Skip to main content

Posts

Showing posts from June, 2015

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

ජීවිතය සතුටින් ජයගමු.

http://www.pickthebrain.com/blog/5-things-remember-everything-seems-going-wrong/  යන ඉංග්‍රිසි ලිපියෙහි අනුවර්තනයකි මෙය (පදානුගත පරිවර්ථනයක් නොවේ). එම ලිපියෙහි වැඩි ප්‍රමාණයක් ඉතා වැදගත් නිවැරදි හා සිත්ගන්නා සුළු ආකාරයට ලියා තිබෙන බැවින්, එය සිංහල පාඨකයන්ටද සමීප කිරීමේ අදහසින් මෙම අනුවර්තනය කරන ලදි. ජීවිතයේ සියල්ලම කනපිටට සිදුවෙනවා වගේ පෙනෙන විට මේ දේවල් 5 මතක තබා ගන්න දුක හා සැප ජීවිතයට පොදු දෙයක්. ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ අවස්ථාවක් එන්න පුළුවන් සියළු බලාපොරොත්තු සුන් වෙලා යන. ඔබට ජීවිත‍ය අපායක් සේ දැනෙන්නට පුළුවන්. එහෙත්, මෙවැනි අමිහිරි තත්වයකින් ගොඩ ඒමට තිබෙන රහස නම් එම තාවකාලික අමිහිරි තත්වය ඔබේ මුළු ජීවිතයටම ඍණාත්මකව බලපාන්නට ඉඩ නොදීමයි. මෙවැනි අමාරු කාලයන් ජීවිතයට වටිනා පාඩම් එකතු කරනවා. ඔබට ගොඩක් දුක හිතේවි, නමුත් එය ඔබේ ලස්සන ජීවිතය අවුල්කර ගැනීමට හේතුවක් නොකර ගන්න. ඒ සඳහා ඔබ කළ යුතු කුඩා දේවල් කිහිපයක් තිබෙනවා. ‍එම දේවලින් ඔබේ අපහසුතා හා බලාපොරොත්තු විරහිත බව සහමුලින්ම අතුගා දමන්නට පුළුවන්. 1. ‍මේකත් අනෙක් දේවල් වගේම ඉබේම කාලයත් සමග අවසන් වේවි "සෑම අ

මෝහනය / mohanaya (Hypnosis) - 13

කෙනෙකුව මෝහනය කර ගැටළුවට සරිලන යෝජනාවලියක් කීමෙන් පසුව බොහෝ විට, ඔහුට පොදුවේ දිය හැකි යෝජනාද දිය හැකි නම් එය තවත් වටිනවා. ජීවත් වන අප කවුරුත් කැමැතියි අප කරන දෙය කුමක් වුවත් එය කම්මැලිකමක් නැතිව සතුටින් උද්‍යෝගයෙන් කරන්න පුළුවන් නම්. ජීවිතයේ සාමාන්‍ය ගැටලු ප්‍රශ්න හමුවේ නොසැලී සිටීමට අපට අවශ්‍යයි. හොඳ නින්දක් ලැබීමට අවශ්‍යයි. මේ ආදී ලෙස එදිනෙදා ජීවිතයට ධනාත්මකව බලපාන හොඳ පුරුදු වැඩි දියුණු කරමින්, ඍණාත්මකව පවතින නරක පුරුදු අවම කරමින් සාර්ථක ජීවිතයක් සඳහා පොදුවේ කාටත් දිය හැකි යෝජනා තිබෙනවා. මෙවැනි පොදු යෝජනාවල තවත් වැදගත් කමක් තිබෙනවා. හැමවිටම ඔබ කාවහරි මෝහනයට පත් කරන්නේ ඔහුගේ ගැටළුවකට සහනයක් ලබා දීමටම නොවේ. විනෝදෙට මෝහනය වන්නට කැමති අය ඉන්නවා. ඔබ මෝහනය කරන්න දන්න අයකු බව ආරංචි වුණාම තමන්වත් මෝහනය කරන්න කියා බොහෝ හිතවතුන් ඉල්ලා සිටිනවා. මෙන්න මෙවැනි අවස්ථාවලත්, ඔවුන්ව මෝහනයට පත් කර නිකංම ඉන් ඉවත් කරනවාට වඩා මෙවැනි පොදු කාටත් පිළිගත හැකි කවුරුත් කැමැති යෝජනා කිහිපයක් ඔවුන්ට දිය හැකියි. එවිට, ඔවුන් මෝහනයට පත්වීමෙන් යම් ප්‍රයෝජනයක්ද ලැබෙනවා. එවැනි පොදු යෝජනාවලියක් මා පහත දක්වනවා.

