Posts

Showing posts from May, 2018

ඉලෙක්ට්‍රෝනික්ස් IV (Electronics) - 19

Image
එමිටර් බයස් එමිටර් රෙසිස්ටරයක් යෙදූ ෆික්ස්ඩ් බයස් ක්‍රමය emitter bias හෝ emitter stabilized bias ලෙස වෙනම බයස් ක්‍රමයක් ලෙසත් සමහරුන් සලකනවා . එහෙත් ඇත්තෙන්ම එමිටර් බයස් යනු පහත රූපයේ ආකාරයේ බයස් ක්‍රමයයි . මෙහි එමිටර් රෙසිස්ටරයක් සහිත ෆික්ස්ඩ් බයස් ක්‍රමයට වඩා වෙනස්කම් දෙකක් බැලූබැල්මට ඇත . එකක් නම් , කලෙක්ටරයට සුපුරුදු ලෙසම V CC ධන විදුලි සැපයුමක් ලබා දී තිබියදීම එමිටරයට V EE ඍන විදුලි සැපයුමක් ලබා දී ඇත ( එන්පීඑන් ට්‍රාන්සිස්ටරයක එමිටරයට සපයන්නේ කලෙක්ටර් වෝල්ටියතාවට සාපේක්ෂව හැමවිටම අඩු / ඍන වෝල්ටියතාවක්නෙ ). ඒ කියන්නේ මෙහිදී ද්විත්ව විදුලි සැපයුමක් අවශ්‍ය වේ ( පහත රූපයෙන් එය තවදුරටත් පැහැදිලි වේ ). අනෙක් වෙනස්කම නම් , බේස් රෙසිස්ටරය දැන් බේසය හා භූගතය අතර සම්බන්දව පවතී . දැන් ඉහත ට්‍රාන්සිස්ටරයේ අවුට්පුට් කොටසට KVL යොදමු . පහත සූත්‍රවලදී ඍන එමිටර් වෝල්ටියතාව දෙපස | | යොදා තිබෙන්නේ ධන ඍන භේදය නොසලකා විශාලත්වය / අගය භාවිතා කරන්න කියා හැඟවීමටයි . V CC – I C R C – V CE – I E R E – (-V EE ) = 0 V CC + |V EE | = I C R C + V CE + I C R E (I C