Skip to main content

ජනාධිපති නීතිඥ කේවට්ටයෝ

ලංකාවේ තත්වය දැන් නම් අතිශය දුක් දනවන්නකි. ජීවිතයේ පලමු වරට නිල ආණ්ඩුවක් නොමැති රටක ජීවත් වෙමින් සිටී. මේ සියල්ලටම වඩා මහා ලොකු කෙරුමන්ලා ලෙස සමාජයේ පෙනී සිටින නීති ඔස්තාර්ලාගේ සාවද්‍ය ප්‍රකාශ අසා සිටීමට සිදු වීම ඉවසා සිටීමට නොහැකි තරම්ය.

අද ටීවීවල ජනමත විචාරනය ගැන ජනපති නීතිඥයන් යැයි කියා ගන්නා එවුන්ද නීති ආචාර්යවරුන් ලෙස සිටි එවුන්ද ජනපතිට ජනමත විචාරණයකට යා හැකි බව කියනු ඇසිනි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 වැනි ව්‍යවස්ථාව යටතේය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට එය ජනපතිට සිදු කළ නොහැකිය. ඉතා පැහැදිලිව බ්ලැක් ඇන්ඩ් වයිට් වලින් එය කළ හැකි අවස්ථා පහත ආකාරයට සඳහන් කර ඇත. 86 ව්‍යවස්ථාව මා පහත උපුටා දක්වනවා.

"The president may, subject to the provisions of Article 85, submit to the people by referendum any matter which in the opinion of the president is of national impotance."

මේ අනුව කියන්නේ ජාතික වැදගත්කමකින් යුතු ජනපතිට සිතෙන ඕනම කාරණයක් ජනපතිට කැමති නම් ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කළ හැකිය යන්නයි. මා ඉහත සඳහන් කළ කොස්තා, ප්‍රතිභා, ගෝමින් වැනි අයද උපුටා දක්වන්නේ මෙම ව්‍යවස්ථාවයි/වගන්තියයි. එක්කෝ මුන්ගේ වයසට යෑම නිසා මතකය දුර්වල වීම නිසා හෝ වංචනික සිතුවිල්ලෙන් එලෙස ප්‍රකාශ කරනවා විය යුුතුය. එම 86 ව්‍යවස්ථාවේ ඉතාම නිශ්චිතවම එම වගන්තිය 85 වැනි ව්‍යවස්ථාවට යටත් කර ඇත. ඒ කියන්නේ 86 වගන්තිය වලංගු වන්නේ 85 වැනි වගන්තියේ සඳහන් කොන්දේසිවලට යටත්වයි. එම 85 වගන්තිය පහත ආකාරයට වේ.

"
(1) The president shall submit to the people by referendum every bill or any provision in any bill which the cabinet of ministers has certified as being inteded to be submitted to the people by referendum, or which the supreme court has determined as requiring the approval of the people at a referendum if the number of votes cast in favor of such bill amounts to not less than two-thirds of the whole number of members (including those not present).

(2) The president may in his discretion submit to the people by referendum any bill (not being a bill for the repeal or amendment of any provision of the constitution, or for the addition of any provision to the constitution, or for the repeal and replacement of the constituion, or which is inconsistent with any provision of the constitution), which has been rejected by Parliament.

(3) Any bill or any provision in any bill submitted to the people by referendum shall be deemed to be approved by the people if approved by an absolute majority of the valid votes cast at such referendum:

provided that when the total number of valid votes cast does not exceed two-thirds of the whole number of electors in the register of electors, such bill shall be deemed to be approved only if approved by not less than one-third of the whole number of such electors.
"
මෙම වගන්තියේ ඇති පලමු උපව්‍යවස්ථා දෙකෙහිම ජනපතිට ජනමත විචාරණයකට යා හැකි අවස්ථා නිශ්චිත කර ඇත. ඉන් 1 උපවගන්තියෙන් කියන්නේ කැබිනට් මණ්ඩලයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයක් අවශ්‍ය යැයි නිර්දේශ කළ විට ජනපතිට එය කළ හැකි බවයි. 2 උපවගන්තියෙන් කියන්නේ ජනපතිගේ අභිමතය පරිදිද අවශ්‍ය නම් ජනමත විචාරණයකට යා හැකි බවයි. එහෙත් මේ අවස්ථා දෙකෙහිම එලෙස ජනමත විචාරණයකට යා හැක්කේ පාර්ලිමේන්තුවේ පනවන්නට යන යම් නීති කෙටුම්පතක් හෝ එවැනි කෙටුම්පතක ඇති යම් විධිවිධාන සම්බන්දයෙන් පමනි.

