Skip to main content

ඊටීඅයි අර්බුදයට විශේෂ විසඳුමක්

අද ඊටීඅයි තැන්පතුකරුවන්ට තමන්ගේ තැන්පතු මුදලින් 10%ක් ලබා දෙන බව ලිපි ලැබී ඇත. එය හෙට සිට ලබා දෙන බව ලිපියේ සඳහන්ය. කෙනෙකුට සිතිය හැකියි 10%ක්වත් ලබා දෙන්නේ නම් මේ මොහොතේ එය ඉතා හොඳ බවක්. එහෙත් මේ සමඟම එම තැන්පතු මුදල්වලට ගෙවමින් සිටි 17% වැනි ඉහල පොලී අනුපාතද 8%ක් පමණ දක්වා අඩු වේ. මෙහි ගැටලු හා ඒවාට ලබා දිය හැකි විසඳුම් ගණනාවක්ම පවතින බව පෙනේ. මාගේ පවුලේ අයද ඊටීඅයි හි තැන්පතුකරුවන් හෙයින් විශේෂිත යෝජනාවක්ද ඇතුලත් කරමින් මේ අර්බුදය ගැන ලිවීමට සිතුණි.

මෙම අර්බුදයේ ඇත්තම ඇත්ත ස්වභාවය මා පෞද්ගලිකව නොදනිමි. එහෙත් සත්තකින්ම මා දන්නා කරුණු කිහිපයක්ද ඇත. ඊටීඅයි ආයතනය විසින් වංචනික ලෙස ගිනුම් පොත් දෙකක් පවත්වා ගෙන ගිය බවට දැන් සනාථ වී ඇත. මාද හොඳාකාරව එය වසර ගණනක සිට දැන සිටිමි. මේ සියලු දේ සිදු වූයේ සමහරවිට දසකයක් හෝ ඊටත් වැඩි කාලයක සිට විය හැකිය. ඒ කියන්නේ සෝමා එදිරිසිංහ සිටි සමයේ සිට මේවා ඇගේද අනුදැනුම අනුව සිදු වී ඇත.

තැන්පත් කරන්නට එන අය ගණකාධිකරණය හෝ ආර්ථික විද්‍යාව දන්නා අය නොවේ. වචනයක් දෙකක් එහාට මෙහාට කරමින් ඔවුන්ව පහසුවෙන් රැවටිය හැකිය. ස්වර්ණමහල් හා ඊටීඅයි පාලනාධිකාරිය හා ඒවායේ සේවකයන් විසින් සිදු කළේද එයයි. අදද බොහෝ තැන්පත්කරුවන් එම රැවටිලි අදහස්වලම එල්බගෙන සිටී. ස්වර්ණවාහිනි, ඊටීඅයි, ස්වර්ණමහල් ආදි ආයතන සියල්ලගේම (කීර්ති) නාමයන් භාවිතා කරමින් ඔවුන් කාලාන්තරයක් තිස්සේ තැන්පතු භාර ගනිමින් සිට ඇත (අපි ඔක්කෝම එකයි; බය වෙන්න එපා කියමින්). ඊටීඅයිවල මුදල් තැන්පත් කරන්නට සිතාගෙන එන අයට වැඩි පොලියක් පෙන්වා ස්වර්ණමහල්වල පොරොන්දු පත්‍රවල (PROMISORY NOTES) මුදල් ආයෝජනය කරන තැනට ඔවුන් තැන්පතුකරුවන්ව රවටා ඇත. අහිංසක/මෝඩ තැන්පත්කරුවන් පොරොන්දු පත්‍ර ගැන දන්න ඉටි ගෙඩියක් නැත. වැඩි පොලියක් දෙන්නේ නම් ඔවුන් කෝපි කඩේ පොලී මුදලාලි ගාව වුවත් සල්ලි තැන්පත් කරන්නට සූදානම්ය.

