සෑහෙන්න දවසක් තිස්සේ ලංකාවේ පවතින තත්වය ගැන ලිපියක් ලිවීමට සිතමින් සිටියත්, එය අරාබි නිසොල්ලාසය මෙන් ඉවරයක් නැති ඉතා දිගු ලිපියක් වීමට ඉඩ තිබුන බැවින් කල් දමමින් සිටියදි, ඇමරිකානු-ඊශ්‍රායල්-ඉරාන යුද්ධයද පැන නැඟීම නිසා, ඉතා කෙටි ලිපියක් ඒ ගැන ලිවීමට සිතුනි. විවිධ දෙස් විදෙස් ජනමාධ්‍ය හා විශේෂඥයන් හා අවශේෂ පුද්ගලයන් මෙම මැදපෙරදිග ගැටුම ගැන විවිධ අදහස් පල කරනවා. "මැදපෙරදිග" යන වචනයට අමතරව මෙම කලාපය හැඳින්වීමට "බටහිර ආසියාව"(Western Asia) යන වචනයද නිතර අසන්නට ලැබෙනවා (විශේෂයෙන් ඉංග්‍රිසි ජනමාධ්‍ය තුල). බොහෝ අය මෙම යුද්ධය ගැන විචාර කරන්න යොදාගන්නා මූලික ක්‍රමවේද දෙකක් පැහැදිලිවම ඉස්මතු වේ. 1. ලෝකයේ (විශේෂයෙන් ලංකාවේ) දැඩි ඇමරිකානු විරෝධි මිනිස් කොට්ඨාශයක් සිටී (මොහාන් සමරනායක වැනි). ඇමරිකාව ඍජුව හෝ ඔවුන්ගේ මූලිකත්වයෙන් බිහි කරන සියලු නූතන පහසුකම් හිරිකිතයකින් තොරව බුක්ති විඳිමින්, ඇමරිකාවට වෛර කිරීම ඔවුන්ගේ ජඩ පෞරුෂය වේ. ඇමරිකාව කුමක් කලත්, ඉන් ලෝකයට හොඳක් වුවත් විනාශයක් වුවත් ඇමරිකාවට සාප කිරීම ඔවුන්ගේ ලාක්ශනික ගතිගුනයයි. ඔවුන්ට අනුව ඇමරිකාව හා ඇමරිකන් ගැති ඊශ්‍රාලය තම...
good job ! good luck !
ReplyDeletethanks :)
Deletebohoma watina deyak. specialy campus lamainta. bohoma sthuthi
ReplyDelete:) man kuda pitu kihipayakin liwwath atthatama me gena pitu siya gananwalin liyala thiyena ithaama vatina ha lassana poth ona tharam thiyenawa (habai english walin ewa thiyenne). ewath kiyawala balanna.
Deletethank you very much
ReplyDelete:)
Deleteනියමයි sir. මම තාම 9 වසරේ. හැබැයි මම al සංයුක්ත ගණිතයට කැමතියි. නිතරම ඒවා ගැන හොයලා බලනවා. හැබැයි සමහර දේවල් තේරෙන්නේ නෑ. Sir ගෙ e books ටික download කර ගත්තාට පස්සේ තමයි මට හැම දෙයක්ම තේරුනේ. Sir මේ පොත් ටික සරල භාෂාවෙන් ලියලා තියෙනවා ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට. ඒවා නම් අති විශිෂ්ටයි. මටත් ඒව තේරුණා. දැන් මට අවකලනය වගේ ලොකු ලොකු ගණන් සුළු කරන්න පුළුවන්. Sir ට පින් සිද්ධ වෙන්න. Sir ගාව al සංයුක්ත ගණිතය සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන e පොත් නැද්ද ? ( වර්ගජ සමීකරන, ශ්‍රේණි වාගේ දේවල් වලට අදාල පොත් මේකේ තිබ්බේ නැ. තියේනම් කියන්න.) මම ආසයි ඒ ගැනත් ඉගෙන ගන්න.
ReplyDelete�� Sir ගෙ පොත් කඩෙන් ගන්න පුළුවන් ද? �� කොහෙන්ද ඒවා ගන්න පුළුවන් ?
Sir නම් අති විශිෂ්ටයි. හැම දෙයක්ම දන්නවා. මෝහනය ගැන ලිපි ටිකත් මම කියවලා බැලුවා. විද්යා ලිපි ටිකත් මම කියවලා බැලුවා. ඒවත් හරිම වැදගත් ලිපි පෙළක්...
9 වසරේ ඉගෙන ගන්න කෙනෙකු වශයෙන් ඔබ උසස් විද්‍යා හා ගණිත සංකල්ප ගැන උනන්දු වෙනවා හා ඒ ගැන දැනුමක් තිබෙනවා යනු අතිවිශිෂ්ට තත්වයක්. තමන්ගේ පාසල් සිලබස් එකට අදාල පාඩම්ද හොඳින් ඉගෙන ගන්න ගමන් මෙලෙස අතිරේක දැනුම ලබා ගන්න (විනෝදාංශයක් සේ).
Deleteදැනට මා ගණිතය ගැන ලියා තිබෙන පොත් එච්චරයි. ඉස්සරහදි බලමු තවත් පොත් ලියන්නට :) දැනට මාගේ පොත් කඩෙන් මිලට ගත නොහැකිය. එහෙත් ඔබට අවශ්‍ය නම්, පෞද්ගලික අධ්‍යාපනික ප්‍රයෝජනය සඳහා එම පොත් ප්‍රින්ට් කර ගත හැකියි.
ඔබ දැනට ආශාවෙන් ඉගෙන ගන්න දේ තවත් විනෝදමත්ව හා ඵලදාය විදියට සිදු කිරීමට හැකියි ඔබ වැනිම ඉගෙනීමට ආශ මිතුරෙකු හෝ කිහිප දෙනෙකු සොයා ගෙන පොඩි "කල්ලියක්" සාදා ගෙන හවුලේ ඉගෙන ගත්තොත්. අන්තර්ජාලයෙන් ඔබට ඕනෑම විෂයක් ගැන ඉතාම ගැඹුරට වුවද ඉගෙන ගත හැකියි (නොමිලේම). එම අනගි අවස්ථා මඟ නොහැර අන් අයවද දැනුවත් කරමින් ඉගෙන ගන්න.
මම වෛද්‍ය ශිෂ්‍යයෙක් . අහම්බෙන් හම්බුනේ මේ blog එක.මේ දවස් වල නිදහස් කාලයක් තිබුණ නිසා , මම කලනය කොටස ගොඩක් ආසාවෙන් කියවලා හැදෑරුවා. ඔබ සිද්ධාන්ත බොහොම සරල , ආකර්ශනිය ලෙස ලියලා තියෙනවා. ඔබට බොහොම ස්තුතියි ගුරුතුමණි.
ReplyDelete:) හොඳින් ඉගෙන ගන්න...
Delete