Posts

Showing posts from June, 2018

ඊටීඅයි අර්බුදයට විශේෂ විසඳුමක්

අද ඊටීඅයි තැන්පතුකරුවන්ට තමන්ගේ තැන්පතු මුදලින් 10%ක් ලබා දෙන බව ලිපි ලැබී ඇත. එය හෙට සිට ලබා දෙන බව ලිපියේ සඳහන්ය. කෙනෙකුට සිතිය හැකියි 10%ක්වත් ලබා දෙන්නේ නම් මේ මොහොතේ එය ඉතා හොඳ බවක්. එහෙත් මේ සමඟම එම තැන්පතු මුදල්වලට ගෙවමින් සිටි 17% වැනි ඉහල පොලී අනුපාතද 8%ක් පමණ දක්වා අඩු වේ. මෙහි ගැටලු හා ඒවාට ලබා දිය හැකි විසඳුම් ගණනාවක්ම පවතින බව පෙනේ. මාගේ පවුලේ අයද ඊටීඅයි හි තැන්පතුකරුවන් හෙයින් විශේෂිත යෝජනාවක්ද ඇතුලත් කරමින් මේ අර්බුදය ගැන ලිවීමට සිතුණි. මෙම අර්බුදයේ ඇත්තම ඇත්ත ස්වභාවය මා පෞද්ගලිකව නොදනිමි. එහෙත් සත්තකින්ම මා දන්නා කරුණු කිහිපයක්ද ඇත. ඊටීඅයි ආයතනය විසින් වංචනික ලෙස ගිනුම් පොත් දෙකක් පවත්වා ගෙන ගිය බවට දැන් සනාථ වී ඇත. මාද හොඳාකාරව එය වසර ගණනක සිට දැන සිටිමි. මේ සියලු දේ සිදු වූයේ සමහරවිට දසකයක් හෝ ඊටත් වැඩි කාලයක සිට විය හැකිය. ඒ කියන්නේ සෝමා එදිරිසිංහ සිටි සමයේ සිට මේවා ඇගේද අනුදැනුම අනුව සිදු වී ඇත. තැන්පත් කරන්නට එන අය ගණකාධිකරණය හෝ ආර්ථික විද්‍යාව දන්නා අය නොවේ. වචනයක් දෙකක් එහාට මෙහාට කරමින් ඔවුන්ව පහසුවෙන් රැවටිය හැකිය. ස්වර්ණමහල් හා ඊටීඅයි පාලනාධිකාරිය හා ඒවායේ ස

ඉලෙක්ට්‍රෝනික්ස් IV (Electronics) - 21

Image
විභව බෙදුම් බයස් ක්‍රමය යෙදූ කොමන් එමිටර් වින්‍යාසය වර්ධක පරිපථවල ප්‍රචලිතම බයස් ක්‍රමය මෙය වේ . පහත 1 රූපයේ ආකාරයට එය සකස් කළ හැකි වුවත් , ස්ථායිතාව වැඩි කර ගැනීමට එමිටර් රෙසිස්ටරයක්ද යොදා 2 රූපයේ ආකාරයටයි එය හැමවිටම පාහේ සාදා ගන්නේ . එනිසා මෙතැන් සිට දෙවැනි පරිපථය ගැනයි අවධානය යොමු කරන්නේ . දෙවැනි පරිපථයේ නෙගටිව් ෆීඩ්බැක් තිබෙන අතර ට්‍රාන්සිස්ටරයේ ඉන්පුට් ඉම්පීඩන්ස් අගයද ඉන් වැඩි කරන බව දැන් ඔබ දන්නවා ( සීරීස් මික්සිං පවතින නිසා ). එමිටර් රෙසිස්ටරය නිසා පරිපථය ස්ථායි වීම සිදු වන හැටි මින් පෙර අප අධ්‍යනය කර තිබෙන නිසා නැවත ඒ ගැන මෙහි කතා කරන්නේ නැත . ඉන්පුට් හා අවුට්පුට් කැපෑසිටර්වල අගය සොයන අයුරු වෙනසක් නැත . සැපයුම් විභවය සඳහා අපට කැමති අගයක් තීරණය කළ හැකිය . කලෙක්ටර් වෝල්ටියතාව සුපුරුදු ලෙසම සැපයුම් විභවයෙන් දළ වශයෙන් ½ ක් සේ තබමු . එමිටර් රෙසිස්ටරය දෙපස V RE වෝල්ටියතාව සඳහා අඩුම ගානේ 1 V ක්වත් තිබිය යුතු බව ඔබ දන්නවා . කලෙක්ටර් / එමිටර් ධාරාවද අපගේ කැමැත්ත මත තීරණය කෙරේ . එනිසා , එමිටර් රෙසිස්ටර් අගය ලැබෙන්නේ එමිටර් වෝල්ටියතාව කලෙක්ටර් / එමිටර් ධාරාවෙන් බෙදීමෙනි (R E

ඉලෙක්ට්‍රෝනික්ස් IV (Electronics) - 20

Image
ෆීඩ්බැක් බයස් ක්‍රමය යෙදූ කොමන් එමිටර් වින්‍යාසය දැන් ෆීඩ්බැක් බයස් ක්‍රමය යොදා ගෙන බලමු . මෙය collector feedback biasing හෝ collector-to-base biasing ලෙසද හඳුන්වනවා . ෆීඩ්බැක් බයස් ක්‍රමයේදී ට්‍රාන්සිස්ටරයේ බේසයට අවශ්‍ය බයස් වෝල්ටියතාව ලබා ගන්නේ එම ට්‍රාන්සිස්ටරයේම කලෙක්ටර් අග්‍රයෙන් ලබා ගන්නා විදුලියෙනි . කලෙක්ටරයෙන් බේසයට අවශ්‍ය ඉතා කුඩා බේස් ධාරාව ( ප්‍රතිපෝෂන ධාරාව – feedback current – I F ලෙස මෙම ධාරාව හැඳින්වේ ) උකහා ගෙන , එය ෆීඩ්බැක් රෙසිස්ටරය (R F ) හරහා යවනවා . එවිට , R F රෙසිස්ටරය හරහා යම් වෝල්ටියතාවක් පාතනය වන අතර එම වෝල්ටියතාව ප්‍රතිපෝෂන වෝල්ටියතාව – feedback voltage – V F ලෙස හැඳින්වේ . එම I F ධාරාව බේස් - එමිටර් කොටස හරහා භූගත වේ . ඉහත ඡේදයේ හා රූපයේ දැක්වෙන පරිදි එතැන තිබෙන්නේ කරන්ට් ෂන්ට් ෆීඩ්බැක් එකකි . එය නෙගටිව් ෆීඩ්බැක් එකක්ද වේ . වැඩි විස්තර කිරීම් නැතිවම මෙම ෆීඩ්බැක් එක නෙගටිව් බව පහසු ක්‍රමයකින් පෙන්වා දිය හැකිය . ට්‍රාන්සිස්ටරයේ වෝල්ටියතා අපවර්තනයක් සිදු වේ ( කොමන් එමිටර් වින්‍යාසය නිසා ). ඉතිං , කලෙක්ටරය හා බේසය අතර පවතින්නේ එකිනෙකට වි