Skip to main content

නාඩි වාක්‍ය (Naadi Waakya)...

ඊයේ පෙරේදා කෝටිපති රෙදිපිලි ව්‍යාපාරිකයෙකුව පැහැරගෙන ගොස් මරා දැමීමේ පුවතක් ටෙලිවිෂන් පුවත් තුලින් දැක මීට අවුරුදු ගණනාවකට පෙර සිදුවීමක් මතක් විය. ඊට හේතුව මීට අවුරුදු ගණනාවකට පෙර මාත් කිහිප අවස්ථාවකම (එම කෝටිපතියාගේ නිවස පිහිටි) කොතලාවල මාවතට යන්න වුණු නිසාය. ඒ නාඩි වාක්‍ය බැලීමටයි (තාමත් එහි නාඩි වාක්‍ය බලන මධ්‍යස්ථානය තිබේදැයි මා දන්නේ නැත). සමහරෙකු නාඩි වාක්‍ය ගැන දැනටමත් දැනුවත් ඇති. එහෙත් බොහෝ දෙනා ඒ ගැන නොදන්නා බව නම් විශ්වාසයි.
 
සරලව කිව්වොත් නාඩි වාක්‍ය යනු ජ්‍යොතිෂය වැනිම "විද්‍යාත්මක නොවන" අනාවැකි පවසන ක්‍රමයකි. එය හැබැයි ජ්‍යොතිෂයට වඩා තරමක් විෂ්මිතය. ඒකට හේතුව ඔබේ උපන් දිනය හා මාපොට ඇඟිල්ලේ සලකුණ පමණක් ගෙන මෙම අනාවැකි කියයි. මව පියාගේ නම්, ඔබේ නම, මව පියා කරන රැකී රක්ෂා, ඔබ කරන රැකියාව, ඔබ ඉගෙන ගත් දේ (උපාධියක් කළා නම්, උපාධියක් කර ඇති බවත්, එය අහවල් විෂය ධාරාවෙන් කර ඇති බවත්), කසාද බඳින කෙනා, ආදී නොයෙකුත් දේ පවසනවා. බැලූබැල්මට එය විෂ්මිතයි. එහෙත් තරමක වියදමක් හා කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්නටද වෙනවා. මට මතකයි බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන්ගේ සටහන්වලත්, ජ්‍යොතිෂ විශේෂඥයකු වන සිද්ධාලේප වෙද මහතාගේ සීයාගේ (ඔහුගේ නම දැන් මට මතක නැත) ජ්‍යොතිෂ පොතකත් මෙම නාඩි වාක්‍ය ක්‍රමය විෂ්මිත බව වර්ණනා කර තිබුණා.

මටද පාසල් යන කාලයේ සිට අද්භූත දේවල් ගැන අමුතු ආසාවක් තිබුණා. එහෙත් කුඩා කල සිට අද දක්වාම මා ඒවා විශ්වාස කළේ හෝ පිළිපැද්දේ නැත. මතුවටද එසේය. කිසිවක් එකවර විස්වාස කිරීමට හෝ බැහැර කිරීම නොකර, ඒ ගැන අධ්‍යනය කරන පුරුද්ද නිසා, ජ්‍යොතිෂය ආදී විෂයන් මා ඉගෙන ගත්තා. සාස්තර කාරයන් හා දේවාල ගානේ බඩගෑවා (ඒවා හොරෙන් රෙකෝඩ්ද කළා). අමාරුවෙන් සොයා ගත් සමහර මන්ත්‍ර ආදියද ඉගෙන ගෙන ජප කළා (විශේෂයෙන් වසී ගුරුකම්). මේ වෙනකොට මට මේ ක්‍රමවල සත්‍යතාව හෝ අසත්‍යතාව පිළිබඳ හොඳ පැහැදිලි කිරීම්ද සහිත අවබෝධයක් තිබේ (ඒ ගැන පසුකාලක ලියන්නට බලාපොරොත්තු වෙනවා).

කෙසේ හෝ වේවා, නාඩි වාක්‍ය කතාවට නැවත එමු. එය සිදු කරන්නේ දකුණු ඉන්දියානු ගුරුකුලයක් විසිනි. ඔවුන් කතා කරන්නේ දෙමළින්ය. එනිසා ඒවා පරිවර්තනය කරන්නට කෙනෙකුද සිටිනවා (ඌටත් පරිවර්තන ගාස්තුවක් අවසානයේ ගෙවන්නට සිදු වෙනවා). නාඩි වාක්‍ය පුස්කොල පොත්වලින් කියනු ලබන දෙයක් ලෙස ඔවුන් පෙන්වයි (එහෙත් මගේ තේරුම්ගැනීම නම් ඊට වෙනස්ය). මට කියපු සියලු දේවල් මා ටේප් කර ගත්තා. එම ටේප් එක අද මට අහම්බෙන් හමු වූවා. ළඟදීම එම ටේප් එක ඩිජිටයිස් කර mp3 ෆයිල් එකක් ලෙස මා බ්ලොග් එකට එකතු කරනවා නාඩි වාඛ්‍ය යනු කුමක්දැයි යම් හෝ අදහසක් ගැනීමට. මා සියල්ලන්මට ආරාධනා කරනවා විවෘත මනසකින් ලෝකයේ සියලු දේ ගැන විමසන ලෙස. එවිට මේ ලෝකයේ කිසිවක් විස්වාස කළ නොහැකි බව ප්‍රත්‍යක්ෂයෙන් වැටහේවි. මිත්‍යා හෝ විද්‍යා යනුද හුදෙක් තවත් නිර්මිත දෙකකි. එහෙත් ප්‍රායෝගික ප්‍රයෝජනවත් බව නිසා විද්‍යාව බොහෝ වැදගත් කමක් ගනී.


