Posts

Showing posts from April, 2016

c හා c++ ප්‍රෝග්‍රැමිං - 2

Image
අතිරේකය 1 - පරිගණක හැඳින්වීම කොම්පියුටරයක් යනු දැනට ලොව මිනිසා විසින් සාදා තිබෙන දියුණුතම මෙන්ම ඉතාම ප්‍රයෝජනවත්ම ඉලෙක්ට්‍රොනික උපකරණය බව විවාදයක් නැහැ . එය මූලික කොටස් 3 කින් සැදුම් ලද්දකි . එම කොටස් 3 නම් , දෘඩාංග (hardware) , මෘදුකාංග (software) , හා ජීවාංග (liveware/humanware) වේ . පරිගනකය වාහනයකට උපමා කළොත් , වාහනයේ රෝද , එන්ජිම ආදී අතින් ඇල්ලිය හැකි කොටස් හාඩ්වෙයාර් ලෙසද , වාහනයට යොදන ඉන්දන සොෆ්ට්වෙයාර් ලෙසද , වාහනය එලවන රියදුරා ලයිව්වෙයාර් ලෙසද සැලකිය හැකියි .   සෑම යන්ත්‍රයකින්ම යම් නිශ්චිත රාජකාරියක් කරගත හැකියි . ඔබ දන්නා යන්ත්‍ර / උපකරණ කිහිපයක් ගැන සිතා බලන්න ; ඒ එක් එක් උපකරණයෙන් කරන රාජකාරිය කුමක්ද ? සමහර යන්ත්‍රවලින් රාජකාරි කිහිපයක්ම කරගත හැකියි නේද ? ඒ අනුව පරිගණකයක රාජකාරිය කුමක්ද ? ඊට ලැබෙන පිළිතුර නම් හරිම විශාල විය හැකියි මොකද ඉන් කරගත හැකි දේවල් සිතාගත නොහැකි තරම්ය . කුඩා ළමයාගේ සිට විද්‍යාඥයා දක්වා විවිධ තරාතිරමේ අය එය විවිධාකාරයේ ප්‍රයෝජන සඳහා යොදා ගන්නවා . කුඩා ළමුන් ගේම් ප්ලේ කරන්නටත් , ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරුවකු අතිසංකීර්ණ අයිසී ඩ