මෝහනය / mohanaya (Hypnosis) - 12

සභාවක් ඉදිරියට ගොස් කතාවක් කිරීමට බියෙන් පෙළෙන කෙනෙකුගේ එම බිය නැති කර, ඊට ශක්තියක් ඇති කිරීමට යෝජනාවලියක් (ස්ක්‍රිප්ට් එකක්) ලියන ආකාරය පියවරෙන් පියවර බලමු. ප්‍රථමයෙන්ම මතක තබා ගන්න සාමාන්‍ය තත්වය යටතේදී ගැටළුවක් නැතිව කතා කළ හැකි, එහෙත් කුමන හෝ මානසික බියක් නිසා සභාවක් ඉදිරියට යෑමට හෝ පිරිසක් ඉදිරියේදී කතා කිරීමට ‍නොහැකි කෙනෙකුටයි මෝහනයෙන් සහනයක් ලබා දිය හැක්කේ. ඒ කියන්නේ සාමාන්‍ය තත්වය යටතේ යම් දක්ෂතාවක් නැතිනම්, මෝහනයෙන් පමණක් එය ඔප නැංවිය නොහැකියි. එවැනි කෙනෙකු සමග මෙම බිය/ගැටළුව ගැන සාකච්ඡා කරන විට, ‍ඔවුන් එසේ බිය වන්නට හේතු කියනු ඇත. විවිධ අය විවිධ හේතු කියනු ඇත. ‍මේ අනුව, එම හේතු හඳුනාගෙන සිටීම වැදගත් වේ. සමහරවිට හේතුවක් පෙන්වීමට අපොහොසත් වීමටද පුළුවන්. “අනේ මං දන්නෙ නැහැ... එහෙත් ගොඩක් අය ඉන්න කොට මට කතා කරගන්න බැහැ” ආදී ලෙස පවසන අයද බහුලය. හේතු සොයාගත නොහැකි වුවද බොහෝ විට, ඔබගේ සාමාන්‍ය බුද්ධිය යොදා ගෙන හේතු අඩමානෙට තීරණය කිරීමටද පුළුවන්. හේතු දැන ගත්තත් නැතත්, එවැනි අවස්ථාවකට මුහුණ දෙන විට, ඔවුන්ට දැනෙන දේ ගැන සැලකිල්ල දක්වන්න. සමහරෙකුට අසුනින් නැගිට ගන්නට අපහසු

මෝහනය / mohanaya (Hypnosis) - 11

නිවැරදිව යෝජනාවලි (scripts) ලියන ආකාරය මෝහන ප්‍රතිකාරයකදී ඉතා වැදගත් කොටස සුදුසු යෝජනාවලියක් මෝහනලාභියාට කීමයි. විනෝදයට මෝහනයට පත්වන අයට නම් එය අවශ්‍ය නැත. බොහෝ අය තමන්ගේම ස්ක්‍රිප්ට් ලියන්නට දන්නේ නැත. රැකියාවකට තමන්ගේ අයදුම්පතක් සකස් කිරීමට හෝ සාමාන්‍ය ලියුමක් ලියා ගැනීමටත් විවිධ පුද්ගලයන්ට භාර දෙන පිරිස් සිටින සමාජයක එක අතකින් එය පුදුමයක්ද නොවේ. මිතුරන් වෙනුවෙන් ආදර ලිපිවල සිට ආයතනික රහස්‍ය ලියවිලි දක්වා බොහෝ ලිපි ලේඛන මා එලෙස ලියා ඇති නිසා ඒ ගැන මා හොඳින් අත් දැක තිබෙනවා. බොහෝ විට තිබෙන්නේ ලිවීමට ඇති අනවශ්‍ය බියකි; පුරුද්දක් නැති කමකි; එහෙමත් නැතිනම් කම්මැලිකමකි. මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය. මුදලක් ගෙවා හෝ නොමිලේ මෙවැනි ස්ක්‍රිප්ට් ලබා ගත හැකියි. පොත් වශයෙන්ද ලියා ඇත. එහෙත් ඒවා බොහොමයක් ඉතාම දුර්වල හා අකාර්යක්ෂම (ඒ කියන්නේ අවශ්‍ය වැඩේ ‍නිවැරදිව නොකරන) යෝජනාවලි වේ. සමහර විශ්ව විද්‍යාල නාමයන්ගෙන් පිට කළ එවැනි ස්ක්‍රිප්ට් පොත් පවා ඉතාම දුර්වල මට්ට