Skip to main content

පුරවැසි පෙරමුනේ ඇදගෙන නෑම

පෙරේදා හිරු ටීවි බලය වැඩ සටහන විල්පත්තු ආශ්‍රිත වන හා පරිසර විනාශය සම්බන්දයෙන් විය. එහි වන විනාශය වෙනුවෙන් කතා කරන්න පැමිණි පාර්ශ්වයේ එක් නියෝජිතයෙකු වූයේ පුරවැසි පෙරමුණේ මුල් පුටුවක් හොබවන සමන් රත්නප්‍රියයි.

මා අසා ඇති පරිදි ඔහු නර්ස් කෙනෙකි. එසේ වුවත්, ඔහු එසේ මෙසේ පුත්‍රයකු නොවන බව ඔහුගේම කතාවලින් හිඟි පළ කරයි. කිසිදා කාටවත් ඇන්දිය නොහැකි ඇන්දිලා නැති ජගතෙකි; ජාතිවාද-භක්ෂකයෙකි; ආගම්වාද-භක්ෂයකි; මානව හිමිකම් වෙනුවෙන් දංගෙඩියට වුවත් බෙල්ල තියන්නට සූදානම් මහා මානවවාදියෙකි; දූෂනයට එරෙහිව දියසෙන් කුමරුය; කොටින්ම සර්වබලධාරිය (දෙවියන් කෝප විය හැකි හෙයින් ඩිපියුටි සර්වබලධාරි පෝස්ට් එක මා ඔහුට දෙමි).

මා එසේ සිතා සිටි රත්නප්‍රිය මල්පැන් පොඳක් නොව කෙලින්ම මලක්ම ගසා සිටියෙකු සේ ගොන් ටෝක්ස් දෙනු දැක, එම වැඩසටහනේදී කිච වී කුජීත වී යන සැටි දුටු විට මටද විලිලැජ්ජා සිතී වැඩසටහන නිමවන්නට පෙර රූපවාහිනියද නිවා දැමුවෙමි.

තමන්ට දැනුමක් අධ්‍යාපනයක් අවබෝධයක් හෝ දැනුවත්බවක් හෝ අඩුම ගානේ තමන් කතා කරන්න යන්නේ කුමක්ද යන වගවත් දැන ගෙන ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඉදිරියේ පෙනී සිටිය යුතුය. කවුරුත් සෑම දේකම විශේෂඥයෝ නොවෙත්. එහෙත් රටවැසියා දැනුවත් කරන්නට යන විට අවම වශයෙන් සිටිය යුතු ප්‍රබුද්ධ මට්ටමක් අනියමින් හෝ තිබේ. මේ මුකුත් නැතිව, කටුස්සාගෙ  කරේ රත්රං බැන්දා සේ රත්නප්‍රියලා හැසිරේ. නැති සිවිල් බලයක් උන් විසින්ම උන්ට ආරෝපණය කර ගෙන තිබේ.

මෑත කාලයේ විල්පත්තු ආශ්‍රිත ගැටලුව පරිසර හිතකාමි හා බුද්ධිමත් පිරිසගේ සංවේගයට හේතු විය. එහිදී බදුහුදීන් ඇමැත්තාගේ ඍජු මැදිහත් වීම මැනවින් දෘෂ්‍යමාන විය. එතැන ආගම් හා ජාතිවාදී සැලකීමක් හා හැසිරීමක් කවුරු කවුරුන් විසින් සිදු කළා දැයි වෙනම සොයා බැලිය හැකිය. අපට වැදගත් කාරණය වූයේ රක්ෂිත වන පෙදෙසක් විනාශ වූවාද නැද්ද යන්නයි.

පරිසර සංවිධාන මේ මොහොත වන විට පරිසර විනාශයක් සිදු වූ බවට ඉතා හොඳ විද්‍යාත්මක හා දෘෂ්‍ය සාක්ෂි පෙන්වා ඇත. පරිසර විනාශයක් සිදු වූවා නම්, එය ජාතිවාද හෝ ආගම්වාද හෝ පදනමකින් හෝ පෙන්වා දුන්නත් එහි ඇති වරදක් නැත (ජාති ආගම් වාද කිසිසේත් අනුමත කිරීමක් මා නොකරමි). ඇත්තටම සමාජ වෙබ්අඩවිවල එවැනි ජාති ආගම්වාදි පල කිරීම් හොඳහැටි තිබුණු බවද අපට පිලිගැනීමට සිදු වේ.

