Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 2

මින්ට් ඉන්ස්ටෝල් කිරීම

ඕනෑම සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් (install) කිරීමට පෙර එය CD/DVD එකක හෝ වෙනත් දත්ත ගබඩා උපාංගයක (storage device) ගබඩා වී තමන් සතුව පැවතිය යුතුය. මින්ට් නොමිලේ ලබා දුන්නත්, එය ඔබට පරිගණක මෘදුකාංග විකුණන කඩයකින් නොමිලේ ලැබෙන්නේ නැත. ඊට හේතුව එය ඩීවීඩී එකක තැන්පත් කිරීමට හා ඒ සඳහා ඔවුන් ගන්නා මහන්සියට යම් අයකිරීමක් සිදු කිරීමට වන බැවිනි (රුපියල් දෙසියයකට වඩා අඩු මිලකට ලැබේ නම් එය සාධාරණ මිලකි). එය සාධාරණයි. එහෙත් ඔබට අවශ්‍ය නම්, මින්ට් එක ඉන්ටර්නෙට් එකෙන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගත හැකියි. ඉන්පසු එය ඩීවීඩී එකකට කොපි කරගත හැකියි. (සීඩී හෝ ඩීවීඩී එකකට තොරතුරු කොපි කිරීම "සීඩී/ඩීවීඩී රයිට් කරනවා" හෝ "සීඩී/ඩීවීඩී බර්න් කරනවා" යනුවෙන් හැඳින් වෙනවා. CD/DVD writing /burning.) බොහෝවිට මින්ට් තනි ෆයිල් එකක් ලෙසයි පවතින්නේ. එය ගිගාබයිට් 2කට වඩා අඩුයි (ඇත්තටම මෙම ෆයිල් සයිස් එක කාලයත් සමග තරමක් වෙනස් විය හැකියි). මෙම තනි ෆයිල් එක "ඩිස්ක් ඉමේජ් ෆයිල්" (disk image file) එකක් ලෙස හැඳින්වේ.
සටහන
ඩිස්ක් ඉමේජ් ෆයිල් එකක් යනු ඩීවීඩී/සීඩී රයිට් කරන Nero, UltraISO, PowerISO වැනි ප්‍රෝග්‍රෑම් එකකින් ඕපන් කර, පහසුවෙන්ම සීඩී/ඩීවීඩී එකකට ෆයිල්ස් ගණනාවක් රයිට් කිරීමට හැකි වන පරිදි සැකසූ ෆයිල් ෆෝමැට් එකකි. ඇත්තටම එම තනි ඉමේජ් ෆයිල් එක තුළ විවිධ ෆයිල්ස් විශාල ගණනක් ඇත. උදාහරණක් ලෙස, ඔපරේටින් සිස්ටම් එකක් යනු ෆයිල්ස් දහස් ගණනක් සහිත එකකි. මෙම සියළුම ෆයිල්ස් තනි ඉමේජ් ෆයිල් එකක් ලෙසයි සකසා තිබෙන්නේ. මෙවැනි ඉමේජ් ෆයිල්ස් බොහෝවිට අවසන් වන්නේ .iso, .nrg, .img, .bin ආදී ෆයිල් එක්ස්ටෙන්ෂන් (file extension)එකකින්ය. ඉමේජ් ෆයිල් ෆෝමැට් එක එක්තරා විධියකට zip, rar, z වැනි ෆෝමැට් එකකට සමානකමක්ද දක්වයි. මේ ගැන පසුවට තවත් විස්තර සඳහන් වේ.
