Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 11


IKS යටතේ ක්‍රම කිහිපයක්ම ඇත. CCCAM  යනු ඉන් ප්‍රචලිතම ක්‍රමයක් වන අතර, mgcamd, newcamd, ආදි ලෙස තවත් ක්‍රම ගණනාවක්ම ඇත. මේ ක්‍රමවලින් එකක් හෝ කිහිපයක් ඔබේ රිසීවරය සපෝට් කරයි. මේ සෑම ක්‍රමයකදීම, එම සේවාව සපයන සර්වර් පරිගනකයකට ඇතුලු වීමට (access) අවශ්‍ය විස්තර අප සතු විය යුතුය (username, password, port number, ip address හෝ domain name). මේ සෑම සේවයක්ම නොමිලේ මෙන්ම මුදල් ගෙවාද ලබා ගත හැකිය. මා යෝජනා කරන්නේ අත්දැකීමක් ලබාගැනීම සඳහා නොමිලේ දෙන සේවයක් (මේවා ටෙස්ට් ලයින් ලෙස හැඳින්වෙනවා) පලමුව යොදා ගන්නා ලෙසයි. එසේ නොමිලේ දෙන එක සේවයක් නොව, සේවා ගණනාවක්ම භාවිතා කර බලන්න. අන්තර්ජාලයේ මෙම සේවා සපයන තැන් සිය ගණනක් ඇත.
 
cccam ගැන බලමු. කොකිට් රිසීවරයක ඉහත සෙටිංස් පිටුවේ Sharecam Settings තෝරන්න. ඉන්පසු එහිම ඇති Cccam Settings මතට ගොස් ok ඔබන්න.



එවිට, පහත රූපයේ ආකාරයට cccam දත්ත/පරාමිතින් ඇතුලු කිරීමට අලුත් පිටුවක් එනු ඇත. එහි එක් එක් කොටුවට (field) ගොස් අදාල පරාමිතින් පුරවන්න. ඇත්තටම එක් සීසීකෑම් සර්වරයක්/එකවුන්ට් එකක් නොව, සර්වර් 16ක් දක්වා ඇතුල් කර තබා ගත හැකිය. Index යන අයිතමයෙන් එම 16න් කැමති එකක් (ස්ලොට් එකක්) තෝරා ගන්න.
 


16ක් දක්වා සර්වර් කිහිපයක්ම ඇතුලු කළ හැකි වුවද, ඒ සෑම එකක්ම හැමවිටම සක්‍රියව තබා ගැනීමට අවශ්‍ය නැත. Status යන අයිතමයෙන් On යන්න තෝරා ගත් විට පමනි එම සර්වරය සක්‍රියව පවතිනු ඇත්තේ. ඉතිං, දැන් එය සිදු කරන අයුරු බලමු.
 
මෙය චෙක් කිරීම සඳහා hdpak.net යන වෙබ් අඩවියට ගොස් නොමිලේ දෙන සේවාව ලබා ගන්න. සෑම පැය 24කට සැරයක්ම පාස්වර්ඩ් එක වෙනස් වේ මෙම නොමිලේ දෙන සේවාවේදී (සමහර ඒවායේ පාස්වර්ඩ් පැය තුන හතරකට සැරයක් වෙනස් වේ). නොමිලේ දෙන සෑම දෙනාම යම් පැය ගණනකට සැරයක් පාස්වර්ඩ් එක වෙනස් කරයි. එය ඔවුන් කරන්නේ නොමිලේ දෙන සේවාව අධෛර්යමත් කර මුදල් ගෙවා එම සේවාව ලබා ගන්නා තැනට ඔබව පෙළඹවීමටයි. එම වෙබ් අඩවියට ගොස් Free Test ලින්ක් එක ඔබන්න. එවිට එන වෙබ් පේජ් එකේ මැද ඇති Generate Cline යන්න මත ක්ලික් කරන්න. එවිට තාවකාලික (ටෙස්ට්) ලයින් එකක් ලැබේ.
 
