Skip to main content

මෝහනය / mohanaya (hypnosis) - 3

මෝහනය යනු කුමක්ද?

“අවධි සාධකය මග හැර, (මෝහනයට ලක්වන පුද්ගලයාට) පිළිගත හැකි තෝරාගත් යෝජනාවලට පමණක් යටි සිතට ප්‍රවේශ වීමට සැලැස්වීම මෝහනය ‍වේ”.

“Hypnosis is the bypass of the critical factor of the conscious mind, and establishment of acceptable selective thinking”.


මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM


මෝහනය සඳහා ඉදිරිපත් කළ හැකි වඩාත්ම යෝග්‍ය නිර්වචනය එයයි (ඇමරිකානු රජයේද අර්ථ දැක්වීම එයයි). මෙහිදී පැහැදිලි ‍කොටස්/අවස්ථා දෙකක් ඇත. අවධි සාධකය මග හැරීම ඉන් පළමු අවස්ථාවයි. උඩු සිත “නිදි කරවනවා” හෝ “සියුම් කරනවා” යැයිද කියන්නේ මෙයටමයි. එහෙත් අවධි සාධකය බොහෝ විට මුලුමනින්ම මග හැරිය නොහැකියි. එය සුළු වශයෙන් සියුම් වූ විට, “සැහැල්ලු මෝහන” (light hypnosis) තත්වය ලෙස හැඳින් වේ. මධ්‍යම ප්‍රමාණයෙන් අවධි සාධකය මග හැරි විට “මධ්‍යම ප්‍රමාණයේ මෝහනය” (medium hypnosis) ලෙසද, විශාල ප්‍රමාණයෙන් මග හැරි විට “ගැඹුරු මෝහනය” (deep hypnosis) ලෙසද සැලකේ. මෙය මෝහන මට්ටම (level of hypnosis) ලෙස හැඳින් වේ.

යටි සිතට යොමු කරන යෝජනා යටි සිත විසින් භාර ගන්නට, හැකි පමණ මෝහන මට්ටම ගැඹුරු විය යුතුය. උදාහරණයක් ලෙස, ගැඹුරු මෝහනයේ සිටින කෙනෙකුට ලබා දෙන යෝජනා බොහෝ ඵලදායි වන අතර බොහෝ කාලයක් පුරාවට එය ක්‍රියාත්මක වේ. එමනිසා, මෝහනය කරන විට ගැඹුරු මෝහන මට්ටමක් දක්වා මෝහනය කිරීමට ඔබ උත්සහ කළ යුතුය. අතීතයේදී නම් එය ඉතා අපහසු කාර්යක් වුවත්, එය පහසුවෙන් කළ හැකි උපක්‍රම දැන් පවතී. ඒවා ඉගෙන ගන්න.

ඉහත නිර්වචනයේ දෙවැනි කොටස/අවස්ථාව වන්නේ තෝරාගත් පිළිගත හැකි යෝජනාවලට පමණක් යටි සිත සංවේදී වීම (අවනත වීම) වේ. ඉන් කියන්නේ ඔබ විශ්වාස කරන පුද්ගලයකුට විතරයි ඔබව මෝහනය කළ හැක්කේ. ඒ විතරක් නොවේ; ඔබ පිළිගන්නා කෙනෙකු වුවත්, එම තැනැත්තා දෙන සමහර යෝජනාවලට ඔබ කැමැති නැතිනම්, එවැනි යෝජනාද ඔබ පිළි නොගනී.

මුලදී මනස ගැන කෙටියෙන් සඳහන් කරන විට, යටි සිතට කෙළින්ම යමක් ළඟාවිය හැකි නම්, යටි සිත විසින් එය කොන්දේසි විරහිතව භාර ගන්නා බව පැවසුවා මතකද? එහෙත් මා දැන් කියනවා ඔබට කැමැති යෝජනා පමණක් යටි සිතට පිවිසීමට ඉඩ සලස්වනවා කියා. බැලූ බැල්මට මෙම විස්තර කිරීම් දෙක පරස්පර බව පෙනේ. එහෙත් එසේ නොවේ. උඩු සිත කිසිම විටක සම්පූර්ණයෙන්ම මග හැරිය නොහැකි බව ඔබ දන්නවා. එය ඉතා සියුම් මට්ටමින් හෝ පවතිනවා මෝහන තත්වයේ සිටින විටත්. ‍එමනිසා යටි සිත තව දුරටත් ඉන් ආරක්ෂා වෙනවා.

