Skip to main content

බුදු සමිඳු දැකීම (සිත හා චෛතසික)

සිත යන්න චිත්ත, මන (මනස), විඤාණය යන නම්වලින්ද හැඳින් වෙනවා. සිත යන්න බුදු දහම තුළ අතිශයම වැදගත් ස්ථානයක් හිමි කරගත්තත්, බොහෝ දෙනා සිත (හා චෛතසික) බුදු දහමේ ඉගැන්වෙන අයුරින්ම වටහගෙන නැති ‍බවක් පෙනෙනවා. විද්‍යාවේද සිත (mind) යන වචනය භාවිතා කෙරෙන අතර, එය බුදු දහමේ ඉගැන්වෙන සංකල්පයට වඩා විශාල වෙනසක්කම් සහිතව ඉගැන්වෙන බව සිහිතබා ගත යුතුය.

බුදු දහම අනුව සිත යනු "අරමුණු දැනගැනීම වේ". යම් සත්වයෙකු සිටිත් නම්, එම සත්වයා කවදා හෝ "නිර්වාණය" අවබෝධ කරගන්නා තෙක් එම සිත දිගින් දිගටම පවතී. (එහෙත් නිවන් නොදැකද සිත තාවකාලිකව නතරවිය හැකි අවස්ථාවන් දෙකක් ගැනද බුදු ද‍හමේ සඳහන් වේ. එනම්, "නිරෝධ සමාපත්තිය" නම් උසස් මානසික තත්වයේදී හා "අසඥ බ්‍රහ්ම ලෝකයේ" උපත ලැබීම එම අවස්ථා දෙකයි.) සිත යනුද හටගත් පසු නිර්වාණය තෙක් එක දිගටම "එකක්" ලෙස පවතින දෙයක් නොව. සිතක් හටගෙන සුළු කාලයක් පැවත එම සිත විනාශ වී යයි. සිත නැති වූ විටක නැවත අලුත් සිතක් හට ගනී. එයද ක්ෂණයක් පැවත නැවත නිරුද්ධ/භංග වී යයි. මෙලෙස සිත හටගැනීම-පැවැතීම-නිරුද්ධවීම යන ක්‍රියාවලිය අඛණ්ඩව පවතී. යම් සත්වයකුගේ මරණයේදී පවා මෙම ක්‍රියාවලිය නතර නොවේ. නිදාගත් විටද මෙම ක්‍රියාවලිය නතර නොවේ. සත්වයා සංසාරේ වසන තුරු (නිවන් අවබෝධ කරගන්නා තුරු) මෙම ක්‍රියාවලිය සිදු වේ. සිත හටගන්නට "ක්ෂණයක්" (ක්ෂණයක් යනු සිතාගත නොහැකි තරමේ කුඩා කාලයකි) ගත වේ. සිත පවතින්නේද එවැනිම තවත් ක්ෂණයක කාලයක් තුළය. සිත නැති වීමටද තවත් ක්ෂණයක කාලයක් ගත වේ.

සිතට පව් පිං හෝ කුසල අකුලස කිරීමට ශක්තියක් නැත. සිතට කළ හැකි එකම දේ නම් ඇස, කන, නාසය, දිව, ශරීරය, හා "මනස" යන ඉන්ද්‍රියන් හය සඳහා රූප, ශබ්ද, ගන්ධ, රස, විවිධ ස්පර්ශ/දැනීම්, හා සිතුවිලි යන භාහිර අරමුණු අල්ලා දීම පමණි. එය හරියට කුඩා ළමයෙකුට ඉන්ජෙක්ෂන් එකක් ‍දොස්තර විසින් ගසන්නට හැකි වන ලෙස නර්ස් විසින් ළමයාව අල්ලා ගැනීමක් බඳුය. පව් පිං කුසල් අකුසල් කිරීම, පුනර්භවය සංසාරය පවත්වා ගෙන යෑම ආදී සියලුම දේවල් සිදු වීමට නම්, සිතේ අරමුණු අල්ලා ගැනීමේ රාජකාරිය අතිශය වැදගත් වේ. එමනිසයි, සිතට බුදු දහම තුළ විශාල වටිනාකමක් ලැබී ඇත්තේ.

