සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලි සේවය (Amateur radio) 22

Angle Modulation කෝණ මූර්ජනය යනු සංඛ්‍යාත මූර්ජනය හා කලා මූර්ජනය යන දෙකටම කියන පොදු නමයි . ඇත්තටම මෙම මූර්ජන ක්‍රම දෙකම ඉතා සමානය ( ඉතා සමාන මිස සර්වසම නොවේ ). තරංගයක් ( රේඩියෝ හෝ වෙනත් ) Asin( θ ) යන සරල සූත්‍රයෙන් ( හෝ ඉන් ව්‍යුත්පන්න කළ Asin( ω t) හෝ Asin(2 π ft) යන සූත්‍රයකින් ) නිරූපණය කළ හැකි බව ඉගෙන ගත්තනෙ . එහි A යනු උපරිම විස්තාර අගය වන අතර කෝණ මූර්ජනයේදී ( එනම් , සංඛ්‍යාත මූර්ජනයේදී හෝ කලා මූර්ජනයේදී ) එය නියතව පවතින අතර , සයින් ශ්‍රිතය තුල පවතින කෝණය ( θ ) බුද්ධි සංඥාවට අනුරූපව විචලනය කෙරේ . කෝණ අගයම ( θ ) සංඛ්‍යාතය සහිත ප්‍රකාශයක් බවට පත් කළ හැකියි θ = 2 π ft ලෙස . එවිට කෝණය වෙනස් වෙනවා යනු සංඛ්‍යාතය (f) වෙනස්වීමක් ලෙස දැක්විය හැකියිනෙ . මෙන්න මෙම අවස්ථාව තමයි සංඛ්‍යාත මූර්ජනය ලෙස හැඳින්වෙන්නේ . තවද , කෝණ අගයම θ = 2 π ft + ϕ ලෙස අමතරව කලාව හඟවන පදයක් ( ϕ) සහිතවත් ලිවිය හැකියි . එවිට , කෝණය වෙනස් වෙනවා යනු කලාව (ϕ) වෙනස්වීමක් ලෙස දැක්විය හැකියිනෙ . එය තමයි කලා මූර්ජනය ලෙස හැඳින්වෙන්නේ . ඉදිරියේදී සංඛ්‍යාත හා කලා මූර්ජන දෙක ගැන වෙන වෙනම සලකා බලන විට තවදුරටත් එය පැහැදි