දැන් එම විස්තර ඉහත රූපයේ පෙන්වන cccam සෙටිංස් පිටුවේ ඇති එක් එක් කොටුවට ඇතුලු කරන්න. අදාල පරාමිතින් ඇතුලු කළ පසු, නිල් පාට බට්න් එක ඔබා එය සේව් කරගන්න. දැන් ඔබ ඇතුලු කළ සේවාව සක්‍රිය වේ. එය හොඳින් සක්‍රිය වූයේ නම් (ඒ කියන්නේ ඔබ ඇතුලු කළ සියලු පරාමිතින් නිවැරදි නම්), පහල Status යන තැන Connect හෝ Ready for work යනුවෙන් දර්ශනය වේවි. දැන් බලන්න ස්ක්රැම්බල් කරපු චැනල් එකක්. මොහොතකින් එය දර්ශනය වනු ඇත (චැනලයක් තෝරපු ගමන් දර්ශනය නොවේ; තත්පර දෙකක් පමන ගිය පසුයි දර්ශනය වන්නේ). වැඩේ සාර්ථකයි!!!
 




iks සක්‍රිය කළ පසු වුවද, ඉඳහිට ටීවී එකේ දර්ශන නොපෙන්වා සුපුරුදු Scrambled යන පනිවුඩය පෙනේවි. එවිට තත්පර කිහිපයකින් නැවත දර්ශන පෙනේවි. එහෙත් තත්පර දහයක් පහලොවක් පමන ගිය පසුත් දර්ශන නොපෙන්වයි නම්, ඊට හේතුව රිසීවරය හා සර්වර් එක අතර ඩිසකනෙක්ට් වීමක් විය හැකිය. එවිට, නැවත් cccam සෙටිංස් සකසපු පිටුවට ගොස් බලන්න එහි status එක Disconnected කියා තිබේද කියා. එවිට, රිමෝට් එකේ නිල් පාට බට්න් එක ඔබා සර්වර් එකට නැවත කනෙක්ට් කළ හැකිය. සමහරවිට නිල් පාට බට්න් එක දෙතුන් සැරයක් එබීමටද සිදු වේ එය කනෙක්ට් වන තුරු.
 
නිතර කියන තවත් වචනයක් වන්නේ cline වේ. එයද cccam ක්‍රමයටම අයත් වචනයකි. Cccam වලදී හමු වූ පරාමිතින් පහත ආකාරයට ලියන විට ඊට cline යැයි කියයි. ඉතිං, ඔබ සීලයින් එකක් එලෙස දුටු විට, ඉන් පරාමිතින් වෙන් කොට හඳුනාගැනීමට හැකි විය යුතුය (ඒ ඒ පරාමිතින් මා විවිධ වර්ණවලින් දක්වා තිබේ - පිලිවෙලින් සර්වර් එක, පෝට් එක, යූසර්නේම්, පාස්වර්ඩ් යන පරාමිතින් එහි ඇත).
 
C:\ hdpak.net:2000 user_name password
 
ඔබට අහසේ ඇති චන්ද්‍රිකා දුසිම් ගණනකින් එකක් ඩිෂ් එකෙන් පහසුවෙන්ම අල්ලා ගත හැකිය. සමහර චන්ද්‍රිකාවල සියලුම චැනල් හෝ සමහර චැනල් FTA වේවි. ඩයලොග් චන්ද්‍රිකාවේ නම් එෆ්ටීඒ චැනල් තිබෙන්නේ එකක් පමනි. අනෙක් චැනල් ස්ක්‍රැම්බල් කර තිබෙනු ඇත. එවිට, එම චැනල් බැලීමට ඉහත විස්තර කළ ආකාරයට iks පහසුකම සැකසීමට සිදු වේ. එහිදී නොමිලේ හෝ මුදල් දී එම සේවාව සපයන සර්වරයක් (නීති විරෝධි) ඔබට සොයා ගැනීමටද සිදු වේ.
 
බොහෝ ටෙස්ට් (ෆ්‍රී) ලයින්වල කොලිටියක් නැත. නිතර නිතර රූපවාහිනි දර්ශන “හිර වේ” (freezing). එනිසා, මසකට රුපියල් දෙතුන් සියයක් ගෙවමින් හොඳ කොලිටියක් සහිත සීලයින් එකක් ලබා ගත හැකිය. එම මුදල් ගෙවීම, ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් එකකින් හෝ පේපැල් මගින් හෝ EZ cash/m-cash වැනි ක්‍රමයකින් සිදු කළ හැකිය.
 
