මා දැන් වසර කිහිපයක සිට ජවිපෙ (මාලිමාව) දැඩි ලෙස විවේචනය කරමින් සිටී. එසේ තිබියදිත් පසුගිය කාලය තුල මාද ඔවුන්ගේ සමහර සාකච්ඡාවලට සහභාගී වී ඇත (ඒවා ඵල රහිත "බොල්" විය). මාලිමාව ජයග්‍රහනය කරන්නට යන පිරිසෙන් අතිශය බහුතරය එසේ කරන්නට සිතන්නේ දශක කිහිපයක සිට රට පාලනය කල දේශපාලු පක්ෂ විසින් සිදු කරන ලද විනාශකාරී මංකොල්ලකාරී දේශපාලනය නිසාය. උනුත් හොඳ නැහැ මුනුත් හොඳ නැහැ නිසා ජවිපෙට දීලවත් බලමු යන හැඟීමෙන් යුතුව ඔවුන් වැඩ කරනවා. වෙනත් විකල්ප නොමැති නිසා, සමහරවිට අසරනකමට ජවිපෙට ඡන්දය දීමට ඔවුන් ඉබේම පෙලඹීම අසාධාරනද නැත. එහෙත් අප විසින් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් තෝරා ගත යුත්තේ එසේ නොවේ. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා, ප්‍රතිපත්තිවලට එකඟ නම් පමනයි අපගේ ඡන්දය ලබා දිය යුත්තේ. එහෙත්, ජවිපෙට සහය දක්වන පිරිස ජවිපෙ ප්‍රතිපත්ති දන්නේද? පැහැදිලිවම නැත. ට්‍රෙන්ඩ් එකට දේශපාලනය කිරීමට පුරුදුව සිටින ලාංකිකයන්ට ප්‍රතිපත්ති දේශපාලනය කොහෙත්ම හුරු නැත. ජවිපෙ පාක්ෂිකයා පොහොට්ටුවේ පාක්ෂිකයාට වඩා ගර්හිත තත්වයේ සිටී. ජවිපේ කෝර් එකට ඔවුන්ගේ නායකයාගේ වදන් පන්සිල් පද, කොරානය, භගවත් ගීතාව, දස පනත වැනි
IKS යටතේ ක්‍රම කිහිපයක්ම ඇත. CCCAM යනු ඉන් ප්‍රචලිතම ක්‍රමයක් වන අතර, mgcamd, newcamd, ආදි ලෙස තවත් ක්‍රම ගණනාවක්ම ඇත. මේ ක්‍රමවලින් එකක් හෝ කිහිපයක් ඔබේ රිසීවරය සපෝට් කරයි. මේ සෑම ක්‍රමයකදීම, එම සේවාව සපයන සර්වර් පරිගනකයකට ඇතුලු වීමට (access) අවශ්‍ය විස්තර අප සතු විය යුතුය ( username, password, port number, ip address හෝ domain name). මේ සෑම සේවයක්ම නොමිලේ මෙන්ම මුදල් ගෙවාද ලබා ගත හැකිය. මා යෝජනා කරන්නේ අත්දැකීමක් ලබාගැනීම සඳහා නොමිලේ දෙන සේවයක් (මේවා ටෙස්ට් ලයින් ලෙස හැඳින්වෙනවා) පලමුව යොදා ගන්නා ලෙසයි. එසේ නොමිලේ දෙන එක සේවයක් නොව, සේවා ගණනාවක්ම භාවිතා කර බලන්න. අන්තර්ජාලයේ මෙම සේවා සපයන තැන් සිය ගණනක් ඇත. cccam ගැන බලමු . කොකිට් රිසීවරයක ඉහත සෙටිංස් පිටුවේ Sharecam Settings තෝරන්න . ඉන්පසු එහිම ඇති Cccam Settings මතට ගොස් ok ඔබන්න. එවිට, පහත රූපයේ ආකාරයට cccam දත්ත / පරාමිතින් ඇතුලු කිරීමට අලුත් පිටුවක් එනු ඇත . එහි එක් එක් කොටුවට (field) ගොස් අදාල පරාමිතින් පුරවන්න . ඇත්තටම එක් සීසීකෑම් සර්වරයක්/එකවුන්ට් එකක් නොව, සර්වර් 16ක් දක්වා ඇතුල් කර තබා ගත හැකිය. Index