Skip to main content

Posts

Showing posts from November, 2017

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

උසස් අධ්‍යාපනය ආශ්‍රයෙන්...

අධ්‍යාපනික සුදුසුකම් සහතිකපත්‍ර විශ්ව විද්‍යාල හා එහි ව්‍යුවහය විවෘත විශ්ව විද්‍යාලය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් උපාධි වර්ග උපාධි සාමාර්ථ/පංති වෘත්තීය/ප්‍රොෆෙෂනල් අධ්‍යාපනය විශ්ව විද්‍යාල හා පාඨමාලාවල පිලිගැනීම නිදහස් ආරේ අධ්‍යාපනය අධ්‍යාපනය (education) යනු කුමක්දැයි ඇසූ විට විවිධ අය විවිධ පිලිතුරු දිය හැකිය. ඩික්ෂනරිවලද විවිධ අර්ථ දැක්වීම් තිබිය හැකිය. නිශ්චිතවම අර්ථ දැක්වීමට අපොහොසත් වුවත් අප සැවොම අඩුවැඩි වශයෙන් අධ්‍යාපනය ලබමින් සිටී හෝ ලබා ඇත. අධ්‍යාපනය නොයෙක් ආකාරවලින් බෙදා දක්වනවා. ඒ අතුරින් එක් බෙදීමක් තමයි ඉගෙන ගන්නා දැනුමේ මට්ටම අනුව බෙදීම. එවිට සමස්ථ අධ්‍යාපනයම ප්‍රාථමික (primary), ද්විතියික (secondary), තෘතියික (tertiary) ලෙස තුන් ආකාරයකින් බෙදිය හැකියි. මේ එක් එක් මට්ටමේදී ලබා දෙන අධ්‍යාපනයේ විශාල වෙනස්කම් ඇත; ඒ ගැන ඉතා දීර්ඝ ලෙස කතා කිරීමට තිබේ. ප්‍රාථමික අධ්‍යාපනය බොහෝවිට කුඩා ළමුන්ට ලබා දෙන අධ්‍යාපනයයි. ද්විතියික අධ්‍යාපනය ළමා අවධිය පසු කළ පසු නව යොවුන් වියේ හා තරුණ වියේ ලබන අධ්‍යාපනයයි. සාමාන්‍යයෙන් මෙම දෙවර්ගයේම අධ්‍යාපනය ලබා දෙන්නේ පාසැල් (schools) හරහාය. අප

ක්‍රෙඩිට්, ඩෙබිට්, පේපැල්, හා විද්‍යුත් මුදල්

මුදල් භාවිතයට පැමිණි හැටි පාසල් විෂය මාලාවේද ඉගැන් වේ. එය ලස්සන කතාන්දරයකි. එම මුදලේ විකාශය කොටස් වශයෙන් පළවන කතාවක් ලෙස ගත් විට, විද්‍යුත් මුදල් යනු වර්තමානයේ රඟදැක්වෙන කථාංගය/කොටස වේ. එම කතාව ලස්සන නිසාම සංක්ෂිප්තව ඒ ගැන පළමුව බලමු. මුලදී මුදල් හෝ ඒ පිළිබඳ සංකල්පය හෝ නොවීය. තම තමන්ගේ අවශ්‍යතා තම තමන් විසින්ම සොයාගෙන ඉටු කර ගැනීමට සිදු විය. අවශ්‍යතා ඉතා සරල වූ බැවින් ආදිතමයන්ට එය එතරම් ගැටලුවක් නොවීය. තනි තනිව ජීවත් නොවී පවුල් හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වීම නිසා එලෙස ජීවත් වීමට තවත් පහසුවක් ලැබුණි. එහෙත් අවශ්‍යතා විවිධ හා විස්තීර්ණ වූ විට (එය මානව සමාජයේ දියුණු වීමකි), එකිනෙකා සතු අතිරේක භාණ්ඩ එකිනෙකා අතරේ හුවමාරු කර ගැනීම සිදු විය. මෙම ක්‍රමය (barter system) අදටත් සමාජයේ දක්නට ලැබේ. උදාහරණයක් ලෙස, තමන් සතු හාල් තවත් කෙනෙකුට දී එම වටිනාකමට (දෙදෙනාගේ එකඟතාව මත) අර්තාපල් තමන්ට ඔහුගෙන් ලබා ගත හැකියි. ඍජුවම භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු විය. ඉහත බාටර් ක්‍රමය සමාජය තවත් දියුණු වෙද්දි (එනම් ගනුදෙනු ප්‍රමාණය වැඩි වෙද්දී) ප්‍රමාණවත් නොවීය. එනම් ද්වියික සමපාතය (dual coincidance) නම් ගැටලු

