Skip to main content

මෝහනය / mohanaya (hypnosis) - 7

මෝහනයයෙන් ඉවත් කිරීම

ඉහත ‍එල්මන් ඉන්ඩක්ෂන් එකෙන් හෝ වෙනත් ඕනෑම ඉන්ඩක්ෂන් ක්‍රමයකින් හෝ මෝහනයට (hypnosis) පත් වූවෙකු එම මෝහනයෙන් ඉවත් කිරීමද (emerge) නිවැරදිව කළ යුතුයි. ඇත්තටම එය ඉතාම පහසුය. මෝහනයෙන් ඉවත් කිරීමද සිදුවන්නේත් යෝජනා හරහාමය. ‍ඔබ මෝහනලාභියාට සුදුසු උපදෙස් සමූහක් දිය යුතුයි මෝහනයෙන් දැන් ඉවත් වන්න කියා.

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM

මා මුලිනුත් පැවසුවා කිසිම විටෙක මෝහනයට පත් කිසිම කෙනෙකු සදාකල්හි මෝහන නිද්‍රාවේ තැබිය නොහැකියි කියා. නිකමට හෝ ඔබ යමෙකුව මෝහනයට පත් කර කුමන හෝ හේතුවක් ‍නිසා හරි ඔහුව මෝහනයෙන් ඉවත් නොකර තැබුවේ නම්, මෝහනලාභියාම ඉන් ඉබේම ඉවත් වේ. තමන්ට දැන් මෝහන නිද්‍රාවේ සිටියා ඇති කියා හැ‍ඟෙන විට, ඔබ ‍කිව්වත් නොකිව්වත් ඔහු ඉන් ඉවත් වේ. අවට පරිසරයේ යම් කලබලයක් ප්‍රශ්නයක් ඇති බව ඔහුට දැනුන විටත් ඔහු ඉන් ඉවත් වේ. මෝහනවේදියා ගැන යම් සැකයක් හෝ අවිශ්වාසයක් ඇති වූවොත්, එවිටද ඔහු මෝහනයෙන් ඉවත් වේ.

සමහරෙකුට මෝහනය අවසානයේ නින්ද යා හැකියි. එහෙත් එය හොඳ තත්වයක් නොවේ. ඔබ බොහෝ විට දන්නේ නැහැ ඔහුට නින්ද ගියේ මොන වෙලාවේද කියා. ඒ කියන්නේ සමහරවිට ඔහුට නින්ද ගිහින් ඇත්තේ ඔබ ඔහුට චර්යා වෙනස් කරන ස්ක්‍රිප්ට් එක කියන අවස්ථාවේ වෙන්නත් පුළුවන්. ඒ වෙලාවේ නින්ද ගියා නම්, එම මෝහන සැසිය කිසි ඵල ප්‍රයෝජනයක් නැති එකක් බවට පත් වෙනවා. එමනිසා, නින්ද යෑමම නරක මෝහන සැසියක ලක්ෂණයකි. නිකමට හෝ කෙනෙකු එසේ නින්ද ගිය විට, එක්කෝ ඔහුට එසේ නිදා ගැනීමට සලස්වා තමන්ට කැමති වෙලාවක නැගිටින්නට සැලැස්විය හැකියි. එසේත් නැතිනම්, සාමාන්‍යයෙන් අප නින්දේ පසුවන කෙනෙකු අවදි කරන ආකාරයට එවෙලේම අවදි කළ හැකියි. පවතින තත්වය හා වටපිටාව අනුව එය ඔබගේ සාමාන්‍ය දැනීම යොදාගෙන තීරණය කරන්න. තවද, නැවත වෙනත් වෙලාවක ඔහුට එම මෝහන සැසිය කිරීමද වඩාත් උචිතයි.

එහෙත් අප කොහොමද දැනගන්නේ ‍ඔහු පසුවන්නේ නින්දේද නැතිනම් මෝහන නිද්‍රාවේද කියා? එය දැන ගැනීමත් පහසුයි. සමහරෙකු නම් නින්දට ගිය විට ගොරවනවා. එහෙත් හැම කෙනාම ගොරවන්නේ නැහැ. සමහරක් අය මෝහන නිද්‍රාවේ සිටින විටත් ගෙරවිය හැකියි (ඊට හේතුව ඔහුගේ මුහුණ හා බෙල්ල වක්‍ර වී තිබීමයි). එනිසා ගෙරවීම මගින් එය හඳුනාගැනීම සුදුසු නැහැ. පහසු ක්‍රමය මෙයයි. නින්දේ පසුවන කෙනෙකුට අප යමක් කරන්න කියා කිවුවත් ඔහු ඊට ප්‍රතිචාර දක්වන්නේ නැහැ නේද? එහෙත් මෝහන නිද්‍රාවේ සිටින කෙනෙකු ඔබට ප්‍රතිචාර දක්වනවා. උදාහරණයක් ලෙස ඔහුගේ දකුණු අතේ දබර ඇඟිල්ල ඔසවන්න, එහෙමත් නැතිනම් ඔහුගේ නම කියන්න ආදී ඉතා සරල දෙයක් ඔහුට පවසන්න. ඔහු ඊට ප්‍රතිචාර දක්වනවා නින්ද ගිහින් නැතිනම්.