ඔබ යම් සීලයින් එකක් ගත් පලියට ඉන් කියවෙන්නේ නැහැ ඔබ අල්ලන සෑම චන්ද්‍රිකාවකම ස්ක්‍රැම්බල් කරපු චැනල් බැලිය හැකියි කියා. උදාහරණයක් ලෙස, ඩයලොග්, ඩිෂ් ටීවී යන චන්ද්‍රිකා දෙක පමනක් ආවරණය වන ලයින් එකක් ඔබ භාවිතා කරන විට, ඉන් වෙනත් චන්ද්‍රිකාවක චැනල් බැලිය නොහැකිය. එනිසා, සීලයින් එකක් නොමිලේ හෝ මුදල් දී භාවිතා කරන්නට යන විට, පලමුව සොයා බලන්න එම ලයින් එකෙන් ඔබට අවශ්‍ය චන්ද්‍රිකාව (හෝ චන්ද්‍රිකා කිහිපය) ආවරණය කරනවාද කියා.
 
ඒ විතරක්ද නොව; යම් චන්ද්‍රිකාවක් යම් සර්වර් එකකින් ආවරණය කළත්, සමහරවිට එම චන්ද්‍රිකාවෙන් ලබා ගත හැකි සියලු චැනල් ඉන් බැලීමට නොහැකි වීමටත් පුලුවන්. ඒ කියන්නේ ස්ක්‍රැම්බල් කරපු සමහර චැනල් පමනක් දර්ශනය කරාවි. ඊට හේතුව වන්නේ සර්වර් එක නඩත්තු කරන අය සියලු චැනල්වලට හරියන ලෙස ඔවුන්ගේ සර්වර් එක සකස් කර නොතිබීමයි.
 
iks සඳහා රිසීවරය අන්තර්ජාලයට සම්බන්ද කළ යුතු වෙනවා. සමහර රිසීවර ඊතර්නෙට් කේබලයක් මඟින් ස්විචයකට/රවුටරයකට සම්බන්ද කරන අතර, අද තිබෙන බොහෝ රිසීවර් වයිෆයි ක්‍රමයටයි කනෙක්ට් කරන්නේ. එහිදී ඔබේ වයිෆයි පාස්වර්ඩ් එක රිසීවරයට පලමුව ලබා දිය යුතු වෙනවා. එයද Network Setting නම් සෙටිංස් පේජ් එකකින් සිදු වේ. පහත පෙන්වා ඇති ලෙසට, Mode යන්න On කර, Type යන්න සඳහා DHCP තෝරන්න. නිවැරදිව වයිෆයි පාස්වර්ඩ් එක ලිව්වා නම්, ටික වෙලාවකින් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වී Status එක Connected කියා දර්ශනය වේවි.
 





විවිධ හේතු නිසා, ඉඳහිට රිසීවරයේ වයිෆයි කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වී නැවත ඉබේ කනෙක්ට් නොවී තිබීමටද හැකියි. එවිට, ඉහත සෙටිංස් පේජ් එකට ගොස් නැවත එය කනෙක්ට් කළ යුතුය. එසේ කළත් කනෙක්ට් නොවේ නම්, වයිෆයි රවුටරය ඕෆ් කර නැවත ඔන් කර රිසීවරය කනෙක්ට් කරන්න.
 
මේ පරිද්දෙන්ම mgcamd ආදි අනෙක් ක්රම ගැනත් අත්හදා බලන්න. මුදල් ගෙවා බැලිය යුතු සැටලයිට් චැනල් නොමිලේ බැලීමට අවශ්‍ය කරන සියලු දැනුම දැන් ඔබට ඇත. එහෙත් සැටලයිට් ටීවී සම්බන්දව තවත් අතිරේක කාරණා කිහිපයක් මා සටහන් කරමි.
 
