Skip to main content

ශ්‍රී ලංකා ජාතික රේඩියෝ සංඛ්‍යාත බෙදා දීම් වගුව (spectrum allocation)

සෑම රටකම භාවිතා වන ජාතික සම්පතක් වන රේඩියෝ තරංග සංඛ්‍යාතයන් විවිධ අවශ්‍යතා සඳහා ජාත්‍යන්තර සම්මූතින්ටද යටත්ව බෙදා වෙන් කර ඇත. බොහෝ රටවල එය ලියවිල්ලක් වශයෙන් හෝ ලස්සනට සකස් කළ වගුවක් වශයෙන් රටේ පුරවැසියන්ට ලබා ගත හැකි පරිදි තිබුණත්, ලංකාව තුල එවැනි ලියවිල්ලක් අපට ලබා ගැනීමට හැකියාවක් තිබුණේ නැත. මේ ගැන මා පෞද්ගලිකවත් විදුලි සංදේශ නියාමන කොමිෂම සමග ගැටුම් ඇති කර ගෙන ඇති අතර මීට පෙර https://blog.tekcroach.top/2017/08/blog-post_26.html වැනි බ්ලොග් ලිපි හරහාද මා එය සාකච්ඡා කර ඇත.

කෙසේ වෙතත්, මෑතකදී එම ලියවිල්ල නියාමන කොමිෂමෙන් ඉදිරි පත් කර ඇත. බැලූබැල්මට අලංකාර ලෙස ඉදිරිපත් කර ඇති අතර, ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන් http://www.trc.gov.lk/images/pdf/FINALRadioFrequencySL.pdf යන ලින්ක් එකෙන් එය ඩවුන්ලෝඩ් කර ගතද හැකිය. එය කදිමට සකසා මෙලෙස ඉදිරිපත් කිරීම ගැන නියාමන කොමිෂමට අපි ස්තූතිවන්ත වෙමු.

Comments