Skip to main content

Posts

Showing posts from February, 2017

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

A Band Plan for Amateur Radio in Sri Lanka

Because Sri Lanka does not have an explicit band plan for amateur radio (HAM) communication within Sri Lanka, I thought of drafting one based on the latest (model) band plan prepared by the IARU (International Amateur Radio Union) for the ITU/IARU Region 3, where Sri Lanka is situated in. Each country has the absolute responsibility and authority to decide on the frequencies, upper and lower limits of the ham bands, and the classes of emission allowed in specific bands. Therefore, the band plan presented here is not an exact replica of the IARU's band plan, but an adapted one that conforms both to the regulations in Sri Lanka and to the IARU's model plan. The following band plan is in high resolution. You may use and print it out for personal purposes, but no alteration thereof is permitted.You can send me your feedback on this. Note: Due to some mis-presentation of the frequency tables both on the government gazette notification as well as on the TRC website,

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 51

ලාංකාවේ ආධුනික ගුවන් රේඩියෝ තරංගමාලා (Amateur Bands) ආධුනික ගුවන් විදුලිය සේවාව සඳහාත් සංඛ්‍යාත කලාපයන් වෙන් කරනු ලබන්නේ වෙනත් සේවා සඳහා වෙන් කරන පිළිවෙලටමයි . මේ ගැන මීට කලින් අප ඉගෙන ගෙන තිබෙනවා කොහොමද ITU එකත් ඒ ඒ රටේ තිබෙන විදුලිසංදේශ නියාමන අධිකාරිත් එකතුව මෙය සිදු කරන්නේ කියා . තවද , මීට පෙර අප ඉගෙන ගත්තා ලංකාවද අයිති වන ITU කලාප 3 සඳහා , ආධුනික ගුවන් විදුලිය වෙනුවෙන් වෙන් කර තිබෙන සියලු සංඛ්‍යාත කලාපයන් . ප්‍රයිමරි , සෙකන්ඩරි , එක්ස්ක්ලූසිව් වැනි වචනවල තේරුම්ද අප එහිදි සලකා බැලුවා . ITU එකෙන් එලෙස පොදුවේ ඒ ඒ කලාපවල සඳහා සංඛ්‍යාත කලාපයන් ඇලොකේට් කර තිබුණත් , ඒ ඒ රටටයි අයිතිය තිබෙන්නේ ඒ පිළිබඳ අවසාන තීරණය ගැනීමට ( අදාල සංඛ්‍යාත පරාසයන් භාවිතා කිරීමට ඉඩ දෙනවාද නැද්ද යන්න ගැන ). ඒ අනුව මේ වන විට , ලංකාවේ TRC විසින් ආධුනික ගුවන් ශිල්පින්ට භාවිතා කිරීමට අවසර දී තිබෙන සංඛ්‍යාත කලාපත් , ඒ හා බැඳී තිබෙන කොන්දේසිත් දැන් සොයා බලමු . ඔබ දන්නවා ආධුනික ගුවන් ශිල්පියෙකු වීමට යම් විභාගයක් / පරීක්ෂණයක් සමත් විය යුතුයි ( මේ ගැනත් මුලදී අප කතා කළා ). තවද , ශිල්පියාගේ දැනුමේ / විශේෂඥභාවය