ඉහත විස්තර කළ ආකාරයට, ඔබේ IKS පහසුකම සහිත රිසීවරය සිදු කරන්නේ අන්තර්ජාලයේ එම නීතිවිරෝධි සේවාව ලබා දෙන සර්වර් එකකට කනෙක්ට් වීමනෙ. එහෙත් dreambox, blackbox වැනි සැටලයිට් රිසීවර් තිබෙනවා අනෙක් අයට එම සේවාව සපයන සර්වර් එකක් ලෙස සකසන්නට හැකියි. ඒ කියන්නේ එම සැටලයිට් රිසීවරය අන්තර්ජාලයට (හෝ වෙනත් පරිගනක ජාලයකට) සම්බන්ද කර, එම පරිගනක ජාලය හරහා තවත් අයට රහස් කේත (කෝඩ්වර්ඩ්) බෙදා දිය හැකියි.
 
මෙවිට සිදුවන්නේ මෙයයි. ඔබ නිසි මාසික ගාස්තු ගෙවා නීත්‍යානුකූලව යම් චන්ද්‍රිකා ටීවී සේවයක් ලබා ගනී. මෙවිට ලැබෙන සිම්පත ඇතුලත් කිරීමට ස්ලොට් එකක්ද මෙම විශේෂිත රිසීවරයේ ඇත. අන්න එම සිම්පත භාවිතා කර ගෙන සැටලයිට් චැනල් ඩික්‍රිප්ට් කර පරිගනක ජාලය හරහා අන් අයත් සමඟ කෝඩ්වර්ඩ් ෂෙයාර් කර ගනී. ඔබ මුදල් ගෙවා ලබා ගත් කනෙක්ෂන් එකෙන් (සිම් එකෙන්) බැලිය හැකි චැනල් පමනයි එවිට අනෙක් අයටත් බැලිය හැකි වන්නේ. මෙම ක්‍රියාවලියත් නීතිවිරෝධි බව මතක තබා ගන්න.
 
අවශ්‍ය නම් එවැනි රිසීවරයක් මිලට ගෙන, ඩයලොග් හෝ වෙනත් අයෙකුගෙන් සැටලයිට් ටෙලිවිෂන් සම්බන්දතාවකුත් මිලට අරං, අදාල සෙටිංස් රිසීවරයේ සකසා, ඔබේ යහලුවන් දහ දොලොස් දෙනෙකු සමඟ (අවශ්‍ය නම් සිය ගණනක් සමඟ වුවද) එය ෂෙයාර් කර ගත හැකියි. මෙවිට, එම සේවාව සපයන ඔබට හොඳ බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබිය යුතුය. සැටලයිට් රිසීවරය හා ඉන්ටර්නෙට් රවුටරය UPS එකකට සම්බන්ද කර ගැනීමත් වටිනවා (යූපීඑස් එකක් යනු විදුලි බලය ඇනහිටියත් යම් කාලයක් පුරාවට විදුලිය නොකපා තබා ගන්නා උපාංගයකි).
 
අපට හැකියි චන්ද්‍රිකා කිහිපයක් එකවර හසුකරගෙන එකම රිසීවරයෙන් බලන්නටත්. මේ සඳහා ඩිෂ් කිහිපයක් අවශ්‍ය වේ. එක් චන්ද්‍රිකාවකට ඉතිං එක් දීසියක් (එල්එන්බීද වෙන වෙනම තිබිය යුතුය) බැඟින් අවශ්‍ය කරනවානෙ. එවිට, චන්ද්‍රිකා දෙකක් එකවර අල්ලනට ඕන නම්, ඩිෂ් දෙකක් අවශ්‍ය වේ.
 
මෙවිට, එම ඩිෂ් පෙර පරිදිම තමන්ට කැමති චන්ද්‍රිකාවලට එල්ල කරන්න. එහෙත්, ඩිෂ්වලින් එන කේබල් සියල්ල එකවර රිසීවරයට සම්බන්ද කරන්නට බැහැනෙ. ඒ සඳහා අතරමැදි උපාංගයක් අවශ්‍ය කරනවා. එය DiSEqC switch ලෙස හැඳින්වේ (DiSEqC යනු Digital Satellite Equipment Control යන දිගු වචනයේ කෙටි කිරීමකි). එහි female F connector 3ක් හෝ වැඩි ගණනක් පවතී. එක් f connector එකක් හැමවිටම රිසීවරයට සවි කරයි (output). අනෙක් කනෙක්ටර්වලට තමයි ඩිෂ්වල සවි කර ඇති එල්එන්බීවල සිට එන කේබල් තනි තනිව කනෙක්ට් කරන්නේ (inputs). ඉන්පුට් දෙකක් හා අවුට්පුට් එකක් ඇති ස්විචය 2x1 ලෙසද, ඉන්පුට් හතරක් හා එක අවුට්පුට් එකක් ඇති ස්විචය 4x1 ලෙසද, ඉන්පුට් 8ක් හා එක අවුට්පුට් එකක් ඇති ස්විචය 8x1 ආදි ලෙස කෙටියෙන් සටහන් කරයි.
 





