Skip to main content

ජනාධිපති නීතිඥ කේවට්ටයෝ

ලංකාවේ තත්වය දැන් නම් අතිශය දුක් දනවන්නකි. ජීවිතයේ පලමු වරට නිල ආණ්ඩුවක් නොමැති රටක ජීවත් වෙමින් සිටී. මේ සියල්ලටම වඩා මහා ලොකු කෙරුමන්ලා ලෙස සමාජයේ පෙනී සිටින නීති ඔස්තාර්ලාගේ සාවද්‍ය ප්‍රකාශ අසා සිටීමට සිදු වීම ඉවසා සිටීමට නොහැකි තරම්ය.

අද ටීවීවල ජනමත විචාරනය ගැන ජනපති නීතිඥයන් යැයි කියා ගන්නා එවුන්ද නීති ආචාර්යවරුන් ලෙස සිටි එවුන්ද ජනපතිට ජනමත විචාරණයකට යා හැකි බව කියනු ඇසිනි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 වැනි ව්‍යවස්ථාව යටතේය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට එය ජනපතිට සිදු කළ නොහැකිය. ඉතා පැහැදිලිව බ්ලැක් ඇන්ඩ් වයිට් වලින් එය කළ හැකි අවස්ථා පහත ආකාරයට සඳහන් කර ඇත. 86 ව්‍යවස්ථාව මා පහත උපුටා දක්වනවා.

"The president may, subject to the provisions of Article 85, submit to the people by referendum any matter which in the opinion of the president is of national impotance."

මේ අනුව කියන්නේ ජාතික වැදගත්කමකින් යුතු ජනපතිට සිතෙන ඕනම කාරණයක් ජනපතිට කැමති නම් ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කළ හැකිය යන්නයි. මා ඉහත සඳහන් කළ කොස්තා, ප්‍රතිභා, ගෝමින් වැනි අයද උපුටා දක්වන්නේ මෙම ව්‍යවස්ථාවයි/වගන්තියයි. එක්කෝ මුන්ගේ වයසට යෑම නිසා මතකය දුර්වල වීම නිසා හෝ වංචනික සිතුවිල්ලෙන් එලෙස ප්‍රකාශ කරනවා විය යුුතුය. එම 86 ව්‍යවස්ථාවේ ඉතාම නිශ්චිතවම එම වගන්තිය 85 වැනි ව්‍යවස්ථාවට යටත් කර ඇත. ඒ කියන්නේ 86 වගන්තිය වලංගු වන්නේ 85 වැනි වගන්තියේ සඳහන් කොන්දේසිවලට යටත්වයි. එම 85 වගන්තිය පහත ආකාරයට වේ.

"
(1) The president shall submit to the people by referendum every bill or any provision in any bill which the cabinet of ministers has certified as being inteded to be submitted to the people by referendum, or which the supreme court has determined as requiring the approval of the people at a referendum if the number of votes cast in favor of such bill amounts to not less than two-thirds of the whole number of members (including those not present).

(2) The president may in his discretion submit to the people by referendum any bill (not being a bill for the repeal or amendment of any provision of the constitution, or for the addition of any provision to the constitution, or for the repeal and replacement of the constituion, or which is inconsistent with any provision of the constitution), which has been rejected by Parliament.

(3) Any bill or any provision in any bill submitted to the people by referendum shall be deemed to be approved by the people if approved by an absolute majority of the valid votes cast at such referendum:

provided that when the total number of valid votes cast does not exceed two-thirds of the whole number of electors in the register of electors, such bill shall be deemed to be approved only if approved by not less than one-third of the whole number of such electors.
"
මෙම වගන්තියේ ඇති පලමු උපව්‍යවස්ථා දෙකෙහිම ජනපතිට ජනමත විචාරණයකට යා හැකි අවස්ථා නිශ්චිත කර ඇත. ඉන් 1 උපවගන්තියෙන් කියන්නේ කැබිනට් මණ්ඩලයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයක් අවශ්‍ය යැයි නිර්දේශ කළ විට ජනපතිට එය කළ හැකි බවයි. 2 උපවගන්තියෙන් කියන්නේ ජනපතිගේ අභිමතය පරිදිද අවශ්‍ය නම් ජනමත විචාරණයකට යා හැකි බවයි. එහෙත් මේ අවස්ථා දෙකෙහිම එලෙස ජනමත විචාරණයකට යා හැක්කේ පාර්ලිමේන්තුවේ පනවන්නට යන යම් නීති කෙටුම්පතක් හෝ එවැනි කෙටුම්පතක ඇති යම් විධිවිධාන සම්බන්දයෙන් පමනි.