ඇත්තටම ඔබට පුළුවන් මෝහන නිද්‍රාවේ සිටින කෙනෙකුට “හා හරි දැන් නැගිටින්න” කියා ඔහුව ඉන් ඉවත් කරන්න. සමහරවිට එහෙත් නැගිටින්නේ නැති නම්, ඒ කියන්නේ ඔහු ඉතා ගැඹුරු මෝහන නිද්‍රාවක පසුවන බව උපකල්පනය කරමින්, ඔහුගේ උරහිස සොලවා හෝ අත් පුඩියක් ඔහුගේ කන ගාව ගසමින් හෝ හරි දැන් නැගිටින්න කියා කිව හැකියි. අනිවාර්යෙන්ම ඔහු නැගිටීවි. එහෙත් මෙවැනි රළු විදියට මෝහනයෙන් ඉවත් කරන්න එපා. මා මේ දේවල් කිව්වේ මෝහනයෙන් ඉවත් කිරීම හරිම පහසු බව පෙන්වීමට පමණයි. ඉතා වෘත්තිමය ආකාරයට එය කිරීමට ඔබට කීමට ඇත්තේ ඉතා සුළු වාඛ්‍ය දෙක තුනක් පමණි. එමනිසා හැම විටම වෘත්තිමය වැදගත් හා ප්‍රසන්න ආකාරයට එය කරන්න. මා පහත දක්වනවා එවැනි ක්‍රම (මෝහනයෙන් ඉවත් කිරීමේ ක්‍රම ඉංග්‍රිසියෙන් emerging techniques කියා පවසනවා.) හෙවත් ඉමර්ජින් ටෙක්නික් දෙකක්.

පළමු ක්‍රමය
“මා තව මොහොතකින් එකේ සිට තුනට ගණන් කරනවා. මා තුනේ ඉලක්කම කියන විට... හැබැයි තුනට කලින් නෙමේ... ඔබ ඔය දැන් සිටින මෝහන තත්වයෙන් ඉවත්ව සාමාන්‍ය විමසිලිමත් උද්‍යෝගිමත් සිහියට එළඹෙනවා. එක... දැන් ඔබ මෝහනයෙන් ඉවත්වන්නට සූදානම්... ඔබේ ඇස් ඇරෙන්නට සූදානම්... ඔබේ ශරීරය සැපදායක විදියට ප්‍රාණවත් වෙනවා. දෙක... ඔබේ සිත හා ශරීරය සනීපදායක සැහැල්ලුවෙන් පවතිමින් ඇස් අරින්නට සූදානමින් සිටින්න. තුන... ඇස් අරින්න... ප්‍රබෝධවත්ව හා සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දෙන්නට උද්‍යෝගිමත්ව සාමාන්‍ය ‍සිහියට පත් වෙන්න.”

ඉහත වාඛ්‍ය හැකි නම් ඒ විදියටම කියන්න පුරුදු වෙන්න. සුළු සුළු අවශ්‍ය වෙනස්කම්ද එයට කළ හැකියි. උදාහරණයක් ලෙස, මෙහි එකේ සිට තුන දක්වා නොකියා එකේ සිට පහ දක්වා ගණන් කරනවා යැයි කිව හැකියි. එවිට, එක... දෙක... තුන... ආදී ලෙස පහ... දක්වා ක්‍රමයෙන් ගනන් කරන්න. සෑම ඉලක්කමක් පාසාම මෝහනයෙන් ඉවත්ව සාමාන්‍ය තත්වයට පත් වන්න කියා යෝජනා කරන්න. මේ යෝජනා කරන විට, සිතේ හා ගතේ උද්‍යෝගය, ප්‍රබෝධය, සැහැල්ලුව, හා සනීපයද තව දුරටත් පවත්වාගන්නා ලෙසද යෝජනා කරන්න. ඉහත එම යෝජනා ලියා තිබෙන විදිය හොඳින් විමසා බලන්න.

