Skip to main content

Posts

Showing posts with the label poems

විද්‍යා කවි මඩුව

රෑට නිදහසේ සිටින විට කවියක් දෙකක් ආශාවට ලිවීමට මිතුරන් කිහිප දෙනෙකු සමඟ වට්ස්ඇප් කවි ග්රූප් එකක් සාදා එහි කවි ලියන පුරුද්දක් මෑතක සිට ඇත. බොහෝවිට ශ්රුංගාරාත්මක කවි වැඩිපුර එහි ලියැ වේ. සමහරවිට ශ්රුංගාරය දොරෙ ගලා අතිශය සංවේදී හෝ ග්‍රාම්‍ය මට්ටමටද එය වැටේ. එය වැලැක්විය නොහැකි හොඳ කුනුහරුපයකි. අද රාත්‍රියේද සුපුරුදු ලෙසම කවි සංවාදයක් ඇරඹී පැයක් දෙකක් පමන පෙලට කවි ලීම සිදු විය.  මිතුරෙකු පාසල් කාලය ගැන මතක් කර ලියූ කවියකින් එම කවි ගැටුම ආරම්භ විය. ඇත්තටම එය ගැටුමකටත් වඩා ගනිත විද්‍යා පාඩමක් විය. සරල ගනිත ගැටලු කිහිපයකින් පටන් ගත් එය අවසානයේ පරමඅංශු භෞතිකයෙන් අවසන් විය.  එය අධ්‍යාපනික කරුනු ගැප්ව ඇති කවි ඇතුලත් නිසා මෙලෙස බ්ලොග් එකෙහි පල කිරීමට සිත් විය. මා උඹ ගනන් හපනෙක් නම් හදහං මං ගානක් කියන්නම් එක්ස් වර්ගය සමානයි වයි නම් එය වයි විශයෙන් අවකලන කරහං එය සරල වැඩි ගානකි ටිකක් සැර වැඩි කරන්නෙමි දැන් ලඝු පයි පාදයකට පහකි එය ටී ගෙන් අවකලන කර සකි අපි යං වෙන පැත්තකට සංකීර්න සංඛ්‍යාවකට ඒ ධන අයි බී ට කියනු ඔයිලර් ක්‍රමයට දී ඇති යම් ශ්‍රිතයකි එය සුමට වක් නැති එක් තැනක සිඳුරකි අවකල ගැන කිම කී ...

IF by Kipling (ම පුතු මිනිසෙක් නම්)

යූටියුබ් නරඹමින් සිටින අතරේ, කිප්ලිං කවියා විසින් 1895 වසරේදී ලියන ලද මෙම කවි පංතිය මට අහම්බෙන් අසන්නට ලැබුනා ඊයේ රාත්‍රියේදි. පහුගිය දවසක, සිංහල හා ඉංග්‍රිසි චන්දස් ශාස්ත්‍රය (prosody) - විරිත්, වෘත්ත, foot, meter ආදිය - ගැනත් සුලු අධ්‍යනයක සිටි මට, මෙම කවි පංතිය පෙර දිනයේ උගත් කරුනුද යොදවමින් සිංහලයට පරිවර්තනය කිරීමට සුදුසු යැයි සිතුනා. මෙම ඉංග්‍රීසි කවිද iambic pentameter යන ඉංග්‍රිසි චන්දස් අලංකරන රීතිය අනුව සම්පාදනය කර තිබේ. එහිදී, ඉංග්‍රිසි කවියට සාධාරනයක් ඉටු කරනු වස්, ඊට ගැලපෙන විරිතක් ලෙස මාත්‍රා දහ අටකින් යුතු සමක විරිතින්ද, මැද (නව වන මාත්‍රාව) හා අග (අහ අටවන මාත්‍රාව) එලිසමයද ගලපා පහත ලෙස පරිවර්තනය කලා. සාමාන්‍යයෙන් ක්ෂනිකව පරිවර්තන සිදු කරන මට, මෙම පේලී අටේ කවි හතර පරිවර්තනය කිරීමට ඊයේ රාත්‍රි 12 සිට පාන්දර 4 පසු වන තුරුත් අවධිව සිටීමට සිදු වූවා.   If— By Rudyard Kipling If you can keep your head when all about you Are losing theirs and blaming it on you, If you can trust yourself when all men doubt you, But make allowance for their doubting too; If you can wait a...

