Skip to main content

Posts

Showing posts from 2017

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය

ආරක්ෂිතව ඊමේල් යැවීම (SSL email)

මෙම ලිපියේ මූලික අරමුණ ඊමේල් සඳහා client SSL digital certificate එකක් නොමිලේ ලබා ගෙන භාවිතා කරන හැටි කියා දීමයි. එහෙත් ඊට අමතරව තවත් පොදු කරුණු කිහිපයක් ගැනද විස්තර කෙරේ. අන්තර්ජාල පහසුකම් සුලභ වීම හා ලාභ වීම නිසා ඉවක් බවක් නැතිව කවුරුත් එය භාවිතා කරන බවක් පෙනේ. තමන්ගේ පෞද්ගලිකත්වය ගැන කිසිසේත් නොසිතන පිරිස වැඩිය. අන්තර්ජාලයෙන් ලැබෙන විවිධාකාරයේ ප්‍රයෝජන විවිධ ස්වරූපවලින් ලැබෙන නිසා සමහරවිට තාක්ෂනය ගැන දන්නා අයෙකුට වුවත් සෑම නිමේෂයකදීම ආරක්ෂිත වීම ගැන නොසිතෙනු ඇත හදිසිය නිසාම. අන්තර්ජාලය හරහා විවිධ සේවා/ප්‍රයෝජන ලැබෙන නිසා, ඒ එක් එක් සේවාව ආරක්ෂිතව පරිහරණය කළ යුත්තේ කෙසේද යන්න දැන ඉගෙන සිටීම වටී. මේ අතරින් පැරණිතම මෙන්ම ඉතාම වැදගත් සේවයක් වන ඊමේල් ආරක්ෂිතව පරිහරණය කරන ආකාරය ගැනයි මා අද පෙන්වා දෙන්නේ. මුදලට මෙන්ම නොමිලේම ඊමේල් සපයන සේවා විශාල ගණනක් ඇත. ඇත්තටම ටෙලිකොම්, යුරේකා හෝ වෙනත් මුදලට ලබා ගන්නා ඊමේල් සේවාවන්ට වඩා gmail, hotmail, yahoo වැනි නොමිලේ ලැබෙන සේවා ඉතා කාර්යක්ෂම හා ඵලදායි වේ. මා පෞද්ගලිකව ජීමේල් සේවාවට වැඩි කැමැත්තක් දක්වනවා. සමහරුන්ට ජීමේල් යනු ඊමේල්වලට සමාන වචනයකි

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 120

Dummy Load ඩමි ලෝඩ් යනු ඇන්ටනාවක් සවි කරන්නවා සේම ෆීඩ්ලයින් එකට සවි කරන ප්‍රතිරෝධී උපාංගයකි . ඉන් කාර්යන් දෙකක් ඉටු කරයි . එකක් නම් , ෆීඩ්ලයින් එක දිගේ ට්‍රාන්ස්මීටරයෙන් ඩමිලෝඩ් එක දෙසට එන සංඥා විදුලිය සම්පූර්ණයෙන්ම “උරා” ගෙන එය තාපය ලෙස නාස්ති කර දැමිය යුතුය . විදුලියක් තාප උත්සර්ජනයකින් නාස්ති කළ හැක්කේ ප්‍රතිරෝධයකින්නෙ . මෙහිදී ඩමිලෝඩ් එක සිට නැවත ට්‍රාන්ස්මීටරය දෙසට සංඥාවෙන් බිඳක් වත් පරාවර්තනය වී ස්ටෑන්ඩිං වේව් නොසෑදිය යුතුය . ඩමිලෝඩ් එකකින් කරන අනෙක් රාජකාරිය නම් , ඉන් රේඩියෝ විකිරණය සිදු නොවිය යුතුය . එනම් එය 100% ක් අකාර්යක්ෂම ඇන්ටනාවක් ලෙස සැලකිය හැකියි . එනිසා එය dummy antenna හෝ resistive load ලෙසද හැඳින්වේ .   ඩමිලෝඩ් එකක් භාවිතා කරන්නේ ට්‍රාන්ස්මීටර් ආදී රේඩියෝ සංඥා නිපදවන හෝ පිට කරන උපකරණ උපකරණවල ක්‍රියාකාරිත්වය ටෙස්ට් කරන හෝ ටියුන් කරන අවස්ථාවලදීය . ටෙස්ටිං / ටියුනිං එකක් නිසා සන්නිවේදන කාර්යක් එතැන නැත . එනිසා එවන් කිසිදු බුද්ධිමය තොරතුරක් නැති සන්නිවේදනමය වැදගත්කමක් නැති රේඩියෝ තරංග අවට පරිසරයට විකාශනය කිරීම නීති විරෝධි වේ . ටෙස්ටිං අවස්ථාවකදී නිකමට හෝ රේඩි