ඉංග්‍රීසි


 

This page contains all the links to the posts and lessons which teach you English language (as a skill).

පාඩම 1                                                                       අතිරේකය 1

පාඩම 2                                                                       අතිරේකය 2

පාඩම 3                                                                       අතිරේකය 3

පාඩම 4                                                                       අතිරේකය 4

පාඩම 5                                                                       අතිරේකය 5

පාඩම 6                                                                       අතිරේකය 6

පාඩම 7                                                                       අතිරේකය 7

පාඩම 8                                                                       අතිරේකය 8

පාඩම 9                                                                       අභ්‍යාසවල පිළිතුරු

පාඩම 10                                                                     English Tutes collection

පාඩම 11                                                                     පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින්

පාඩම 12


English Grammar Cheatsheet 

දැනගත යුතු ඉංග්‍රිසි වචන - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන - 2

Comments

  1. හුගක් වටිනවා. බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. danati dewal godak igena gattha oya nisa....ekata oyata godak sthuthi......me website eka gana thwa ayata kiyannam....

    ReplyDelete
  3. niyama wdak.....kiyala wadak na...

    ReplyDelete
  4. aluth english potha oyata pluwannam danawada.........thanks..

    ReplyDelete
  5. aluth english potha oyata pluwannam danawada.........thanks..

    ReplyDelete
  6. ගොඩක් පින් අපිට ඉංග්‍රීසි ඉගැන්නුවට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මං දැක්කා ඔයා තනි පාඩමක් ඩවුන්ලෝඩ් කරන්න හදලා තියෙනවා. තනි තනි පාඩම වෙනුවට සම්පූර්ණ පොතම (පාඩම් සියල්ලම) ඩවුන්ලෝඩ් කරගන්න එක වඩා සුදුසුයි මං හිතන්නේ. http://tekcroach.blogspot.com/2015/08/blog-post_7.html

      Delete
  7. ගොඩාක් ගොඩාක් වැදගත් පාඩම් මාලාවක්.කාලීන අවශ්‍යතාවක් ඉටු කරලා තියෙන්නෙ. ගොඩාක් ස්තුතියි ඔබතුමාට .

    ReplyDelete
  8. ගොඩක් වැදගත්

    ReplyDelete
  9. Enter your comment...godak watina padamak aththatama mama english igena ganda pahasu wuna tanks you.

    ReplyDelete
  10. obathuma sambanda kara genimata phone number ekak denna puluwannda

    ReplyDelete
  11. Godak watina post tikak .. tika tika read karanna bookmark dagaththa .. thank you so much

    ReplyDelete
  12. ගොඩක් ස්තුතියි ... මේ දේවල් ගොඩක් වටිනවා ....

    මේවගේ දේවල් ඉස්සරහටත් කරගෙන යන්න ශක්තිය ලැබේව..!

    ReplyDelete
  13. අනේ මන්දා මම කොහොම කියන්නද කියලා මෙවා. මට sir ගෙ පොත කියවීමෙන් මාර දැනුමක් ලැබුණා. ඒක හරියට සම්මන්ත්‍රණයකට සහභාගි උනා වගේ. ඇත්තටම කිව්වොත් මට පෙළ පොතේ තියෙන ඉංග්‍රීසි මෙලෝම දෙයක් තේරෙන්නෙ නෑ. ඒවා හරිම අපිළිවෙළයි. නීරසයි. ( පාඩම් පෙළ ගස්වා තිබෙන පිළිවෙළ අනුව යම් දෙයක් හොයන්න ගියාම ඉංග්‍රීසි එපා වෙනවා.) sir ගෙ පැහැදිලි කිරීමි වලට ගහන්න පැහැදිලි කිරීම් නෑ. sir තමයි මට මේ ලෝකයේ හමුවුණු හොඳම ගුරුවරයා. Sir මොන තරම් සංකීර්ණ දේ ලිව්වත් මට ඒ දේවල් තේරෙනවා එ මොකද කිව්වොත් sir ලියන හැම දෙයක්ම ඕනම කෙනෙකුට තේරුම් යන ආකාරයට ලියලා තියෙනවා. (දෙෙශික, අනුකලනය වැනි සංකිර්ණ සංකල්ප පවා) ඉතින් මම නිකමට වගේ ඉංග්‍රීසි e පොත download කර ගත්තා. Sir මෙවා කෙතරම් අපූරුවට හා සරලව ලියා තිබෙනවා ද කියා කිව්වොත් ඒක හරියට මහා සාගරය එක් දිය බිඳකට එකතු කලා වගේ. Sir ගෙ හැම පොතම එහෙමයි. මම ආධුනික ගුවන් විදුලිය ගැන ද කියවා බැලුවා. මට ලොකු ආසාවක් ඇති උනා එ්කට. (හැබැයි ඉතින් වයස සම්පූර්ණ නැනේ.) ගණිතය පොත් 4 ත් එහෙමයි.