මින් පැහැදිලි වන්නේ කුමක්ද? ඔබව බලෙන් කිසිම කෙනෙකු විසින් මෝහනය කළ නොහැකි බවයි. තවද, ඔබේ රහස් ආදිය ඔබ මෝහනයේ සිටින විටදීද කිසිවිටක හෙළි කරන්නේ නැත. සමහරුන් බයයි මෝහනයට පත්වන්නට තමන්ගේ සමහර රහස් හෙළි වෙයිද කියා. මතක තබා ගන්න බොහෝ අය මෝහනයට පත් නොවන ලොකුම හේතුව මෙයයි. අප කාටත් රහස් තිබෙනවා. ඒවා රහස් ලෙසම තබා ගන්නයි අපට ඕන. සමහරවිට ඔවුන් එය ඔබට පවසන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙත් කොතරම් උත්සහ කළත් ඔහුව/ඇයව මෝහනයට පත් කරන්නට බැරි වෙන්නට පුළුවන්. මොනම හේතුවක් නිසා හෝ මෝහනයට බයක් ඇත් නම්, එම තැනැත්තාව මෝහනය කළ නොහැකියි.

ඔබගේ ආගමික, දේශපාලන ආදී ඕනෑම මතවාදයක්, ඔබගේ විශ්වාස පද්ධතිය ආදිය ඔබේ කැමැත්තකින් තොරව ‍මෝහනයෙන් වෙනස් කළ නොහැකියි. මෝහනය ඉගෙන ගන්නා අය මේ කරුණු හොඳින් මතක තබා ගත යුතුයි. සමහර විට, ඔබ කෙනෙකුගේ විශ්වාසය දිනාගෙන ඔහුව/ඇයව මෝහනයට පත් කර, ඔහු හෝ ඇය අකමැති යෝජනාවක් කිරීමට සිතිය හැකියි. එය කිසිසේත් කරන්නට එපා. ඉන් සිදුවන්නේ ඔබ ගැන තැබූ විශ්වාසය පළුදු වීම පමණයි. මෝහනයට පත් කර කෙනෙකුව තමන්ට ආදරය කරන්නට සැලැස්විය නොහැකියි. බැංකු මංකොල්ල කන්නට මිනී මරවන්නට මෙහෙය විය නොහැකියි. චිත්‍රපටිවල එවැනි ජවනිකා තිබුණත් සත්‍ය ලෝකයේ මෝහනයෙන් එය කළ නොහැකියි.

එහෙත් මෙහිද යම් සැඟවුණු තත්වයක්ද පවතී. ඔබ නොදැනුවත්ව මෝහනයට පත් විය හැකියි. මෙය “සැඟවුණු මෝහනය” (covert hypnosis) ලෙස හැඳින් වේ. තමන්ද තමන් මෝහනය වන බවක් නොදන්නා බැවින් “තමන්ට තොරාගත් පිළිගත හැකි යෝජනා පමණක් යටි සිතට යයි” යන කොටස මෙහිදී වලංගු නොවේ. මෙලෙස මෝහනයට ලක් වන විට, ඔබ දන්නේම නැතිව ඔබ අකමැති දේවල් පවා ඔබේ යටි සිතට කා වැද්දවිය හැකියි. මෙය තරමක් භයානක තත්වයකි. ‍මා මෙම පොතෙන් ‍සැඟවුණු මෝහන ක්‍රම ගැන කතා කරන්නේ නැත. සාමාන්‍ය යහපත් අරමුණු වෙනුවෙන් මෝහනය යොදා ගන්නා විට, මෝහනයට පත් වන පුද්ගලයාගේ අනුදැනුම ඇතිව මෝහනය සිදු විය යුතුයි. මෙය තමයි සාමාන්‍ය මෝහනය. (ඉහත covert hypnosis යන වදන යොදා ගත්තාක් මෙන් මෙම සාමාන්‍ය මෝහනයට overt hypnosis යන වචනයද සමහරුන් යොදා ගන්නවා.)

