Skip to main content

Posts

Showing posts with the label tech

ක්‍රිප්ටොකරන්සි (CryptoCurrency) දෙවන කොටස

 BLOCK CHAIN TECHNOLOGY ක්‍රිප්ටොකරන්සි සමඟ කරලියට පැමිනි ඉතා වැදගත් තාක්ෂනයක් තමයි බ්ලොක් චේන් කියන්නේ. අද වන විට, මෙම තාක්ෂනය ක්‍රිප්ටොවලට අමතරව වෙනත් සේවාවලද භාවිතා කිරීම අරඹා ඇත.  බ්ලොක් චේන් එකක් යනු බ්ලොක් කිහිපයක් එකට එකතු කල විට හෙවත් link කල විට හැදෙන එකකි.   එතකොට බ්ලොක් එකක් යනු කුමක්ද?  බ්ලොක් එකක් කියන්නේ ගනුදෙනු එකක් හෝ කිහිපයක් එකට ගොනු කල විට, ඊට කියන නමයි. ඒ කියන්නේ a block of transactions (ගනුදෙනු පොකුරක්) තමයි බ්ලොක් එකක් කියන්නේ. ගනුදෙනුවක් (transaction) යනු යම් වටිනාකමක් හුවමාරු වීමකි. ඒ කියන්නේ ඔබෙන් බඩුවක් හෝ සේවාවක් මා මිලට ගත් විට, මා ඔබට ඊට වටිනාකම ගෙවනවා. එය ගනුදෙනුවක්. එහෙමත් නැතිනම්, මා ඔබට නිකං යම් මුදලක් ලබා දෙනවා. එයත් ගනුදෙනුවක් මොකද මා ඔබට මුදලක් එවනවානෙ. ඉතිං සෑම ගනුදෙනුවකදීම වැදගත් කරුනු කිහිපයක් තිබෙනවා - වටිනාකම යවන්නා, වටිනාකම ලබන්නා, වටිනාකම, එය සිදු වූ දිනය වෙලාව. ඔබ දන්නවා එදිනෙදා භාවිතා කරන ගිනුම්වල සටහන් කරන්නෙත් මෙම විස්තරම නේද? මෙවැනි ගනුදෙනු එකක් හෝ දෙකක් හෝ දුසිමක් හෝ ඊටත් වැඩි ගනනක් එකට ගොනු කල විට, ඊට බ්ලොක් එකක් කියා...

ශ්‍රී ලංකා ජාතික රේඩියෝ සංඛ්‍යාත බෙදා දීම් වගුව (spectrum allocation)

සෑම රටකම භාවිතා වන ජාතික සම්පතක් වන රේඩියෝ තරංග සංඛ්‍යාතයන් විවිධ අවශ්‍යතා සඳහා ජාත්‍යන්තර සම්මූතින්ටද යටත්ව බෙදා වෙන් කර ඇත. බොහෝ රටවල එය ලියවිල්ලක් වශයෙන් හෝ ලස්සනට සකස් කළ වගුවක් වශයෙන් රටේ පුරවැසියන්ට ලබා ගත හැකි පරිදි තිබුණත්, ලංකාව තුල එවැනි ලියවිල්ලක් අපට ලබා ගැනීමට හැකියාවක් තිබුණේ නැත. මේ ගැන මා පෞද්ගලිකවත් විදුලි සංදේශ නියාමන කොමිෂම සමග ගැටුම් ඇති කර ගෙන ඇති අතර මීට පෙර https://blog.tekcroach.top/2017/08/blog-post_26.html වැනි බ්ලොග් ලිපි හරහාද මා එය සාකච්ඡා කර ඇත. කෙසේ වෙතත්, මෑතකදී එම ලියවිල්ල නියාමන කොමිෂමෙන් ඉදිරි පත් කර ඇත. බැලූබැල්මට අලංකාර ලෙස ඉදිරිපත් කර ඇති අතර, ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන් http://www.trc.gov.lk/images/pdf/FINALRadioFrequencySL.pdf යන ලින්ක් එකෙන් එය ඩවුන්ලෝඩ් කර ගතද හැකිය. එය කදිමට සකසා මෙලෙස ඉදිරිපත් කිරීම ගැන නියාමන කොමිෂමට අපි ස්තූතිවන්ත වෙමු.

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 11

IKS යටතේ ක්‍රම කිහිපයක්ම ඇත. CCCAM   යනු ඉන් ප්‍රචලිතම ක්‍රමයක් වන අතර, mgcamd, newcamd, ආදි ලෙස තවත් ක්‍රම ගණනාවක්ම ඇත. මේ ක්‍රමවලින් එකක් හෝ කිහිපයක් ඔබේ රිසීවරය සපෝට් කරයි. මේ සෑම ක්‍රමයකදීම, එම සේවාව සපයන සර්වර් පරිගනකයකට ඇතුලු වීමට (access) අවශ්‍ය විස්තර අප සතු විය යුතුය ( username, password, port number, ip address හෝ domain name). මේ සෑම සේවයක්ම නොමිලේ මෙන්ම මුදල් ගෙවාද ලබා ගත හැකිය. මා යෝජනා කරන්නේ අත්දැකීමක් ලබාගැනීම සඳහා නොමිලේ දෙන සේවයක් (මේවා ටෙස්ට් ලයින් ලෙස හැඳින්වෙනවා) පලමුව යොදා ගන්නා ලෙසයි. එසේ නොමිලේ දෙන එක සේවයක් නොව, සේවා ගණනාවක්ම භාවිතා කර බලන්න. අන්තර්ජාලයේ මෙම සේවා සපයන තැන් සිය ගණනක් ඇත.   cccam ගැන බලමු . කොකිට් රිසීවරයක ඉහත සෙටිංස් පිටුවේ Sharecam Settings තෝරන්න . ඉන්පසු එහිම ඇති Cccam Settings මතට ගොස් ok ඔබන්න. එවිට, පහත රූපයේ ආකාරයට cccam දත්ත / පරාමිතින් ඇතුලු කිරීමට අලුත් පිටුවක් එනු ඇත . එහි එක් එක් කොටුවට (field) ගොස් අදාල පරාමිතින් පුරවන්න . ඇත්තටම එක් සීසීකෑම් සර්වරයක්/එකවුන්ට් එකක් නොව, සර්වර් 16ක් දක්වා ඇතුල් කර තබා ගත හැකි...