    ඉංග්‍රීසි පොත නම් ඉතා වැදගත්. අපේ සිලබස් එක නිකම්... හත් පොලේ ගා ගැනීමක් වගේ. එහි දෙයක් ඇත්තෙත් නෑ නැත්තෙත් නැ. වැල්වටාරම් නැතිව sir මේ පොත ලියා තිබෙනවා ප්‍රායෝගික වශයෙන් එදිනෙදා ජීවිතයේ අවශ්‍ය වන, එමෙන්ම විභාගයටත්‍ අවශ්‍ය වන. මම ඒක පාඨමාලාවක් වශයෙන් හැමදාම practice කරනවා. ඔබ තුමා පහල වෙලා තියෙන්නේ අපේම පිනට. ඔබ තුමා නොසිටින්නට මම නම් ළිඳේ ඉන්න මැඩියෙකි.( මම අනුකලනය වැනි දේවල් තියෙනවා ද කියලා වත් දැන ගෙන හිටියේ නෑ.) නමුත් දැන් නම් මා බොහෝ දේ දන්නවා sir නිසා. Sir නිසා මට ගාණක් දැක්කම පේනවා ගාන හදන්න ඕන විඳිහ. ( ගාණ පිරිසිඳ දකින්න පුළුවන්.) එ තත්වයට යන්න මගේ අැස් පාදපු sir ට පින්...

    ඉංග්‍රීසි පොත නම් ඉතා වැදගත් අපි වගේ අයට. මූල ඉන්දන් ඉගෙන ගන්න පුළුවන්. රළු පැහැදිලි කිරීම් වෙනුවට ඉතා සිත්ගන්නා සුළු විදිහට ලියලා තියෙනවා. ගණිතය පිළිබඳ අතිරේකයක් දක්වා තිබීම ඇත්තටම ගොඩක් වැදගත්.

    පොඩි යෝජනා ටිකක් තියෙනවා.
    අභ්‍යාස වල පිළිතුරු ආභාසය ලගින්ම තිබේ නම් එය පරිශිලනය ට පහසුවක්. E පොත් ආකාරයෙන් තිබෙන නිසා පිටු අතර ගමන් කිරීම වෙහෙසකරයි.
    Sir ගෙ පොත් මුද්‍රණය කර බෙදා හරින්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දිගු වේලාවක් තිරය දෙස බලා සිටීම අැස් වලට අපහසුයි. අනික සාමාන්‍ය පොත් පරිශිලනය කිරීමටත් පහසුය.
    අකුරු පොඩ්ඩක් ලොකුවට ගහන්න පුළුවන් නම් හොඳයි. (ආධුනික ගුවන් විදුලි පොත් වල අකුරු කියවන්න අපහසු ය. විශේෂයෙන් ජංගම දුරකථන වලින්.).