මීට අමතරව මෝහනය සඳහා වෙනත් නිර්වචනද පවතී. මනසේ තවත් එක්තරා අවදිමත්/වෙනස් අවස්ථාවක් (altered state of mind) ලෙසද එය සැලකිය හැකියි. මනස ඉතා හොඳින් සැහැල්ලු (relaxed) වූ තත්වයක් ලෙසද එය සමහරුන් සලකයි.

සමහරෙක්ට අනුව මෝහනයේදී සිත එකඟ වන හෙවත් “සමාධිගත” වන (focused attention) බවක් පැවසෙනවා. එමනිසයි ඔවුන් මෝහනය හා භාවනාව සමාන බවක් දකින්නෙත්. එහෙත් එය නිවැරදි නොවේ. පසුව ඔබ ඉගෙන ගන්නා පරිදි සමහර අවස්ථාවලදී (abreaction යන අවස්ථාවල) ‍මෝහනයට පත් තැනැත්තා බෙරිහන් දී කෑ ගැසීම, ඇඬීම වැනි දේවල්ද සිදු කළ හැකියි. ඔබ දන්නවා මේවා සිදුවන විට සිත කැළඹෙන බව. ඉතිං කොහොමද භාවනාවක් බදු නම්, මේවා සිදු වන්නේ? එහෙත් මෝහනයේදී තමන්ගේ අවධානය වඩාත් ත්‍රීව්‍ර වන බව හෝ සංවේදී වන බව නම් සත්‍යයකි. කළබලකාරී උඩු සිත සියුම් වීම නිසා මෙය බොහෝ දුරට සිදු වේ. භාවනාවේදී මනස යම් තත්වයකට පත් වේ. එය මනසේ යම් වෙනස් තත්වයකි. මෝහනයද මනසේ තවත් එක් වෙනස් තත්වයකි. භාවනාව හා මෝහනය ගැන එලෙස සිතීම වඩා යෝග්‍ය යැයි මා සිතනවා. තවද, භාවනාවෙන් අපේක්ෂිත සමහර ප්‍රතිඵල මෝහනයෙන්ද ලැබිය හැකියි (උදාහරණයක් ලෙස මානසික සැහැල්ලුව).

මෝහනයට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඉතා නොදියුණු “මිථ්‍යා” අදහස්වල සිට අද සෑහෙන්ඩ දුරකට “විද්‍යාත්මක” මට්ටමක් දක්වා එය ක්‍රමයෙන් විකාශනය වී ඇත. මෝහනය පිළිබඳ නොයෙකුත් පතපොතද ඇත. සමහර ඉතා ප්‍රසිද්ධ හා බොහෝ අය පිළිගන්නා පොත් ලියැවී ඇත්තේ ඈත අතීතයේය. මෝහනය උගන්වන සමහර අය අදටත් ඉගෙන ගෙන තිබෙන්නේ එම පැරණි පොත්වල තිබෙන මෝහනය පිළිබඳ දැනුම හා මෝහන ක්‍රමවේද වේ. එමනිසා, එම පොත් කියවන හා එවැනි ගුරුවරුන්ගෙන් මෝහනය ඉගෙන ගන්නා නූතන අයත් ඉබේම දැනගන්නේ හා භාවිතා කරන්නේ එම යල්පැන ගිය මෝහන ක්‍රමවේද වේ. මෙයද මෝහනය පිළිබඳ වැරදි ආකල්ප ඇති වීමට හේතු වී ඇත. බොහෝ විට කෙනෙකු මෝහනය ඉගෙන ගත් පසු එය කුඩා ක්ෂේත්‍රයක් නිසා නැවත නැවත දැනුම අලුත් කිරීමට උත්සහ නොදරන නිසා තමන් උගත් පැරණි දේ මියෙන තුරුම සිතේ දරාගෙන සිටිනවා (ඇත්තටම මෙය මෝහනවේදින්ට පමණක් නොව බොහෝමයක්ම වෘත්තිකයන්ටද පොදුය. එමනිසා ඉංජිනේරු, වෛද්‍ය, නීති වැනි බොහෝ වෘත්තික ආයතන Continuous Professional Development (CPD) යන නමින් අඛණ්ඩ වෘත්තික දැනුම වර්ධනය කිරීමේ පාඨමාලා හා විභාග ඇති කර තිබෙනවා). උදාහරණයක් ලෙස, මා දැක තිබෙනවා සමහර විශේෂඥ වෛද්‍යවරුන් හා ‍මනෝ වෛද්‍යවරුන් පුවත්පත්වල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා මෝහනය ප්‍රයෝජනවත් නැති දෙයක් කියා. ඒවා ඔවුන් නිකංම කියන්නේ නැත. අනිවාර්යෙන්ම එසේ කියන්නට හේතු ඔවුන් සතුව ඇත. මා දකින හැටියට පැරණි පතපොතේ ඇති නමුත් නූතන වෛද්‍ය විද්‍යාව අනුව සාවද්‍ය න්‍යායාත්මක පැහැදිලි කිරීම් හා බොහෝ විට පැරණි මෝහන ක්‍රමවේදවල පවතින අඩු ඵලදායි (අඩු කාර්ය සාධක) බව මීට හේතු විය හැකියි. එමනිසා ප්‍රසිද්ධ, උගත්, හෝ වෘත්තික අයකු මෝහනය බොරුවක් යැයි පැවසුවොත් එය කිසිසේත් නොපිළිගත යුතුයි. ඔහු සමහරවිට වෛද්‍යවරයකු හෝ මනෝවිද්‍යාඥයකු පවා විය හැකියි. ඉන් තේරුම්ගත හැක්කේ ඔහු යම් විෂයක විශේෂඥයකු විය හැකි වුවත්, මෝහනය සම්බන්දයෙන් ඔහුගේ හෝ ඇයගේ දැනුම ඉතා අල්ප හෝ සාවද්‍ය බව පමණි.

