Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.
 
එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි.

මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අතර, එහි ඉතා කුඩා ලිපි මේ ගැන පල වී කියවූයෙමි (ඉදහිට අදද විදුසර බලන අතර, එදා විදුසර සමඟ බලන විට අද විදුසරෙහි ගන්නට දෙයක් නැති බව පෙනේ). ඉන්පසු උසස් පෙළ කරන සමයේ ක්වන්ටම් විද්‍යාවේ අයනු ආයනු ඉගෙන ගත්තෙමි. ෂ්‍රෝඩින්ගර් සමීකරණය ව්‍යුත්පන්න කිරීමට ආදිය හැකි විය. ඒ කාලයේ සිංහල බසින් ලියවූ ඉතා කුඩා පොත් පිංචක් ("කීර්ති" වැනි නමක් සහිත කතුවරයකුගෙද කොහෙද... හරිහැටි මතක නැත) මේ විෂය ගැන පුස්තකාලයෙන් ගෙන කියවීමි. එම නෝට්ස් අදටත් මා සතුව ඇත.

උසස් පෙල කරන සමයෙහි නලින් ද සිල්වා ආචාර්යතුමාගේ චින්තන පර්ෂදයටද සම්බන්ද කටයුතු කළත්, විද්‍යාවට වඩා දේශපාලන ස්වරූපයක් එහි තිබුණු නිසා ඉන්ද ඉගෙනීමට අවස්ථාවක් නැති බැවින් ඉන් මා ඉවත් වූයේ කලකිරීමකිනි. උදාහරණයක් ලෙස, "මනෝකායේ රසායනික සංයුතිය" යන තේමාව යටතේ අපේ ගමේ පංසලේ නලින් ද සිල්වාගේ දේශනයක් මා විසින් සංවිධානය කරන්නට යෙදුනු අතර, අවසානයේ එය "සිංහල රාජ්‍යය යලි පිහිටුවමු" යනුවෙන් තේමාවද වෙනස් කර තනිකරම දේශපාලන සංවාදයත් බවට පත් වූයේ එතුමාගේ හා බෙංගමුවේ නාලක හිමියන්ගේ දේශන දෙකක් පවත්වමිනි. තවද, ගම වටේ සිල්වා මහතාගේ පොත් විකුනන්නටද සිදු විය.

කෙසේ හෝ මගේ තනි උනන්දුව මත මා එය එකල ඉතා හොඳින් ඉගෙන ගත්තෙමි. ස්විස්ටර්ලන්තයේ CERN ආයතනයෙන් මට ඔවුන් විසින් ලොවපුරා ඉතා සීමිතව විද්‍යාර්ථයින් අතර බෙදා හරින පරමඅංශු භෞතික විද්‍යාව ගැන පර්යේෂණ දත්ත සියල්ල ඇති Journal of Physics G යන තඩි පොතක්ද ලබා දුනි. මා සිතන්නේ නැහැ එම ප්‍රින්ට් පොත ලංකාවේ වෙනත් අයකු සතුව ඇතැයි කියා. කෙසේ වෙතත් අවුරුදු දෙකකට සැරයක් යාවත්කාලීන කර අලුත් සංස්කරණයකින් ඉදිරිපත් කරන මෙම පොත අන්තර්ජාලයෙන් නොමිලේම pdf ෆයිල් එකක් ලෙස ඩවුන්ලෝඩ් කර ගැනීමට දැන් පහසුකම් ඇත.




මෙහිදී බොහෝ දෙනා නොදන්නා රසවත් කතාවක්ද කීමට සිතේ. ඔබ සමහරවිට දන්නේ නැතිව ඇති අද ඔබ අප සැවොම දිනපතා භාවිතා කරන අන්තර්ජාල වෙබ් සේවාව (worldwide web - www) හෙවත් කවුරුත් දන්නා "වෙබ්සයිට්"වල උපත සිදු වූයේද ක්වන්ටම් භෞතිකය (පරම අංශු භෞතික විද්‍යාව) නිසාය. මෙම විෂය ගැන සිදු කරන පර්යේෂනවල දත්ත පිටු දහස් හෝ දසදහස් ගණන් විශාලය. ඒවා ලොවපුරා විද්‍යාඥයන් අතර බෙදා හැරීමට එකල සිදු වූයේ ගුවන් යානයෙන් ගොස් පිටපත් හුවමාරු කර ගැනීමයි. මෙය ඉතාම මන්දගාමි ක්‍රමයක් බව අමුතුවෙන් කිව යුතු නැහැනෙ. ඉතිං ඊට විසදුමක් ලෙස තමයි මේ විෂය ගැන ලෝකප්‍රකට පර්යේෂණාගාරය වන CERN හි භෞතික විද්‍යාඥයකු වන ආචාර්ය ටිම් බර්නස් ලී විසින් වෙබ්සයිට් ක්‍රමය හඳුන්වා දුන්නේ. එමඟින් තත්පර ගණනාවකදී එම දත්ත ලොවපුරා පහසුවෙන් හුවමාරු කර ගත හැකි විය. එලෙස ඇරඹුනු වෙබ්සයිට් අද වන විට අපේ ජීවිත ආක්‍රමණය කරන තරමට ජනගත වී තිබේ.