වචන භාවිතයේදී ඉතාම සැලකිලිමත් විය යුතුය. මෝහනයෙන් ඉවත් කරන විට පමණක් නොවේ, සාමාන්‍යයෙන් මෝහනයේ සෑම අවස්ථාවකදීම වචන භාවිතය සැලකිලිමත්ව කළ යුතුය. මේ ගැන වැඩි විස්තර පසුවට දැක්වේ.

මෙහිදී මෝහනයෙන් ඉවත් වීම මෝහනයෙන් “නැගිටිනවා” යැයි කියන්නට හෝ සිතන්නට පුරුදු වෙන්න එපා. මෝහනයෙන් නැගිටිනවා යන වචනය මෝහනලාභියට ඇසෙන විට, ඔහුට සිතෙන්නට පුළුවන් මම මෝහනයේදී නිදාගෙනද සිටියේ කියා. තමන්ට නින්ද ගියාද කියා සැකයක් ඇතිවීම හොඳ දෙයක් නොවේ. එමනිසා නැගිටිනවා (wake up) යන වචනය භාවිතා කරන්න එපා.
“පියවි සිහියට” එන්න කියා කීමට සිතුණත්, මා එය හිතාමතාම යොදාගත්තේ නැහැ. ඊට හේතුව, පියවි යන වචනයෙන් කියන්නේ මොකක්ද යන්න මෝහනලාභියා නොදන්නවා විය හැකියි. මා මුලිනුත් කිව්වා බර වචන කිසිසේත් යොදන්න එපා කියලා. මෝහනයේදී කියන සෑම වචනයක්ම මෝහනලාභියාට තේරිය යුතුයි. ඔබේ තිබෙන දැනුම මට්ටම මත මෝහනලාභියා ගැන උපකල්පනය සිදු නොකර, හැකි හැම විටම සරල වචන පමණක් යොදන්න. කුඩා ළමයෙකුට කතා කරනවා යැයි සිතා වචන භාවිතා කරන්න.

දෙවන ක්‍රමය
“මා මොහොතකින් එකේ සිට තුනට ගණන් කරනවා. මා තුන කියන විටම ඔබ ඔය සිටින මෝහන තත්වයේ සිට ප්‍රබෝධයෙන් යුතුව සාමාන්‍ය සිහියට පත් වෙන්න. එක... දෙක... තුන... ඇස් අරින්න... ප‍්‍රබෝධයෙන් හා සැහැල්ලුවෙන් සාමාන්‍ය සිහියට පත් වෙන්න.”

මෙම ටෙක්නික් එක ඇත්තටම කුඩාය. ඉක්මනින් කිව හැකියි. ඉතාම ගැඹුරු මෝහන නිද්‍රාවේ සිටින කෙනෙකුට පළමු ටෙක්නික් එක වඩා යෝග්‍ය ‍වන අතර, එතරම් ගැඹුරු මෝහනයක වැඩි කාලයක් නොසිටි කෙනෙකු සඳහා දෙවන ක්‍රමය යෝග්‍ය වේ.

ඇත්තටම මෙහි යම් රටාවක් මා පෙන්වා දෙන්නම්. යම් කෙනෙකු මෝහන නිද්‍රාවේ වැඩි කාලයක් ගත කළේ නම්, ඔහුව ඉවත් කිරීමට වැඩි කාලයක් ගන්න. ඒ කියන්නේ එකේ සිට තුන දක්වා ගණන් කරනවා වෙනුවට, එකේ සිට පහ දක්වා හෝ එකේ සිට දහය දක්වා ගණන් කරන්න. ඔහු වැඩි වෙලාවක් ඉතා සැහැල්ලුවෙන් සිටි නිසා හදවත ගැහෙන වේගය හා හුස්ම ගැනීමේ වේගය අඩු වෙලා තිබෙන නිසා, එකවර ඒවා වේගවත් කිරීම සුදුසු නැත. එකවර නින්දෙන් වුවත් නැගිටින කොට අපට යම් අපහසුවක් දැනෙනවා නේද? එවැනි යම් අපහසුවක් ගැඹුරු මෝහනයේ සිටි කෙනෙකුට දැනෙන්නට පුළුවන් ඉක්මනින්ම ඔහුව මෝහනයෙන් ඉවත් කරන විට.