පැරණි පොතපත හා ක්‍රමවේද අනුව ඉතා ප්‍රසිද්ධ මතයක් ගොඩනැගී තිබෙනවා සෑම කෙනෙකුටම මෝහනයට පත් වීමට නොහැකි බව. අවාසනාවකට බොහෝ අය පිළිගන්නා මතයද එයයි. මෝහනය පිළිබඳ සිද්ධාන්තයක් ‍පමණටම එය ප්‍රසිද්ධ වී ඇත. 25% ක් පමණ කිසිසේත් මෝහනය කළ නොහැකි බවත්, අනෙක් පිරිසෙනුත් අහවල් ප්‍රතිශතයක් ගැඹුරු මෝහනයටත් අහවල් ප්‍රතිශතයක් අහවල් මට්ටමින් ආදී ලෙස මෝහනයට පත් විය හැකි බව ඉන් කියැවෙනවා. එහෙත් එය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි. කිසිසේත් එය සිද්ධාන්තයක්ද නොවේ. එම මතය නිවැරදියි ඒ කාලේ භාවිතා කරපු මෝහන ක්‍රමවේදය සඳහා.

ඒ කාලේ මෝහනය කිරීමට භාවිතා කළ ප්‍රබලම ක්‍රමය වූයේ “ක්‍රමක්‍රමයෙන් සැහැල්ලු කිරීමේ ක්‍රමය” (progressive relaxation) වේ. ඔබට වුවද මෝහනය ගැන යම් මතකයක් ඇති නම්, බොහෝ විට එම මතකයේ රැඳී ඇත්තේ මෙම ක්‍රමය විය යුතුය. “දැන් ඔබේ හිස පෙදෙස සැහැල්ලුයි... සැහැල්ලුයි... දැන් බෙල්ල සැහැල්ලුයි... උරහිස සැහැල්ලුයි...” ආදී ලෙස සමහරවිට පැය භාගයක් පමණ අහවල් එක සැහැල්ලුයි අහවල් එක සැහැල්ලුයි... කිය කියා මෝහනයට පත් කිරීම ඉන් සිදු වේ. මෙය මෝහනය කිරීමට ඇති නරකම ක්‍රමය වේ. මේ ක්‍රමයෙන් ඇත්තටම මෝහනයට පත් වන්නේ සුළු පිරිසක් වන අතර, ඒ පිරිසද බොහෝ විට ගැඹුරු මෝහනයකට පත් නොවේ. නින්ද යෑමද සිදු වේ. යම් කෙනෙකු මෝහනය අවසානයේ නින්ද ගියේ නම්, එය හොඳ මෝහනයක්ද නොවේ. බොහෝ පොත්වල මෝහනයේදී නින්ද යා හැකි බවත්, එසේ නින්ද ගිය විටක කැමැති නම් ඔහු නින්දෙන් අවදි වන තෙක් නිදාගන්නට හෝ කැමැති නම් නින්දෙන් අවදි කරන ලෙසද උපදෙස් දී තිබේ. මෝහනය ගැන ලංකාවේ ලියා තිබෙන මා දැක තිබෙන එකම පොත් පිං‍ච (hypnosis – secrets asecrets කියන පොත) ඉංග්‍රිසි‍ භාෂාවෙන් ඇති අතර එය ආචාර්ය උපාධිය අතුළුව විශාල උපාධි හා විභාග ගණනක් සමර්ථ විශේෂඥයකු විසින් ලියා තිබුණත් (ඔහුට නිසි ගෞරවයද සහිතව), අවාසනාවකට එයද පැරණි යල් පැන ගිය මෝහනවේදය ගැන පමණක් සඳහන් වේ.