විවිධ වර්ගයේ ලිනක්ස් පද්ධති ඇති බව ඔබ දන්නවා. ඒවා ඉදිරිපත් කරන ඒ ඒ ආයතනවල අභ්‍යන්තර සම්ප්‍රදායන් තිබෙනවා ඒවාට නම් යොදන විධිය, ඒවා යාවත්කාලීන කරන ආකාරය ආදිය සම්බන්ධයෙන්. "මින්ට් පවුලේ" ඇති එක් සම්ප්‍රදායක් නම් මාස හයකට සැරයක් යාවත්කාලීන කරපු පද්ධතියක් ඉදිරිපත් කිරීමයි. එය සංස්කරණ (version) ලෙස හැඳින් වේ. එය එක්තරා ආකාරයක සතුටට කාරණයකි මොකද යම් යම් දෝෂ පවතී නම්, ඒවා නිවැරදි කිරීමටත් අළුතින් වැඩිදියුණු කරපු හැකියාවන්ද පද්ධතියට එකතු කිරීම මෙමගින් සිදු වේ. එමනිසා ඔබ ඩවුන්ලෝඩ් කරගත යුත්තේ නවතම සංස්කරණයයි. මේ පොත ලියන මොහොත වන විට මින්ට්වල නවතම සංස්කරණය වන්නේ 17.2 වේ (Linux Mint 17.2). සංස්කරණය යාවත්කාලීන වන විට මෙම ඉලක්කම ඉහළ යනු ඇත. කුඩා සංස්කරණ "දශම සංඛ්‍යාව" ඉහළ දැමීමෙන්ද, විශාල සංස්කරණ "දශම තිතට ඉදිරියෙන් තිබෙන සංඛ්‍යාව" ඉහළ දැමීමෙන්ද සංඛේතවත් වේ. මෙම ඉලක්කම වර්ෂන් නම්බර් (version number) එක ලෙස හැඳින් වෙනවා. මින්ට් පවුලේ තවත් සම්ප්‍රදායක් නම්, සෑම සංස්කරණයක් සඳහාම a අකුරින් අවසන් වන කාන්තා නමක් ඊට ලබාදීමයි. උදාහරණක් ලෙස, 17.2 යන සංස්කරණය ඒ අනුව Rafaela යන නමි ලබා දී ඇත. මා දැනට පෞද්ගලික පාවිච්චි කරන්නේ 17.1 යන සංස්කරණය වන අතර එය Rebecca ලෙස හඳුන්වනවා. ඔබ මෙවැනිම සම්ප්‍රදායක් දැක ඇති මොබයිල් ෆෝන්වල ඇති ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තුළත්. ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ නම් කරන්නේ සැන්ඩ්විච්, අයිස්ක්‍රීම් ආදී රසවත් කෑමක නමින්ය. ඇත්තටම මෙවැනි බොහෝ සම්ප්‍රදායන් නිකංම විනෝදයට කරන කිසිම තේරුමක් නැති දේවල්ය.
සටහන
සෑම ලොකු කුඩා පරිගණක වැඩසටහනක්ම කලින් කලට විවිධ සංස්කරණ ඉදිරිපත් කරන බැවින්, ඒ සෑම ප්‍රෝග්‍රෑම් එකකටම වර්ෂන් නම්බර් එකක් පවතී. ඒ ඒ වර්ෂන් නම්බර් එක ඉහළ දමන්නේ කුමන ප්‍රමාණවලින්ද යන්න තීරණය කරන්නේ එම ප්‍රෝග්‍රෑම් එක සාදන අයමයි. එම වර්ෂන් නම්බර් එකෙන් තමයි අප යම් ප්‍රෝග්‍රෑම් එකක සංස්කරණ හඳුනා ගන්නේ. එහෙම නැතිම එම ප්‍රෝග්‍රෑම් එක රන් කර එහි දක්නට ලැබෙන වෙනස්කම් දැක නොවේ.
මින්ට් ඩවුන්ලෝඩ් කරගැනීමට ඔවුන්ගේ www.linuxmint.com යන නිල වෙබ් අඩවියට පිවිසෙන්න. එම වෙබ් අඩවියේ තිබෙනවා එය ඩවුන්ලෝඩ් කරගැනීමට හැකි විවිධ ආකාර හා ස්ථාන. ඉන් තමන්ට කැමති සුදුසු ක්‍රමයකින් ඩවුන්ලෝඩ් කරගන්න. මෙහිදී මතක තබා ගත යුතු දෙයක් තිබේ. එම වෙබ් අඩවියෙන් හෝ එම අඩවියේම සඳහන් කර ඇති වෙනත් තැනකින් (මිරර් සයිට් එකකින්) පමණක් මින්ට් ඩවුන්ලෝඩ් කරගන්න. අන්තර්ජාලයේ වෙනත් නොනිල ස්ථානවල ඇති ඒවායේ ආරක්ෂාව ගැන වගකීමක් නැත. සමහරවිට ඒවා කූට වංචාකාරයින් විසින් ඉදිරිපත් කරපු ඒවා විය හැකියි ඔබගේ පරිගණකයෙන් තොරතුරු හොරෙන් ලබා ගැනීමට හැකි වන ලෙස සැකසූ. අනෙක් අතට, ඉහත නිල වෙබ් අඩවිය තිබියදී වෙනත් තැනකින් එය ඩවුන්ලෝඩ් කරගැනීමට කිසිදු හේතුවක්ද නොමැත.