එහෙත් වැදගත්ම කාරණය වන්නේ එසේ ජාති/ආගම්වාදයන්ට පවා ඉඩ හසර ලබා දුන් මහා වන විනාශය සිදුවීම, එය තවදුරටත් වරින්වර සිදුවීමට ඉඩ දී පරිසර ඇමති (ජනපති) හිටං සිටීම, හා එය සිදු කළ අය නීතිමය ආයතන විසින් තවමත් නම් නොකිරීමයි.

රත්නප්‍රිය ඇතුලු පුරවැසි පෙරමුණ නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය දූෂනයට එරෙහිවීම වැනි උදාර පරමාර්ථ වෙනුවෙන් පෙනී සිටිනවා නම් පළමුව වන විනාශය සිදු කළ පාපින්ට එරෙහි විය යුතුය. එහෙත් ඒ වෙනුවට උන් අරන් තිබෙන්නේ දූෂකයාගේ පැත්තයි. ඒ ඩොලර් කුට්ටිවලටද රියල් ඩිනාර් බැරල්වලටද කියා අප දන්නේ නැත. සැකයේ වාසිය උන්ට එරෙහිවයි තිබෙන්නේ.

අඩුම ගානේ එම වැඩසටහනේදී පරිසරවේදීන්ගේ චෝදනාව කුමක්ද කියාවත් වැටහීමක් රත්නප්‍රියට තිබුණේ නැත. ඔහුට අනුව එය නිකංම ගස් ටිකක් කපා දැමීමකි. යුධ කාලේ ආමි එකෙන් පාර දෙපැත්ත සුද්ද කිරීමක් පමණි. අඩුම ගානේ ඔහු කතා කරන ප්‍රදේශ මොනවාද කියා විමසුවාම ප්‍රදේශයක නාමයක්වත් දන්නේ නැතිවයි ඔහු හුදු ප්‍රලාප කියෙව්වේ. තාක්ෂණික කරුණු ඔහු දන්නේ නැතිලු. එතකොට උගෙ අම්මගෙ රෙද්ද ගැන කතා කරන්නද රූපවාහිනියට ගියේ යැයි මට සිතුණි.

ඒ හැරත් ඔහු අනියමින් පිලිගත්තා වන විනාශයක් සිදු වී තිබෙන බව. එනම්, යම් අවතැන් වූ පරිසක් අවුරුදු ගණනකට පසුව තමන් සිටි ගම්බිම් වෙත නීත්‍යානුකූලවත් සිදුවිය යුතුව තිබූ විදියටත් නැවත පදිංචි කෙරෙන විට, ඒ අයගේ දරුමල්ලන්ටත් අලුතින් ඉඩම් ලබා දිය යුතු බවත් ඒවා මේ දැන් සිදු වූ ලෙසට කැලෑ කැපීමෙන් සිදු කළ යුතු බවත් ඔහු කියා සිටිනවා. එය ඔහුගේම වදන්වලින් කියනවා නම් "sustainable development වලදී පරිසරයට එවැනි අවම හානියක් සිදු කරමින් සංවර්ධනය කළ යුතුය". වෙනත් බොහෝ පෙදෙස්වල මිනිසුන් පර්චස් දෙක තුනේ ජීවත් වෙන විට, අක්කර භාගයක් (පර්චස් 80ක්) පවුල් දෙක තුනකට මදි වීද? මූට අනුව සස්ටේනබල් සංවර්ධනයේදී මිනිස් පවුලකට අක්කර භාගය ගානේ අවශ්‍ය වේ.

එහෙත් එසේ කියන ඔහුගේම පාර්ශ්වය කියන්නේ රක්ෂිත කැලෑ කපා නොමැති බවයි. රත්නප්‍රියට අනුව (අනියමින්) කැලෑ කැපී ඇත. මුස්ලිම් අය පමණක් නොව, සිංහල අයද, ආමි එකද කැලෑ කපා ඇතැයි කියනවා. එකිනෙකට එම තර්ක දෙක නොපෑහේ.

