Skip to main content

ආනයනය හා අපනයනය (International Trade) - 1

ආනයනය හා අපනයනය (International Trade)

වසර කිහිපයකට පෙර සිටම ආනයන හා අපනයන වෙළඳාම හෙවත් අන්තර්ජාතික වෙළඳාම ගැන ලියන්නට සිතාගෙන සිටියත් වෙනත් මාතෘකා ගැන ලියමින් සිටි නිසා හා දේශපාලන කලකිරීම් මත කාලයක් නොලියාම සිටි නිසා අද වන තුරු ඒ ගැන ලිවීම පස්සට ගියා. මාස කිහිපයකට පෙර (එතකොම මා බ්ලොගයෙහි ලිවීම නතර කරලයි තිබුනේ) ෆේස්බුක්හි අපනයන සමූහවල අපනයනය ගැන කිසිත් දැනුම්ක් නැති අය සඳහා විශාල ලිපි හතරක් පල කලත් එම ගෘෘප්වල “උත්තුංග ඇඩ්මින්වරු“ පසුවට ලියූ ලිපි පල නොකිරීම නිසා ඒ ගැන ලිවීමද මා නතර කලා.

මේ විෂය ගැන මගේද අත්දැකීම් හා අතීත කතාවක් තිබෙනවා. මා පළමු වරට මේ විෂය ඉගෙන ගත්තේ 2005 වසරේදී රේගුව, වරාය අධිකාරිය, කර්මාන්ත සංවර්ධන කාර්යංශය, හා මධ්‍යම පලාත් ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රය එක්ව පැවැත් වූ පාඨමාලාව හැදෑරීමෙනි.

නැවතත් මා අන්තර්ජාතික වෙලඳාම ගැන ඉගෙන ගන්නට සිතී රේගුවේ Customs House Agent (CHA) නම් පාඨමාලාව 2011 දී හදාරා එම විභාගයෙන්ද වැඩිම ලකුනු ලබා ගත් දෙවැනියා බවට පත් විය.

මුලින්ම මතක් කරන්නේ අල්ලස් දීමට බැරි එවුන් සිටිත් නම් උඹලට මෙම ක්ෂේත්‍රය සුදුසු නැත.

හරි... අපි දැන් වැඩේට බහිමු.

මිනිසාට ආහාර, නිවාස, ඇඳුම්, අධ්‍යාපනය, වෛද්‍ය පහසුකම්, ප්‍රවාහන පසුකම්, සන්නිවේදන පහසුකම් වැනි සීමිත අවශ්‍යතා (needs) ප්‍රමානයක්ද නිමක් නැති උවමනාවන් (wants) කන්දරාවක්ද කවදත් ඇත. මෙම අවශ්‍යතා හා වුවමනා පවතින්නේ එක්කෝ භාණ්ඩ (goods) ලෙසය, නැතිනම් සේවා (services) ලෙසය.

ඉතිං, මෙම භාන්ඩ හා සේව සාමාන්‍ය ජනතාව විසින් පරිභෝජනය (consumption) කිරීමට නම් ඒවා නිෂ්පාදනය කර (manufacture) පාරිභෝගිකයා දක්වා ගෙන යෑමට සිදු වේ. නිෂ්පාදනය කළ භාණ්ඩ/සේවා පාරිභෝගිකයා දක්වා රැගෙන යන කොටස දළ වශයෙන් වෙළඳාමයි (trade).

එම වෙලඳාම රටක් තුල සිදු වන විට ඊට දේශීය වෙලඳාම (domestic trade) යැයි පවසනවා. එහෙත් සෑම භාන්ඩයක්/සේවාවක්ම තම රට තුලම නිපදවා ගන්න බැහැනෙ (එසේ නිපදවාගත හැකි නම් රට ස්වයං-පෝෂිත යැයි කියනවා). සමහරවිට එසේ නිපදවා ගැනීමට හැකි වුවත් ඊට වඩා වෙනත් රටකින් එම භාන්ඩ/සේවා ගෙන්වා ගැනීම හෙවත් ආනයනය වඩා ලාබදායි විය හැකියි. මෙම තත්වයට comparative advantage (සාපේක්ෂ වාසිය?) යැයි පවසනවා. 

මෙලෙස රටවල් අතර සිදුවන භාන්ඩ හා සේවා වෙලඳාම අන්තර්ජාතික වෙළඳාම (international trade) ලෙස පවසනවා. රටකින් තවත් රටකට භාන්ඩ හා සේවා යැවීම අපනයනය (export) ලෙසත්, රටකින් තවත් රටකට භාන්ඩ හා සේවා ගෙන්වා ගැනීම ආනයනය (import) ලෙසත් හැඳින්වෙනවා. එනිසා අන්තර්ජාතික වෙලඳාම ආනයන-අපනයන වෙලඳාම ලෙසත් හැඳින් වෙනවා.