ඩයිසෙක් ස්විචයක් සවි කිරීමෙන් සාමාන්‍යයෙන් සංඥාව ඩෙසිබල් 3කින් හෙවත් දෙගුණයකින් පමන අඩු වේ (ඔබ දන්නවා සංඥා ගමන් කරන මාර්ගයේ සවි කරන ඕනෑම උපාංගයක් විසින් සංඥාව බෙලහීන කරන බව); මෙය insertion loss ලෙස ඩයිසෙක් ස්විචයේම සටහන් කර තිබේ. අව්ව වැස්ස වදින්නේ නැති විදියට හෝ තැනක ඩයිසෙක් ස්විචය සවි කරන්න. කැමති නම්, ස්විචයට සවි කරන එක් එක් කේබල් කනෙක්ටරය අසල මාස්කිං ටේප් එකක අදාල චන්ද්‍රිකාවේ නම හා දේශාංශකය ලියා අලවන්න (එවිට පහසුවෙන්ම ඒ ඒ කනෙක්ටරය සවි කර තිබෙන්නේ කුමන චන්ද්‍රිකාව සඳහාද යන්න ගැන දැන ගත හැකියි).
 
ඉතිං ඔබට කරන්නට තිබෙන්නේ ඩිෂ්වල සිට එන කේබල් සියල්ල ඩයිසෙක් ස්විචයේ LNB1, LNB2 ආදි වශයෙන් සටහන් කර ඇති කනෙක්ටර්වලට සවි කර, tuner හෝ receiver ලෙස සටහන් කර ඇති අවුට්පුට් කනෙක්ටරය රිසීවරයට සවි කිරීමටයි. දැන් තිබෙන සියලුම සැට් රිසීවර් මෙම ඩයිසෙක් ස්විච් සමඟ වැඩ කළ හැකි පරිදි නිෂ්පාදනය කර ඇත.


ඩයිසෙක් ස්විච්වල version කිහිපයක් ඇත - 1.0, 1.1, 1.2 හා 2.0, 2.1, 2.2 ලෙස. වර්ෂන් අගය ඉහලට යන්නට යන්නට වඩා දියුණු ස්විචයක් බව ඉන් හැඟවේ. ඒ ඒ වර්ෂන් අංකයෙන් කියැවෙන්නේ මොනවාද?
 
Diseqc 1.0 – LNB 4ක් දක්වා උපරිම සපෝට් කරයි
Diseqc 1.1 – LNB 16ක් දක්වා උපරිම සපෝට් කරයි
Diseqc 1.2 – LNB 16ක් දක්වා උපරිම සපෝට් කරන අතර ඩිෂ් එක කරකැවිය හැකි එක් මෝටරයක් සපෝට් කරයි
 
ඉහත සියලු වර්ෂන්වලට හැකියාව තිබෙන්නේ එක් පැත්තකට පමනක් දත්ත ගමන් කරවීමටයි. ඉහත වර්ෂන්වලට දෙපැත්තටම දත්ත ගමන් කරවීමට හැකියාව ලබා දෙන ස්විචවල තමයි වර්ෂන් අංකය දෙකෙන් පටන් ගන්නේ. ඒ අනුව, Diseqc 2.0, 2.1, 2.2 යනුද ඉහත හැකියාවන් හා ඊට අමතරව දෙපැත්තටම දත්ත යැවීමේ හැකියාව ඇත. ඒ අනුව,
 