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම

අන්තර්ජාලය මා දකින්නේ සාමාජික වශයෙන් ගත් කළ ලොව මෙතෙක් පහළ වූ අනර්ඝතම මිනිස් නිර්මාණය ලෙසයි. විශේෂයෙන් අධ්‍යාපනික මෙවලමක් ලෙස ලොව මීට සම කළ හැකි අන් කිසිවක් (ආයතනයක් හෝ විශ්ව විද්‍යාලයක් හෝ ව්‍යාපෘතියක් හෝ) නොමැත. එමෙන්ම සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමේදිත් හා සන්නිවේදනයේදිත් අන්තර්ජාලය ප්‍රමුඛ කාර්යක් (සමහරවිට අනර්ථකාරි මට්ටමට පවා; උදාහරණයක් ලෙස ෆේස්බුක් උන්මාදය) සිදු කරයි. ඒ අතර ව්‍යාපාර හෝ රැකියා හෝ මුදල් සෙවීම පැත්තෙන්ද අන්තර්ජාලයේ වැදගත්කමක් තිබේ. අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීම ගැන පාඨමාලා පවා ලංකාවේ පැවැත්වේ. එම පාඨමාලාවලට සහභාගි වන අයට ඉන් අන්ර්ජාලයෙන් ඇත්තටම දැනෙන ලෙස කීයක් හෝ හම්බ කර ගැනීමට නොහැකි වුවත්, එම පාඨමාලා පවත්වන අය නම් ධනවතුන් බවට පත්ව ඇති බව පෙනේ (කූඨ ව්‍යාපාර කියා කියන්නේ ඇත්තෙන්ම මෙන්න මේවාටය). සත්‍ය වශයෙන්ම අන්තර්ජාලය හරහා ඉතා විශාල මුදලක් හම්බ කර ගත හැකියි. ඒ කෙසේදැයි (මා දන්නා දැනුම හා අත්දැකීම අනුව) විස්තර කරන්නම්. දැනට ප්‍රායෝගිකව බොහෝ පිරිසක් සිදු කරන සමහර ක්‍රම හා උපක්‍රම මා කිසිසේත් මෙහි විස්තර නොකරන්නේ ඒවා සදාචාර විරෝධි හෝ මානව සමාජය අවමානයට හා තවත් ප්‍රපාත

