Skip to main content

නාඩි වාක්‍ය (Naadi Waakya)...

ඊයේ පෙරේදා කෝටිපති රෙදිපිලි ව්‍යාපාරිකයෙකුව පැහැරගෙන ගොස් මරා දැමීමේ පුවතක් ටෙලිවිෂන් පුවත් තුලින් දැක මීට අවුරුදු ගණනාවකට පෙර සිදුවීමක් මතක් විය. ඊට හේතුව මීට අවුරුදු ගණනාවකට පෙර මාත් කිහිප අවස්ථාවකම (එම කෝටිපතියාගේ නිවස පිහිටි) කොතලාවල මාවතට යන්න වුණු නිසාය. ඒ නාඩි වාක්‍ය බැලීමටයි (තාමත් එහි නාඩි වාක්‍ය බලන මධ්‍යස්ථානය තිබේදැයි මා දන්නේ නැත). සමහරෙකු නාඩි වාක්‍ය ගැන දැනටමත් දැනුවත් ඇති. එහෙත් බොහෝ දෙනා ඒ ගැන නොදන්නා බව නම් විශ්වාසයි.
 
සරලව කිව්වොත් නාඩි වාක්‍ය යනු ජ්‍යොතිෂය වැනිම "විද්‍යාත්මක නොවන" අනාවැකි පවසන ක්‍රමයකි. එය හැබැයි ජ්‍යොතිෂයට වඩා තරමක් විෂ්මිතය. ඒකට හේතුව ඔබේ උපන් දිනය හා මාපොට ඇඟිල්ලේ සලකුණ පමණක් ගෙන මෙම අනාවැකි කියයි. මව පියාගේ නම්, ඔබේ නම, මව පියා කරන රැකී රක්ෂා, ඔබ කරන රැකියාව, ඔබ ඉගෙන ගත් දේ (උපාධියක් කළා නම්, උපාධියක් කර ඇති බවත්, එය අහවල් විෂය ධාරාවෙන් කර ඇති බවත්), කසාද බඳින කෙනා, ආදී නොයෙකුත් දේ පවසනවා. බැලූබැල්මට එය විෂ්මිතයි. එහෙත් තරමක වියදමක් හා කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්නටද වෙනවා. මට මතකයි බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන්ගේ සටහන්වලත්, ජ්‍යොතිෂ විශේෂඥයකු වන සිද්ධාලේප වෙද මහතාගේ සීයාගේ (ඔහුගේ නම දැන් මට මතක නැත) ජ්‍යොතිෂ පොතකත් මෙම නාඩි වාක්‍ය ක්‍රමය විෂ්මිත බව වර්ණනා කර තිබුණා.

මටද පාසල් යන කාලයේ සිට අද්භූත දේවල් ගැන අමුතු ආසාවක් තිබුණා. එහෙත් කුඩා කල සිට අද දක්වාම මා ඒවා විශ්වාස කළේ හෝ පිළිපැද්දේ නැත. මතුවටද එසේය. කිසිවක් එකවර විස්වාස කිරීමට හෝ බැහැර කිරීම නොකර, ඒ ගැන අධ්‍යනය කරන පුරුද්ද නිසා, ජ්‍යොතිෂය ආදී විෂයන් මා ඉගෙන ගත්තා. සාස්තර කාරයන් හා දේවාල ගානේ බඩගෑවා (ඒවා හොරෙන් රෙකෝඩ්ද කළා). අමාරුවෙන් සොයා ගත් සමහර මන්ත්‍ර ආදියද ඉගෙන ගෙන ජප කළා (විශේෂයෙන් වසී ගුරුකම්). මේ වෙනකොට මට මේ ක්‍රමවල සත්‍යතාව හෝ අසත්‍යතාව පිළිබඳ හොඳ පැහැදිලි කිරීම්ද සහිත අවබෝධයක් තිබේ (ඒ ගැන පසුකාලක ලියන්නට බලාපොරොත්තු වෙනවා).