Diseqc 2.0 – LNB 4ක් දක්වා උපරිම සපෝට් කරන අතර, දත්ත දෙපැත්තටම ගමන් කරවයි
Diseqc 2.1 – LNB 16ක් දක්වා උපරිම සපෝට් කරන අතර, දත්ත දෙපැත්තටම ගමන් කරවයි
Diseqc 2.2 – LNB 16ක් දක්වා උපරිම සපෝට් කරන අතර, දත්ත දෙපැත්තටම ගමන් කරවයි; ඩිෂ් එක කරකැවිය හැකි එක් මෝටරයක්ද සපෝට් කරයි 
 
ඉතිං, රිසීවරයද මෙම වර්ෂන්වලින් යම් අගයක් හෝ සියල්ලම හෝ සපෝට් කළ හැකියි. එනිසා රිසීවරය හා ඩයිසෙක් ස්ව්චය අතර ගැලපීමක් තිබිය යුතු වෙනවා. එම ගැලපීම සොයන්නේ මෙසේය. රිසීවරය සපෝට් කරන ඉහලම වර්ෂන් අංකය හා ඊට පහල සියලු වර්ෂන් අංක සහිත ඩයිසෙක් ස්විච රිසීවරය විසින් සපෝට් කරනු ඇත. උදාහරණයක් ලෙස, රිසීවරය සපෝට් කරන්නේ 1.1 නම්, ඔබ භාවිතා කළ යුත්තේ 1.0, 1.1 යන වර්ෂන් අංක දරන ස්විච වේ. 
 
එහෙත් දෙපැත්තටම දත්ත ගමන් කරවීමට අවශ්‍යතාවක් නැතිනම්, දශම තිතට වම් පැත්තේ ඇති 1 හෝ 2 යන ඉලක්කම් නොසලකා හැරියද හැකියි. එවිට උදාහරණයක් ලෙස, 1.2 වර්ෂන් එකක් සහිත රිසීවරයක් සමඟ 2.0, 2.1, 2.2 යන වර්ෂන් සහිත ස්විචද යොදා ගත හැකි වෙනවා.
 
ඔබගේ රිසීවරය සපෝට් කරන උපරිම වර්ෂන් එක 1.0 නම්, ඔබට 8x1 ස්විචයක් සම්බන්ද කළ නොහැකියි මොකද 1.0 වර්ෂන් එකට උපරිම සපෝට් කළ හැක්කේ 4x1 ස්විචයකි. කෙසේ වෙතත් අද තිබෙන බොහෝ රිසීවර් මේ සියලුම වර්ෂන් සපෝට් කරන නිසා කිසිදු අවුලක් ඇති නොවේ. ඩයිසෙක් ස්විචයක් සවි කර තිබෙන විට, ඒ බැවි රිසීවරයට දැන්විය යුතුයි සෙටිංස් සෙට් කිරීමෙන්. එය කරන්නේ කෙසේදැයි බලමු.
 
ඩයිසෙක් ස්විචයක් නැති විටදී තිබුණේ එකම එක ඩිෂ් එකකි; එනම් එක චන්ද්‍රිකාවකින් පමනයි සංඥා ලැබුණේ. එවිට චැනල් ඇල්ලීමට සිදු කළේ single satellite blind scan එකකි. එහෙත් දැන් ඩිෂ් කිහිපයක් ඇති නිසා චන්ද්‍රිකා කිහිපයකින්ම සංඥා එකවර ලබා ගත හැකියි. මෙවිට චන්ද්‍රිකා කිහිපයක් එකවර බ්ලයින්ඩ් ස්කෑන් කිරීමට සිදු වේ (මෙය multi-satellite blind scan ලෙස හැඳින්වේ). සමහර රිසීවර්වල (මා ඉස්සර භාවිතා කළ රිසීවරයේ) මෙලෙස මල්ට් සැටලයිට් බ්ලයින්ඩ් ස්කෑන් යනුවෙන් වෙනම සෙටිං එකක් ඇතත් සමහර රිසීවර්වල (මා දැනට භාවිතා කරන රිසීවරයේ) එවැන්නක් නැත. මා දැනට භාවිතා කරන රිසීවරයේ එය සිදු කරන අයුරු බලමු (මෙය සැකසීම හරිම පහසුයි). Antenna Setting පිටුවට යන්න.


