Skip to main content

Posts

Showing posts from December, 2018

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

ජනාධිපති නීතිඥ කේවට්ටයෝ

ලංකාවේ තත්වය දැන් නම් අතිශය දුක් දනවන්නකි. ජීවිතයේ පලමු වරට නිල ආණ්ඩුවක් නොමැති රටක ජීවත් වෙමින් සිටී. මේ සියල්ලටම වඩා මහා ලොකු කෙරුමන්ලා ලෙස සමාජයේ පෙනී සිටින නීති ඔස්තාර්ලාගේ සාවද්‍ය ප්‍රකාශ අසා සිටීමට සිදු වීම ඉවසා සිටීමට නොහැකි තරම්ය. අද ටීවීවල ජනමත විචාරනය ගැන ජනපති නීතිඥයන් යැයි කියා ගන්නා එවුන්ද නීති ආචාර්යවරුන් ලෙස සිටි එවුන්ද ජනපතිට ජනමත විචාරණයකට යා හැකි බව කියනු ඇසිනි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 වැනි ව්‍යවස්ථාව යටතේය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට එය ජනපතිට සිදු කළ නොහැකිය. ඉතා පැහැදිලිව බ්ලැක් ඇන්ඩ් වයිට් වලින් එය කළ හැකි අවස්ථා පහත ආකාරයට සඳහන් කර ඇත. 86 ව්‍යවස්ථාව මා පහත උපුටා දක්වනවා. "The president may, subject to the provisions of Article 85, submit to the people by referendum any matter which in the opinion of the president is of national impotance." මේ අනුව කියන්නේ ජාතික වැදගත්කමකින් යුතු ජනපතිට සිතෙන ඕනම කාරණයක් ජනපතිට කැමති නම් ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කළ හැකිය යන්නයි. මා ඉහත සඳහන් කළ කොස්තා, ප්‍රතිභා, ගෝමින් වැනි අයද උපුටා දක්වන්නේ මෙම ව

අභ්‍යවකාශ කාලගුණය (Space Weather)

කාලගුණය ( weather ) යන වචනය අප කාටත් හොඳින් හුරුපුරුදුය. කෙටියෙන්ම කියතොත් කාලගුණය යනු පෘථිවි වායුගෝලයේ පොලොවට ආසන්නතම වායු ස්ථරයේ (එනම් පරිවර්තීගෝලයේ) සිදුවන වැස්ස, උෂ්නත්වය, සුළඟ වැනි සංසිද්ධි කිහිපයක අධ්‍යනය හා භාවිතාවයි. මේ සංසිද්ධි සියල්ලම සිදු වන්නේ සූර්යාගේ බලපෑම නිසාය. ලංකාව වැනි රටක මිනිසුන් කාලගුණය ගැන එතරම් තැකීමක් නොකළත් දියුණු රටවල මිනිසාගේ යහපැවැත්මට එය නැතිවම බැරි දෙයක් බවට පත්ව ඇත. කාලගුණය පැය ගණනක් තුලදී විශාල වෙනස්කම්වලට භාජනය විය හැකිය. එය එච්චරට අස්ථාවර විය හැකි දෙයකි. එනිසාම නිතර තම අදහස් වෙනස් කරන මිනිසුන් "කාලගුණය වගේ" යැයි කියනවා. එහෙත් කාලගුණය පිළිබඳ පර්යේෂන කොට විශාල දත්ත ප්‍රමාණයක් කාලගුණ විද්‍යාඥයන් විසින් රැස් කොට, විද්‍යාත්මක ක්‍රමවේද හා තර්කන ක්‍රම අනුගමනය කරමින් අධ්‍යනය කළ විට දක්නට ලැබෙන දෙයක් නම්, කාලගුණය නිතර නිතර වෙනස් වන ස්වභාවයක් ගත්තත්, දිගුකාලීනව බලන විට ඒවායේ යම් රටාවක් පැවතීමයි. උදාහරණයක් ලෙස, මාර්තු අප්‍රේල් මාසවල ලංකාවට දැඩි රස්නයක් තිබෙන අතර සන්ද්‍යා කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇති වේ. මෙවැනි දිගුකාලීනව පවතින කාලගුණ රටා දේශගුණය ( cl

අත්‍යවශ්‍යම ඉංග්‍රිසි වචන 5000 pdf

https://tekcroach.blogspot.com/2018/10/1.html  හා https://tekcroach.blogspot.com/2018/10/2.html   යන පෝස්ට් දෙක ඔස්සේ ඉංග්‍රිසි භාෂාවෙහි වැඩියෙන්ම යෙදෙන වචන 5000 සිංහල තේරුම්ද සහිතව මා පළ කළා. එය පහසුවෙන් කියවීමට pdf වශයෙන් සකස් කර පහත අමුණා ඇත (කැමති කෙනෙකුට එය කුඩා පොත් පිංචක් වශයෙන් ප්‍රින්ට් කර ගැනීමට හැකි වන පරිදි සකසා ඇත). https://drive.google.com/open?id=1U-hpmBLvIFoWBW7zkRT7QPpPPbahfy_3