විශ්වාන්තරවාදියකු...

අද සන්ද්‍යාවේ මා මිත්‍රයකු (ලහිරු) මා හට එවූ ඊමේල් පණිවිඩයක් කියවා මා සිතත් හදත් කුල්මත් විය. එය පෞද්ගලික ලිපියක් වුවත්, එහි අන්තර්ගතයේ ඇති දර්ශනවාදය නිසා තවත් අයටද එය කියවීම පිණිස මා එය මෙහි කොපි කරනවා එකදු අකුරක්වත් වෙනස් නොකර. " මෙය අනාවැකියකි. නමුදු මේ අනාවැකිය මා ගැන නොව ඔබ ගැනයි. මේ අනාවැකියෙන් කියැවෙන්නේ ඔබේ අනාගතයයි. මෙය ඔබේ වම් මොළයෙන් පමණක් කියවීමෙන් ඔබට ඉතා පහසුවෙන් මෙය හාස්‍යයට, උපහාසයට, අපහාසයට ලක්කල හැකිය. එවිට ඔබේ දකුණු මොළයද ඉතා තදින් මෙම අනාවැකිය යථාර්තයෙන් බැහැර බවට සෘනාත්මක ශක්ති ප්‍රවාහ ඔබේ ස්නායු පද්ධතියට මුදා හරිමින් තහවුරු කිරීමට ඉතා ඉඩ ඇත. කෙසේ නමුත් ඔබේ වම් මොළයත් දකුණු මොළයත් මැනවින් සන්කලනය වී විශ්වයේ පවතින අනන්ත වියහැකියා විභවය සමග අනුබද්දව ඔබේ තුල සැඟව පවත්නා ශ්‍රේෂ්ඨත්වයේ, උත්කෘෂ්ඨත්වයේ බීජය පිලිබඳ ගැඹුරු විශ්වාසයෙන් ඔබේ අතිෂ්‍යයින් ඒකාග්‍ර කලහැකි චේතනාවේ සන්කල්පනාවේ මහිමය ගැන ප්‍රත්‍යක්ෂයෙන් මෙම අනාවැකිය කියවුවොහොත් ඔබ මෙය තුල වෙනස් වියහැකියාවක් දකිනු ඇති බව මගේ විශ්වාසයයි. අදින් දශක දෙකක් ගිය තැන, ඔබ ශ්‍රී ලන්කාවේ සින්හල බෞද්ධ ප