අදටත් එවැනි තැන්පතුකරුවන් සිතා සිටින්නේ ඊටීඅයි එකේ වත්කම් මඳි නම් ස්වර්ණමහල් හා ඔවුන්ගේ අනෙක් ආයතනවලින් ඒවා කවර් කර ගත හැකි බවයි. එහෙත් ලංකාවේ ව්‍යාපාර නීතිය යටතේ එය කළ නොහැකි බව මාගේ දැනීමයි. මේ සියලු ආයතන තනි තනිව සමාගම් වන අතර, ඒවා නීතිය ඉදිරියේ තනි තනිව නීතිමය පුද්ගලයන් (LEGAL BODIES) වේ. මා යම් අපරාදයක් කළ විට, මාගේ පවුලේ අයට ඒ සඳහා දඬුවම් දිය නොහැක්කා සේම, අයිතිකරු එකම පිරිසක් වුවද, එක් කොම්පැනියක බේරුම්කරණයක්/ගැටලුවක් වෙනුවෙන් ඔවුන්ගේ අනෙක් සමාගම් හෝ පෞද්ගලික වත්කම ඇපයක් නොවේ.

ඊටීඅයි සේවකයන්ද මැසිවිලි නඟන්නේ හොඳින් ලාභ ලබමින් සිටි (හා තමන් බෝනස්ද ලබමින් සිටි) ඊටීඅයි ආයතනය ක්‍රමයෙන් අර්බුදකාරි මට්ටමකට එන්නට හේතුව අර පෙර කියූ ලෙස වංචනික ලෙස ස්වර්ණමහල් හරහා පොරොන්දු පත්‍රලාභින් ඊටීඅයි එකේ තැන්පතුකරුවන් බවට පත් කිරීමයි. එසේ වුවත්, ඉන් මෙතරම් අර්බුදයක් ඇති වන තරමේ පාඩු ලබන්නට එය හේතුවක් වන්නේ කෙසේදැයි සිතා ගත නොහැකිය. මෙහි පැහැදිලිම එක් ගැටලුවක් වන්නේ තැන්පතු අරමුදල් යම් අපහරණයක් සිදු වී තිබීමයි. කැසිනෝ ගසාද වැරදි අදූරදර්ශී ආයෝජන නිසාද එය සිදු වූයේ යන්න මහා බැංකුව විසින් සොයා බැලිය යුත්තේය.

ඇත්තටම එම අරමුදල් අධිඅවදානම් තත්ව යටතේ වුවද ආයෝජනය කර තිබේ නම් එය අපට අස්වැසිල්ලක් වනු ඇත. තත්වය එසේ නම්, පවතින්නේ ද්‍රවශීලිතාව (LIQUIDITY) ගැටලුවක් නම්, ඒ බැව් මහ බැංකුවේ මැදිහත් වීමකින් තැන්පතුකරුවන්ව දැනුවත් කර තත්වය ඉතා පහසුවෙන් යහපත් කර ගත හැකිය. මෙතැන මහා බැංකුවත් ඍජුව මෙන්ම වක්‍රව වගකිව යුතුය. අද වන තුරු එහි තැන්පත්කරුවන්ගේ විශ්වාසය ඇති කරවන නිල ප්‍රකාශ හෝ සත්‍ය තත්වය හෝ ඔවුන් හෙලි කරන්නට ඉදිරිපත් වී නැත. අයිඑම්එෆ් එකේ එවුන්ගේ පස්ස දිහාම බලාගෙන ඉන්න එක හැරෙන්නට රට තුල වෙනත් දැවෙන ගැටලු ගැන උන්ට වගේ වගක් නැත. එහෙත් මහා බැංකුව යටතේ අධීක්ෂණය වන ආයතනයක් බව උජාරුවට පත්තරවල දැන්වීම පල කිරීමට උන් හපන්නුය.

මා පෞද්ගලිකවම දන්නා එක් කරුණක් නම් දීපා එදිරිසිංහ ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් වීමට නියමිත බවයි. මෙය දැනටමත් ප්‍රසිද්ධ කරුණක්ද රහසක්දැයි මා දන්නේ නැත; ඒ ගැන සොයා බලා නැත. මේ ගැන හෙලි නොකිරීමට මා පොරොන්දු වුවත්, මෙවුන්ගේ සක්කිලි වැඩ දැකීමෙන් පසු උන් වෙනුවෙන් පොරොන්දු රැකීමේ පලක් නැත. එහෙත් එම කරුණ සමහර දේශපාලුවන්ට ප්‍රසිද්ධ රහසක් විය හැකිය. එනිසා ඊටීඅයි ප්‍රශ්නය මෙතරම් විශාල අර්බුදයක් බවට පත් වන තුරු එම දේශපාලුවන් විසින් යටි කූට්ටු වැඩ කරන බවක්ද හැඟී යයි. සමහර ටීවී චැනල් මේසා විශාල ප්‍රසිද්ධියක් මෙ අර්බුදයට ලබා දෙන්නේද එහි ප්‍රතිපල විය හැකිය.

