තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි. ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්
Customs Declaration (CusDec) ශ්‍රී ලංකාව තුලට ගෙන එන (import) සියලු භාන්ඩ හා ලංකාවෙන් පිට කරන (export) සියලු භාන්ඩ රේගුවේ මැදිහත් වීම හරහා විය යුතුය. ශ්‍රී ලංකා රේගුව යනු රේගු ආඥාපනත (Customs Ordinance) නම් පාර්ලිමේන්තු පනතකින් පිහිටුවා තිබෙන රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. ශ්‍රී ලංකා රේගුවට විශාල වගකීම් ප්‍රමානයක් තිබේ. ඒ අතර, ආනයන අපනයන භාන්ඩ මත පනවා ඇති විවිධ බදු වර්ග අය කර ගැනීම, තහනම් කර ඇති හෝ සීමාකර ඇති භාන්ඩ නිසි ලෙස පාලනය කිරීම ප්‍රමුක කටයුතු වේ. රේගු නිලධාරින් (customs officers) විවිධ මට්ටම්වලින් (ranks) සිටිනවා. සහකාර රේගු අධිකාරි ( Assistant Superintendent of Customs – ASC), නියෝජ්‍ය රේගු අධිකාරි (Deputy Superintendent of Customs – DSC), රේගු අධිකාරි (Superintendent of Customs – SC), නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක (Deputy Director of Customs – DDC), රේගු අධ්‍යක්ෂක (Director of Customs – DC), අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් ( Additional Director General of Customs ), රේගු අධ්‍යක්ෂක ජනරාල් (Director General of Customs ) යනු එම ප්‍රධාන තනතුරුයි. රේගුව සමඟ වැඩ කරන විට, මෙම තනතුරු නාම ඔ