සාමාන්‍යයෙන් වෙලඳාම දෙයාකාරයි - තොග (whole sale) හා සිල්ලර (retail). තොග වෙලඳාමේදි සාමාන්‍යයෙන් එක් භාන්ඩ වර්ගයක් විශාල පරිමානයෙන් වෙලඳාම් කෙරේ. තවද තොග වෙලෙන්දා තම තොග විකුනන්නේ සාමාන්‍ය පාරිභෝගිකයාට නොව වෙනත් සිල්ලර හෝ තොග වෙලෙන්දන්ටයි. එහෙත් සිල්ලර වෙලෙන්දා විවිධ බඩු කුඩා ප්‍රමානවලින් සාමාන්‍ය පාරිභෝගිකයාට විකුනයි. සමහර කඩවලට ගියොත් එහි නැත්තේ බෝම්බ හා තුවක්කු පමනි; වෙනත් ඕනෑම බඩුවක් එහි ඇත.

සාමාන්‍යයෙන් ආනයනය හා අපනයනයත් තොග වෙලඳාමකි. එහෙත් වර්තමානයේ අන්තර්ජාලය ප්‍රචලිත හා ලාබදායික වීම නිසා විවිධ ඔන්ලයින් වෙලඳපොලවල් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් ඇරඹී ඇති අතර, ඒවායේ බඩු සිල්ලර ක්‍රමයට විකිනේ. උදාහරණ ලෙස, ebay හා aliexpress ගත හැකිය. ඒවායෙන් ඔබ ඕර්ඩර් කරන බඩු තැපෑලෙන් හෝ වෙනත් කුරියර් හෝ පාර්සල් සේවාවක් මඟින් ඔබේ නිවසටම පැමිනේ. ඇත්තටම අද කොළඹට ගිහින් බඩුවක් ගන්නවාට වඩා පහසුවෙන් හා ඉතාම ලාබෙට චීනයෙන් ඇලිඑක්සප්‍රෙස් එකෙන් බඩුවක් ගත හැකිය. ලංකාවෙන් බඩුවක් සොයා ගැනීම, ඒ ගැන විමසා බැලීම, හා මිල දී ගැනීම බොහෝ විට ලේ කෝප කරවන අන්දමේ අත්දැකීමකි මොකද කඩකරුගේ ගොන් පාට් බැලීමට අපට බොහෝවිට සිදු වේ.

ලංකාව වැනි ඩොලර් (විදෙස් විනිමය) ගැටලු තිබෙන රටකට ඉතාම වැදගත් අංශයක් වන්නේ අපනයනයයි. එහෙත් අපනයනය කරන්නේ ලංකාවේ අප විතරක් නොවේ. එනිසා උග්‍ර තරගයක් තිබේ. චීනය යනු ලෝකයේ අංක එකේ අපනයනකරුය. ඇත්තටම චීන රජය ඉතාම තක්කඩි ලෙස තම රටේ අපනයන භාන්ඩ සමහරවිට නිෂ්පාදන වියදමටත් වඩා අඩු මිලකට අපනයන කරන්නේ වෙනත් රටවලට තරග කිරීමට බැරි වන ලෙසයි. ඊටත් අමතරව ඩොලරයට සාපේක්ෂව චීන මුදල් ඒකකය කෘත්‍රිමව අඩු අගයකද පවත්වාගෙන යයි (ඊට විරුද්ධව චීනයට දැඩි අන්තර්ජාතික පීඩනයක් එල්ල වී තිබීම නිසා දැන් එම තත්වය පහව යමින් පවතී). එනිසා එම චීන අභියෝගයට අපට මුහුන දීමටද සිදු වේ. ඊට සාපේක්ෂව ලංකාව ගැන බලන විට අපේ අවජාතක පාලකයෝ තම හිතවතුන්ට බිලියන ගනන් අයථා ලාබ ඉපයීමට ආනයනය දිරිමත් කරන බවක් පෙනේ (සමහර බදු යහලුවන්ට වාසි සැලසෙන ලෙස අඩු කිරීමෙන්). 

ලෝකයම ඉදිරියට යද්දී වංශෙ කබල් ගාන “සිංහල රට“ ආපස්සට යමින් සිටී.

රටක් තුල සිදු කරන වෙලඳාම වගේ අන්තර්ජාතික වෙලඳාම පහසු නැත. එය තරමක් සංකීර්ණය. ඊට සාධාරන හේතු කිහිපයක් තිබේ.