කැලෑ කපන එකාගේ ජාතිය ආගම තානාන්තරය වැඩක් නැත. වැරැද්දක් නම්, ඊට විරුද්ධවයි කතා කළ යුත්තේ. සිංහලයා කැලෑ කපනවා නම් මුස්ලිම් අය කැපුවාට වරද කුමක්දැයි වගේ දෙයකි ඒ කියන්නේ. ඔන්න මුංගේ දූෂන විරෝධයේ තරම. දූෂනය නිෂ්ක්‍රිය කළ හැකිද ඒ විදියට ජාතිවාදය බැලැන්ස් කිරීමෙන්? සුලු ජාතිකයන් කුමක් කළත් එය මානව හිමිකමකි; ඊට විරුද්ධව කතා කළ නොහැක. දැන් පුරවැසි පෙරමුණ වැනි එවුන්ගේ දර්ශනය එයද?

පරිසරය වෙනුවෙන් කතා කළ පරිසරවේදින් පුනපුනා කියා සිටයදීත් මීට ජාතිවාදය ගාවන්නට එපා යැයි, බිහිරි අලින්ට වීනා වාදනය කරන්නා සේ සිරිකොතේ අලිබෙට් සුද්ද කරන පුරවැසි පෙරමුණේ රත්නප්‍රියට එම ඉල්ලීම් නෑසේ. සත්‍ය ලෙසම ජාති භේදයට එරෙහි අයෙකු කිසිවිටෙක එවැන්නක් කරන්නේ නැත. අපි ජාති භේදයට කැමති නැහැ කියන කියමනම ඔහුගේ කනට මිහිරක් ගෙන ඒවි. එහෙත් මෙවුන් එසේ නැත. ජාතිවාදයට කැමති නැතැයි කියන අයව බලෙන්ම ඊට ඇද දමනවා.

ජාති ආගම් කුලමල පංති භේදයෙන් තොරව සියලු රටවැසියන්ට සැලකිය යුතුය. අවතැන් වූවන්ට වඩා හොඳ සුවපහසු වාසස්ථාන ලබා දිය යුතුය. ඒ සියල්ල ජාතික ප්‍රතිපත්ති තුල, පරිසරය ආරක්ෂා වන ලෙස, නීතියට අනුව මිස එක එක කැලෑ පාලුවන්ට හෝ නර්ස්ලාට ඕන විදියට සිදු නොවිය යුතුය. පරිසරය වැනි අතිසංවේදී කාරණාවලදී සියලු ආවස්ථික පිරිවැයන් ගණනය කර සුදුසුම විසඳුම තෝරා ගත යුතුය. පුද්ගලයෙකුගේ හෝ සුලු කණ්ඩායමකගේ මානව හිමිකම් නිසා සමස්ථ මානවයාගේ මානව හිමිකම් හා සියලු සත්ව ප්‍රජාවගේම පැවැතීමේ හිමිකම් යටපත් කිරීමට කිසිසේත් ඉඩ නොදිය යුතුය.

පුරවැසි යන නම තිබූ පලියට පුරවැසියන්ගේ හෝ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටීමක් හැඟවෙන්නේ නැත. කුසල්හාමිලා බාලු බාපු හැටිත්, සීලවතීලා මකුනො මරපු හැටිත් අප අසා තිබෙනවා. පුරවැසි පෙරමුණේ හැසිරීම එය පටත් ගත් කාලයේ සිටම ගැටලුකාරි බවක් මට පෙනුන අතර, ඒ ගැන මීට බොහෝ කාලයකට පෙර මා මෙහිම ලියා තිබෙනවා.

රත්නප්‍රියට නැවත ලෙඩුන්ගේ තුවාලවලට බෙහෙත් කිරීමේ ඔහුගේ නර්ස් ජොබ් එක කරන්නට අකමැත්තක් සමහරවිට දැන් ඇති. එසේ නම් රට විකුණන් කන්නේ නැතිව වෙනත් රැකියාවකින් දිවිය සරිකර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. මෙය සාමාන්‍ය "පුරවැසියෙකුගේ" කාරුණික ඉල්ලීමකි.

Comments

Popular posts from this blog

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...