Posts

Showing posts from January, 2018

Quaternion (ක්වෝටර්නියන්)

Image
quaternion ( ක්වෝටර්නියන් ) ගැනයි අප කතා කරන්නට යන්නේ . එය ගණිත සංකල්පයකි . ඇත්තටම මාද මේ ගැන ගැඹුරු හැදෑරීමක් කර නැත ; මාගේ අධ්‍යන කටයුතුවලදී ක්වෝටර්නියන් හමු නොවීම ඊට හේතුවයි . ජීවිතේට මේ ගැන ලිවීමට සිතා නොසිටියත් එකවරම මෙම කුඩා ලිපිය ලියන්නට හේතුව වූයේ ඊයේ රාත්‍රියේ මගේ බ්ලොගයේ තිබූ කමෙන්ටුවකි ( https://www.tekcroach.tk/2017/12/amateur-radio-121.html?showComment=1516351179602#c5339757654033845008 ). එම කමෙන්ටුව දැකීමෙන් පසු අන්තර්ජාලයේ ඒ සම්බන්දයෙන් සිංහල බසින් කිසිත් ලියා ඇත්දැයි " ක්වෝටර්නියන් " යන වචනය ගූගල් කළ විට ( සුපුරුදු ලෙසම ) එකදු ලිපියක්වත් හමු නොවීය . ඉන්පසු සමහරවිට ක්වෝටර්නියන් යන්නට සමාන සිංහල පාරිභාෂික වචනයකින් ඒ ගැන ලියා ඇත්දැයි සෙවීමට ක්වෝටර්නියන් යන්නෙහි සිංහල පාරිභාෂික වචනය වන " චතුෂ්ටය " ඔස්සේද ගූගල් කළ විටද මෙම ගණිත සංකල්පය ගැන එකදු ලිපියක්වත් අන්තර්ජාලය තුල නොවීය . අපේ විජ්ජවිජ්ජාල ( ඒවායේ විද්‍යා / දර්ශන පීඨ ගැන විශේෂයෙන් ) හා ඒවායේ සිටිනවා යැයි කියන ගුරු හා ශිෂ්‍ය " විද්‍යාර්ථින් " ගැන ලොකු ආඩම්බරයක්ද දැනෙනවා ඇත්තෙන්ම !