සටහන
වර්ථමානයේ පවතින පරිගණක 32-bit හෝ 64-bit ලෙස දෙවර්ගයකින් පවතී. ඇත්තටම මෙය ඔබේ පරිගණකයේ ඇති CPU එක හෙවත් ප්‍රොසෙසර් එකට අදාල ගතිගුණයකි. ප්‍රොසෙසර් එකට ගැලපෙන ලෙස හැමවිටම පරිගණකයේ මදර්බෝඩ් එකත් තිබිය යුතුය. එමනිසා ඔබේ ප්‍රොසෙසර් එක 64බිට් නම් ඔබේ මදර්බෝඩ් එකද 64බිට් සපෝට් කරන එකක් විය යුතුය. එ්වගේමයි, ඔබේ ප්‍රොසෙසර් එක 32බිට් නම් පරිගණකය 32බිට් කියා හඳුන්වමු. ඔබගේ පරිගණකය කුමන වර්ගයක එකක්දැයි සොයාගන්න. 64බිට් වර්ගයේ එක 32බිට් වර්ගයේ එකට වඩා බලවත්ය. මෙය දැනගැනීම සඳහා ඉතා කුඩා ප්‍රෝග්‍රෑම් වර්ග ඇත. තමන්ගේ පරිගණකයේ ස්ටිකරයක ඒ බව සමහරවිට සඳහන් වී තිබිය හැකිය. එසේත් නැතිනම්, තමන්ගේ ප්‍රොසෙසර් මොඩෙල් එක හා අංකය ගූගල් එකේ සර්ච් කිරීමෙන්ද එය 32බිට්ද 64බිට්ද කියා දැනගත හැකිය. එලෙස දැන ගැනීමේ වැදගත්කමක් තිබේ. මොකද ඔබ මින්ට් (හෝ වෙනත් ප්‍රෝග්‍රෑම්ස් හෝ) ඩවුන්ලෝඩ් කරන විට 32-bit හෝ 64-bit යන දෙයකාරයෙන් එය ලබාගත හැකියි. ඔබ ඩවුන්ලෝඩ් කරගත යුත්තේ ගැලපෙන එකයි. කිසිවිටක 32බිට් කොම්පියුටරයකට 64බිට් මින්ට් ඉන්ස්ටෝල් කළ නොහැකිය. එහෙත් 64බිට් කොම්පියුටරයකට 32 හා 64 යන දෙයාකාරයේම මින්ට් ඉන්ස්ටෝල් කරගත හැකියි. එසේ පුළුවන් වූ පලියට එය කරන්න එපා. 64 මැෂින් එකකට 64 මින්ට් එකම ඉන්ස්ටෝල් කරගන්නට උත්සහ කරගන්න. එමගින් ඔබගේ පරිගණකයේ සම්පූර්ණ හැකියාවන් ඔබට ලබාගත හැකියි.
දැන් එම අඩවියේ download ලින්ක් එක ක්ලික් කර තමන්ට ගැලපෙන එක ඩවුන්ලෝඩ් කරගන්න. MATE (මාටේ), MATE OEM, Cinnamon ආදී ලෙස අතුරු නම් සහිතවද මින්ට්හිම තවත් සංස්කරණ ඇති බව පෙනේ. ඉන් MATE එක සාමාන්‍ය භාවිතය සඳහා ඉතාම සුදුසු එක බැවින් එය ලබාගැනීම වඩා උචිතය. ඔබ තෝරාගත් සංස්කරණය ඩවුන්ලෝඩ් කරගැනීමට ස්ථාන රාශියක් ඔබට පෙන්වනු ඇත. (යම් ෆයිල් එකක් ස්ථාන කිහිපයකින්ම ඩවුන්ලෝඩ් කරගත හැකි විධියට පහසුකම් සලසා ඇත්තේ බොහෝ දෙනෙකුට එකවර වුවත් එය වැඩි වේගයකින් ඩවුන්ලෝඩ් කරගැනීමට හැකි වනු පිණිසයි. එවිට එවැනි එක් එක් ස්ථාන mirror websites ලෙස හැඳින් වෙනවා.) ඉන් ඕනෑම ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් එය ඩවුන්ලෝඩ් වීමට පටන් ගනී. සාමාන්‍යයෙන් එම ඉමේජ් ෆයිල් එක linuxmint-17.2-mate-64bit.iso වැනි නමකින් දැක්වේවි. මෙම නමෙහි විස්තර කිහිපයක්ම ගැබ්ව ඇති බව පෙනේ.