     1.       තනි රටක් තුල සිදු වන වෙලඳාම ගත් විට, එම රට තුල බලාත්මකව පවතින්නේ එම රටේ පොදු නීති පද්ධතිය (jurisdiction) පමනි. සාමාන්‍යයෙන් රටක් තුල එකම නීතියක් තිබෙන නිසා, වෙලඳාමේදී ගෙවීම් පිලිබඳ හෝ භාන්ඩ හා සේවාවල ගුනාත්මය හෝ වෙලඳ කොන්දේසි කඩ වීම් සිදු වූ විට හෝ නීතිය ක්‍රියාත්මක කර ගැනීම පහසුය.

එහෙත් විවිධ රටවල් ගත් විට, එම රටවල් අතර පවතින නීති රෙගුලාසි වෙනස්ය. එවිට, යම් වෙලඳ ගැටලුවකදී කුමන නීතිය ක්‍රියාත්මක කල යුතුද, කෙසේ ක්‍රියාත්මක කල යුතුද යන්න සැලකිය යුතු කරුනකි. තවද, එවන් නීති ක්‍රියාත්මක කර ගැනීමක් අවශ්‍ය වූ විට ඊට යන වියදමද අධික වේ.

     2.       එක් රටක සිට තවත් රටකට භාන්ඩ යවන විට සාමාන්‍යයෙන් එම රටවල් අතර තිබෙන පරතරය වැඩි නිසා ගුවන් සේවා, නැව් සේවා භාවිතා කරන්නට සිදු වේ. ලංකාව වැනි දූපත් රාජ්‍යයකට නම් එම ක්‍රම දෙක තමයි තිබෙන්නේ. එහෙත් යූරෝපා රටවල හෝ එවැනි ගොඩබිම් දේශ සීමාවලින් වෙන්ව ඇති රටවල් අතර අර ක්‍රම දෙකට අමතරව දුම්රිය සේවා, ට්‍රක් රථ සේවා, අභ්‍යන්තර ජල ප්‍රවාහන සේවා මඟින්ද භාන්ඩ ප්‍රවාහනය කෙරේ. ලංකාව ගැන සැලකුවොත් බඩු ගුවන් ගත කිරීම හෝ නැව් ගත කිරීමද තරමක බැරෑරුම් ලෙස සිදු කළ යුතු කාර්යකි.

     3.       තනි රටක් තුල සිදු වන ගනුදෙනුවලදී එම රටේ මුදල් ඒකකයෙන් ගෙවිය හැකි වුවත්, අන්තර්ජාතික වෙලඳාමේදී සාමාන්‍යයෙන් මුදල් ගෙවිය යුත්තේ අන්තර්ජාතික මුදල් ඒකකයකින්ය. ඇමරිකානු ඩොලරය (United States Dollar – USD), යුරෝ (Euro – EUR), ජපන් යෙන් (Japanese Yen – JPY), හා එක්සත් රාජධානි පවුම හෙවත් සටර්ලිං පවුම (Great British Pound – GBP) යනු ප්‍රධාන අන්තර්ජාතික මුදල් ඒකක හතරයි. මෙම තත්වය අන්තර්ජාතික වෙලඳාම තවත් සංකීර්න කරනවා.

ඉතිං, ඉහත මූලික අභියෝග තුනට ඉතාම හොඳ ක්‍රමවේද පවතී. ඒ සඳහා රටවල් දෙකක් අතර පවතින ද්විපාර්ශ්වික වෙලඳ ගිවිසුම් (bilateral trade agreements), රටවල් ගනනාවක් අතර ඇති කර ගන්නා බහුපාර්ශ්වික වෙලඳ ගිවිසුම් (multilateral trade agreements), හා අන්තර්ජාතික ආයතනවලින් හඳුන්වා දී ලෝකයේ බොහෝ රටවල් විසින් නීතිමය වශයෙන් බැඳීමකටද ලක් වී ඇති නොයෙක් ජාත්‍යන්තර ගිවිසුම් (international agreements, treaties, and covenants) හා ප්‍රමිතින් (international standards) පවතී. ලෝක වෙළඳ සංගමය (World Trade Organization – WTO), ජාත්‍යන්තර වානිජ මන්ඩලය (International Chamber of Commerce – ICC), ලෝක-ව්‍යාප්ත ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු සන්නිවේදනය සඳහා වූ සංගමය (Society for Worldwide International Financial TelecommunicationSWIFT) ආදි ජාත්‍යන්තර ගනයේ ආයතන මේ කටයුතුවල ඉදිරියෙන් සිටී.

හොඳයි, ඉදිරි ලිපිවලින් ආනයන අපනයන ක්‍රියාවලිය ගැන තරමක් ගැඹුරින් අධ්‍යනය කරමු.

Comments

  1. ඉතා හොද දැනුම් ලිපියක්
    ඉදිරි ලේකන කටයුතු සාර්ථක වේවා

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...