Skip to main content

අනුකලනය ඊපොත ඩවුන්ලෝඩ් කර ගැනීමට

අනුකලනය ගැන මෙතෙක් කොටස් වශයෙන් බ්ලොග් එකේ පළ කළ පාඩම් දැන් pdf ෆයිල් එකක් වශයෙන් පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගත හැකියි.

අනුකලනය ඊපොත් ඩවුන්ලෝඩ් ලින්ක්

Comments

  1. good job ! good luck !

    ReplyDelete
  2. bohoma watina deyak. specialy campus lamainta. bohoma sthuthi

    ReplyDelete
    Replies
    1. :) man kuda pitu kihipayakin liwwath atthatama me gena pitu siya gananwalin liyala thiyena ithaama vatina ha lassana poth ona tharam thiyenawa (habai english walin ewa thiyenne). ewath kiyawala balanna.

      Delete
  3. නියමයි sir. මම තාම 9 වසරේ. හැබැයි මම al සංයුක්ත ගණිතයට කැමතියි. නිතරම ඒවා ගැන හොයලා බලනවා. හැබැයි සමහර දේවල් තේරෙන්නේ නෑ. Sir ගෙ e books ටික download කර ගත්තාට පස්සේ තමයි මට හැම දෙයක්ම තේරුනේ. Sir මේ පොත් ටික සරල භාෂාවෙන් ලියලා තියෙනවා ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට. ඒවා නම් අති විශිෂ්ටයි. මටත් ඒව තේරුණා. දැන් මට අවකලනය වගේ ලොකු ලොකු ගණන් සුළු කරන්න පුළුවන්. Sir ට පින් සිද්ධ වෙන්න. Sir ගාව al සංයුක්ත ගණිතය සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන e පොත් නැද්ද ? ( වර්ගජ සමීකරන, ශ්‍රේණි වාගේ දේවල් වලට අදාල පොත් මේකේ තිබ්බේ නැ. තියේනම් කියන්න.) මම ආසයි ඒ ගැනත් ඉගෙන ගන්න.
    �� Sir ගෙ පොත් කඩෙන් ගන්න පුළුවන් ද? �� කොහෙන්ද ඒවා ගන්න පුළුවන් ?
    Sir නම් අති විශිෂ්ටයි. හැම දෙයක්ම දන්නවා. මෝහනය ගැන ලිපි ටිකත් මම කියවලා බැලුවා. විද්යා ලිපි ටිකත් මම කියවලා බැලුවා. ඒවත් හරිම වැදගත් ලිපි පෙළක්...

    ReplyDelete
    Replies
    1. 9 වසරේ ඉගෙන ගන්න කෙනෙකු වශයෙන් ඔබ උසස් විද්‍යා හා ගණිත සංකල්ප ගැන උනන්දු වෙනවා හා ඒ ගැන දැනුමක් තිබෙනවා යනු අතිවිශිෂ්ට තත්වයක්. තමන්ගේ පාසල් සිලබස් එකට අදාල පාඩම්ද හොඳින් ඉගෙන ගන්න ගමන් මෙලෙස අතිරේක දැනුම ලබා ගන්න (විනෝදාංශයක් සේ).

      දැනට මා ගණිතය ගැන ලියා තිබෙන පොත් එච්චරයි. ඉස්සරහදි බලමු තවත් පොත් ලියන්නට :) දැනට මාගේ පොත් කඩෙන් මිලට ගත නොහැකිය. එහෙත් ඔබට අවශ්‍ය නම්, පෞද්ගලික අධ්‍යාපනික ප්‍රයෝජනය සඳහා එම පොත් ප්‍රින්ට් කර ගත හැකියි.

      ඔබ දැනට ආශාවෙන් ඉගෙන ගන්න දේ තවත් විනෝදමත්ව හා ඵලදාය විදියට සිදු කිරීමට හැකියි ඔබ වැනිම ඉගෙනීමට ආශ මිතුරෙකු හෝ කිහිප දෙනෙකු සොයා ගෙන පොඩි "කල්ලියක්" සාදා ගෙන හවුලේ ඉගෙන ගත්තොත්. අන්තර්ජාලයෙන් ඔබට ඕනෑම විෂයක් ගැන ඉතාම ගැඹුරට වුවද ඉගෙන ගත හැකියි (නොමිලේම). එම අනගි අවස්ථා මඟ නොහැර අන් අයවද දැනුවත් කරමින් ඉගෙන ගන්න.

      Delete
  4. මම වෛද්‍ය ශිෂ්‍යයෙක් . අහම්බෙන් හම්බුනේ මේ blog එක.මේ දවස් වල නිදහස් කාලයක් තිබුණ නිසා , මම කලනය කොටස ගොඩක් ආසාවෙන් කියවලා හැදෑරුවා. ඔබ සිද්ධාන්ත බොහොම සරල , ආකර්ශනිය ලෙස ලියලා තියෙනවා. ඔබට බොහොම ස්තුතියි ගුරුතුමණි.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...