තරමක විශාල ෆයිල් එකක් නිසා ඩවුන්ලෝඩ් කිරීම ගැන යමක් මෙහිදී සඳහන් කිරීම වටිනවා. එනම්, Internet Download Manager (IDM) හෝ එවැනි වෙනත් ඩවුන්ලෝඩ් මැනේජර් එකක් හරහා පමණක් එය ඩවුන්ලෝඩ් කරගන්න. ඊට හේතුව සමහරවිට අතරමඟදී ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වීමට පුළුවන්. නැතහොත් විදුලිය විසන්ධි වීමට පුළුවන්. එහෙමත් නැතිනම් වෙනත් ප්‍රශ්නයක් නිසා අතරමඟදී ඩවුන්ලෝඩ් වීම ඇණසිටීමට පුළුවන්. එහෙත් ඔබ ඩවුන්ලෝඩ් මැනේජර් එකක් තුළින් එය සිදු කළේ නම්, නැවත අන්තර්ජාලයට කනෙක්ට් වූ පසුව නැවත නැවතුණු තැන සිට ඩවුන්ලෝඩ් කිරීම ඇරඹිය හැකියි (resume). එසේ නැති වුවොත් ඔබට නැවත මුල සිටම සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් එක ඇරඹීමට සිදු වේවි. ඇත්තටම මෙය මින්ට් සඳහා පමණක් නොවේ, වෙනත් ඕනෑම විශාල ෆයිල් එකක් අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරන විට පිළිපැදිය යුතු කරුණකි. ටොරන්ට් ක්‍රමයටද එය ඩවුන්ලෝඩ් කරගැනීමේ පහසුකම සලසා ඇත (මා පෞද්ගලිකව ටොරන්ට් ක්‍රමයට කැමති අතර, මාද මින්ට් ඩවුන්ලෝඩ් කරගත්තේ ටොරන්ට් එකක් විධියටය.)
සටහන
Torrent යනු අන්තර්ජාලය ඔස්සේ ෆයිල්ස් හුවමාරු කරගැනීමේ (share) එක් ක්‍රමයකි. Mp3 සිංදුවක් ඇසීමට ප්ලේයර් එකක් අවශ්‍ය කරනවා සේම, ඉන්ටර්නෙට් යෑමට ෆයර්ෆොක්ස්, ක්‍රෝම් වැනි වෙබ් බ්‍රවුසර් එකක් අවශ්‍ය කරනවා සේම, ටොරන්ට් සමග වැඩ කිරීමට ඒ සඳහාම සාදා ඇති utorrent, Transmission වැනි ටොරන්ට් ප්‍රෝග්‍රෑම් එකක් අවශ්‍ය කරනවා. සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකෙන් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන විට, එම ෆයිල් එක ඇත්තේ කොහේ හෝ ඉන්ටර්නෙට් එකට සම්බන්ධව ඇති තවත් එක් කොම්පියුටරයක් තුළයි. ඔබේ පරිගණකයට එම ෆයිල් එක එන්නේ එම තනි කොම්පියුටරයේ සිටයි. එහෙත් ටොරන්ට් එසේ නොවේ. යම් ෆයිල් එකක් ටොරන්ට් ක්‍රමයට ඇති විට, එම ෆයිල් එක "ගෙඩි පිටින්ම" තනි පරිගණකයකින් ඔබේ පරිගණකයට පැමිණෙන්නේ නැත. යම් ෆයිල් එකක් ටොරන්ට් ක්‍රමයට ෂෙයාර් කර තිබෙන විට, එම ෆයිල් එක සම්පූරණයෙන්ම හෝ අර්ධ වශයෙන් ඇති, එම ටොරන්ට් එකට සම්බන්ධ ඔබ වැනිම තවත් බොහෝ පිරිසකගේ පරිගණක විශාල සංඛ්‍යාවකින් තමයි කොටස් වශයෙන් ඔබේ පරිගණකයට එය ඩවුන්ලෝඩ් වෙන්නේ. ඇත්තටම ඔබ එම ෆයිල් එක ටික ටික ඩවුන්ලෝඩ් කරන ගමන් ඔබේ පරිගණකයේ දැනට ඩවුන්ලෝඩ් වී ඇති කොටස් වෙනත් අයගේ පරිගණක වෙතටද යවනවා (upload). එනිසා ටොරන්ට් යනු සාමූහික ප්‍රයත්නයක්. මේ ගැන වැඩි විස්තර සොයා බලා ඉගෙන ගන්න. මෙම පොතෙහිද පසුවට මේ ගැන තවදුරටත් විස්තර කෙරේ.