නූතන ක්‍රම අනුව විනාඩි පහක් ඇතුළත ඕනෑම කෙනෙකුව මෝහනයට පත් කළ හැකිය. ඔව් 100% ක්ම මෝහනයට පත් කළ හැකියි. ඒ විතරක් නොවේ; ඒ සියලු දෙනාම ගැඹුරු මෝහනයටද පත් වේ. බැරිවෙලාවත් නින්ද ගියොත් එම මෝහනය අසාර්ථ වූවා සේ සැලකීමද නූතනයේ සිදු වේ (පැරණි ක්‍රමවලිදී නින්ද යෑම සාමාන්‍ය ලෙස සැලකුවා).

යම් කෙනෙකු මෝහනයට පත් නොවේ නම්, එය ඔහුට හෝ ඇයට මෝහනයට පත් වීමට ඇති නොහැකියාව ලෙස නොසලකන්න. කෙනෙකු මෝහනයට පත් වීමට නම් මෝහනය ගැන බියක් නොපැවතිය යුතුය. කුඩා හෝ බියක් පවතී නම්, එය මෝහනයට බාධාවකි. අවාසනාවකට, මෙම බියට හේතුව එම තැනැත්තා මෝහනය ගැන ඇති කර ගෙන ඇති වැරදි ආකල්ප වේ. තමන්ගේ රහස් හෙළි වේවි; මෝහනයෙන් ඉවත් වීමට බැරි වී ජීවිත කාලයම මෝහනයේ සිර වී සිටීවි; මෝහනවේදියා තමන් අකමැති දේවල් තමන් ලව්වා කරවා ගනීවී ආදි ලෙස නොයෙක් මිථ්‍යාවල සමහරුන් සිටී. ඇත්තටම මේ එකක්වත් සත්‍ය නොවේ.

පෙරත් පැවසුවා තමන්ගේ රහස් මෝහනයේදී මෝහනවේදියාට හොරෙන් ලබාගත නොහැකි බව. තමන්ට ඕනෑම මොහොතක මෝහනයෙන් ඉවත් විය හැකියි. කිසි විටක මෝහනයේ සිරවීමක් සිදු වන්නේ නැත. මෝහ‍නවේදියා ඔබව මෝහනයෙන් ඉවත් නොකර පළා ගියත් ඉන් කිසිදු ප්‍රශ්නයක් ඔබට ඇති නොවේ. ඔබ සිහියෙන් සිටින විට පිටස්තරයන්ගෙන් ආරක්ෂා වීමට ඔබ සමත් වන්නාක් සේම මෝහනයෙන් සිටින විටද ඒ පරිද්දෙන්ම ඔබට ආරක්ෂා විය හැකියි.

සමහර විට කෙනෙකු මෝහනයට පත් නොවන්නේ ඔබ ඔහුව/ඇයව මෝහනය කරන වි‍දියේ ප්‍රශ්නයක් නිසා විය හැකියි. සෑම කෙනාවම එකම වේගයෙන් මෝහනයට පත් නොවිය හැකියි. එවිට, විවිධ ක්‍රම හා උපක්‍රම ඔබ විසින් උගත යුතුයි විශේෂ අය සඳහා භාවිතා කිරීමට.