ඉතිං, මගේ කතාවේදී, හිටිහැටියේම "සපත්තුවක්" කන්නට සිදු වීමෙන් සියල්ල අත් හැර අවුරුදු ගණනාවක්ම "ගිහිගෙය අත්හැර" සිටීම හේතුවෙන් මෙම විෂයෙන් හා ජීවිතයේ සියලුම වැඩකටයුතුවලින් ඉදිරියට යෑමට නොහැකි විය. එලෙස මගේ ආදර ප්‍රතිඅංශුවෙන් විධ්වංශනය වී එකවරම තරංගයක් බවට පත්ව අතුරුදහන් වූ ක්වන්ටම් අංශුව ඊයේ පෙරේදා දිනක නැවත මා ඉදිරියේ අංශුවක් බවට පත් ව දිස් වූයේ ඇනෝ කෙනෙකුගේ කමෙන්ටු නිරීක්ෂනයට හසු වී තරංග ශ්‍රිතය බිඳවැටීම හේතුවෙනි.

පාඨකයකු (හෝ කිහිප දෙනෙකුම) මාගේ පරන සටහන්වල රූපයක් දෙකක් පෙන්වන්න යැයි කිහිප විටකම කමෙන්ට් හරහා පැවසූ නිසා, පහත ඒ මාගේ අවලක්ෂන අකුරුවලින් ලියූ ක්වන්ටම් පිලිබද සටහන් කිහිපයක ඡායාරූප කිහිපයක් පළ කරමි.








විටින් විට ක්වන්ටම් විද්‍යා සංකල්පද පාදක කර ගනිමින් මා සිංහලෙන් මෙන්ම ඉංග්‍රිසි බසින් කුඩා කවි පේලිද ලියා ඇත. මා හිතන්නේ ක්වන්ටම් විද්‍යාව ඔස්සේ කවි ලියපු ලොව ප්‍රථමයා මා විය හැකිය. එම කවි සියල්ල මෙම බ්ලොගයේ මා පළ කර ඇත (එහෙත් මගේ කවි රසවත් නැති නිසාමදෝ ඒවා එතරම් බලා නොමැත). එම කවි මා "ක්වන්ටම් කවි" ලෙස හඳුන්වනවා. එලෙස ලියූ මාගේ පළමු ක්වන්ටම් කවිය පහත දැක්වේ.

A principle by name
Uncertainty as famed
Tells time weds energy
No time eternal
But time ephemeral
Nor energy in continuum
But energy in quantum
On the nuptial pledge
That their love aka
Product of their delta
Never be nought
Ever be at least
Reduced Planck over two...


හයිසන්බර්ග්ගේ අනිශ්චිත මූලධර්මය (Uncertainty prinicple) ගැන මේ කවියෙන් මා කියයි. එලෙස ලියූ තවත් (සිංහලෙන් හා ඉංග්‍රිසියෙන් දෙකෙන්ම) කවියක් පහත ඇත.

To fall through a quantum tunnel

In a virtual love sans bondage

Nor did Heisenberg nor Shroedinger

But did I find the equation... Eureka!


ක්වන්ටම් උමං ආචරණය (quantum tunnel effect) නම් සංසිද්ධිය ඇසුරින් මා එය ලියා ඇත. ක්වන්ටම් පැටලුම (quantum entanglement) යන සංසිද්ධිය ඇසුරින් පහත කව ලියුවෙමි.


පහත දැක්වෙන්නේ එවන් තවත් ක්වන්ටම් කවියකි. මේ සියලු කවිවලින් විදාරණය වන්නේ මගේ සපත්තු අත්දැකීමමැයි.


ස්ටීවන් හෝකිං නම් විද්වතා මිය ගිය අවස්ථාවේදීද මා එක්තරා විදියකට ක්වන්ටම් කවියක් ඔහු වෙනුවෙන් ලියුවෙමි. එය මා දැනට ලියා ඇති අවසාන ක්වන්ටම් කවියයි.

The black-hole absorbing all fermions 

And bosons of knowledge of science

Radiating theories of quarks and cosmos 

Ultimately transcended spiritually 

Through a divine quantum tunnel 

In its worm-hole to another universe of paradise 

To live with the God... 

RIP Stephen Hawking...

හරි... මේකයි ක්‍රමය. මට කාලය තිබෙන විදියට ක්වන්ටම් ගැන මින්මතු ලියනවා. එහෙත් ඒ සම්බන්දව අසන කිසිදු පැනයකට මා පිලිතුරු දෙන්නේ නැත. ක්වන්ටම් විද්‍යාව දන්නා ප්‍රාමානික දැනුමැත්තන් ලංකාවේද සිටී (නලින්ද සිල්වා, චන්ද ජයරත්න, ග්‍රැන්විල් ධර්මවර්ධන ආදි). එහෙත් මෙම විෂයේ නිසඟවම තිබෙන අවුල් සහගත තත්වය නිසා හෝ වෙනත් මොනයම් හේතුවක් නිසා හෝ මේ කිසිවෙකු අප කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි එය විස්තර කරනු මා දැක නැත. ක්වන්ටම් අංශුවලින් ඔලු පැලෙන්න ගසන බවකුයි මට නම් දැනුනේ. එහෙත් මා එතරම් උගතකු නොවන බැවින් ක්වන්ටම් විද්‍යාව ගැන මා දන්නා සුලු දේ පැවසීමට මා සිතන්නේ තරමක පහසුවක් මට තිබේ. ඉංග්‍රිසි බසින් ඕනෑ තරම් පොත් මේ ගැන ඇත (මා ළඟද කිහිපයක් තිබේ). ඒ අතරින් ග්‍රිෆිත් ගේ ක්වන්ටම් විද්‍යා පොතට මා ප්‍රිය කරනවා. එහෙනම් වැඩේට බහිමු ඊ ළඟ ලිපිවලින්.