    අවසන් වශයෙන්...
    Sir මේ කරන කැප කිරීම් මා වෙන කිසිම කෙනෙකුගෙන් දැක නැ. විශේෂයෙන් දුරස්ථ මාධ්‍ය වලින් ඉතාමත් පැහැදිලි ලෙස කරන පැහැදිලි කිරීම් හා ප්‍රශ්න වලටවිසඳුම් ලබාදීම අපිට බොහෝ වටිනවා;කරුණු නිරවුල් කර ගැ
    නීම සඳහා. Sir අප වැනි සිසුන් අරභයා කරන මේ සත්කාර්ය වෙනුවෙන් අපි ඔබතුමාව
    " cyber අවකාශයේ ගුරු දෙවියන්"
    ලෙස හැඳින්වීමට කැමැත්තෙමු.

    ඔබ තුමා මේ රටේ අධ්‍යාපන ඇමැති වශයෙන් පත් වූවා නම් කොච්චර දෙයක් ද...?

    මාත් මන් දන්න දේ එකතු කරලා වෙබ් අඩවියක් නිර්මාණය කලා නම් හොඳයි කියලා හිතෙනවා. :)

    ReplyDelete
    Replies
    1. තමන්ගේ මව් බස හොඳින් ඉගෙන ගන්න. ඒ වගේම ඉංග්‍රිසි බසද පුලුවන් තරම් ඉගෙන ගන්න; ඉංග්‍රිසි වචන පාඩම් කරන්න. ඔබට විශ්වයේම තිබෙන දැනුම ඔබේ අත්ල මතට ගත හැකියි (අන්තර්ජාලය හරහා) ඉංග්‍රිසි දන්නෙහි නම්.

      මා යමක් ලියන්නට පෙර මනසින් විවිධාකාරයෙන් සමස්ථ පාඩමම සිතින් මවා ගත් පිරිසකට කියා දෙනවා. බොහෝවිට තුන් හතර පාරක් වුවද එකම පාඩම මා විවිධ ආකාරයෙන් එලෙස සිතින් කියා දෙනවා. එවිට කාටත් තේරෙන විදියට දම්වැලක පුරුක් මෙන් පාඩම් පෙල ලස්සනට ලිවිය හැකියි. ඔබත් ලියන විට හැකි නම් එම ක්‍රමය අනුගමනය කර බලන්න.

      පාසල් පෙල පොත් ගැන නම් කතා කරන්න එපා. මිනිසුන් දැන ඉගෙන ගත යුත්තේ කුමක්ද, එම දැනුම රසවත්ව ජීවිත කාලයට ප්‍රයෝජනවත් විදියට දිය යුත්තේ කෙසේදැයි එම පෙල පොත් ලියන එවුන්ට හැඟීමක් නැතැයි මා සිතන්නේ. සමහරවිට උන්ට එය නිකංම පඩියට කරන ජොබ් එකක් විතරක් විය හැකියි. උසස් පෙළ භෞතික විද්‍යාව සිලබස් එක නෙල්සන්,පාකර්ගේ ඉංග්‍රිසි පොතේ කොපියක්. හැකි නම් සොයාගෙන කියවා බලන්න නෙල්සන්,පාකර්ගේ ඔරිජිනල් ඉංග්‍රිසි පොත; එවිට තේරෙයි (අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් කරපු) එහි සිංහල පරිවර්තනවලට වඩා ඔරිජිනල් පොතේ කරුණු කොතරම් අපූරුවට තිබෙනවාද කියා.

      අභ්‍යාසවල පිලිතුරු මා එක ළඟින් නොදැම්මේ පිලිතුරු කියවීමට අධෛර්යවත් කිරීම සඳහාය. ප්‍රින්ට් කිරීම ගැනත් මා සිතා බලන්නම් :) කොල සහිත පොතක් තරම් ඊබුක් එකක් ෆීල් නොවන බව මාත් අත්දැකීමෙන් දන්නවා. බලමුකො...

