Skip to main content

මෝහනය / mohanaya (Hypnosis) - 26 (අවසන් පාඩම)

අවසාන වශයෙන්...

භෞතික හෝ රසායනික හෝ වෛද්‍ය විද්‍යාව මෙන් දැඩි විද්‍යාත්මක (hard scientific) න්‍යායන් මනෝවිද්‍යාවේ හෝ මෝහනවේදයේ නොමැත. ඊට හේතුව මනෝවිද්‍යාවේ හා මෝහනවේදයේ විෂය වන්නේ මනසයි. මනස යන්න තවමත් විද්‍යාත්මක උපකරණවලට ගෝචර වූවක් නොවේ. එහෙත් ඒ ගැන අන්‍යාකාරවලින් (එනම් විශේෂයෙන් මොලය ආශ්‍රිතව කරන පර්යේෂණ තුළින්) විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඇත. එනිසා මනෝවිද්‍යාව මෙන්ම මෝහනය සඳහා “විද්‍යාත්මක” යන විශේෂණය වෙනුවට “විද්‍යාභිමුඛ” (science-oriented) යන විශේෂණය යෙදීම සුදුසු යැයි මා යෝජනා කරනවා.

මනස යනු විද්‍යාවේ ඉගැන්වෙන ශක්තිය (energy) වැනිම අස්පර්ශීය හෙවත් ස්පර්ශ කළ නොහැකි දෙයක්. ශක්තිය නම් විද්‍යාත්මක උපකරණවලින් මැනිය හා දැනගත හැකි වුවත්, තවමත් මනස එසේ උපකරණවලට ගෝචරද නොවේ. ශක්තිය වුවත් එහි අස්පර්ශීය ලක්ෂණය නිසා “අවිද්‍යාත්මක” (සරලවම අවිද්‍යාත්මක යනු විශ්වාසනීය විද්‍යාත්මක ක්‍රමවේද තුළින් පැහැදිලි කළ නොහැකි යන තේරුම සහිතයි) දේවල් පැහැදිලි කිරීමට යොදා ගන්නවා. භෞතික විද්‍යාවේ අති සංකීර්ණ න්‍යායක් වන ක්වන්ටම් භෞතිකය පවා අවිද්‍යාත්මක දේවල්වලට ඔවුන් යොදා ගන්නවා. එනිසා මෝහනය ගැන කවර කතාද! පෙර භවයන්ට ගෙනයෑම (past-life regression), ඉදිරි ආත්මයන්ට රැගෙනයෑම (future-life progression), විශ්ව ශක්තිය (universal energy) සමග සම්බන්ධවීම (එමගින් ලෙඩ රෝග සුවකිරීම), මනෝකාය (astral body projection/travel), වෙනත් ආත්ම සමග සම්බන්ධවීම (channeling), වස්තුන්/සතුන්/මිනිසුන් වටා පවතින රැස් වළල්ල (aura) දැකීම හා ඉන් ලෙඩ රෝග හඳුනා ගැනීම, ශරීරයෙන් ආත්මය බැහැර කිරීම (out-of-body (OOB) experience හෝ near-death experience) ආදී (දැනට) අවිද්‍යාත්මක සංසිද්ධි ගණනාවක් සිදු කිරීමට මෝහනය යොදා ගන්නවා. මෙය metaphysical hypnosis ලෙස හැඳින් වෙනවා. මෙහිදීද ඉතා ගැඹුරු සොම්නැම්බ්‍යුලිස්ම් මට්ටම දක්වා මෝහනය කර එතැන් සිට විවිධ යෝජනාවලි කියමින් එම හැකියාවන් ඉස්මතු කිරීම සිදු කරයි. මේවායේ සත්‍යාසත්‍යතාව තමන්ම සිදු කර බලන්න. (පෞද්ගලිකිව මා වැඩිපුර විද්‍යා නැඹුරුවක් පවතින බැවින් මේවා සිදු කර නැති අතර, ඒ ගැන ඇත්තේ විවෘත මනසකි.)

Hypnosis (mohanaya) ...


මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. sirwa contact karaganne kohomada?

    ReplyDelete
  3. sirge number ekak denna puluwanda? 93dulaniishanka@gmail.com

    ReplyDelete
  4. mekai... man vinodeta mohanaya karana kenek (I am not a professional hypnotist)... giya awrudde idan man eka professional widiyata karanna hithan hitiyath eka karanna bari una... godak denek ma lawa mohanaya kara ganna ahuwath mata eka karanna bari eka gena man kanagatu wenawa.

    habai kata hari mohanaya gena igena ganna ona nam e gena thiyena prasnawalata utthara denna man kamathiy.

    @Dulani, man oyage email address ekata reply ekak ewannam.

    ReplyDelete
  5. sirwa mata personally contact karaganna ona .me mage mail eka dasunsamarasinghe18@gmail.com

    ReplyDelete
    Replies
    1. Dasun, oyata mohanaya ho vidyawa sambandawa adyapanika deyak dana ganna awasyai nam (ha mata oba asana deta adaala karunu mathaka thiyei nam) aniwaryenma oya ahana deta man udaw karanna puluwan. mage phone number eka 071 8167215

      Delete
  6. අතීතේ (කුඩාකල) අමතක වී ඇති සිදුවීම් මෝහනයෙන් මතක් කරගැනීමට පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඒක ඉතා හොඳින් මතක තිබෙන්නටත් හැකියි... උඩින් පල්ලෙන් මතක තිබෙන්නටත් හැකියි... සමහරවිට සම්පූර්ණයෙන්ම අමතක වී තිබෙන්නටත් හැකියි... ඒක නිසා මෝහනය කරලම බලන්න වෙනවා. සිදුවීමේ ස්වභාවය මත එය තීරණය වේ.

      Delete
  7. Mata mohana vidyawa egena ganna asai.mama dhanatamath councilling , theraphy karanawa.mata kiyala dhanne asir

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...