දිගැසි හද සඳ කලාවකි

ඇසක කඳුලක් මතු වුනා දැක දිගැසි යනු වෙනතක බලා කඳුල වියැකී ගියා සෝ දුක ඉතිරි කර මතකේ තලා මද හසින් ඔබෙ මුහුන දිස් වේ වැසෙන මගෙ ඇසි පියක් පාසා කුමන අරුමෙද කාලෙ මැව්වේ මගෙන් මේ කිසිවක්ම නාසා සසල හදවත නිසල කරවූ භාවනාවක් වූ එදා සසර දුක වඩ වඩා ඇවුලූ අග්නි ජාලාවකි මෙදා අතර පතරක් නැතිව දෙඩ වූ වදන් සවනත රැව් දෙනා සෙන හඩක් මෙන් සවන පුපුරා නිහඩ කලෙ මගෙ හද සදා

I did not die (මා නොමළෙමි)

අන්තර්ජාලයේ සැරිසරද්දි මට හමු වූ මා සිත්ගත් ඉංග්‍රිසි කවියක්... සිංහල පරිවර්තනය මා විසින් කරන ලදි... කවියෙකු නොවුණත් ලස්සන කවියක් දුටු විට මා විඳි එම රසය අනෙක් අයද වින්දනය කරනු රිසියෙන් පළ කරමි... Do not stand at my grave and weep by Mary Elizabeth Frye Do not stand at my grave and weep I am not there; I do not sleep  I am a thousand winds that blow  I am the diamond glints on snow  I am the sun on ripened grain  I am the gentle autumn rain  When you awaken in the morning’s hush  I am the swift uplifting rush  Of quiet birds in circling flight  I am the soft starshine at night  Do not stand at my grave and cry  I am not there; I did not die මගෙ සොහොන ළඟ හිඳ වැලපෙනු එපා මොකද මා එහි නැත; මා නිදි නැත හමනා දහසක් නල මම වෙමි... හිම මත දියමන්ති වන් දිස්නය මම වෙමි... පැසුනු කරල් මත වැටෙනා හිරුද මම වෙමි... සරත්-කල මුදු වැස්සද මම වෙමි... ඔබ අවදිවත්ම හිමිදිරියේ නිසල රවුමට නිහඬව ඉඟිලෙන සියොතුන්ගේ ප්‍රබ...

ලොවෙත් නැති ලව...

පෙමක් සුරමය පෙමක් පතා ආ හදක් උනුහුම් හදක් හදත් අඬනා හදත් නොලැබම පෙමත් එඋතුම් පෙමත් හිතක් ළඟ තව හිතක් බව එය දෙයක් දුර්ලබ දෙයක් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත මට ළඳක් සේ පුන් සඳක්... සිංහල කවි

කිම සිතුවේ විරාගී යැයි මා...

වියැළුණු නෙතකින් නොවැටෙනා කඳුළු කැට බිඳුණු හදකින් නොනඟිනා සෝ සුසුම් ගොළු වූ මුවකින් නොගැයූ ළසෝ ගී නොදුටු නොහැඟු නොඇසු පමණින් කිම සිතුවේ විරාගී යැයි මා... සිංහල කවි.

මෙයත් ගෙවී යාවි

සිටියා රජෙක් පර්සියාවේ කළේ ආප්තයක් මුද්‍රාවේ නැනවත් මුත් අරුම ළං කරත මසැසට දෙන සැනින් ඔවදන් නිති වෙනෙසෙත් වාසනාවෙත් එකසේ එඋතුම් වදන් වූයේ "මෙයත් ගෙවී යාවී" වැලිතෙරෙන් ඔටුවන් ගෙනේ මිණි දුරින් රුවල්නැව් සමුදුරින් ගෙනේ මුතු පරදනුව ඒ මිණි තැකුවේ සුලුවෙන් එහෙත් සම්පත් පොලොවෙන් මහ සයුරින් "සම්පත් යනු කිම?" නිරිදු එද කිව්වේ "මෙයත් ගෙවී යාවි" සතුට මැද රජ මැදුරේ කූටයේ කෙලි දොලේ මැද තුටු කවට ඔහුගේ ලැබ අත්පොලොසන් පිරිසෙන් හිඳ සමග මීවිතද කීය රද "ආ මා මිතුරනි රති නොවේ සදාකල්" "මෙයත් ගෙවී යාවී" සොදුරුතම ලිය මෙදිය විය තමන් සොඳුරිය සිරි යහනේ සැතපී කොඳුරා සිය ප්‍රාණයට ඔහු කීය "කිසි අදිරදෙක් නොවිදි මෙවන් පුන් පිය පියවුරු" එද මනු කය වේ පස් පිඩක් "මෙයත් ගෙවී යාවී" එළඹ කුරිරු සටනේ සිල් වී සන්නාහේ හෙල්ලෙන් සෙබළ සෝ විළාපෙන් අදිත එය ඉවතට ලේ ගලද්දිත් ඇඩුවේ රද කියමින් "ඉසිලිය නොහැක මේ දුක තවත්" එද ඉවසීමෙන් දිනෙන් දින "මෙයත් ගෙවී යාවී" මහජන චතුරස්‍රයේ කුළුණේ සතලිස් රියන් ගුවනේ ...

