ආනයනය හා අපනයනය (International Trade) - 5

අපනයන ක්‍රියාපටිපාටිය තව දුරටත්... ඔබ අපනයනය කරන්නට හදන භාන්ඩ තීරණය කර අවසන් යැයි හිතමුකො. එහෙත් ඒ ගැන තවදුරටත් ඔබට සොයා බැලීමට සිදු වේ. ඊට හේතුව සෑම බඩුවක්ම අපට ඕන ඕන විදියට අපනයන කිරීමට බැරිය. දල වශයෙන් භාන්ඩ කාන්ඩ 3කට කැඩිය හැකියි. 1. අපනයනය කිරීමට තහනම් භාන්ඩ (prohibited cargo) 2. අපනයන කිරීමට සීමා පනවා ඇති භාන්ඩ (restricted/licensed cargo) 3. කිසි සීමාකිරීමක් හෝ තහනම් කිරීමක් නැති භාන්ඩ (cargo) ආනයන අපනයනවලදී ගනුදෙනු කරන භාන්ඩ (goods) හැඳින්වෙන්නේ cargo ( කාගෝ) කියාය. අපනයනය කිරීමට තහනම් හෝ සීමාකර ඇති භාන්ඩ ලැයිස්තුව කලින් කලට වෙනස් විය හැකිය. එනිසා කස්ටම්ස් වෙබ්සයිට් එකෙන් හෝ අපනයන සංවර්ධන මන්ඩලයේ වෙබ් සයිට් එකෙන් හෝ ඔවුන්ට කතා කර හෝ ඒ ගැන හරියටම දැන ගත හැකියි. විවිධ හේතු නිසා භාන්ඩ අපනයනය තහනම් හෝ සීමා කරයි. අපනයනයට විතරක් නොවෙයි, ආනයනය කිරීමටත් එලෙසම තහනම් කිරිලි හා සීමා පැනවීම් තිබේ. අපනයනයට සීමා කර හෝ තහනම් පනවා තිබෙන භාන්ඩ හා ආනයනයට සීමා කර හෝ තහනම් පනවා තිබෙන භාන්ඩ සමාන වීම අවශ්‍ය නැහැ. එම ලැයිස්තු වෙනස් විය හැකියි