින එක නවත්වන්නේ නැහැනේ. අප කරන්නේ ලිස්සනසුළු තැන්වල පරිස්සමින් ඇවිදින එකයි. අන්න ඒ වගේ මකුළුවන් හා වෙනත් සතුන්ට කරුණාවක් ඇති වුවත් උන්ගෙන් ආරක්ෂා වීමටත් ඔබ දන්නවා.”
  6. දැන් ඔබ අවසාන අධියරයට ඇවිත් ඉන්නේ. ඔබ ඔහුගේ භීතිකාව දැන් ඉවත් කර අවසන්. එය තහවුරු කර ගැනීමට අවශ්‍යයි. නැවත ඔබ මුලින්ම කළාක් මෙන් එම භීතිකාව ඇතිකිරීමට සමත් සිදුවීමක් ඔහුගේ සිතේ මවාගන්නට සලස්වන්න. හොඳින් නිරීක්ෂණය කරන්න දැනුත් ඔහු ඊට මුහුණ දෙන්නේ අපහසුතාවකින්ද කියා. ඔහු ඊට සැහැල්ලුවෙන් මුහුණ දෙනවා නම් ඔබ සාර්ථකය භීතිකාව ඉවත් කර ඇත. ඊට ඔහුට සුභ පතන්න. “දැක්කනේ මෙතෙක් කාලයක් ඔබට තිබුණේ අනවශ්‍ය බියක්නේ... අපරාදේ කියා දැනෙනවා නේද අැයි තමන් මෙච්චර කලක් මේ බිය අනවශ්‍ය බොරු දෙයක් කියා තේරුම් නොගත්ත එක?” ආදී ලෙස. ඔහුට ඔහුගේ පරණ පුරුද්ද අනවශ්‍ය දෙයක් කියා හැඟෙන විදියටත් මෙතැන් සිට එයින් මිදීමට තමන් දක්ෂ වීම ගැනත් ඔහුට සුභ පතන්න.
  7. සුපුරුදු ලෙස 5 සිට 1ට ගණන් කර ඔහුව මෝහනයෙන් ඉවත් කරන්න. ගණන් කරන ගමනුත් කුඩා සුදුසු යෝජනා කිහිපයක් දෙන්න. ඔහු ඇස් විවෘත කරපු ගමනුත් තත්පර තිහක පමණ කාලයක් (සුපුරුදු ලෙසම) දෙදෙනාගේ ඇස් එකිනෙකට බලාගෙන සුදුසු යෝජනා කිහිපයක් දෙන්න. උදාහරණයක් ලෙස, “මෙතැන් සිට, ඔයා මකුළුවන්ට කිසිම බියක් නැහැ. ඒ වෙනුවට ඇත්තේ ඌ ගැන අනුකම්පාවක් හා කරුණාවක් විතරයි... අනේ ඌ හරිම අහිංසක කුඩා සතෙක්නෙ කියා සිතෙනවා. මෙච්චර කාලයක් නිකරුනේ එච්චර පොඩි සතෙකුට බය වෙලා හිටපු එක ගැන දැන් ඔයාට හිනාත් යනවා ඇති... පොඩි ළමුන් පවා ඇඟේ රඳවාගෙන තබා ගන්නා අහිංසක මකුණුවෙකුට ඔච්චර ලොකු කෙනෙකු වෙලත් බය වෙලා හිටපු එකට ඇත්තටම හිනා යනවා තමයි... හරි... දැන් එ් බිය ඔක්කොම ඉවරයි. ඒවා අතීතයේ සිද්ධි ටිකක් විතරයි. ජීවිතය සැහැල්ලුවෙන් සතුටින් ගත කරන්නට ඔයා හැමවිටම උත්සහ කරන්න. ඔයාට පුළුවන්.” ආදී යෝජනාවලියක් කිව හැකියි. (මෙහිදී නැත, එපා වැනි නිශේධාත්මක වාඛ්‍ය කිව්වාට එතරම් ගැටළුවක් නැත මොකද ඔහු ඉන්නේ ඉතා ගැඹුරු මෝහනයක නොවන බැවින්.) මෝහනයෙන් පසුවත් ඔහු සමග කුඩා සාකච්ඡාවක් කරන්න. භීතිකාවක ස්වභාවය ගැන, තමන්ට සිදු වී තිබුණේ කුමක්ද ආදී දේවල් කතා කරන්න.

    Hypnosis (mohanaya) ...

Comments

  1. මම නම් මේ මෝහනය කියන දේ විද්‍යාත්මකයි කියලා පිලිගන්නෙ නෑ..මිනිහෙක්ට සෝක් එකට බොරුවක් වුනත් කරන්න පුලුවන් නෙව ඔය විදියට.

    ReplyDelete
  2. ඒක ඇත්ත. හැබැයි ඉතිං මිනිසුන්ට බොරු කරන්න පුළුවන් ඕනම දේකදී... මෝහනයේදි විතරක් නෙමේ නේද? දැන් ඔය ඉන්නෙ ඕන තරම් හොර දොස්තරලා, හොර උපාධිකාරයන්, හොර පූජකවරුන් (හාමුදුරුවරුන්) එහෙමත්...

    මෙහෙමත් කල්පනා කරල බලන්න. අප අතර ඉන්නවා නේද විවිධ භීතිකා තිබෙන අය (මේ පෝස්ට් එකත් ඒ ගැන නිසා මං උදාහරණයට ගත්තේ භීතිකා). ඒ අයට මැජික් වගේ මෝහනයෙන් සුවයක් ලැබෙනවානේ. ඉතිං ඒක වටින්නෙ නැද්ද මෝහනය විද්‍යාත්මක වුවත් නැතත්? මට නම් මීයන් අල්ලනවා නම් බලළා මැටියෙන් වුණත් කමක් නැහැ. හැබැයි කෝක වුවත්, මෝහනය විද්‍යාත්මකද නැද්ද එහෙමත් නැතිනම් එය science-oriented ද කියල මං මෙතෙක් ලිපි පෙල පුරාම ලියා තිබෙනවා. කැමති නම් මේ ලිපිත් වෙනත් පොතුත් කියවලා දැන ගන්න. :)

    ReplyDelete
  3. can you help with a situation of genaral self confidenca ?
    sevinfurly@gmail.com

    ReplyDelete
  4. Hi Prasad

    I saw your other comment you had made in another place to which I have already responded. Thanks again for the inquiry. Sure I can help, but until the coming December I am not able to do it unfortunately. Please send me an email as mentioned in my other reply to you. Take care.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...