Posts

Showing posts from November, 2018

බලු වන ප්‍රජාතන්ත්‍රය

ලංකාවේ වර්තමානයේ සිදු වන දේවල් හරියට චිත්‍රපට ජවනිකා මෙන්ය. වරෙක හාස්‍යජනකය, වරෙක පිලිකුල්සහගතය, තවත් වරෙක රතු කට්ට පන්නයි... චිත්‍රපටියක හැරෙන්න මෙවැනි හැඟීම් ගොන්නක් එකට දිය හැක්කේ ලංකාවේ දේශපාලුවට පමනි. ජනපති නීත්‍යානුකූලව රනිල්ගේ අගමැතිකම ඉවත් කර මහින්දට දුන්නේය. කවුරු මොනව කිව්වත් එය ව්‍යවස්ථාවට අනුකූල වේ. එනිසාම රනිල් එය අභියෝගයට ලක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නොගියේය. එහෙත් එය ආපස්සට හැරවිය හැකි ක්‍රමයක් හොඳින් පෙනුන බැවින් රනිල් අරලිය ගහ මැදුරෙන් නොගියේය. පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වීම එම ක්‍රමයයි. එනිසාම පාර්ලිමේන්තුව යලි කැඳවා ගැනීමට ඔහුට අවශ්‍ය විය. එවිට මහින්දගේ හෙන්චයියන් කොතරම් අපහස උපහස රනිල්ට පැවසුවේද යන්න කවුරුත් දනී. ලැජ්ජ නහරය පාසල් කාලයේදීම රෝයල් එකේ ඩෙස්ක් එක යට සමනල මිතුරන් සමඟම කපා දමාගෙන සිටි රනිල්ට ඒවා ගානක්වත් නැති විය. දෛවයේ සරදමක් සේ එය දැන් ආපස්සට මහින්දට කැරකීවිත්ය. පැහැදිලිවම රනිල් අද පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වීය. පෙරත් අප සටහන් කර ඇති පරිදි ස්ථාවර නියෝග අත්හිටුවා පාර්ලිමේන්තුවේ බහුතරයගේ කැමැත්ත පරිදි වැඩ කිරීමට පාර්ලිමේන්තුවට නීත්‍යානුකූල බලය ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ලංකාවේ දේශපාළුව

වර්තමානය වන විට, සෑම රටකටම පාහේ එම රටේ මූලික බල ව්‍යුහය හා රටේ ස්වභාවය නිශ්චිත කරන මූලික ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එය රටක මූලික නීතිය ලෙසද සැලකෙනවා. රට තුල ඇති අනෙක් සියලුම නීති රීති රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වේ. ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය (නීතියේ ආධිපත්‍යය යනු සියල්ලන්ම නීතියට යටත් බවයි) හොඳින් තිබෙන රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට දේව වාක්‍ය සේ ගරුත්වයක් සහිතව පිලිගැනීමට ලක් කෙරේ. කලින් කලට එය සංශෝධනයද කළ හැකිය. දැනට ශ්‍රී ලංකාවේ වලංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන්නේ 1978දී පමන ජේ.ආර්. ජයවර්ධන ජනපති මූලිකත්වයෙන් ගෙන ආ ව්‍යවස්ථාව වන අතර, මේ වන විට 19 වතාවක් එය සංශෝධනය කෙරී ඇත. සියලු සංශෝධන සහිත සිංහල බසින් සකසා ඇති ව්‍යවස්ථාව අන්තර්ජාලයෙන් ලබා ගත හැකියි. මෙම ලිපිය ලිවීමේ මූලික කාරණය වූයේ ජනපති විසින් ආණ්ඩුව විසුරුවනවා යැයි පැතිරී යන ආරංචිය නිසාය. ඇත්තටම ජනපතිට එවැනි බලතලයක් ඇත්ද? ඊටත් කලින් විමසිය යුත්තේ ජනපතිට අගමැතිව ඉවත් කළ හැකිද යන්නයි. මේ ගැන විවිධ මතවාද ඇත. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සම්බන්දව යම් ගැටලුකාරී ස්වභාවයක් සමහරවිට ඇති විය හැකි අතර, එවැනි අවස්ථා