Skip to main content

Posts

Showing posts from August, 2015

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 19

ADSL කනෙක්ෂන් එකක් සාදා ගැනීම අන්තර්ජාලයට සම්බන්ධ වීමට පවතින ඉතාම හොඳම හා ලාභදායිම ක්‍රමය මෙයයි . මේ සඳහා රැහැන් දුරකථන සම්බන්ධතාවක් (wire line connection) අවශ්‍ය කරනවා . ( දැනට ලංකාවේ රැහැන් දුරකථන සේවාවක් ලබාදෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් පමණි . ඒ කියන්නේ දැනට ඒඩීඑස්එල් සේවාව ලබා දෙන්නේද එම සමාගම පමණි .) තවද , සෑම ප්‍රදේශයකම මෙම පහසුකම ලැබෙන්නේ නැති වීමටද පුලුවන් . එනිසා , පළමුව ටෙලිකොම් එකට කතා කර , එම පහසුකම තමන්ට ලබාගත හැකිදැයි විමසිය යුතුය . ඉන්පසු ඔබ අදාල ෆෝම් පුරවා එය ලබාගත යුතුයි ( විවිධ ගාස්තු යටතේ පැකේජ ගණනාවක්ම පවතී ). එවිට , ඔබට vr221234567@sltadsl වැනි යූසර්නේම් එකකුත් පාස්වර්ඩ් එකකුත් ලැබේ . එම යූසර්නේම් හා පාස්වර්ඩ් ආරක්ෂා කරගන්න . වෙන අයකු ඒවා දැනගතහොත් ඔවුන්ට ඒවා හොරෙන් පාවිච්චි කළ හැකියි ( එවිට , ඔබට හිමි ඩේටා ප්‍රමාණයයි අඩු වන්නේ ). නිකමට හෝ කවුරුන් හෝ ඔබේ පාස්වර්ඩ් හොරෙන් පාවිච්චි කරනවා යැයි සිතුනොත් වහම පාස්වර්ඩ් වෙනස් කරන්න . එය ඔබට ටෙලිකොම් වෙබ්සයිට් එකට ගොස් කරගත හැකියි . ඒ විතරක්ද නොවේ , ඔබට දැනට ඉතිරි ඩේටා ප්‍රමාණයද ඔවුන්ගෙ වෙබ්සයිට් එකෙන් දැක ගත හැකියි . තවද

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 18

WiFi කනෙක්ෂන් එකක් සාදා ගැනීම WiFi යන්නටම WLAN (Wireless LAN) යන නමද භාවිතා කෙරෙනවා . වයිෆයි ස්විච් එකක් ( මෙය WiFi Access Point (AP) එකක් කියාද හැඳින් වෙනවා ) හා වයිෆයි පහසුකම සහිත නෙට්වර්ක් කාඩ් එකක් පරිගණකයේ ඉන්ස්ටෝල් කර තිබිය යුතුයි මේ සඳහා . මෙවැනි වයිෆයි නික් wlan0, wlan1 ආදී ලෙස හැඳින්වෙනවා . බොහෝ ලැප්ටොප්වලද දැන් වයිෆයි තිබෙනවා ( එනිසා ඩෙස්ක්ටොප් පරිගණක සඳහා තමයි නික් කාඩ් එකක් සවි කිරීමට අවශ්‍ය වන්නේ ). සාමාන්‍යයෙන් ලැප්ටොප්වල වයිෆයි ඔන් / ඕෆ් කිරීමට කුඩා ස්විචයක්ද තිබෙනවා ( කීබොඩ් එකේ උඩම තීරුවේ හෝ යූඑස්බී පෝට් එහෙම තිබෙන පැත්තක ). මෙය hardware switch කියා හැඳන්වෙනවා . එවැනි ස්විචයක් තිබේ නම් , පළමුව එය ඕන් කරන්න . ඉන්පසුව සිස්ටම් ට්‍රේ එකේ නෙට්වර්ක් අයිකනය මත රයිට් ක්ලික් කර , ඉන් Enable WiFi යන්න තෝරන්න . මෙය software switch කියායි හැඳින්වෙන්නේ . ෆෝන් එකක් offline mode (flight mode) කරනවා බදු දෙයක් තමයි මෙම ස්විච දෙකෙන් කරන්නේ ( කුමක් ඕෆ් කළත් වයිෆයි ඕෆ් වේ ). දැන් පෙරදී ඊතර්නෙට් සඳහා කනෙක්ෂන් එකක් සෑදුවා මෙන් වයිෆයි කනෙක්ෂන් එකක් සෑදිය යුතුයි . පෙර සේම , නෙට්වර්ක් අයිකන

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 17

නෙට්වර්ක් සෙටිංස් ඔබ දන්නවා පරිගණක ජාලයක් හෙවත් computer network එකක් යනු පරිගණක කිහිපයක් එකිනෙකට සන්නිවේදනය කළ හැකි පරිධි කිසියම් හෝ විද්‍යුත් ක්‍රමයකින් සම්බන්ධ කිරීමක් . සාමාන්‍යයෙන් ඔබ දැනගත යුත්තේ ලෑන් එකක් සාදා ගැනීම ( හෝ තිබෙන ලෑන් එකකට ඔබේ පරිගණකය සම්බන්ධ කරන අයුරු ), හා අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ධ කරන අයුරුය . නෙට්වර්කිං යනු වෙනම ඉගෙන ගත යුතු බරපතල විෂයකි . මෙහි දැක්වෙන්නේ ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතියකි ලෙස ලිනක්ස් භාවිතා කරන සාමාන්‍ය යූසර් කෙනෙකු දැනගෙන සිටිය යුතු තරමේ සරල විස්තරයක් පමණි . සටහන මූලිකවම , අවකාශීය පැතිරීම අනුව නෙට්වර්ක් වර්ග තුනකි . 1. LAN (Local Area Network) - නිවසක් , කාර්යාලයක් , කාමරයක් , ගොඩනැඟිල්ලක් වැනි කුඩා ප්‍රදේශයක් පුරා පැතිරුණු ජාලයක් ලෑන් යන නමින් හැඳින් වේ . මෙවැනි නෙට්වර්ක් එකක පරිගණක එකිනෙකාට සන්නිවේදනය කරන දත්ත වේගය හෙවත් බෑන්ඩ්විත් (bandwidth) එක ඉතා විශාලය ( බොහෝවිට , අඩුම තරමේ තත්පරයට මෙගාබිට් 100 ක වේගයක් (100 Megabits per second - 100Mbps) වත් ඇති අතර , දැන් 1000Mbps, 10000Mbps වැනි ඉතා ඉහළ වේගයන් දක්වාද තාක්ෂණය දියුණුවී ඇත ).