ඊයේ පෙරේදා කෝටිපති රෙදිපිලි ව්‍යාපාරිකයෙකුව පැහැරගෙන ගොස් මරා දැමීමේ පුවතක් ටෙලිවිෂන් පුවත් තුලින් දැක මීට අවුරුදු ගණනාවකට පෙර සිදුවීමක් මතක් විය. ඊට හේතුව මීට අවුරුදු ගණනාවකට පෙර මාත් කිහිප අවස්ථාවකම (එම කෝටිපතියාගේ නිවස පිහිටි) කොතලාවල මාවතට යන්න වුණු නිසාය. ඒ නාඩි වාක්‍ය බැලීමටයි (තාමත් එහි නාඩි වාක්‍ය බලන මධ්‍යස්ථානය තිබේදැයි මා දන්නේ නැත). සමහරෙකු නාඩි වාක්‍ය ගැන දැනටමත් දැනුවත් ඇති. එහෙත් බොහෝ දෙනා ඒ ගැන නොදන්නා බව නම් විශ්වාසයි.
සරලව කිව්වොත් නාඩි වාක්‍ය යනු ජ්‍යොතිෂය වැනිම "විද්‍යාත්මක නොවන" අනාවැකි පවසන ක්‍රමයකි. එය හැබැයි ජ්‍යොතිෂයට වඩා තරමක් විෂ්මිතය. ඒකට හේතුව ඔබේ උපන් දිනය හා මාපොට ඇඟිල්ලේ සලකුණ පමණක් ගෙන මෙම අනාවැකි කියයි. මව පියාගේ නම්, ඔබේ නම, මව පියා කරන රැකී රක්ෂා, ඔබ කරන රැකියාව, ඔබ ඉගෙන ගත් දේ (උපාධියක් කළා නම්, උපාධියක් කර ඇති බවත්, එය අහවල් විෂය ධාරාවෙන් කර ඇති බවත්), කසාද බඳින කෙනා, ආදී නොයෙකුත් දේ පවසනවා. බැලූබැල්මට එය විෂ්මිතයි. එහෙත් තරමක වියදමක් හා කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්නටද වෙනවා. මට මතකයි බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන්ගේ සටහන්වලත්, ජ්‍යොතිෂ විශේෂඥයකු වන සිද්ධාලේප වෙද මහතාගේ සීයාගේ (ඔහුගේ නම දැන් මට මතක නැත) ජ්‍යොතිෂ පොතකත් මෙම නාඩි වාක්‍ය ක්‍රමය විෂ්මිත බව වර්ණනා කර තිබුණා.
මටද පාසල් යන කාලයේ සිට අද්භූත දේවල් ගැන අමුතු ආසාවක් තිබුණා. එහෙත් කුඩා කල සිට අද දක්වාම මා ඒවා විශ්වාස කළේ හෝ පිළිපැද්දේ නැත. මතුවටද එසේය. කිසිවක් එකවර විස්වාස කිරීමට හෝ බැහැර කිරීම නොකර, ඒ ගැන අධ්‍යනය කරන පුරුද්ද නිසා, ජ්‍යොතිෂය ආදී විෂයන් මා ඉගෙන ගත්තා. සාස්තර කාරයන් හා දේවාල ගානේ බඩගෑවා (ඒවා හොරෙන් රෙකෝඩ්ද කළා). අමාරුවෙන් සොයා ගත් සමහර මන්ත්‍ර ආදියද ඉගෙන ගෙන ජප කළා (විශේෂයෙන් වසී ගුරුකම්). මේ වෙනකොට මට මේ ක්‍රමවල සත්‍යතාව හෝ අසත්‍යතාව පිළිබඳ හොඳ පැහැදිලි කිරීම්ද සහිත අවබෝධයක් තිබේ (ඒ ගැන පසුකාලක ලියන්නට බලාපොරොත්තු වෙනවා).
කෙසේ හෝ වේවා, නාඩි වාක්‍ය කතාවට නැවත එමු. එය සිදු කරන්නේ දකුණු ඉන්දියානු ගුරුකුලයක් විසිනි. ඔවුන් කතා කරන්නේ දෙමළින්ය. එනිසා ඒවා පරිවර්තනය කරන්නට කෙනෙකුද සිටිනවා (ඌටත් පරිවර්තන ගාස්තුවක් අවසානයේ ගෙවන්නට සිදු වෙනවා). නාඩි වාක්‍ය පුස්කොල පොත්වලින් කියනු ලබන දෙයක් ලෙස ඔවුන් පෙන්වයි (එහෙත් මගේ තේරුම්ගැනීම නම් ඊට වෙනස්ය). මට කියපු සියලු දේවල් මා ටේප් කර ගත්තා. එම ටේප් එක අද මට අහම්බෙන් හමු වූවා. ළඟදීම එම ටේප් එක ඩිජිටයිස් කර mp3 ෆයිල් එකක් ලෙස මා බ්ලොග් එකට එකතු කරනවා නාඩි වාඛ්‍ය යනු කුමක්දැයි යම් හෝ අදහසක් ගැනීමට. මා සියල්ලන්මට ආරාධනා කරනවා විවෘත මනසකින් ලෝකයේ සියලු දේ ගැන විමසන ලෙස. එවිට මේ ලෝකයේ කිසිවක් විස්වාස කළ නොහැකි බව ප්‍රත්‍යක්ෂයෙන් වැටහේවි. මිත්‍යා හෝ විද්‍යා යනුද හුදෙක් තවත් නිර්මිත දෙකකි. එහෙත් ප්‍රායෝගික ප්‍රයෝජනවත් බව නිසා විද්‍යාව බොහෝ වැදගත් කමක් ගනී.

Good topic ekkakne....
ReplyDeleteyes, topic is good if you guys contribute with your first-hand experiences (not with "walu kathaa")... haha
Delete