එහෙත් රටේ මේ මොහොතේ ඇති අර්බුදය නීති කෙටුම්පතක් සම්බන්දයෙන් නොවේ. එනිසා කිසිසේත් ජනපතිට ජනමත විචාරණයකට යා නොහැකිය. තවද, ජනමත විචාරණයකින් කුමක් හෝ ජනතාව විසින් සම්මත කළත්, එය රටේ නීතියක් වීමට නම් පාර්ලිමේන්තුව විසින්ද සම්මත විය යුතුය. එනිසා බහුතරයක් නැති ආණ්ඩුවකට එම කඩුල්ල පැන ගත නොහැකිය. තවද, ජනපති විසින් ජනමත විචාරණයක් කැදෙව්වොත් එයද පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීම උසාවි නියෝගයකින් නවත්වා ගත්තා සේ ඉතා පහසුවෙන්ම නතර කළ හැකිය මක්නිසාද යත් එය ව්‍යවස්ථාවේ 85 වගන්තිය උල්ලංඝනය කිරීමක් වන බැවිනි.

මෙිනිසා ජනපති තවදුරටත් පජාත නොවී සිටීමට නම් අර උම්මග්ග ජාතකයේ සිටි කේවට්ටයන් බඳු නීති උපදේශකයන්ගේ ලනු නොකා සිටිය යුතුය. එහෙත් සමනල රනිල්ට අගමැතිකම නොදී සිටීමේ හැකියාවක් ජනපතිට වක්‍රාකාරයෙන් තිබෙන බවක් පෙනේ. කිසිදු අධිකරණයකට දේශපාලන තීන්දු ගත නොහැකිය. එනිසා අහවලා අගමැති කළ යුතු යැයි තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දිය නොහැකිය. එහෙත් මින් රට් දැනට පවතින අරාජික බව මැකෙනනේ නැත.රට ගැන සිතා කටයුතු කිරීම ජනපතිට විතරක් තිබිය යුතු වගකීමක් නොවේ. එබැවින් ඉතා ඥානාන්විතම දේ නම් යූඑන්පිය විසින් රනිල් හැර වෙනෙකෙකු අගමැති ලෙස ඉදිරිපත් කිරීමයි.

පෙර ලිපියකත් අප සඳහන් කර ඇති ලෙසට ජනපතිට මෙම අර්බුදයෙන් ගොඩ ආ හැකි ක්‍රමයක් ඇත. එනම් ආණ්ඩුවේ අමාත්‍යංශ ගණන 8ක් හෝ කැමති නම් ඊටත් අඩුවෙන් තබා ගත හැකිය. ඉන් අමාත්‍යංශ දෙකක්ම නීතියේ හැටියටම ජනපති සතුය. එවිට යූඑන්පියට ඉතිරි වන්නේ අමාත්‍යංශ 6ක් පමනි. කැබිනට් ඇමති 6කුත් නියෝජ්‍ය ඇමති 6කුත් එවිට උපරිමව ලබා දිය යුතුය. තවද, රටේ ආර්ථිකය, ආරක්ෂාව ආදී බරපතල කාරණාවලට වගකියන රාජ්‍ය ආයතන සියල්ලම ජනපතිගේ අමාත්‍යංශ යටතට ගත යුතුය (උන්ගේ "විද්‍යාත්මක ක්‍රමය" අනුව). විශේෂයෙන් මුදල් විෂය ජනපති සතු විය යුතුය. මෙම ක්‍රියාවලිය සදාචාර විරෝධි විය හැකි වුවත් නීති විරෝධි නොවේ.

Comments

Popular posts from this blog

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...