Posts

Showing posts from October, 2016

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලි ශිල්පය (Amateur radio) - 21

Image
විස්තාර මූර්ජනනය පැරණිතම හා වඩාත්ම පහසුවෙන් තේරුම්ගත හැකි මූර්ජන ක්‍රමය මෙයයි . රේඩියෝ තරංග සොයාගත් කාලයේ මෙම මූර්ජන ක්‍රමය පමණි දැනගෙන සිටියේ . සමහර පැහැදිලි කිරීම් තුල , අනෙක් මූර්ජන ක්‍රමවලට වඩා පහසුවෙන් සිදු කළ හැකි මූර්ජන ක්‍රමය ලෙස මෙය හැඳින්වුවත් , වර්තමානයේ එම ප්‍රකාශය එතරම් නිවැරදි නොවන්නේ , තාක්ෂණයේ දියුනුව නිසා අනෙක් මූර්ජන ක්‍රමද පහසුවෙන් සිදු කළ හැකි තත්වයක අප සිටින නිසාය . විස්තාර මූර්ජනය දෙස පැති කිහිපයකින්ම බැලීම වටිනවා හොඳ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම් . පළමුව බලමු මූර්ජනය නිසා සංඥා සංඛ්‍යාතයට කුමක් සිදු වේද කියා . පැහැදිලි කිරීමේ පහසුව තකා , මුලින්ම සංඥාව සරල අවසංඛ්‍යාත සයිනාකාර තරංගයක් සේ සලකමු . උදාහරණයක් ලෙස , මෙම සයිනාකාර සංඥාවේ සංඛ්‍යාතය හර්ට්ස් 100 යැයි සිතමු . මෙම සංඥා සංඛ්‍යාතය දැන් අධිසංඛ්‍යාත වාහක තරංගය සමග ( විස්තාර මූර්ජන ක්‍රමයට ) මිශ්‍ර කරමු . මෙම වාහක තරංගය මෙගාහර්ට්ස් 200 යැයි සිතමු . මෙවිට , මූර්ජනය හේතු කොට ගෙන , පහත රූපයේ ආකාරයට මෙගාහර්ට්ස් 200.0001 හෙවත් කිලෝහර්ට්ස් 200,000.1 හෙවත් හර්ට්ස් 200,000,100 මූර්ජිත තරංගයක් ලැබේවි . එලෙසම සං