      ආධුනික ගුවන් විදුලිය ගැන සෙමින් ඉගෙන ගන්න (පාසල් වැඩවලට සමගාමීව). මෝස්කෝඩ් හොඳින් ප්‍රැක්ටිස් වෙන්න (lcwo.net වෙබ් අඩවිය ඒ සඳහා ඉතා හොඳය). නිසි වයසට ආ විටම වහම විභාගයට පෙනී සිටින්න. ඒ සඳහා ඉංග්‍රිසි බසත් අවශ්‍ය වන නිසා ඉංග්‍රිසිත් ඉගෙන ගන්න. හැකි නම් හොඳ යාලුවො සෙට් එකක් හදා ගෙන කල්ලියක් වගේ ඉගෙන ගන්න. තවත් රසවත් වේවි.

      ඔබත් දන්නා දේවල් යාලුවන්ට කියා දෙන්න. එය හොඳ සමාජ සත්කාරයක් වගේම තමන්ටත් කරුණු ඉතා හොඳින් දිගු කාලීනව මතක තබා ගැනීමට රුකුලක් වෙනවා. මාද පාසලේ කුඩා කල සිටම යාලුවන්ට මා දන්නා දැනුම කියා දුන් කෙනෙකු වන අතර පාසැලේ ගුරුවරුන්ගෙන් හා පේරන්ට්ස් මීටිංවල නිරන්තරයෙන්ම මා එනිසා පැසසුම් ලබා තිබෙනවා.

      ගුරුවරුන් මතම නොයැපී පොතපත කියවා ඉගෙන ගන්නට පුරුදු වෙන්න. එකම විෂය ගැන පොත් කිහිපයක්ම කියවන්න. කියවන අතරේ කොපි පොත්වල කෙටි සටහන්ද ගා ගන්න. පෞද්ගලිකව මා හැමවිටම පාසල් සිලබස් එකට කොටු වූයේ නැත (පාසල් යන කාලයේ). ක්වන්ටම් භෞතිකය, සාපේක්ෂතාවාදය ආදිය මා ඉගෙන ගත්තේ උසස් පෙල කරන කාලයේය. කුමාරතුංග මුනිදාසයන්ගේ ව්‍යාකරණ ග්‍රන්ථ දෙක මා කටපාඩමින් දැන සිටියේ පාසලේ 9 වසර පංතියේදීය. මා පාසලෙන් දෙන ගෙදර වැඩ කිසිදා කරන්නේ නැත; පාසල් පංතිකාමරය තුල උගන්වන දේවල් ලියා ගන්නේද නැත; ටියුෂන් ගියේද නැත. මාර ආශාවෙන් ලෝකයේ බොහෝ දේවල් ගැන සොයා ඉගෙනීමට උණක් තිබුණු නිසා පුස්තකාලවල බඩගාමින් ඉගෙන ගත්තා. හැන්දෑ 5,6 පමණ වනතුරු අප හොඳට සෙල්ලම් කළා. මා ඉගෙන ගත් හැටි කෙටියෙන් හෝ පැවසුවේ ඉගෙනීම ඇත්තටම රසවත්ය යන මාගේ අත්දැකීම බෙදා ගැනීමටයි.

      සෙල්ලම් කිරීමට වෙලාවක් නැති, රෑ7 පහුවෙලාත් උදේ 5ට ඇඳපු පාසල් යුනිෆෝම් එකෙන්ම දවස ටියුෂන් ගානේ රස්තියාදු කරවන මේ විකෘති අධ්‍යාපන රටාව නම් කිසිසේත් අධ්‍යාපනයට නොගැලපෙන තිරිසන් ක්‍රමයකි. එක පැත්තකින් යම් වරදක් ළමයින්ගේද වේ. එනම් තමන් හොඳින් ඉගෙන ගන්නේ නම් (ස්වෝත්සහයෙන්) දෙමාපියන්ද ළමුන්ව ටියුෂන් ගානේ නොයවා නිදහස ලබා දෙනු ඇත. ඔබ ඇතුලු තවමත් පාසල් යන අයට මා කියන්නේ ඉගෙනීම ඉතා ආශාවෙන් කළ හැකි ජොලි දෙයක් බවයි. නියම ක්‍රමවලට හුරු වෙන්න.

