සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ...
කෑළි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ... //
කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී...
දැන් ඔබ ලඟ සිටී රුවක් විලස නොසෙල්ලී...
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී...
පිලිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී...
සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ...
කෑළි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ...
ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වළල්ලේ...
කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ...
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ...
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ...
සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ...
කෑළි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ...
සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ...
කෑළි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ...
sumith sir ❤️
ReplyDelete