Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

බුදු සමිඳු දැකීම (සිත හා චෛතසික)

සිත යන්න චිත්ත, මන (මනස), විඤාණය යන නම්වලින්ද හැඳින් වෙනවා. සිත යන්න බුදු දහම තුළ අතිශයම වැදගත් ස්ථානයක් හිමි කරගත්තත්, බොහෝ දෙනා සිත (හා චෛතසික) බුදු දහමේ ඉගැන්වෙන අයුරින්ම වටහගෙන නැති ‍බවක් පෙනෙනවා. විද්‍යාවේද සිත (mind) යන වචනය භාවිතා කෙරෙන අතර, එය බුදු දහමේ ඉගැන්වෙන සංකල්පයට වඩා විශාල වෙනසක්කම් සහිතව ඉගැන්වෙන බව සිහිතබා ගත යුතුය.

බුදු දහම අනුව සිත යනු "අරමුණු දැනගැනීම වේ". යම් සත්වයෙකු සිටිත් නම්, එම සත්වයා කවදා හෝ "නිර්වාණය" අවබෝධ කරගන්නා තෙක් එම සිත දිගින් දිගටම පවතී. (එහෙත් නිවන් නොදැකද සිත තාවකාලිකව නතරවිය හැකි අවස්ථාවන් දෙකක් ගැනද බුදු ද‍හමේ සඳහන් වේ. එනම්, "නිරෝධ සමාපත්තිය" නම් උසස් මානසික තත්වයේදී හා "අසඥ බ්‍රහ්ම ලෝකයේ" උපත ලැබීම එම අවස්ථා දෙකයි.) සිත යනුද හටගත් පසු නිර්වාණය තෙක් එක දිගටම "එකක්" ලෙස පවතින දෙයක් නොව. සිතක් හටගෙන සුළු කාලයක් පැවත එම සිත විනාශ වී යයි. සිත නැති වූ විටක නැවත අලුත් සිතක් හට ගනී. එයද ක්ෂණයක් පැවත නැවත නිරුද්ධ/භංග වී යයි. මෙලෙස සිත හටගැනීම-පැවැතීම-නිරුද්ධවීම යන ක්‍රියාවලිය අඛණ්ඩව පවතී. යම් සත්වයකුගේ මරණයේදී පවා මෙම ක්‍රියාවලිය නතර නොවේ. නිදාගත් විටද මෙම ක්‍රියාවලිය නතර නොවේ. සත්වයා සංසාරේ වසන තුරු (නිවන් අවබෝධ කරගන්නා තුරු) මෙම ක්‍රියාවලිය සිදු වේ. සිත හටගන්නට "ක්ෂණයක්" (ක්ෂණයක් යනු සිතාගත නොහැකි තරමේ කුඩා කාලයකි) ගත වේ. සිත පවතින්නේද එවැනිම තවත් ක්ෂණයක කාලයක් තුළය. සිත නැති වීමටද තවත් ක්ෂණයක කාලයක් ගත වේ.

සිතට පව් පිං හෝ කුසල අකුලස කිරීමට ශක්තියක් නැත. සිතට කළ හැකි එකම දේ නම් ඇස, කන, නාසය, දිව, ශරීරය, හා "මනස" යන ඉන්ද්‍රියන් හය සඳහා රූප, ශබ්ද, ගන්ධ, රස, විවිධ ස්පර්ශ/දැනීම්, හා සිතුවිලි යන භාහිර අරමුණු අල්ලා දීම පමණි. එය හරියට කුඩා ළමයෙකුට ඉන්ජෙක්ෂන් එකක් ‍දොස්තර විසින් ගසන්නට හැකි වන ලෙස නර්ස් විසින් ළමයාව අල්ලා ගැනීමක් බඳුය. පව් පිං කුසල් අකුසල් කිරීම, පුනර්භවය සංසාරය පවත්වා ගෙන යෑම ආදී සියලුම දේවල් සිදු වීමට නම්, සිතේ අරමුණු අල්ලා ගැනීමේ රාජකාරිය අතිශය වැදගත් වේ. එමනිසයි, සිතට බුදු දහම තුළ විශාල වටිනාකමක් ලැබී ඇත්තේ.