      Delete
    2. මට එ ව්‍යාකරණ පොත් 2 e පොත් විදිහට download කර ගන්න පුළුවන් ද ?

      Delete
    3. කුමාරතුංගයන්ගේ පොත් 2 නම් මං හිතන්නේ නැහැ අන්තර්ජාලයෙන් ඊබුක් ලෙස ගත හැකියි කියා. පොත් සාප්පුවල බලන්න. පොත් දෙකේ නම් වන්නේ "ව්‍යාකරණ විවරණය" හා "ක්‍රියා විවරණය" වේ. මා දන්නා පරිදි නිතර ප්‍රින්ට් නොවන පොත් 2ක් නිසා කොහොම හරි මිලදී ගෙන තබා ගන්න.

      Delete
  14. Sir, මමත් web site එකක්‌ පටන් ගත්තා.
    totheinfinitywithme.blogspot.com

    ReplyDelete
    Replies
    1. :) නියමයි... හැකි තරම් සිංහල බසින් වැදගත් අධ්‍යාපනික දේවල් ලියන්න. බ්ලොග් එක කරගෙන යන එක වදයක්/බරක් නොවන ගානට සිදු කරන්න විනෝදෙන් හා ආත්ම තෘප්තියකින්. බ්ලොග් එකට එන පිරිසේ අඩුවැඩිය ගැන නොසිතා ලියන්න.

      Delete
    2. ඔව්, අනිවාර්යයෙන්ම... මම වේලාවක් ලැබුණු හැම විටම ලියන්නම්. බ්ලොග් එකක් පටන් ගන්න එකෙන් ආත්ම තෘප්තියක් ලැබෙනවා තමයි. හැබැයි ඉතින් පටන් ගත්තා වගේඅැ ලියන්නත් එපැයි :) මම විෂයානුබද්ධ ඒවාට මුල් තැන දෙමින් ලියනවා. ( දන්න දෙයක් එපැයි ලියන්න.) බ්ලොග් එකට www කොටස දාගන්නෙ කොහොමද ?

      Delete
    3. ඒක අමුතුවෙන් දාන්න අවශ්‍ය නැහැ. www කොටස දාලා එන්ටර් කළාම ඉබේම ඔබේ බ්ලොග් එකටම ෆෝවර්ඩ් වේවි. බොහොම හොඳයි... :) පුලුවන් තරම් දේවල් ලියන්න.

      Delete
  15. මොන දේ කළත් මට ඉංග්‍රීසියෙන් වචන පහ හයක් එකතු කරලා කතා කරන්න බැරි මොන පවකටද මන්දා...

    ReplyDelete
  16. ලෝකයේ පහල වූ කවුරුත් සෑම දෙයක්ම පටන් ගත්තේ බැහැ කියාය. පළමුවර කරන විට එය හරිහැටි කරන්නට දන්නේ නැත. තමන්ට අවශ්‍ය යැයි ඇත්තටම හැඟීමක් තියේ නම්, තමන්ට දැන් බැරි දේවල් යම් කාලයකට පසුව පුලුවන් බවට පත් වේ. ඔබගේ ආශාවේ හා ඕනකමේ ප්‍රමාණය මත හා නිවැරදි විධි යොදා ගැනීම මත මෙම කාලය අඩු වැඩි විය හැකිය.

    ReplyDelete
  17. Excellent.edinedha bawitha wana wakya list ekak puluwannam danna

    ReplyDelete
  18. I don't have words to tell how grateful I am for the silent service you are doing!Thank you for everything and happy to know a silent hero!

    ReplyDelete
  19. Sir okkoma padam downloder karaganne kohomada

    ReplyDelete
  20. ගොඩාක් ස්තූතියි සර්

    ReplyDelete
  21. ඔබ කරන සේවයට බොහෝ ම ස්තූතියි, නුවණ දැනුම නොමිලේ ලබා දෙන්නාට තවතවත් නුවණැස වැඩේ,

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1