ක්‍රිප්ටොකරන්සි (CryptoCurrency) අවසාන කොටස

ඔබට ඕනෑම මොහොතක ඔබේම බිට්කොයින් ලිපිනයක් සාදා ගත හැකියිනෙ. ඉතිං, ඔබේ ජීවිත කාලය පුරාවට ඔබට ලැබෙන සියලු බිට්කොයින් මෙම ලිපිනයට ගෙන්වා ගත හැකියි. ඒ අනුව එම ලිපිනය ඔබේ සාම්ප්‍රදායික බැංකු ගිනුම මෙන් ක්‍රියා කරයි. එහෙත් ප්‍රායෝගිකව එහෙම නොවෙයි බිට්කොයින් ඇඩ්‍රස් භාවිතා කරන්නේ. සාමාන්‍යයෙන් ඔබට බිට්කොයින් ලැබෙන සෑම වාරයකදීම අලුතින් බිට්කොයින් ලිපිනයක් සාදා එයටයි බිට්කොයින් ගෙන්වා ගන්නේ. බිට්කොයින් ලිපින ඉතාම ඉතා දිගු නිසා, ඔබට අවශ්‍ය නම් දහස් හෝ ලක්ෂ ගනනක් වුවද අලුතින් අලුතින් ඇඩ්‍රස් සෑදිය හැකියි; කවුරුත් ඔබව නවතන්නේ නැහැ. සෑම ගනුදෙනුවකදීම බිට්කොයින් ලබා ගැනීමට අලුත්ම ඇඩ්‍රස් එකක් භාවිතා කිරීම තුලින් ඔබේ අනන්‍යතාව තවදුරටත් හෙලි නොවී ආරක්ෂා වේ; නිර්නාමිකබව (anonimity) රැකේ. ඒ කියන්නේ ඔබට කොච්චර බිට්කොයින් ලැබී ඇත්දැයි පිටත සිට කෙනෙකුට සොයා බැලීමට දැන් අපහසුයි. සිතන්න ඔබ එක ලිපිනයක් විතරක් භාවිතා කලේ නම්, ඔබගෙන් තොරතුරු හෙලි නොවුනත්, නිකමට හෝ ඔබට බිට්කොයින් එවපු කෙනෙකුව හෙලි වුනොත්, ඔබගේ ලිපිනයත් ඉන් හෙලි වී, එම ලිපිනයට ලැබුනු මුලු බිට්කොයින් ගනන දන්න නිසා ඔබ සතුව ඇති මුලු බිට්කොයින් ගනන හ