සිත විසින් ක්ෂණයක් පාසා විවිධාකාරයේ අරමුණු අල්ලා ගනී. උදාහරණයක් ගමු. ඔබ යම් මලක් දෙස බලාගෙන සිටිනවා යැයි සිතමු. දැන් ඔ‍බ මලේ වර්ණය හා හැඩය ආදිය දෙස බලමින් සිටී. එය ඇස නම් ඉන්ද්‍රිය/ආයතනය විසින් රූප නම් අරමුණු අල්ලා ගැනීමකි. මොහොතකින් ඔබ මලේ එක පෙත්තක නාරටි දෙස බලනු ඇත. දැන් ඔබේ සිතේ අරමුණ වෙනස් විය. එනම්, මුලු මල යන අරමුණ වෙනුවට දැන් එක් මල් පෙත්තක් පමණක් අරමුණ බවට පත් විය. මේ ආකාරයට මලේ විවිධ අංග දෙස වෙන වෙනම ඔබේ සිත ගමන් කරන විට, අරමුණද ඉබේම ‍ක්ෂණයක් පාසා වෙනස් වේ. එකවර ඔබට මලේ ප්‍රසන්න සුවඳ දැනෙනු ඇත. දැන් ඇස නම් ආයතනය තුළ පවත්වාගෙන ගිය අරමුණ නාසය නම් ආයතනයට මාරු වී අරමුණ වෙනස් විය. මොහොතකින් ඔබට ඈතින් ලස්සන සිංදුවක් ඇසේ නම්, ඔබේ සිත කන නම් ආයතනය ඇසුරු කොට ඇති නව අරමුණක් වෙතට ගමන් කරනු ඇත. එම සිංදුවේ වචනයක් පාසා ඔබේ අරමුණුද වෙනස් වේ (මොකද එම වචනවල තේරුම ඔබ සිතාබලන නිසා). එලෙස වචන වල තේරුම් සිතන විට, ඔබ මනස නම් ආයතනය ක්‍රියාත්මක කරනවා. එනම්, සිතේ අරමුණු ගැනීම දැන් සිදු වන්නේ මනස නම් ඉන්ද්‍රිය ඇසුරු කරගෙනය. මේ ආකාරයට අප විවිධ ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන ක්ෂණයක් පාසා අරමුණු ලබා ගැනීම සිදු කරනවා. සිතේ රාජකාරිය එපමණයි.

තවද, අපට ඇත්තේ එක් සිතක් පමණයි. එයද, එකක් ලෙස අඛණ්ඩව පවතින්නක් නොව, පෙර කියූ ලෙසම ඇති වී නැති වී නැවැත දිගින් දිගට ඇතී වී නැති වී යන ස්වභාවයක් ඇති එකකි. එහෙත් සිත පවතින සත්වයාගේ උත්පත්ති ස්වභාවය (බ්‍රහ්ම ලෝකයක උපත ලැබුවාද, අපායක උපත ලැබුවාය යන්න මත) ‍හා සත්වයාගේ මානසික තත්වය (මාර්ගඵල ලාභියෙක්ද මත) අනුව විවිධාකාරයේ වර්ගීකණයන් සිදු කර ඇත. සමහර අය මෙලෙස වර්ගකර ඇති සිත තේරුම් ගෙන තිබෙන්නේ සත්වයෙකුට එක සිතක් නොව සිත් බොහෝ ගණනක් තිබෙනවා යනුවෙනි. එය සාවද්‍ය තේරුම් ගැනීමකි.

සිත තනිව ක්‍රියා කරන්නේ නැත. සිතට අතිජාත මිතුරන් කැළක් සිටී. ඒවා චෛතසික යනුවෙන් හැඳින් වේ. චෛතසික 52ක් පවතී. සිතක් හට ගැනීමත් එක්කම චෛතසිකත් හට ගනී. එම හටගත් සිත ක්ෂණයක් පවතින නිසා, එලෙස හටගත් චෛතසිකද ක්ෂණයක් පවතී (එනම්, සිත පවතින ක්ෂණය තුළ එම හටගත් චෛතසිකද පවතී). දැන් සිත නිරුද්ධ වෙන විට ඒ සමගම චෛතසිකද නිරුද්ධ වේ. නැවත ඊළඟට හටගන්නා නව සිතත් සමග පෙර පරිදිම නව චෛතසික "සෙට් එකක්" හටගනී. මෙලෙස, සිත හා චෛතසික හටගැනීම-පැවතීම-භංගවීම සිදුවන්නේ එකටමයි. මෙය සිත හා චෛතසික අතර ඇති සුවිශේෂි ලක්ෂණයකි. සිත චෛතසිකවලින් තොරව හට ගන්නේ නැතිවාක් සේම, යම් චෛතසිකයක් සිතක් නැතිව හටගන්නේ නැත. තවද, සිතුවිලි යනු චෛතසිකවලට කියන තවත් සමාන වචනයක් නොවන බව මතක තබා ගන්න. (ඇස නම් ඉන්දුියට රූප නම් අරමුණු තිබුණාක් සේ, කන නම් ඉන්ද්‍රියට ශබ්ද නම් අරමුණු තිබුණාක් සේ, මනස නම් ඉන්ද්‍රියට සිතුවිලි නම් අරමුණු පවතී.)