සසර සැරි සරන තෙක්...

බඹ දත් දිවිය ඇසුරේ සරසවිය ඔබ්බෙන් දෙවි සිරිය අසිරි ගෙන මලවිය නිමවේ වස මාරය මෙබදු සංසාරය කිමද ලතවෙනුය...

මැරෙන්නට සිතෙන මළගම...

මා මළ පසු මගෙ දේහය සඳුන් යෙදූ දර සෑයක වල්ල පට්ට රැහැන් යෙදූ අඟරු දරින් දවා අඬනු මැනවි සොවා... සිංහල කවි

I wish if I were a Neutrino...

Once as a child Once again a friend Once a husband Once as a dad Forever I am bound Oh Mother Nature! Why thou not made me a neutrino So as not be affected by Nor be bound to matter As others call 'em Parents friends wife and kids. English Poem

කීරිගසන හදවත...

ළපලු ‍සැලෙන විට උදුවප් මඳ පවනේ සිසිල දැනෙන විට ඇඟ කීරි ගසයි ඔබ සොයයි මා සිත ගතටත් වඩා... සිංහල කවි.

Looking for my lost soul...

Heart's cold Body's limp Soul's lost Wits gone I'm not I am Without you... I miss you, my love... English Poem

I wait an eternity for you...

Lost in the valley of life Cloaked in the night of sorrow Still looking for your starry eyes Wishing to see a ray of hope To sail me across to the land of joy But, where thou art Be it a day a year or eon I wait... English Poem

I am in love with the sexy Earth...

The moonlight shining on the leaves o' trees The azure sky not want of birds o' kinds The breeze in December soothing 'n fresh The drops of dew on tips of grass at dawn Look around! How wonderful "the she" is! English Poem

You My Oneness!

The God created Sun moon stars and Sky seas treas and You and me but them all You created for me You are everything...       English Poem

ආදර ක්වන්ටමය (love quantum)

බැඳීම් අහිමි අතථ්‍ය ආදරයක සුවය විඳිනට ක්වන්ටම් උමගකින් හයිසන්බරග් හා ෂ්‍රෝඩින්ගර්ට බැරි වූ ඒ සමීකරණය මං සොයාගතිමි... යුරේකා! To fall through a quantum tunnel In a virtual love sans bondage Nor did Heisenberg nor Shroedinger But did I find the equation... Eureka! සිංහල කවි English Poem

Love for life...

ළපලු සලන සීත සමීරේ තුරු සිඳලන සැඩ මාරුතේ ඉඹාගාතේ යන සරුංගලේ නොමින් ඉඩ පතා හුය නොපතා ජීවිතයත් හරියට සරුංගලයක් වගේ... අසීමාන්තික නිදහස ඉල්ලා සිටින විට හුය ගිලිහුණු සරුංගලය බදුයි එය... ජීවිත හුයත් නෑ නොවූ එහෙත් සිය වූවෙකුට ලබා දී සැබෑ ජීවිතය විඳිය යුතු නොවේද? සිංහල කවි

Quantum entanglement in action

Though you are at core And me at the rim of universe I still feel you -  Your eyes blinking Your lips muttering Your heart beating All in absolute naught of time Defying the Relativistic whole world That stands inbetween All because we are entangled. English Poem

Majesty of love (නොඉඳුල් ඔබ)

අයදිමි එකම එක හාදුවක් යළිත් ඔබ දැන් අන් සතු වුවත් කෙතරම් නැව් ගියත් නිකැළැල්ය සැමදා සයුරත්... සිංහල කවි

The love for love (පෙමට බැඳි ආලය)...

දිගැසින් වැටෙනා කුඩා කඳුලු කැටයක අනන්තය මවන්නී ඈ...  අනන්තයම එක බැල්මේ වැට කඩුලු බඳින්නී ඈ... බොහෝ ඈ නොවන බඹුදත් ඈ... සිය සතු නූනත් මගේම ඈ... සිංහල කවි