කෙසේ හෝ වේවා, නාඩි වාක්‍ය කතාවට නැවත එමු. එය සිදු කරන්නේ දකුණු ඉන්දියානු ගුරුකුලයක් විසිනි. ඔවුන් කතා කරන්නේ දෙමළින්ය. එනිසා ඒවා පරිවර්තනය කරන්නට කෙනෙකුද සිටිනවා (ඌටත් පරිවර්තන ගාස්තුවක් අවසානයේ ගෙවන්නට සිදු වෙනවා). නාඩි වාක්‍ය පුස්කොල පොත්වලින් කියනු ලබන දෙයක් ලෙස ඔවුන් පෙන්වයි (එහෙත් මගේ තේරුම්ගැනීම නම් ඊට වෙනස්ය). මට කියපු සියලු දේවල් මා ටේප් කර ගත්තා. එම ටේප් එක අද මට අහම්බෙන් හමු වූවා. ළඟදීම එම ටේප් එක ඩිජිටයිස් කර mp3 ෆයිල් එකක් ලෙස මා බ්ලොග් එකට එකතු කරනවා නාඩි වාඛ්‍ය යනු කුමක්දැයි යම් හෝ අදහසක් ගැනීමට. මා සියල්ලන්මට ආරාධනා කරනවා විවෘත මනසකින් ලෝකයේ සියලු දේ ගැන විමසන ලෙස. එවිට මේ ලෝකයේ කිසිවක් විස්වාස කළ නොහැකි බව ප්‍රත්‍යක්ෂයෙන් වැටහේවි. මිත්‍යා හෝ විද්‍යා යනුද හුදෙක් තවත් නිර්මිත දෙකකි. එහෙත් ප්‍රායෝගික ප්‍රයෝජනවත් බව නිසා විද්‍යාව බොහෝ වැදගත් කමක් ගනී.


Comments

  1. Replies
    1. yes, topic is good if you guys contribute with your first-hand experiences (not with "walu kathaa")... haha

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රොනික්ස් පාඩම - 9 (Electronics Lesson)

අතිරේකය  1 (විද්‍යාව) ‍ඉලෙක්ට්‍රොනික්ස් යනු තාක්ෂණික විෂයක් නිසා විද්‍යාව හා ගණිතය ගැන අවබෝධය වැඩිවන තරමට තාක්ෂණික විෂයන් අවබෝධ කර ගැනීම පහසුය. මෙම අතිරේකයෙන් ඉලෙක්ට්‍රොනික්ස්වලට අවශ්‍ය යම් යම් සරල විද්‍යාත්මක කාරණා කිහිපයක් ගැන සාක්ච්ඡා කෙරේ. මේ විශ්වයේ තිබෙන සියලුම දේවල් සරලව  පදාර්ථ   ( matter )  හා  ශක්ති   ( energy )  ලෙස දෙකොටසකට බෙදිය හැකියි. මේ සියල්ල පවතින්නේ “හිස්  අවකාශය ”  ( space )  තුළයි. පදාර්ථයට යම් ස්කන්ධයක් (බරක්) සේම අවකාශයෙන් යම් ඉඩක්ද අවශ්‍ය වේ. ඇසට ‍නොපෙනෙ තරමේ පවතින බැක්ටීරියාවක ස්කන්ධය හා එම බැක්ටීරියාව ගන්නා ඉඩ ප්‍රමාණය සිතා ගත නොහැකි තරම් ඉතා කුඩා වන අතර, ඈත තරුවක ස්කන්ධය හා අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය සිතාගත නොහැකි තරම් විශාලය. මෙම සියලු පදාර්ථ  ඝන   ( solid ) ,  ද්‍රව   ( liquid ),  වායු   ( gas )  යන ආකාරවලින් පවතී. මෙම ආකාර  පදාර්ථයේ   අවස්ථා   ( states   of   matter )  ලෙස හැඳින්වේ. මේ නානාප්‍රකාරයේ සියලු පදාර්ථ සෑදී ඇත්තේ මූලික ද්‍රව්‍ය ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...