Comments

  1. Replies
    1. yes, topic is good if you guys contribute with your first-hand experiences (not with "walu kathaa")... haha

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

ලංකාවේ දේශපාලන පවුල්

තරමක ඕපාදූපයක් ගැන ලියන්නට හිතුනා. මේක දේශපාලන ඔපාදූපයක්. ලංකා දේශපාලනය හැඩගැස්වීමට (හොඳට නරකට) මූලික වූ දේශපාලන චරිත හා පරම්පරා කිහිපයක තොරතුරු ටිකක් ගැනයි මේ සටහන. ඔවුන් එකිනෙකා නෑයෝ. අන්න ඒ නෑදෑකම් ගැන පමනයි මා මෙහිදි සටහන් කරන්නට සිතන්නේ. සේනානායක, බණ්ඩාරනායක, ඔබේසේකර, විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල ආදී පරම්පරා අතර තිබෙන නෑ සබඳතා ගැනයි මේ විමසුම. එහෙත් ඒ ගැන ලිවීමට පෙර මේ මොහොතේ සමාජ මාධ්‍ය තුල පක්ෂ විපක්ෂව කතා කෙරෙන ජනපති අනුර හා පිරිසගේ විදෙස් සංචාර වියදම හා ඊට සාපේක්ෂව හිටපු ජනපතිවරුන්ගේ විදෙස් සංචාරක වියදම ගැනත් කෙටියෙන් සටහනක් තැබීමට කැමතියි. හිටපු ජනපතිවරුන්ගේ, විශේෂයෙන් මහින්ද රාජපක්කගේ විදෙස් සංචාර ගැන අපට ඇත්තටම ඇත්තේ පිලිකුලකි. උන් රටේ දුප්පත් ජනයාගේ වියදමින් එම ගමන් බිමන් ගියේ හා විනෝද වුනේ ධනවත් කුවේරයන් මෙනි. ඒ ගැන තිබෙන පිලිකුල එලෙසම නොවෙනස්ව තිබේ. ඊට සාපේක්ෂව අනුර කුමාරගේ වියදම රුපියල් ලක්ෂ 18ක් බව පැවසේ. මේ ගැන චාමර මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කලා. අනුරට බාගේ ටිකට් කඩලද දන්නේ නැහැ යනුවෙන් ඔහු කල හාස්‍යජනක ප්‍රකාශය ඇත්තටම ඇසිය යුතු ඉතාම නිවැරදි ප්‍රකාශයය...

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්...

දෙවැනි ගෝටාගමනය

මාලිමා ආණ්ඩුවක් පතමින් විශාල පිරිසක් දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන බවක් පෙනෙන අතර, ඇත්තටම මට ආයේ මතක් වන්නේ ගෝඨාභය ජනපතිවරණයට තරග වදින කොට තිබුණු තත්වයමයි.  මාලිමාව ගෙඩි පිටින්ම කරන්නේ එකල රාජපක්කලා කරපු ප්‍රචාරණ වැඩපිලිවෙලමයි. එහෙත් කිසිදු විමසිල්ලක් නැති සිංහල තරුන වහල්ලු ජවිපෙ/මාලිමා රජයක් ආ විට බොහෝවිට ඇති විය හැකි දේවල් ගැන සිතා බලා තිබේද? ගෝඨාභය ඇන ගත් දේවල් අතර ලොකුවටම තිබුනේ විදෙස් විනිමය හිඟ වීමය. එම නිසා රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, බෙහෙත් හා තවත් අත්‍යවශ්‍ය දේ රටට ආනයනය කිරීමට බැරි විය. එනිසාම විදුලිය කපන්නට සිදු විය. තෙල් පෝලිම්වල වරුගනන් සිටින්නට සිදු විය. ඒ අත්දැකීම් එකින් එක නැවත මතක් කිරීමට අවශ්‍ය නැත මොකද අප එය හොඳටම විඳෙව්වෙමු.  එහෙත් එම අත්දැකීමට ආයේ මුහුන දීමට සිදු විය හැකි බවක් පෙනේ. කවදත් විදෙස් ණය වලින්ම විදෙස් ණය සේවාකරණය කරමින් සිටි ලංකාව මෑත ඉතිහාසයේ කිසිදා දේශීය නිෂ්පාදනය ඉහල දැමීමෙන් එම ණය ගෙවන තත්වයක සිටියේ නැත. එමනිසා නිරන්තරයෙන් අප විදෙස් ණය උගු​ලේ සිර වී සිටියා. මාලිමා රජයක් ආ සැනින් එම තත්වය කනපිට පෙරලෙන්නේ නැත. ඒ සඳහා වසර කිහිපයක් ගත වනු ඇත (ඔවුන් ...