සිත විසින් ක්ෂණයක් පාසා විවිධාකාරයේ අරමුණු අල්ලා ගනී. උදාහරණයක් ගමු. ඔබ යම් මලක් දෙස බලාගෙන සිටිනවා යැයි සිතමු. දැන් ඔ‍බ මලේ වර්ණය හා හැඩය ආදිය දෙස බලමින් සිටී. එය ඇස නම් ඉන්ද්‍රිය/ආයතනය විසින් රූප නම් අරමුණු අල්ලා ගැනීමකි. මොහොතකින් ඔබ මලේ එක පෙත්තක නාරටි දෙස බලනු ඇත. දැන් ඔබේ සිතේ අරමුණ වෙනස් විය. එනම්, මුලු මල යන අරමුණ වෙනුවට දැන් එක් මල් පෙත්තක් පමණක් අරමුණ බවට පත් විය. මේ ආකාරයට මලේ විවිධ අංග දෙස වෙන වෙනම ඔබේ සිත ගමන් කරන විට, අරමුණද ඉබේම ‍ක්ෂණයක් පාසා වෙනස් වේ. එකවර ඔබට මලේ ප්‍රසන්න සුවඳ දැනෙනු ඇත. දැන් ඇස නම් ආයතනය තුළ පවත්වාගෙන ගිය අරමුණ නාසය නම් ආයතනයට මාරු වී අරමුණ වෙනස් විය. මොහොතකින් ඔබට ඈතින් ලස්සන සිංදුවක් ඇසේ නම්, ඔබේ සිත කන නම් ආයතනය ඇසුරු කොට ඇති නව අරමුණක් වෙතට ගමන් කරනු ඇත. එම සිංදුවේ වචනයක් පාසා ඔබේ අරමුණුද වෙනස් වේ (මොකද එම වචනවල තේරුම ඔබ සිතාබලන නිසා). එලෙස වචන වල තේරුම් සිතන විට, ඔබ මනස නම් ආයතනය ක්‍රියාත්මක කරනවා. එනම්, සිතේ අරමුණු ගැනීම දැන් සිදු වන්නේ මනස නම් ඉන්ද්‍රිය ඇසුරු කරගෙනය. මේ ආකාරයට අප විවිධ ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන ක්ෂණයක් පාසා අරමුණු ලබා ගැනීම සිදු කරනවා. සිතේ රාජකාරිය එපමණයි.

තවද, අපට ඇත්තේ එක් සිතක් පමණයි. එයද, එකක් ලෙස අඛණ්ඩව පවතින්නක් නොව, පෙර කියූ ලෙසම ඇති වී නැති වී නැවැත දිගින් දිගට ඇතී වී නැති වී යන ස්වභාවයක් ඇති එකකි. එහෙත් සිත පවතින සත්වයාගේ උත්පත්ති ස්වභාවය (බ්‍රහ්ම ලෝකයක උපත ලැබුවාද, අපායක උපත ලැබුවාය යන්න මත) ‍හා සත්වයාගේ මානසික තත්වය (මාර්ගඵල ලාභියෙක්ද මත) අනුව විවිධාකාරයේ වර්ගීකණයන් සිදු කර ඇත. සමහර අය මෙලෙස වර්ගකර ඇති සිත තේරුම් ගෙන තිබෙන්නේ සත්වයෙකුට එක සිතක් නොව සිත් බොහෝ ගණනක් තිබෙනවා යනුවෙනි. එය සාවද්‍ය තේරුම් ගැනීමකි.

සිත තනිව ක්‍රියා කරන්නේ නැත. සිතට අතිජාත මිතුරන් කැළක් සිටී. ඒවා චෛතසික යනුවෙන් හැඳින් වේ. චෛතසික 52ක් පවතී. සිතක් හට ගැනීමත් එක්කම චෛතසිකත් හට ගනී. එම හටගත් සිත ක්ෂණයක් පවතින නිසා, එලෙස හටගත් චෛතසිකද ක්ෂණයක් පවතී (එනම්, සිත පවතින ක්ෂණය තුළ එම හටගත් චෛතසිකද පවතී). දැන් සිත නිරුද්ධ වෙන විට ඒ සමගම චෛතසිකද නිරුද්ධ වේ. නැවත ඊළඟට හටගන්නා නව සිතත් සමග පෙර පරිදිම නව චෛතසික "සෙට් එකක්" හටගනී. මෙලෙස, සිත හා චෛතසික හටගැනීම-පැවතීම-භංගවීම සිදුවන්නේ එකටමයි. මෙය සිත හා චෛතසික අතර ඇති සුවිශේෂි ලක්ෂණයකි. සිත චෛතසිකවලින් තොරව හට ගන්නේ නැතිවාක් සේම, යම් චෛතසිකයක් සිතක් නැතිව හටගන්නේ නැත. තවද, සිතුවිලි යනු චෛතසිකවලට කියන තවත් සමාන වචනයක් නොවන බව මතක තබා ගන්න. (ඇස නම් ඉන්දුියට රූප නම් අරමුණු තිබුණාක් සේ, කන නම් ඉන්ද්‍රියට ශබ්ද නම් අරමුණු තිබුණාක් සේ, මනස නම් ඉන්ද්‍රියට සිතුවිලි නම් අරමුණු පවතී.)