තවත් සමහරුන් ඔබව අභියෝගයට හෝ අවඥාවට ලක් කිරීමේ අරමුණින්ද ඔබෙන් මෝහනය වීමට පැමිණිය හැකියි. “පුළුවන් නම් මාව මෝහනය කර පෙන්වන්න” වැනි අදහසින් එන කිසිම කෙනෙකු මෝහන කළ නොහැකියි. එය නම් ඇත්තටම එම තැනැත්තාගේ මෝඩකම හෝ ප්‍රශ්නයකි.

මෝහනය ඉගැන්වීමට විශ්ව විද්‍යාල පාඨමාලා හෝ උසස් ඩි‍ප්ලෝමා හෝ නැත. මාස ගණන් ඉගැන්වීමටද දෙයක් නැත (අවශ්‍ය නම් සල්ලි හම්බ කිරීමේ අදහසින් අවුරුදු ගණන් දිව යන ලෙසට වුවද ඕනෑම පොඩි දෙයක් ඉගැන්වීමට හැකි අයද සිටින බව පෙනේ). සමහර පාඨමාලාවල කුඩා කොටසක් ලෙස එය ඉගැන්වෙන ආයතන තිබිය හැකියි. බොහෝ විට මෝහනය ඉගැන්වීම සිදු කරන්නේ තවත් මෝහනවේදියකු යටතේය. සමහරුන් යම් යම් ආයතන පිහිටුවා ඉතා විශාල මුදල් අයකරමින් කෙටි පාඨමාලාද පවත්වනවා. ඒ සියළු දේ පැත්තකට දමා ඔබට තනිවම මෙය ඉගෙන ගත හැකියි. විනෝදාංශයක් ලෙස වුවද ඉගෙන ගත හැකියි. හොඳ පොත්පත් කියවා හා මිතුරන් දෙතුන් දෙනෙකු සමග මෙය ඉගෙන ගැනීම වඩාත් හොඳය. එවිට, එම කිහිප දෙනාට එම ඉගෙන ගත් දේ ප්‍රායෝගිකව තම තමන්ටම සිදු කර ගත හැකියි. ප්‍රායෝගිකව පුහුණු වීම අත්‍යවශ්‍ය වේ. එකපාරක් ඔබ කෙනෙකුව මෝහනයට පත් කළ විට, ඔබට හොඳ ආත්ම විශ්වාසයක් ඇති වේ. මෙය කිරීමට ඇත්තටම අවශ්‍ය කරන්නේ ආත්ම විශ්වාසය පමණි. විශාල පොත් ගණනාවක දැනුමක් අවශ්‍ය නැති නිසා ඉක්මනින්ම ඉගෙන ගත හැකියි. වරක් නිවැරදි ආකාරයෙන් ඉගෙන ගත් විට, බොහෝ විට වරදින්නේ නැති තරම්ය. මේ පොත කියවා ඔබට ඉතා හොඳ මෝහනවේදියකු විය හැකි බවට මා සහතික වෙනවා.

මෝහනය යනු සම්පූර්ණයෙන්ම වචන හරහා සිදු කරන දෙයකි. අමුතු උපකරණ කිසිසේත් අවශ්‍ය නොවේ. එකම උපකරණය නම් ඔබේ වචනයි. මෝහනය සඳහා නොයෙක් උපකරණ හා ඇටවුම්, සහ විවිධ නාද රටාවන් නිර්මානය කර ඇතත් ඒ සියල්ලම කුණු කූඩයට දැමිය යුතු ඒවාය. කිසිවිටක ඒවා ගැන විශ්වාසය නොතබන්න.