මෙහි DiSEqC 1.0 හා DiSEqC 1.1 යන අයිටම් දෙක තමයි සෙට් කරන්නට තිබෙන්නේ. මා භාවිතා කරන්නේ පෝට් 4ක් සහිත ඩයිසෙක් ස්විචයක් බැවින් DiSEqC 1.0 යන එකයි සෙට් කරන්නේ (අනෙක් එක ඕෆ් කර ඇත). මා පෝට් 4ට වැඩි ඩයිසෙක් ස්විචයක් යොදා ගන්නේ නම් භාවිතා කළ යුතු වන්නේ DiSEqC 1.1 යන්නයි.
 
ඉතිං, මා ඩයලොග් චන්ද්‍රිකාවට එල්ල කර තිබෙන දීසියේ කේබලය කනෙක්ට් කර තිබෙන්නේ ඩයිසෙක් ස්විචයේ 4 යන පෝට් එකටයි. එනිසා, Port 4 යන්න තෝරා ඇත. ඇත්තටම නිවැරදි පෝට් එක තේරුවොත් පමනයි Strength හා Quality යන බාර් දෙකේ සංඥා තිබෙන බව පෙන්වන්නෙත්. ඉන්පසු සුපුරුදු ලෙස බ්ලයින්ඩ් ස්කෑන් කරන්න.
 
මා තවත් දීසියක් ඩිෂ් ටීවී චන්ද්‍රිකාවටද එල්ල කර තිබේ. එහි කේබලය මා ඩයිසෙක් ස්විචයේ පෝට් අංක 1ට සෙට් කර ඇත. එවිට, මට කරන්නට තිබෙන්නේ ඩිෂ් ටීවී චන්ද්‍රිකාව ඉහත සෙටිංස්වලින් තෝරා, DiSEqC 1.0 අයිටමය යටතේ Port 1 යන්න තෝරා ස්කෑන් සිදු කිරීමයි.
 
මෙලෙස මාගේ පෝට් හතරේ ඩයිසෙක් ස්විචයට දීසී 4ක් දක්වා එකවර කනෙක්ට් කළ හැකිය. එවිට, එම දීසි එල්ල කර තිබෙන සියලු චන්ද්‍රිකාවල රූපවාහිනි චැනල් බැලිය හැකිය.
 
දැන් එම චන්ද්‍රිකා සියල්ලේම චැනල් ටියුන් වේවි. ඔබ රිමෝට් එකෙන් ඒ ඕනෑම චන්ද්‍රිකාවක චැනලයක් තෝරා ගත හැකිය. එලෙස යම් චැනලයක් ඔබ තෝරන විට, එම චැනලයට අදාල දීසිය ඉබේම රිසීවරය විසින් තෝරා ගනී. රිමෝට් එකේ ඇති Satellite නම් බට්න් එක ඔබා ඔබ සෙට් කර ඇති චන්ද්‍රිකාවලින් කැමති එකක් තෝරා ගතද හැකියි.
 
ඩයිසෙක් ස්විච හැරුනු විට සැටලයිට් ටීවී පද්ධතියක් තුල භාවිතා වන තවත් අතරමැදි උපාංග කිහිපයක් ඇත (splitter, combiner, diplexer).
  
Splitter යනු යම් තනි සංඥාවක් “පිටපත්” කිහිපයකට කඩන උපාංගයකි. රිසීවරයෙන් කෙලින්ම රූපවාහිනයට සංඥා යවන්නේ නැතිව, පලමුව ස්ප්ලිටරයට යවා ස්පිල්ටරයෙන් රූපවාහිනි කිහිපයකට එම සංඥා යොමු කළ හැකිය.



සවි කළ හැකි රූපවාහිනි ගණනට සරිලන අවුට්පුට් කනෙක්ටර් ගණනක් තිබෙන ස්ප්ලිටර් එකක් ලබා ගත යුතුය.




ඉහත ආකාරයේ සාමාන්‍ය ස්ප්ලිටරයක් භාවිතා කරන විට, ඊට ඇතුලුවන සංඥාව තමයි කොටස් ගණනාවකට කැඩී පිට වන්නේ. එවිට, සංඥාව කිහිප ගුණයකින් දුර්වල වේ. එය වැලැක්විය හැකි ස්ප්ලිටර්ද තිබෙන අතර, එවිට සිදු වන්නේ සංඥාව කොටස්වලට කඩන්නට පෙර ස්ප්ලිටරය විසින් වර්ධනය කිරීමයි.