එහෙත් රටේ මේ මොහොතේ ඇති අර්බුදය නීති කෙටුම්පතක් සම්බන්දයෙන් නොවේ. එනිසා කිසිසේත් ජනපතිට ජනමත විචාරණයකට යා නොහැකිය. තවද, ජනමත විචාරණයකින් කුමක් හෝ ජනතාව විසින් සම්මත කළත්, එය රටේ නීතියක් වීමට නම් පාර්ලිමේන්තුව විසින්ද සම්මත විය යුතුය. එනිසා බහුතරයක් නැති ආණ්ඩුවකට එම කඩුල්ල පැන ගත නොහැකිය. තවද, ජනපති විසින් ජනමත විචාරණයක් කැදෙව්වොත් එයද පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීම උසාවි නියෝගයකින් නවත්වා ගත්තා සේ ඉතා පහසුවෙන්ම නතර කළ හැකිය මක්නිසාද යත් එය ව්‍යවස්ථාවේ 85 වගන්තිය උල්ලංඝනය කිරීමක් වන බැවිනි.

මෙිනිසා ජනපති තවදුරටත් පජාත නොවී සිටීමට නම් අර උම්මග්ග ජාතකයේ සිටි කේවට්ටයන් බඳු නීති උපදේශකයන්ගේ ලනු නොකා සිටිය යුතුය. එහෙත් සමනල රනිල්ට අගමැතිකම නොදී සිටීමේ හැකියාවක් ජනපතිට වක්‍රාකාරයෙන් තිබෙන බවක් පෙනේ. කිසිදු අධිකරණයකට දේශපාලන තීන්දු ගත නොහැකිය. එනිසා අහවලා අගමැති කළ යුතු යැයි තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දිය නොහැකිය. එහෙත් මින් රට් දැනට පවතින අරාජික බව මැකෙනනේ නැත.රට ගැන සිතා කටයුතු කිරීම ජනපතිට විතරක් තිබිය යුතු වගකීමක් නොවේ. එබැවින් ඉතා ඥානාන්විතම දේ නම් යූඑන්පිය විසින් රනිල් හැර වෙනෙකෙකු අගමැති ලෙස ඉදිරිපත් කිරීමයි.

පෙර ලිපියකත් අප සඳහන් කර ඇති ලෙසට ජනපතිට මෙම අර්බුදයෙන් ගොඩ ආ හැකි ක්‍රමයක් ඇත. එනම් ආණ්ඩුවේ අමාත්‍යංශ ගණන 8ක් හෝ කැමති නම් ඊටත් අඩුවෙන් තබා ගත හැකිය. ඉන් අමාත්‍යංශ දෙකක්ම නීතියේ හැටියටම ජනපති සතුය. එවිට යූඑන්පියට ඉතිරි වන්නේ අමාත්‍යංශ 6ක් පමනි. කැබිනට් ඇමති 6කුත් නියෝජ්‍ය ඇමති 6කුත් එවිට උපරිමව ලබා දිය යුතුය. තවද, රටේ ආර්ථිකය, ආරක්ෂාව ආදී බරපතල කාරණාවලට වගකියන රාජ්‍ය ආයතන සියල්ලම ජනපතිගේ අමාත්‍යංශ යටතට ගත යුතුය (උන්ගේ "විද්‍යාත්මක ක්‍රමය" අනුව). විශේෂයෙන් මුදල් විෂය ජනපති සතු විය යුතුය. මෙම ක්‍රියාවලිය සදාචාර විරෝධි විය හැකි වුවත් නීති විරෝධි නොවේ.

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...