සාමාන්‍ය ක්‍රමයට මෝහනයෙන් ඉවත් නොවන විට
ඉහත සඳහන් යෝජනාවලිය හෝ වෙනත් ඉමර්ජින් ටෙක්නික් එකක් කියූ පසුත් මෝහනලාභියා බැරිවෙලාවත් මෝහනයෙන් ඉවත් නොවන්නේ නම්, පහත දැක්වෙන ආකාරයේ දෙයක් කළ හැකියි. මෙය ඇත්තටම ඉතාම කළාතුරකින් පමණක් විය හැකි දෙයක්. කිසිසේත්ම කළබල විය යුතු නැහැ. මෙහිදී පමණක් නොවේ, මෝහන‍ ක්‍රියාවලියේ කුමන අවස්ථාවකදිවත් මෝහනවේදියා බියට හෝ කලබලයට පත් නොවිය යුතුයි.

ඉහත ගණන් කළ පසුද මෝහනයෙන් ඉවත් නොවූයේ නම් මෙසේ කියන්න. “මා මොහොතකින් අත්පුඩියක් ගසනවා. එම ශබ්දය ඇසෙන විටම ඔබේ ඇස් දෙක හොඳින් විවෘත වෙලා සම්පූර්ණයෙන්ම මෝහනයෙන් ඉවත් වෙන්න.” දැන් වැඩිය ශබ්දය නැති අත්පුඩියක් ඔහුගේ කන ළඟින් ගසා ඇස් අරින්න යැයි සැරෙන් කියන්න. එවිට ඔහු මෝහනයෙන් ඉවත් වේවි.

ඉහත ක්‍රමය වෙනුවට තවත් ආකාරයකට මෙය කළ හැකියි. මෙසේ කියන්න “මා මොහොතකින් ඔබේ අත අල්ලා තරමක් උඩට උස්සා ඔබේ කකුල මත අත හරිනවා. එම අත ඔබේ කකුල මතට වදින විටම ඔබේ ඇස් දෙක හොඳින් විවෘත වෙලා සම්පූර්ණයෙන්ම මෝහනයෙන් ඉවත් වෙන්න.” මෙසේ කියා ඔහුගේ අතක් තරමක් ඉහළට ඔසවා ඔහුගේ උකුල/කකුල මතට තරමක් වේගෙන අත හරින්න. එය කකුලේ වදින විටම ඇස් අරින්න යැයි සැරෙන් කියන්න.

භාහිර ‍ශබ්දවලට ප්‍රතිකර්මයක්
පෙර අවස්ථාවකත් සඳහන් වූවා සේම, කිසිදු භාහිර ශබ්දයක් නැති පරිසරයක් තිබීම මෝහනය සඳහා අත්‍යවශ්‍ය නැත. එහෙත් හැකි පමණ නිශ්ශබ්ද පරිසරයක් සොයාගැනීම සුදුසුය. වටපිටින් ඇතිවන ශබ්ද මෝහනය සඳහා බාධාවක් නොවන ලෙස හසුරුවා ගැනීමට තවත් ක්‍රමයක් ඇත. එනම්, ඉහත එල්මන් හෝ වෙනත් ඉන්ඩක්ෂන් එකකින් මෝහනයට පත් වූවාට පසුව වටපිටින් ඇසෙන ශබ්ද බාධාවක් කර නොගන්නා ලෙස මෝහනලාභියාට යෝජනා කරන්න. ඒ සඳහා පහත දැක්වෙන ආකාරයේ යෝජනාවලියක් ඔහුට කියන්න.


“ඔබ දන්නවා මෝහන නිද්‍රාව තුළත් ඔබට වටපිටින් ඇති වන ශබ්ද ‍හොඳින් ඇසෙන බව. එහෙත් මෙතැන් සිට වටපිටින් ඇසෙන කිසිදු ශබ්දයක් බාධාවක් ලෙස ඔබට දැනෙන්නේ නැහැ. ඇත්තටම ඒ ඇසෙන ඕනෑම ශබ්දයක් ඔබව තව තවත් මෝහන නිද්‍රාවේ ගැඹුරට ගෙන යනවා... ඔබව සැහැල්ලු කරනවා... ශබ්ද අතරින් ඔබට වැදගත් වන්නේ මං කියන දේ විතරයි... මං කතා කරන හඬ පමණයි ඔබට වැදගත්. මගේ හඬ ඇසෙන හැමවිටමත් ඔබව සැහැල්ලුවට පත් කරනවා... මෝහනය තව තවත් ගැඹුරු කරනවා.”

Hypnosis (mohanaya) ...

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...