තැන්පතු මුදලට ලැබෙන මාසික පොලී අනුපාතයෙන් පමනක් ජීවත් වන පවුල් දහස් ගණනක් ඇත. මෙම ජූනි මාසයේ සිට මෙතෙක් ගෙවමින් සිටි ඉහල පොලී අනුපාතය වෙනුවට 8%ක් වැනි දැනට රාජ්‍ය බැංකුවල පවා පවතින පොලී අනුපාතයන්ට වඩා අඩු පොලී අනුපාතයකට අනිවාර්යෙන්ම සියලු තැන්පතුකරුවන්ව යටත් කර ඇත. ඒ කියන්නේ මේ මස සිට ලැබෙන්නේ මෙතෙක් ලබමින් සිටි පොලී මුදලින් හරි අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් වනු ඇත. රැකියාවක් කළ නොහැකි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වස බොන තත්වයක් උදාවනු ඇත. මේ සියලු තීරණ ඊටීඅයි විසින් අරං තිබෙන්නේ තැන්පතුකරුවන්ගේ කැමැත්තෙන් තොරවයි. අද හෝ හෙට විතර මෙම කාරණය තැන්පතුකරුවන් දැන ගත් විට, දැනට තිබෙන උද්ඝෝෂනය ඉතා දැවැන්ත එකක් බවට පත් වීමටද ඉඩ ඇත.

එනිසා, වහම රජය මීට මැදිහත් විය යුතුය (එහෙත් එසේ කරාවි යැයි සැකසහිතය). එම තත්වයට රජය පත් කර ගැනීම තැන්පතුකරුවන්ගේ වගකීමයි. මාද පෞද්ගලිකව විශේෂ යෝජනාවක් කරමි. ඊටීඅයි ආයතනය ඈවර කළත් මුලු තැන්පතු මුදල නැවත ආයෝජකයන්ට ලැබේදැයි සැක සහිතය. එනිසා, මෙම ආයතනයේ අයිතිකරුවන්ගේ දේශීය හා විදේශීය සියලු වත්කම්ද, ඔවුන්ගේ අයිතිකාරිත්වය යටතේ තිබෙන වෙනත් ආයතනද (ස්වර්ණමහල්, මුතුකරුප්පන් චෙට්ටියාර්, ස්වර්ණවාහිනි වැනි) සතු වත්කම්ද විකුණා දැමිය යුතුය. එමඟින් මෙම අර්බුදය නිසා තැන්පත්කරුවන්ට විඳින්නට වූ සියලු ආවස්ථික පිරිවැය/පාඩුද අය කර දිය යුතුය. මෙය කිරීමට කඩිනම් හා කුඩා පාර්ලිමේන්තු පනතක් ගෙන ආ හැකිය (දැනට තිබෙන නීතී ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන නිසා). ඇත්තටම මෙය කිරීම යුක්ති සහගත වේ. සචේතනිකව සොරකම කර තිබෙන්නේ අයිතිකරුවන්ය. ඊටීඅයි පෙන්වා ස්වර්ණමහල්හි ප්‍රොමිසරි නෝට්වලට මුදල් ගත්තේද අයිතිකරුවන්ය. එනිසා මෙය ඍජුවම ස්වර්ණමහල් (හා මුතුකරුප්පන් චෙට්ටියාර්) සමඟ බැඳුණු අර්බුදයක්ද වෙයි. සොර කැලකගේ පාදඩ වැඩවලට විශාල අහිංසක ජනයාට වංදි ගෙවන්නට සිදු වේ නම් එය ඉතාම අයුක්තිසහගත වේ. මෙම තත්වය සක්විතිගේ ප්‍රශ්නය මෙන් සරල නැත. මහා බැංකුව යටතේ ලියාපදිංචි වී ඇති නිසා රජයට එය කිරීමට අත්‍යන්ත වගකීමක් පැවරේ. සක්විතිගේ ප්‍රශ්නයේදී ඔහුගේ වෙනත් වත්කම් නොතිබුණි. එහෙත් මෙහිදී තිබේ.


Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...