තවද, ඇඳක හෝ වෙනත් සුදුසු තැනක ඇල වෙන්නට සලස්වා මෝහනය සිදු කිරීම ප්‍රචලිත ක්‍රමය වුවත්, ඕනෑම ඉරියව්වකින් එය කළ හැකියි. සිටගෙන, හිඳගෙන වුවද එය කළ හැකියි. එහෙත් සිටගෙන කරන විට, මෝහනයට ලක්වන කෙ‍නාගේ ශරීරය සැහැල්ලු/ලිහිල් වන නිසා ඔහුව ඇදගෙන වැටී අනතුරු සිදු විය හැකියි. පැය භාගයක් පැයක් පමණ සාමාන්‍යයෙන් මෝහන සැසි වාරයක් (hypnosis session) පැවැතිය හැකි නිසා, ඔහුට/ඇයට එම කාලය තුළ ශරීරය සැහැල්ලුවෙන් පවත්වාගෙන යෑම ඔබගේ වගකීම වේ. එමනිසයි නිදියන ඉරියව්ව වඩාත් සුදුසු වන්නේ. බොහෝ කාලයක් එම ඉරියව්ව පවත්වාගෙන යා හැකියි. ශරීරයට අමාරුවක් හෝ කැක්කුමක් ඇති වන විට, සමහර විට ඔහු/ඇය මෝහනයෙන් ඉවත් විය හැකියි. සමහර විට, මෝහනයෙන් සිටියත් ගැඹුරු මට්ටමේ සිට සැහැල්ලු මට්ටමට පත් විය හැකියි. එම අවදානම නොගන්නට ඔබ වගබලා ගන්න. සුදුසු පුටුවක වාඩි කරවාද පහසුවෙන් මෝහනය සිදු කළ හැකියි. සුදුසු ක්‍රමවේද භාවිතා කළොත් පැය භාගයකින් ‍මෝහන සැසියක් සම්පූර්ණ කළ හැකියි.

ඔබේ කට (වචන) මෝහනයේදී භාවිතා වන එකම උපකරණය බව දැන් ඔබ දන්නවා. ඇත්තටම මෝහනයට පත් වන තැනැත්තා කරන්නේ ඔබට ඇහුම්කන් දී ඔබ කියන කියන දේ ගැන අවධානය යොමු කිරීම පමණි. එවිට, ඔහුව මෝහනයට හෙවත් “මෝහන නිද්‍රාවට” පත් වේ (මෙහි මෝහන නිද්‍රාව යන වචන භාවිතා කර ඇත්තේ මෝහනයට පත් අය නිදන් සිටිනවා වගේ පෙනෙන නිසාය). මෝහනයට පත් වන විට, එම මෝහන මට්ටම ගැඹුරට පත් කළ යුතුය. එයද සිදු වෙන්නේ ඔබ කියන වචන හරහාය. ගැඹුරු මෝහනයට පත් වූ පසු සුදුසු ධණාත්මක යෝජනා කිව යුතුයි. එයද ‍ඔබේ වචනයි. ඒ අනුව මේ සෑම අවස්ථාවකදීම සිදු වූයේ ඔබ යම් ක්‍රමවේදයක් ඔස්සේ කියාගෙන යන වචන ගොන්නක් පැවසීමයි. මෙව වචන/වාඛ්‍ය “මෝහන යෝජනා(hypnotic suggestions) යන පොදු නමින් හැඳින් වේ. මූලිකව යෝජනා වර්ග දෙකක් ඇත.

    1.       පෙර-මෝහන යෝජනා (pre-hypnotic suggestion) - මෝහනයට පත් කිරීමට කියනු ලබන දේවල්. මෙම යෝජනා අසාගෙන සිටින විට, අසන තැනැත්තාව මෝහනයට පත් වේ. තවද, මෝහනයට පත් වූ පසුව මෝහන මට්ටම ගැඹුරු කිරීමට කියනු ලබන යෝජනාත් මීට ඇතුළත් වේ.

මෙම පෙරමෝහන යෝජනා කියමින් මෝහනයට පත් කිරීම induction (ප්‍රේරණය) යන නමින් හැඳින් වේ. ඉන්ඩක්ෂන් ක්‍රම ගණනාවක්ම පවතී. පෙර සඳහන් කළ ප්‍රොග්‍රෙසිව් රිලැක්සේෂන් යනුද ඉන්ඩක්ෂන් ක්‍රමයකි. fixation, pendulum-swinging, fascination ආදී ලෙස තවත් ඉන්ඩක්ෂන් ක්‍රම ඇත. මා පෞද්ගලිකව භාවිතා කරන්නේත් මෙම පොතෙන් කියා දෙන්නෙත් Elman induction (එල්මන් ඉන්ඩක්ෂන්) නම් ඉතා පහසු, ඉතා ඉක්මන්, හා මා දන්නා තරමින් ඉතා හොඳම ක්‍රමයයි.