මෝහනය, මිථ්‍යාව, හා යථාරූපය

රූපවාහිනියේ නොවැම්බර් 16 වැනිදා ගිය බ්‍රහස්පතින්දා විකාශය වූ යථාරූප වැඩසටහන තුල මෝහනය යනු මිථ්‍යාවකි කියා එහි සිටි වෛද්‍යවරුන් කියන ලදි. මාද මෝහනය ගැන පොතක් ලියා ඇති අතර, ඒ නිසාදෝ http://blog.tekcroach.top/2015/06/hypnosis-1.html?showComment=1511065849381#c6278351186215924679 හි කමෙන්ටුවක් දමා ඒ ගැන කවුරුන් හෝ මාගෙන් විමසාද ඇත. ඊට දිය යුතු පිලිතුර දිගු වන බැවින් එහි කමෙන්ට් නොකර මා මෙම ලිපිය ලියමි. පළමුව කිව යුත්තේ යථාරූප වැඩසටහන් මාලාව කාලීන හා වැදගත් බවයි. ඕනෑම හොඳ දෙයක නරක පොඩ්ඩක් හෝ තිබිය හැකියි යන්න සනාථ කරමින් යථාරූප වැඩසටහනේ දෝෂ ගණනාවක් තිබේ; මා මීට පෙරත් ඒ ගැන ලියා තිබේ. එනිසා සමස්ථ වැඩසටහන පෙල තුලම ඇති එම දෝෂ ගැන මා කතා කරන්නට යන්නේ නැත. එම දෝෂවලට වඩා වැඩි ප්‍රයෝජනවත්කමක් හා වැදගත්කමක් ඉන් ඉස්මතු වේ. තවද, උක්ත වැඩසටහනත් ඊට මාස දෙකකට පමණ ඉහතදී විකාශය වූ මොලය හා කුඩා ළමුන් හදා වඩා ගත යුත්තේ කෙසේද යන්න පිලිබඳ කියා දුන් වැඩසටහනත් ඉතාම වැදගත් (විශේෂයෙන් කුඩා ළමුන් සිටින හෝ ළමුන් හැදීමට සිතා සිටින දෙමාපියන්ට) බවද සිහිපත් කළ යුතුය. එම වැඩසටහන් මා සිතන්නේ රූපවාහිනි සංස්ථාවේ වෙබ්

අවසන් වතාවටත් සයිටම්

සයිටම් අර්බුදය ගැන මේ වන විට මාද පෝස්ට් කිහිපයක් පළ කර ඇත. අවසන් වරටත් ඒ ගැන යමක් ලියා තබන්නට සිතුණි. ඇත්තටම සමාජ, දේශපාලය, ආර්ථික, ලෝක ප්‍රවණතා ආදි ලෙස අනේකවිධ ඉතා බැරෑරුම් ගැටලු ගැන රාජ්‍යයේත්, ආණ්ඩුවෙත්, විද්‍යාර්ථින්ගෙත් අවධානය යොමු විය යුතුව තිබුණත්, ලංකාවේ කරුමක්කාර කාලකන්නින් දැන් වසර ගණනාවක් තිස්සේ රටේ වෙනත් වැදගත් ගැටලු නැතිවා සේ එක් ආයතනයක් ජාතික ගැටලුවක් කරගෙන සිටීම කොතරම් නූගත්කමක්ද? රට තුල පෞද්ගලික අංශය මේ වන විට ඉතා ශක්තිමත්ය. පෞද්ගලික රෝහල් ඕනෑ තරම් තිබේ; හැම දොස්තරයෙකුම පෞද්ගලික සායන පවත්වාගෙන යයි. පෞද්ගලික පාසල් තිබේ; පාසල් යන සෑම ළමයකුම මුදල් ගෙවා ටියුෂන්ද යයි. මේ ආදී වශයෙන් රජයක් විසින් පවත්වාගෙන යා යුතු සේවා කිහිපයක් හැරෙන්නට (හැඳුනුම්පත් ලබා දීම, පාස්පෝට් ලබා දීම වැනි) අන් සියලු සේවා මුදල් ගෙවා ලබා ගත හැකි මට්ටමට රට පත්ව ඇත. තවද, පිටරට ගොස් මුදල් ගෙවා වෛද්‍ය උපාධිද ලබා ලංකාවේ වෛද්‍යවරුන් විය හැකියි. තත්වය එසේ තිබියදී රට තුල මුදල් ගෙවා වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට ඇති ශුද්ධමය වූ නොහැකියාව කුමක්ද? කෙනෙකු තර්ක කරන්නේ වෛද්‍යවරුන් මිනිස් ජීවිතත් සමඟ ඍජුවම කටයුතු කරන න