චෛතසික 52ක් තිබුණක් ඒ සියල්ලම එකවර හටගන්නේ නැත. සාමාන්‍යයෙන් චෛතසික හතක් (මෙම හත "සබ්බචිත්ත සාධාරණ චෛතසික" යන නමින් හැඳින් වෙනවා) සෑම සිතකම හටගනී. ඇත්තටම ‍චෛතසික සිතක් තුළ හටගන්නේ නැත. ඒවා ස්වාධීනව හටගනී. එහෙත් චෛතසික හැමවිටම සිත හා බද්ධව පවතින නිසා, පහසුව පිණිස චෛතසික සිත තුළ හටගන්නවා යැයි පවසනවා. මෙම හතට අමතරව, තවත් චෛතසික කිහිපයක්ද හටගනී. එහෙත් එම චෛතසික මොහොතින් මොහොත වෙනස් වේ. එනම්, මේ මොහොතේ හටගත් යම් චෛතසිකයක් ඊළඟ මොහොතේ හටගනී යැයි ස්ථිරවම කිව නොහැකියි. ඇත්තටම, පව් පිං කුසල් අකුසල් සිදු කරන්නේ සිත විසින් නොව, චෛතසික විසින්ය. සෝවාහන්, සකෘදාගාමි, අනාගාමී, අරහත් යන මාර්ගඵල යනුද චෛතසිකවල ක්‍රියාකාරිත්වයකි. ඒ අනුව කර්මය හා පුනර්භවයටද හේතුව චෛතසික බව තේරුම් ගත යුතුය.

චෛතසික 52 නම්:
1. ඵස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාරය (මෙම චෛතිසක 7 සබ්බචිත්ත සාධාරණ චෛතසිකයි);
2. විතක්ක, විචාර, අධිමෝක්ෂ, වීර්ය, ප්‍රීති, ඡන්දය; 
3. මෝහය, ලෝභය, ද්වේශය; උද්දච්චය, කුක්කුච්ච, ථීනය, මිද්දය, විචිකිච්ඡා; අහිරිකය, අනොත්තප්පය; දිට්ඨිය, මානය, ඊර්ෂ්‍යාව, මච්ඡරිය (අකුසල චෛතසික);
4. සද්ධා, සතිය, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍රමජ්ඣත්තතාව, කායපස්සද්ධිය, චිත්තපස්සද්ධිය, කායලහුතාව, චිත්තලහුතාව, කායමුදිතාව, චිත්තමුදිතාව, කායකම්මඤ්ඤතාව, චිත්තකම්මඤ්ඤතාව, කායපාගුඤ්ඤතාව, චිත්තපාගුඤ්ඤතාව, කායුජ්ජුතාව, චිත්තුජ්ජුතාව (සෝභන චෛතසික);
5. සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව;
6. කරුණා, මුදිතා.

සිතෙන් අරමුණක් අල්ලාගත් පසු චෛතසික එම අල්ලාගත් අරමුණ මත ක්‍රියාත්මක වේ. සිත හා චෛතසික අන්‍යොන්‍යව ක්‍රියාකරන්නේ ඒ පරිද්දෙනි.

ඉහත චෛතසිකවලින්, අංක 3න් පෙන්වා ඇති චෛතසික හටගත් විට, අකුසල සිදු වේ. ඔබ යමක් කරන්නට, කියන්නට හෝ සිත්නට මුල් වූයේ එවැනි චෛතසික හේතුකොට ගෙන නම්, ඔබ පවක් සිදු කර ඇත. ඔබ අංක 4න් පෙන්වා ඇති සෝභන (කුසල්) චෛතසිකයක් මුල්කොටගෙන සිත, කය, වචනය යන තුන්දොරින් ක්‍රියාවක් සිදු කළේ නම්, ඔබ කුසල් හා පිං සිදුකර ගෙන ඇත. අන්න ඒ ආකාරයටයි චෛතසික අනුව පව් පිං සකස් වන්නේ.

ඉහත සබ්බ චිත්ත සාධාරණ චෛතසික හතෙන් චේතනා නම් චෛතසිකය ඉතා වැදගත් වේ. ඇත්තටම එම චේතනා චෛතසිකය තමයි ඔබට කර්මය සකස් කරන්නේ. බුදුරදුන් "චේනාංහ භික්ඛවේ කම්මං වදාමි" යනුවෙන් වදාළේ එයයි. චේතනාව යහපත් ආකාරයේ එකක් නම්, එම යහපත් චේතනාව සහිත සිත තුළ ඉහත අපිරිසිදු/අකුසල්/පව් චෛතසික හටගන්නට ඉඩක් නැති අතර, සෝභන/කුසල්/පිං චෛතසිකවලට පමණක් පැවතීමට හැකියි. එලෙසමයි, ‍චේතනාව අයහපත් නම්, එම අයහපත් චේතනා චෛතසිකය ඇසුරු කරගෙන පවතින සිත තුළ වැඩෙන්නේ අකුසල් ‍චෛතසික පමණි.


Buddhism

Comments

  1. Great article. I was digging Abhi Dhamma books to understand the mechanisms of 'chaithasika' and your article was very insightful. Well done!

    ReplyDelete
    Replies
    1. Thank you Randika. If you really are interested in Abhi Dhamma, I invite you to read the books authored by Professor Venerable Renukane Chandawimala hamuduruwo (abhi dhamma athpotha, abhi dharamaye mulika karunu - I exactly can't remember the titles because it has been many years now since I had read them). I think those two books with his other books are available on the internet as pdf files (google them) for free download as well. :)

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...