ස්ප්ලිටරයක් භාවිතා කරමින් එකම චැනලය ටීවී කිහිපයකින් බැලිය හැකිය; එක එක්කෙනාට විවිධ එකවර බැලිය නොහැකිය.
 
Combiner යන උපාංගයෙන් කරන්නේ ඇන්ටනා කිහිපයකින් එන සංඥා දෙකක් හෝ කිහිපයක් තනි කේබලයක් හරහා යෑමට සැලැස්වීමයි. මෙම උපාංගයේ අරමුණ වන්නේ වෙනස් වෙනස් සංඥා කිහිපයක් යැවීමට තනි තනි කේබල් භාවිතා නොකර, තනි කේබලයක් හරහා එම සංඥා සියල්ල යැවීමයි. එමඟින් කේබල් ගණන අඩු කර ගෙන වියදම අඩු කර ගත හැකිය. වැඩේට කම්බයිනර් දෙකක් අවශ්‍ය වේ. එක් කෙලවරකදී සංඥා දෙක එකතු කර එකම කේබලය දිගේ එවීමට කම්බයිනරයක් අවශ්‍ය වන අතර, එම මිශ්‍ර සංඥාවෙන් සංඥා දෙක වෙන් වෙන්ව නැවත ලබා ගැනීමට අනෙක් කෙලවරටද කම්බයින්රයක් යෙදිය යුතු වේ.



පහත දැක්වෙන්නේ සැටලයිට් එල්එන්බී එකකින් එන සංඥාත් සාමාන්‍ය ටීවී ඇන්ටනාවකින් එන සංඥාත් එකට එකතු කර යවන කම්බයිනර් එකකි. බලන්න එහි කනෙක්ටර් අසල සටහන් කර තිබෙනවා කුමන සංඛ්‍යාත පරාසවලට අයත් සංඥාද එය විසින් සපෝට් කරන්නේ කියා.


කම්බයිනරයක් භාවිතා කරන විට සැලකිලිමත් විය යුතු එක කොන්දේසියක් ඇත. එනම්, කිසිම විටක එකම සංඛ්‍යාත පරාසයේ තිබෙන සංඥා දෙකක් ඊට ඇතුලත් නොවිය යුතුය. ඉහත රූපයේ පෙන්වා දෙන කම්බයිනරයේ වක්‍රව ඒ බව සටහන් වේ. එනම් එක් කනෙක්ටරයකට 5 – 860MHz සංඛ්‍යාත පරාසයේ සංඥාවක්ද, අනෙක් කනෙක්ටරයට 950 – 2300MHz සංඛ්‍යාත පරාසයේ සංඥාවක්ද ඇතුලත් කළ යුතුයි යනුවෙන් සටහන් කර තිබීමෙන් කියන්නේ එයයි.
 
Diplexer යනුද එක්තරා විදියකින් කම්බයින්ර් එකක්මයි. නොදියුණු ඩිප්ලෙක්සර් (passive diplexer ලෙස මේවා හැඳින්වේ) යනු ඇත්තටම කම්බයිනර් එකක්ම තමයි. එහෙත් දියුනු ඩිප්ලෙක්සර් (active diplexer) ඊට වඩා දියුණුය. මේවායෙන් සංඥා වර්ධනයක් සිදු වේ. සමහරවිට, කනෙක්ටර්වලට ඇතුලත් කරන සංඥා එකම සංඛ්‍යාත පරාසයේ වුවද මේවායේ ගැටලුවක් නොමැත (මක්නිසාද යත්, එය තුල තිබෙන පරිපථයෙන් එම සංඛ්‍යාතයන් ඉබේම එකිනෙකාට වෙනස් සංඛ්‍යාත පරාස තුල තබනවා).


කම්බයිනරය මෙන්ම ඩිප්ලෙක්සරයද ජෝඩු වශයෙන් භාවිතා කිරීමට සිදු වේ.
 

 
මෙම ලිපි පෙල මෙතැනින් නිමයි.