    2.       පසු-මෝහන යෝජනා (post-hypnotic suggestion) - ‍අවශ්‍ය ප්‍රමාණයට මෝහනයට පත් වූවා යැයි දැනගත් පසුව, ඔහුගේ සුදුසු චර්යා වෙනස්කම් ඇති කිරීම පිණිස දෙනු ලබන යෝජනා වේ. මෙම යෝජනා ක්‍රියාත්මක වන්නේ ඔහු මෝහනයෙන් ඉවත් වූවාට පසුවයි. උදාහරණයක් ලෙස, මකුළුවන්ට භීතිකාවක් දක්වන පුද්ගලයකුට ඉන් මගහැරීමට දෙනු ලබන යෝජනා ක්‍රියාත්මක වන්නේ මෝහනයෙන් ඉවත් වී එදිනෙදා සාමාන්‍ය ජීවිතය ගත කරන කාලයේදීය. සමහර යෝජනා ජීවිත කාලය පුරාවටම බලපාන පරිදි සිදු වේ. සමහර ඒවා යම් කාලයක් බලපවත්වා ක්‍රමක්‍රමයෙන් පැරණි වැරදි චර්යා රටාවට නැවත පත් වේ.

මෙම යෝජනාද නිකංම හිතට එන එන විදියට කියන්නේ නැත. ඔබ යමෙකුව මෝහනයට පත් කරන්නේ විනෝදයට නම්, ඔහුව මෝහනයට පත් කර ටික වෙලාවකින් මෝහනයෙන් ඉවත් කළ හැකියි. එවිට, කිසිදු පසු-මෝහන යෝජනාවක් කීමට අවශ්‍ය නැත. එහෙත් යමෙකුව මෝහනයට පත් කරන්නේ ඔහුගේ යම් චර්යා වෙනසක් සිදු කිරීමට නම්, ඔහුට ඇති ප්‍රශ්නය හඳුනාගෙන එම දෝෂය මග හැර සහනයක් ලබා දීම සඳහා සුදුසු පසු-මෝහන යෝජනාවලියක් ඔබ මුලින්ම සකස් කළ යුතුය. යම් සහනයක් ලබා දීම අරමුණින් කරන මෝහනයකදී ඇත්තටම ඉතාම ඉතාම ඉතාම වැදගත් කොටස නම් මෙම පසු-මෝහන යෝජනාවලියයි. මෙම පසු-මෝහන යෝජනාවලිය hypnotic script හෝ නිකංම “ස්ක්‍රිප්ට් එක” කියා හැඳින් වෙනවා. Patter කියාද ඊට පවසනවා.

විවිධ ප්‍රශ්න/අවස්ථා/රෝග සඳහා සකස් කර ඇති පැටර් සහිත පොත් පවා විකිණීමට ඇත. ඒවා ලියා ඇත්තේ යම් විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරමින්ය. එනම්, හොඳ පැටර් ලියන විට අනුගමනය කළ යුතු රීතින් රාශියක් ඇත. එහෙත් ඒවා අනුගමනය නොකර නිකං සල්ලි හම්බ කිරීමේ අරමුණින් හෝ ලියා තිබෙන ස්ක්‍රිප්ට් පොත් තිබෙන අතර ඒවා හඳුනා ගැනීමට ඔබට හැකි විය යුතුයි.

ඇත්තටම, කිසිදු පැටර් පොතක් නැතිව තමන්ගේම පැටර් ලිවිය හැකිය. ලෝකයේ අනර්ඝතම පැටර් එක සෑදිය හැක්කේ තමන්ටමයි. අනිත් අය ලියූ පැටර් කියවා බලන්න. ඒවායේ දුර්වලතා හා හොඳ තැන් සොයා අත්දැකීමක් ලබා ගන්න. එහෙත් සිංහල බසින් නම් කිසිදු පැටර් පොතක් තවම පළ වී නැත. පැටර් ලියන හැටි හා ඒ හා සම්බන්ද සියලු රීතින් මා මෙම පොතේ දක්වනවා. පුලුවන් තරම් පැටර් ලියන්න. රීතින් අනුගමනය කරන්න. වැරදි පැටර් එකක් නිසා හොඳ ප්‍රතිඵල කිසිසේත් ලැබෙන්නේ නැත. සමහර විට ප්‍රශ්නය වැඩි වීමටද ඉඩ තිබෙනවා.


Hypnosis (mohanaya) ...

Comments

  1. මෝහන විෂය ඉගෙනීමට කැමතියි.උගන්නනවද සර්.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...