චෛතසික 52ක් තිබුණක් ඒ සියල්ලම එකවර හටගන්නේ නැත. සාමාන්‍යයෙන් චෛතසික හතක් (මෙම හත "සබ්බචිත්ත සාධාරණ චෛතසික" යන නමින් හැඳින් වෙනවා) සෑම සිතකම හටගනී. ඇත්තටම ‍චෛතසික සිතක් තුළ හටගන්නේ නැත. ඒවා ස්වාධීනව හටගනී. එහෙත් චෛතසික හැමවිටම සිත හා බද්ධව පවතින නිසා, පහසුව පිණිස චෛතසික සිත තුළ හටගන්නවා යැයි පවසනවා. මෙම හතට අමතරව, තවත් චෛතසික කිහිපයක්ද හටගනී. එහෙත් එම චෛතසික මොහොතින් මොහොත වෙනස් වේ. එනම්, මේ මොහොතේ හටගත් යම් චෛතසිකයක් ඊළඟ මොහොතේ හටගනී යැයි ස්ථිරවම කිව නොහැකියි. ඇත්තටම, පව් පිං කුසල් අකුසල් සිදු කරන්නේ සිත විසින් නොව, චෛතසික විසින්ය. සෝවාහන්, සකෘදාගාමි, අනාගාමී, අරහත් යන මාර්ගඵල යනුද චෛතසිකවල ක්‍රියාකාරිත්වයකි. ඒ අනුව කර්මය හා පුනර්භවයටද හේතුව චෛතසික බව තේරුම් ගත යුතුය.

චෛතසික 52 නම්:
1. ඵස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාරය (මෙම චෛතිසක 7 සබ්බචිත්ත සාධාරණ චෛතසිකයි);
2. විතක්ක, විචාර, අධිමෝක්ෂ, වීර්ය, ප්‍රීති, ඡන්දය; 
3. මෝහය, ලෝභය, ද්වේශය; උද්දච්චය, කුක්කුච්ච, ථීනය, මිද්දය, විචිකිච්ඡා; අහිරිකය, අනොත්තප්පය; දිට්ඨිය, මානය, ඊර්ෂ්‍යාව, මච්ඡරිය (අකුසල චෛතසික);
4. සද්ධා, සතිය, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍රමජ්ඣත්තතාව, කායපස්සද්ධිය, චිත්තපස්සද්ධිය, කායලහුතාව, චිත්තලහුතාව, කායමුදිතාව, චිත්තමුදිතාව, කායකම්මඤ්ඤතාව, චිත්තකම්මඤ්ඤතාව, කායපාගුඤ්ඤතාව, චිත්තපාගුඤ්ඤතාව, කායුජ්ජුතාව, චිත්තුජ්ජුතාව (සෝභන චෛතසික);
5. සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව;
6. කරුණා, මුදිතා.

සිතෙන් අරමුණක් අල්ලාගත් පසු චෛතසික එම අල්ලාගත් අරමුණ මත ක්‍රියාත්මක වේ. සිත හා චෛතසික අන්‍යොන්‍යව ක්‍රියාකරන්නේ ඒ පරිද්දෙනි.

ඉහත චෛතසිකවලින්, අංක 3න් පෙන්වා ඇති චෛතසික හටගත් විට, අකුසල සිදු වේ. ඔබ යමක් කරන්නට, කියන්නට හෝ සිත්නට මුල් වූයේ එවැනි චෛතසික හේතුකොට ගෙන නම්, ඔබ පවක් සිදු කර ඇත. ඔබ අංක 4න් පෙන්වා ඇති සෝභන (කුසල්) චෛතසිකයක් මුල්කොටගෙන සිත, කය, වචනය යන තුන්දොරින් ක්‍රියාවක් සිදු කළේ නම්, ඔබ කුසල් හා පිං සිදුකර ගෙන ඇත. අන්න ඒ ආකාරයටයි චෛතසික අනුව පව් පිං සකස් වන්නේ.

ඉහත සබ්බ චිත්ත සාධාරණ චෛතසික හතෙන් චේතනා නම් චෛතසිකය ඉතා වැදගත් වේ. ඇත්තටම එම චේතනා චෛතසිකය තමයි ඔබට කර්මය සකස් කරන්නේ. බුදුරදුන් "චේනාංහ භික්ඛවේ කම්මං වදාමි" යනුවෙන් වදාළේ එයයි. චේතනාව යහපත් ආකාරයේ එකක් නම්, එම යහපත් චේතනාව සහිත සිත තුළ ඉහත අපිරිසිදු/අකුසල්/පව් චෛතසික හටගන්නට ඉඩක් නැති අතර, සෝභන/කුසල්/පිං චෛතසිකවලට පමණක් පැවතීමට හැකියි. එලෙසමයි, ‍චේතනාව අයහපත් නම්, එම අයහපත් චේතනා චෛතසිකය ඇසුරු කරගෙන පවතින සිත තුළ වැඩෙන්නේ අකුසල් ‍චෛතසික පමණි.


Buddhism