සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලි සේවය (Amateur radio) 16

ප්‍රකාශ තන්තු සන්නිවේදනය (Fiber Optics) මෙලෙස රේඩියෝ තරංග සමඟ විදුලි සන්දේශ දිගු ගමනක් යද්දී , තවත් පැත්තකින් නැවත කේබල් ඔස්සේ සන්නිවේදනය කිරීමට ප්‍රවණාවක් ඇති විය . එහෙත් මෙවර එම කේබල් වූයේ සාමාන්‍ය තඹ කම්බි නොව , ප්‍රකාශ තන්තු හෙවත් ෆයිබර් ඔප්ටික් (fiber optic) ලෙස හඳුන්වන විශේෂිත වීදුරුවලින් සෑදූ කේබල්ය . එනිසා මෙවැනි කේබල් ෆයිබර් ඔප්ටික් කේබල් හෙවත් optical cable ලෙස හැඳින්විය . මේවා විදුලි සන්නායක නොවන නිසා විදුලි සංඥා ගමන් කළේ නැත . ඒ වෙනුවට ආලෝක සංඥා තමයි ෆයිබර් ඔප්ටික් හරහා ගමන් කළේ . කෙසේ වෙතත් අපට තවමත් මුලින්ම පරිපථවලින් ලැබෙන්නේ යම් විද්‍යුත් සංඥාවකි . එම විදුලි සංඥාව තමයි සුදුසු විද්‍යුත් - ප්‍රකාශ පරිපථයක් මඟින් ඊට අනුරූප ආලෝක සංඥාවක් බවට පත් කරගෙන ඔප්ටිකල් කේබල් හරහා යවන්නේ . එම ආලෝක සංඥාව කේබලය තුලින් ගමන් කර , අනෙක් කෙලවරදී නැවත යම් පරිපථයකින් ආලෝක සංඥාව විදුලි සංඥාවක් බවට පත් කෙරේ . ඒ කියන්නේ ආලෝක වශයෙන් සංඥාව පවතින්නේ සංඥා සම්ප්‍රේෂනය වන අවස්ථාව සඳහා පමණි . ෆයිබර් ඔප්ටික් යොදා ගැනීම සන්නිවේදනයේ තවත් පෙරලියකි . ෆයිබර් තන්තු හරහා හැමවිටම ගමන් කරන්නේ ඩිජිටල්