කුමන හෝ ක්‍රමයකින් තමන්ට ගැලපෙන iso ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉන්පසු එය ඩීවීඩී එකකට රයිට් කරගන්න. ඔබ සතුව ඩීවීඩී රයිටරයක් තිබේ නම් හා රයිට් කළ හැකි මෘදුකාංගයකුත් තිබේ නම්, කළ යුත්තේ එම මෘදුකාංගය ඔස්සේ ඉහත iso ෆයිල් එක ඕපන් කර ගැනීම හෝ නිකංම ඉහත iso ෆයිල් එක මත ඩබ්ල් ක්ලික් කිරීමයි (එවිට එය ඉබේම රයිට් කරන ප්‍රෝග්‍රෑම් එකෙන් ඕපන් වේවි). ඉන්පසු බ්ලෑන්ක් ඩීවීඩී එකක් දමා එය burn කරගන්න. ඔබට කඩේකින් හෝ මිතුරෙකුගෙන් අලුත්ම මින්ට් සංස්කරණයක් ලබාගත හැකි නම් කාලය හා ශ්‍රමය ඉතිරි වනු ඇත. (ඇත්තටම ඔබේ මෙම ඩීවීඩී එක හෝ එහි කොපි තමන්ගේ මිතුරන්ට හෝ මින්ට් ඉන්ස්ටෝල් කරගැනීමට අවශ්‍ය අයට දෙන්න. අනිත් අයවත් මින්ට් වලට හැකි පමණ පොළඹවා ගන්න. එය ඇත්තටම වාසියකි. බොහෝ දෙනා එය භාවිතා කරන විට, ඔබට මතුවන ප්‍රශ්න ඔවුන් සමග සාකච්ඡා කර විසඳාගත හැකි වේවි. අලුත් අලුත් දේවල් ඔවුන්ගෙන් දැනගත හැකි වේවි.)

දැන් මින්ට් ඉන්ස්ටෝල් කිරීමට සියල්ල සූදානම්ය. ඔබට මූලික පරිගණක සාක්ෂරතාව නොමැතිනම් ඉහත කියූ සමහර කරුණු අමාරු බව දැනේවි; මින්පසුවට ඉන්ස්ටෝල් කරන විධිය ගැන කියන කරුණුත් අමාරු බව දැනේවි. එහෙත් මා හැකි පමණ ඕනෑම කෙනෙකුට (පළමු වරට වුවද මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කරන කෙනෙකුට පවා) එය කළ හැකි පරිදි සරලව "සටහන්" ද සහිතව විස්තර කරන්නම්. බිය වීමට කිසිම හේතුවක් නැත. ඔබට පරිගණකයකින් වැඩක් ගැනීමට අවශ්‍යයි නම් ඔබ කවදා හෝ මේවා ඉගෙන ගැනීමට සිදු වෙනවා. එම දවස හෙටට කල් නොදා "අද" කරගන්න. රූප සටහන්ද සහිතව මා පියවරින් පියවර සියල්ල පෙන්වා දෙන්නම්.